Saturday, July 18, 2020

මැ.කො. ඉල්ලපු ඡන්ද විමසීම් නියෝග





x ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව අතරතුර ඡන්ද විමසීමට අදාළව රැස්වීමක් සංවිධානය කිරීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තකු ම ඒ රැුස්වීම ආරම්භ කිරීමට පැය විසි හතරකට නොඅඩු කාලයකට පෙර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් ඒ රැස්වීම පවත්වනු ලබන ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයා වෙත ලබා දිය යුතු ය.

x දැන්වීම ලබා දුන් සංවිධායකවරයා ඒ රැස්වීම සඳහා සහභාගි වන තැනැත්තන් සංඛ්‍යාව තුන්සියය නොඉක්මවන බවට වග බලා ගත යුතු ය.

x එසේ වුව ද, දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා ඒ රැස්වීමට සහභාගි වන්නේ නම් ඒ රැස්වීම සඳහා සහභාගි වන තැනැත්තන් සංඛ්‍යාව පන්සියය නොඉක්ම විය යුතු ය.

x සංවිධායකවරයා විසින්-
(අ) ඒ රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තකුගේ ම නම, හැඳුනුම්පත් අංකය සහ එම තැනැත්තා සම්බන්ධ කරගත හැකි විස්තර පිළිබඳ වාර්තාවක් පවත්වා ගත යුතු යත
(ආ) ඒ රැුස්වීම සඳහා පැමිණෙන තැනැත්තන්ට සබන් හෝ විෂබීජනාශක යොදා දෑත් සෝදා ගැනීමට ප‍්‍රමාණවත් පහසුකම් සැපයිය යුතු අතර, ඒ පරිශ‍්‍රයට පැමිණෙන සෑම තැනැත්තකු ම ඒ පරිශ‍්‍රයට ඇතුළුවීමට ප‍්‍රථම දෑත් සෝදනු ලබන බවට වග බලා ගත යුතු යත
(ඇ) කථිකයා ඇතුළුව ඒ රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන් දෙදෙනකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් තබා ගැනීමට වග බලා ගත යුතු ය.
(ඈ) ඒ රැුස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තකු ම සෑම විටක දී ම මුඛ ආවරණයක් පැළැඳ සිටින බවට වග බලා ගත යුතු ය සහ
(ඉ) තැනැත්තකු විසින් මයික්‍රොෆෝනය ඇතුළුව උපකරණ භාවිතයෙන් ඉක්බිතිව ම ඒ උපකරණ විෂබීජහරණය කිරීමට හෝ විෂබීජහරණය කරවීමට සලස්වනු ලැබීමට වග බලා ගත යුතු ය.

x ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව අතරතුර ඡුන්ද හිමියන්ගේ ඡුන්දය ඉල්ලීමේ කාර්යය සඳහා හෝ අත් පත‍්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදාහැරීමට ඒ ඡුන්ද හිමියන්ගේ නිවෙස් වෙත පැමිණෙන තැනැත්තන් කණ්ඩායමක් තැනැත්තන් පස් දෙනෙකුට වඩා නොඉක්මවිය යුතු ය.

x වන නියෝගයේ සඳහන් තැනැත්තන් කණ්ඩායම-
(අ) සෑම අවස්ථාවක ම මුඛ ආවරණයක් පැළැඳ සිටිය යුතු අතර, ඔවුනොවුන් අතර සහ නිවැසියන් සහ ඔවුනොවුන් අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු ය සහ
(ආ) අත් පත‍්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය නිවැසියන් වෙත බෙදා හැරීමට ප‍්‍රථම තමන්ගේ දෑත් විෂබීජහරණය කරගනු ලැබිය යුතු ය.

x යම් ඡන්ද විමසීමක සෑම අපේක්ෂකයකු ම-
(අ) ඒ අපේක්ෂකයාගේ ඡන්ද කාර්යාලයට සහ එහි පරිශ‍්‍රයට පැමිණෙන සෑම තැනැත්තකුට ම සබන් හෝ විෂබීජනාශක යොදා දෑත් සේදීමේ ප‍්‍රමාණවත් පහසුකමක් සැපයිය යුතු අතර, ඒ කාර්යාලය හෝ පරිශ‍්‍රයට පිවිසෙන සෑම තැනැත්තකුම පරිශ‍්‍රයට පිවිසීමට පෙර දෑත් සෝදනු ලබන බවට වග බලා ගත යුතු ය.
(ආ) ඒ අපේක්ෂකයාගේ කාර්යාලයේ සහ එහි පරිශ‍්‍රයේ සිටින තැනැත්තන් දෙදෙනකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගන්නා බවට වග බලා ගත යුතු යත
(ඇ) ඒ අපේක්ෂකයාගේ කාර්යාලයට සහ එහි පරිශ‍්‍රයට පැමිණෙන සෑම තැනැත්තකු ම මුඛ ආවරණයක් සෑම විටම පැළැඳ සිටින බවට වග බලා ගත යුතු යත
(ඈ) ඒ අපේක්ෂකයාගේ කාර්යාලයට සහ එහි පරිශ‍්‍රයට කිසිම මද්‍යසාරයක් රැුගෙන නොඑන බවට හෝ එහි දී මද්‍යසාරය පරිභෝජනය නොකරන බවට වග බලා ගත යුතු යත සහ
(ඉ) ඒ අපේක්ෂකයාගේ කාර්යාලය සහ එහි පරිශ‍්‍රය තුළ සූදු ක‍්‍රීඩාවේ හෝ හැකියාව උරගා බැලීමේ ක‍්‍රීඩාවේ නොයෙදෙන
බවට වග බලා ගත යුතු ය.
8. යම් ඡුන්ද පොළක සහ එහි පරිශ‍්‍රයේ, ඡුන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ එහි පරිශ‍්‍ර සහ මැතිවරණ කොමිෂන් සභාව සහ එහි පරිශ‍්‍රයේ සිටින සෑම තැනැත්තකු ම-
(අ) ඡන්ද පොළකට සහ එහි පරිශ‍්‍රයට, ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට සහ එහි පරිශ‍්‍රයට සහ මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි පරිශ‍්‍රයට ඇතුළුවීමට පෙර සබන් හෝ විෂබීජනාශක යොදා ඔහුගේ දෑත් විෂබීජහරණය කළ යුතු ය.
(ආ) තැනැත්තන් දෙදෙනකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු ය සහ
(ඇ) සෑම අවස්ථාවක ම මුඛ ආවරණයක් පැළැඳ සිටිය යුතු ය.
9. මේ නියෝගවල -
‘‘ඡුන්ද වීමසීමක් පැවැත්වෙන කාලසීමාව” යන්නෙන්, අවස්ථාවෝචිත පරිදි ජනමත විචාරණයක් හෝ ඡන්ද විමසීමක් හෝ
පැවැත්වීම සඳහා ප‍්‍රකාශනයක් හෝ නියමයක් හෝ කරනු ලැබූ දිනයෙන් ආරම්භව, අවස්ථාවෝචිත පරිදි, ඒ ජනමත විචාරණයේ හෝ ඡන්ද විමසීමේ ඡන්ද ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත් කරනු ලබන දිනයෙන් අවසන් වන කාලසීමාව අදහස් වන්නේ ය.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ 2 වන සහ 3 වන වගන්ති යටතේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝග. 2020 ජූලි මස 17 වන දින,


No comments:

Post a Comment