Showing posts with label voting. Show all posts
Showing posts with label voting. Show all posts

Saturday, July 18, 2020

මැ.කො. ඉල්ලපු ඡන්ද විමසීම් නියෝග





x ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව අතරතුර ඡන්ද විමසීමට අදාළව රැස්වීමක් සංවිධානය කිරීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තකු ම ඒ රැුස්වීම ආරම්භ කිරීමට පැය විසි හතරකට නොඅඩු කාලයකට පෙර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් ඒ රැස්වීම පවත්වනු ලබන ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයා වෙත ලබා දිය යුතු ය.

x දැන්වීම ලබා දුන් සංවිධායකවරයා ඒ රැස්වීම සඳහා සහභාගි වන තැනැත්තන් සංඛ්‍යාව තුන්සියය නොඉක්මවන බවට වග බලා ගත යුතු ය.

x එසේ වුව ද, දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා ඒ රැස්වීමට සහභාගි වන්නේ නම් ඒ රැස්වීම සඳහා සහභාගි වන තැනැත්තන් සංඛ්‍යාව පන්සියය නොඉක්ම විය යුතු ය.

x සංවිධායකවරයා විසින්-
(අ) ඒ රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තකුගේ ම නම, හැඳුනුම්පත් අංකය සහ එම තැනැත්තා සම්බන්ධ කරගත හැකි විස්තර පිළිබඳ වාර්තාවක් පවත්වා ගත යුතු යත
(ආ) ඒ රැුස්වීම සඳහා පැමිණෙන තැනැත්තන්ට සබන් හෝ විෂබීජනාශක යොදා දෑත් සෝදා ගැනීමට ප‍්‍රමාණවත් පහසුකම් සැපයිය යුතු අතර, ඒ පරිශ‍්‍රයට පැමිණෙන සෑම තැනැත්තකු ම ඒ පරිශ‍්‍රයට ඇතුළුවීමට ප‍්‍රථම දෑත් සෝදනු ලබන බවට වග බලා ගත යුතු යත
(ඇ) කථිකයා ඇතුළුව ඒ රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන් දෙදෙනකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් තබා ගැනීමට වග බලා ගත යුතු ය.
(ඈ) ඒ රැුස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තකු ම සෑම විටක දී ම මුඛ ආවරණයක් පැළැඳ සිටින බවට වග බලා ගත යුතු ය සහ
(ඉ) තැනැත්තකු විසින් මයික්‍රොෆෝනය ඇතුළුව උපකරණ භාවිතයෙන් ඉක්බිතිව ම ඒ උපකරණ විෂබීජහරණය කිරීමට හෝ විෂබීජහරණය කරවීමට සලස්වනු ලැබීමට වග බලා ගත යුතු ය.

x ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව අතරතුර ඡුන්ද හිමියන්ගේ ඡුන්දය ඉල්ලීමේ කාර්යය සඳහා හෝ අත් පත‍්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදාහැරීමට ඒ ඡුන්ද හිමියන්ගේ නිවෙස් වෙත පැමිණෙන තැනැත්තන් කණ්ඩායමක් තැනැත්තන් පස් දෙනෙකුට වඩා නොඉක්මවිය යුතු ය.

x වන නියෝගයේ සඳහන් තැනැත්තන් කණ්ඩායම-
(අ) සෑම අවස්ථාවක ම මුඛ ආවරණයක් පැළැඳ සිටිය යුතු අතර, ඔවුනොවුන් අතර සහ නිවැසියන් සහ ඔවුනොවුන් අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු ය සහ
(ආ) අත් පත‍්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය නිවැසියන් වෙත බෙදා හැරීමට ප‍්‍රථම තමන්ගේ දෑත් විෂබීජහරණය කරගනු ලැබිය යුතු ය.

x යම් ඡන්ද විමසීමක සෑම අපේක්ෂකයකු ම-
(අ) ඒ අපේක්ෂකයාගේ ඡන්ද කාර්යාලයට සහ එහි පරිශ‍්‍රයට පැමිණෙන සෑම තැනැත්තකුට ම සබන් හෝ විෂබීජනාශක යොදා දෑත් සේදීමේ ප‍්‍රමාණවත් පහසුකමක් සැපයිය යුතු අතර, ඒ කාර්යාලය හෝ පරිශ‍්‍රයට පිවිසෙන සෑම තැනැත්තකුම පරිශ‍්‍රයට පිවිසීමට පෙර දෑත් සෝදනු ලබන බවට වග බලා ගත යුතු ය.
(ආ) ඒ අපේක්ෂකයාගේ කාර්යාලයේ සහ එහි පරිශ‍්‍රයේ සිටින තැනැත්තන් දෙදෙනකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගන්නා බවට වග බලා ගත යුතු යත
(ඇ) ඒ අපේක්ෂකයාගේ කාර්යාලයට සහ එහි පරිශ‍්‍රයට පැමිණෙන සෑම තැනැත්තකු ම මුඛ ආවරණයක් සෑම විටම පැළැඳ සිටින බවට වග බලා ගත යුතු යත
(ඈ) ඒ අපේක්ෂකයාගේ කාර්යාලයට සහ එහි පරිශ‍්‍රයට කිසිම මද්‍යසාරයක් රැුගෙන නොඑන බවට හෝ එහි දී මද්‍යසාරය පරිභෝජනය නොකරන බවට වග බලා ගත යුතු යත සහ
(ඉ) ඒ අපේක්ෂකයාගේ කාර්යාලය සහ එහි පරිශ‍්‍රය තුළ සූදු ක‍්‍රීඩාවේ හෝ හැකියාව උරගා බැලීමේ ක‍්‍රීඩාවේ නොයෙදෙන
බවට වග බලා ගත යුතු ය.
8. යම් ඡුන්ද පොළක සහ එහි පරිශ‍්‍රයේ, ඡුන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ එහි පරිශ‍්‍ර සහ මැතිවරණ කොමිෂන් සභාව සහ එහි පරිශ‍්‍රයේ සිටින සෑම තැනැත්තකු ම-
(අ) ඡන්ද පොළකට සහ එහි පරිශ‍්‍රයට, ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට සහ එහි පරිශ‍්‍රයට සහ මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි පරිශ‍්‍රයට ඇතුළුවීමට පෙර සබන් හෝ විෂබීජනාශක යොදා ඔහුගේ දෑත් විෂබීජහරණය කළ යුතු ය.
(ආ) තැනැත්තන් දෙදෙනකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු ය සහ
(ඇ) සෑම අවස්ථාවක ම මුඛ ආවරණයක් පැළැඳ සිටිය යුතු ය.
9. මේ නියෝගවල -
‘‘ඡුන්ද වීමසීමක් පැවැත්වෙන කාලසීමාව” යන්නෙන්, අවස්ථාවෝචිත පරිදි ජනමත විචාරණයක් හෝ ඡන්ද විමසීමක් හෝ
පැවැත්වීම සඳහා ප‍්‍රකාශනයක් හෝ නියමයක් හෝ කරනු ලැබූ දිනයෙන් ආරම්භව, අවස්ථාවෝචිත පරිදි, ඒ ජනමත විචාරණයේ හෝ ඡන්ද විමසීමේ ඡන්ද ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත් කරනු ලබන දිනයෙන් අවසන් වන කාලසීමාව අදහස් වන්නේ ය.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ 2 වන සහ 3 වන වගන්ති යටතේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝග. 2020 ජූලි මස 17 වන දින,


Wednesday, January 12, 2011

පුංචි ඡන්දය පුංචි කිරිමෙන් වැළකෙමු



එළබෙන පළාත් පාලන ඡුන්දය ඉතාමත් තීරණාත්මකය. වයස අවුරුදු 18ට වැඩි අපට බලයන් දෙකක් ඇත. එකක් විවාහ විමෙි බලයයි. අනික ඡුන්ද බලයයි. අප මෙවර එළබෙන පළාත් පාලන ඡුන්දයේදි ඡුන්දය දිමට පෙර පහත කරුණු සැලකිල්ලට ගැනිම අපේකමට ආඩමිබරයකිි. අපේ කීර්තිය සහ අභිමානය නම සිලොන් වුවද ශී‍්‍ර ලංකා වුවද ලෝකයටම දැනෙන්නට ඉඩහැරිමකි.

1. මුලින්ම අපට තුන් වෙිලටම පෞෂ්‍යයදායි ආහාරයක් අවශ්‍යයයි. අල ගෙඩ,ි පොල් ගෙඩි සහ බිත්තර ගෙඩි යන සියලු ගෙඩි වල මිළ ජනතාවට දැරිය හැකි විය යුතුයි. ඔටුවන්, පැස්බරුන් කෙසේ වෙතත් කිකිළියන් පහසු මිළට තිබිය යුතුයි. අනෙක් අත්‍යාවශ්‍යය දුව්‍යය වල මිළද ජනතාවට දැරිය හැකි විය යුතුය.

2. රජයේ සේවකයින්ගේ මෙන්ම පෞද්ගලිික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවිය යුතුය.

3. රිසානා බෙිරා ගැනිම අනිවාර්යයි. අද පුවත් පත් වාර්තා කළ ආකාරයට ශ‍්‍රි ලාංකික ගෘහ සේවිකාවක ලෙස ලෙබනනයේ සේවය කළ මතූගම ඞී. ජී. යසවති මහත්මිය(45* පසුගිය 31 වැනි දා රාත‍්‍රියේ ඝාතනයට ලක් වී ඇත. ඇන පමණක් නොව කටු ගැසු ගෘහ සේවිකාවන් ගැනද අසන්නට ලැබෙි. රටට ප‍්‍රධාන විදේශ විනිමය ගෙනෙන මෙම විදේශ ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සහතික කළයුතු අතර ඔවුන් තවදුරටත් විදේශයක වහලුන් නොකළ යුතුයි. අපේකම යනු එයයි.

4. නීතිය රජ කරවමු. නීති විද්‍යාලය අවසාන වසර විභාග ප‍්‍රශ්න පිටවිම ගැන හෙට සිදුකරන පරීක්ෂණය ගැන සෙවිල්ලෙන් සිටිමු. නඩු පමාව අලුතින් අධිකරණ සැදිමෙන් පමණක් නොවිසදෙන දෙයක් බව මෙි රටෙි පාලකයින් දැන්වත් අවබෝධ කර ගනියිද? ඌව අධිකාරමිගේ සෝමාවති නීතිපති උපදෙස් ලැබෙන තෙක් වසර 08ක් තිස්සේ වැලිකඩ රිමාණ්ඩි එකේය. මෙය බන්ධනාගාර තදබදයටද හේතු වෙි.

5. පොලීසිය සහ පාසල පෝය දාට සිල් සමාදන් වෙමින් ධර්ම දේශනා පවත්වමින් හරකුන් නිදහස් කරමින් දුප්පත් මිනිසුන්ට වධහිංසා කරති. ළමුන්ට පහර දෙති. මෙි අශිෂ්ට වධහිංසාව මුලිනුපුටා දැමිය යුතුයි.

6. උතුරේත් නැගෙනහිරත් සිටින්නේ අප වැනිම මස් ඇට ලේ නහර සහ හැගිමි දැනිමි ඇති මිනිසුන්ය. ඔවුන් අඩියෙන් අඩිිය බුදු පිළිම ඉදිකරනවාට අකමැතිය. ජාතික ගීය නොදන්නා සංහලෙන් ගැයිමට සිය දරුවන්ට බලකරනවාට අකමැතිය. ගෙවිගිය දෙසතිය තුළ එහි භිෂණය නැවත හිස එසවිමෙි ප‍්‍රවණතාවය දකුණේ අපටත් හොද දෙයක් නොවෙි.

7. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ මානව හිමිකමි ආරක්ෂා විය යුතුයි. පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ සියල්ලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබිය යුතුයි. යහපත් ආණ්ඩු පක්ෂයක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක්ද රටක යහපාලනයට සහ යහපැවැත්මට අවශ්‍යය වෙි. පාර්ලිමෙින්තුවට රෙද්දයි බැනයමයි ඇද පැමිණිමෙන් පමණක් මෙිවා සපල නොවෙි.

එළඹෙන ඡුන්දයේදී පුංචි එවුන් මෙන් කටයුතු නොකරමු. ඉහත කරුනු අවධානයට ගෙන බුද්ධිමත් තිරණයක් ගැනිම අප විසින් අපව රැක ගැනිමකි.












හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි