Sunday, July 26, 2020

ඇදුරාගේ ඔනෑකමට අක්කරෙයිපත්තු පොලීසිය පැමිණිලිකාරියව උසාවි ගෙන යයි.




ෆාතිමා 39 හැවිරිදි ගුරුවරියෙකි. පශ්චාත් උපාධිධාරිණියකි. 

මහරගම ජාතික අධ්‍යාපන ආතනයේ අධ්‍යාපනපති පාඨමාලාව හදාරන විට, බාහාර කථිකාචර්ය වරයෙක් ලෙසට පැමිණි අක්කරෙයිපත්තු ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ආචාර්ය ජසීල් නැමැත්තා ඇයට නිරන්තරයෙන් අයුතු යෝජනා ඉදරිපත් කරමින් පීඩාවට පත් කරන්නට පටන් ගන්නා ලදි.

ඇය එ් පිළිබඳව ආයතන ප‍්‍රධානීන්ට පැමිණිලි කරන ලදි. එහි ප‍්‍රතිඵලය වශයෙන් ඔහුව එම ධූරයෙන් ඉවත් කරනු ලැබීය.

පසුව මෙම ආචාර්ය ජයසීල් ට අධ්‍යාපන සුදුසුකම් තිබියදීත්, උසස්වීමක් නොලැබින. එයට හේතුව ඔහුගේ චරිතය පිළිබඳ ෆාතීමාගේ පැමිණිල්ල බව හෙළිවින.

එතැන් පටන්, මෙම ආචාර්ය පදවි දරන්නා, ඇයට පීඩාකාරී ඇමතුම් දෙන්නට පටන් ගන්නා ලදි. නමුත් ඇය එ් පිළිබඳව නීතිමය පියවර ගැනීමට ඉදිරිපත් වූයේ නැත.

මේ අතර, ඇයට අක්කරෙයිපත්තු පොලීසියේ උප පොලිස් පරීක්ෂක මොහොමඞ්, දුරකථනයෙන් කථා කර, පොලිසියට එන ලෙසට දැනුම් දෙන ලදි. එ් හා අදාළ පොලිස් පණිවුඩයක් ද ඇයට, බේරුවල පොලිසියෙන් ලැබන.

ඇය එ් පිළිබඳව ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන, අදාළ ප‍්‍රකාශය බේරුවල පොලිසියට ලබාදී, සිද්ධිය අදාළ ලේඛණ සීඝ‍්‍රගාමී තැපෑලෙන්, අක්කරෙයිපත්තු පොලීසියට යවනු ලැබීය.

2020.06.22 වන දින ඇයව, බේරුවල පොලීසියෙන් අත්අඩංගුවට ගන්නා ලද්දේ අක්කරෙයිපත්තු මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අදාළවය.

ඇය විසින් තමන්ට, අක්කරෙයිපත්තු පොලීසිය, අක්කරෙයිපත්තු මහ්ස්ත‍්‍රාත් උසාවිය යොදවාගෙන සිදුකළ අපරාධය ගැන සිය`ඵ බලධාරීන්ට ලිඛිතව පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘ 2020.07.22 වන දින දීය.

මා, උපාධිධාරී ගුරුවරියෙක්මි. අධ්‍යාපන ඩිප්ලෝමා ධාරිණියකි. දැනට උගන්වනු ලබන්නේ, ----, -------.

2017/2019 වසරවල, ජාතික අධ්‍යාපන ආයතනයේ, අධ්‍යාපනපති පාඨමාලාව :ඵෑෘ* සාර්ථකව හැදෑරූ පශ්චාත් උපාධිධාරිණියකි. 

මා අධ්‍යයන කටයුතු කරන අතර, බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසට සම්බන්ධ වූ, අක්කරෙයිපත්තු පදිංචිකරුවෙකු වන, ආචාර්ය එ්.එම්.ජසීල් මයා, දිගින් දිගටම කරන ලද ලිංගික අයුතු බලපෑම් පිළිබඳව, පාලන අධිකාරියට පැමිණිලි කර සිටියෙමි.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහුව, බාහිර කථිකාචාර්ය ධූරයෙන් ඉවත් කරනු ලැබීය.

එපමණක් නොව, ඔහුට, මාගේ පැමිණිල්ල නිසා, ලැබිය යුතු උසස්වීම් නැතිවූ බවද වාර්තා විය.

මේ පසුබිම යටතේ මා හා වෛර බැඳගත් මෙම පුද්ගලයා, අක්කරෙයිපත්තු පොලීසියේ මට විරුද්ධව පැමිණිලි කර තිබින.

පොලීසිය විසින්, ගරු අක්කරෙයිපත්තු ම/උ වෙත ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවට අනුව, මොහුට, මොහුගේ බිරිඳට හා කථිකාචාරිනී බෙගම් නැමැත්තියකට පීඩාකාරී ඇමතුම් ලබාදී ඇති බවත්, නිර්නාමික ලිපියක් මගින්, ඔහුට හිමිවිය යුතුව තිබූ උසස්වීම නැතිකර ඇති බවත්ය.

මෙම පැමිණිල්ල විභාග කරන ලද අක්කරෙයිපත්තු පොලීසියේ, උප පොලිස් පරීක්ෂක මොහොමඞ් (දු.අ. 077 405ෆෆෆෆ* මට විරුද්ධව ආචාර්ය එ්.එම්. ජයීල් පැමිණිල්ලක් කර තිබෙන බවත්, එයට ප‍්‍රකාශයක් ගැනීමට අක්කරෙයිපත්තු පොලීසියට එන ලෙසට, දුරකථනයෙන් දැනුම් දෙන ලදි.

ඉන්පසු එය තහවුරු කරමින් පොලිස් පණිවුඩයක්, ------ පොලීසිය විසින් මට එවා තිබින. එම පණිවුඩයට අනුව මට විරුද්ධව ------ දරණ නඩුවක් පවරා ඇති බවත් එයට අදාලව මගෙන් ප‍්‍රකාශයක් ගන්න 2019.11.08 පැය 10.00 ට අක්කරෙයිපත්තු පොලීසියට එන ලෙසට සඳහන් කර තිබින.

මා අක්කරෙයිපත්තුවට පැමිණීමට තිබෙන දුෂ්කරතාවයන් දැනුම් දීමෙන් පසුව, බේරුවල පොලීසියට ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට දන්වන ලදි. එ් අනුව මා, බේරුවල පොලීසියට ප‍්‍රකාශයක් ලබාදෙන ලදි. එම ප‍්‍රකාශයට අදාළ ලේඛණ, පොලීසියේ අනුදැනුම යටතේ, අක්කරෙයිපත්තු පොලීසියට සීඝ‍්‍රගාමි හා ලියාපදිංචි තැපෑලෙන් යවන ලදි.

එම ලේඛණ නම් :- 

(1) මා විසින්, ජාතික අධ්‍යාපන ආයතනයට කරන ලද ලිඛිත පැමිණිල්ලේ පිටපත,

(2) ජාතික අධ්‍යාපන ආයතනයේ මාගේ වාර්තා පොතේ ඡුායා පිටපත,

(3) මෙම ආචාර්යවරයා විසින් හා ඔහුගේ සහචරයින් විසින් මට ලබාදෙන ලද පීඩාකාරී ඇමතුම් වල විස්තර. 

එම විස්තර ගැනීමෙන් පසුව, අක්කරෙයිපත්තු සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සෞම්‍ය කල්යාන නැමති නිලධාරීයා මට, 077 978ෆෆෆෆ දරන දුරකතනයෙන් කතා කර, ආචාර්ය එ්.එම්. ජසීල් විසින් කරන ලද පැමිණිල්ල ගැන සොයා බැලූ බවත්, නඩු පැවරීමක් කිරීමට තරම්, හේතුවක් නොමැති බවත් කියා සිටින ලදි.

එසේ තිබියදී, උප පොලිස් පරීක්ෂක මොහොමඞ් යන නිලධාරියාගේ මෙහෙයවීමෙන්, අක්කරෙයිපත්තු මහේස්ත‍්‍රාත් අධිකරණයට, මට විරුද්ධව ‘බී’ වර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව පැහැදිලි විය.

නඩු වාර්තාවට අනුව නඩු අංකය: ----- වන අතර නඩුව පැවරූ දිනය: 2019 07.03 වේ.

එයින් අනතුරුව, මෙම නඩුව, 2019.08.22 කැඳවූ අවස්ථාවේදී, දුරකථන විස්තර ලැබී නැති බව අධිකරණයට වාර්තා කර ඇත.

2019.10.25 නැවත, මාගේ දුරකථන විස්තර ලබා ගැනීමට අවසර ලබාගෙන ඇත.

2019.12.19 පරීක්ෂණ අවසන් නැති බව දැනුම් දී ඇති බවත් මා හට සිතාසි නිකුත් කර ඇති බවත්, වරෙන්තු නිකුත් කරන ලෙසත් ඉල්ලා ඇත.

2020.01.01 සිතාසි නිකුත් කර ඇති බව සටහන් වේ.

2020.03.26 වන දින, කොරෝනා වසංගතය නිසා, එදින නඩුව 2020.05.29 දිනට කල් තබා තිබේ.

එදින, 2020.05.29 මා අධිකරණයට පැමිණ නැත යන නිගමනය මත, මට විරුද්ධව ගරු මහේස්ත‍්‍රාත් තුමා වරෙන්තු නිකුත් කර ඇත.

2020.06.21 වන දින නිකුත් කළ වරෙන්තුවට, 2020.06.22 මා, ------ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

2020.06.22 වන දින මා ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එදින මාව   රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබීය.

එ් අනුව 2020.07.03 වන දින අක්කරෙයිපත්තු ම/උ වෙත ඉදිරිපත්ව වරෙන්තුව අවලංගු කර ගැනීමට පියවර ගන්නා ලදි. එම අධිකරණය, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබීය.

2020.07.13 වන දින, එම කරුණු ක`ඵතර ම/උ වෙත වාර්තා කර සිටින ලදි.

මා ප‍්‍රකාශ කරන්නේ, 

මා විසින්, ආචාර්ය එ්.එම්. ජසීල් නැමැත්තා, ඔහුට, ඔහුගේ බිරිඳට, කථිකාචාර්ය බෙගම් නැමැත්තියට පීඩාකාරී දුරකථන ඇමතුම් දෙන ලද බවට කර තිබෙන හා මා, නිර්නාමික ලිපියකින් ඔහුගේ උසස්වීම වැළැක්වූ බවට කරන ලද ඊනියා පැමිණිල්ලක් මත, අක්කරෙයිපත්තු පොලීසිය විමර්ශනයක් කරන ලද බව.

එම විමර්ශනයේදී,

ලබාගන්නා ලද, දුරකථන වාර්තාවලට අනුව, මා කිසිම අවස්ථාවක, ආචාර්ය එ්.එම්. ජසීල් නැමැත්තාට, ඔහුගේ බිරිඳ කථිකාචාර්ය බෙගම් නැමැත්තියට දුරකථයෙන් කතා කර නැති බව ඔප්පු වී නැති නමුත්,

මෙම ආචාර්ය එ්.එම්. ජසීල් ඔහුගේ බිරිඳ හා සහචරයින් මට, දුරකථන ඇමතුම් ලබාදී තිබෙන බව ද ඔප්පු වී තිබේ.

නිර්නාමික ලිපිය පිළිබඳ කරන ලද පරීක්ෂණයක් නැත. නිර්ණාමික ලිපියකට උසස්වීමක් අහිමි කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය කි‍්‍රියා කළා නම් එය ජාතික අධ්‍යාපන ආයතනයේ අමනෝඥ ක‍්‍රියාවකි. එයට විරුද්ධව පැමිණිලි කළ යුතුව තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය.

මෙම පැමිණිල්ල අක්කරෙයිපත්තු පොලීසියට කරන ලද්දේ දේශපාලන සම්බන්ධතා උඩ, සැලසුම් සහගතව මා පීඩාවට පත්කිරීමටය. විශේෂයෙන් (ආචාර්ය ) ගුරුවරයෙක් තම භාරයේ සිටින (ගුරු) ශිෂ්‍යාවකට ලිංගික අපයෝජනයට අදාලව පැමිණිල්ලක් කළ විට එයට පළිගැනිමට පොලිසිය විසින් අධිකරණය උපයෝගි කරගෙන පීඩා කිරීම සම්බන්ධයෙන් අවධානය කැඳවා සිටිමි. 

මෙහිදි:-

1. කිසිදිනක සිතාසි නිකුත් නොකර සිතාසි නිකුත් කළ බවට අධිකරණය නොමග යැවිම,

2. කොරොනා වසංගතයට රට අගුල් දමා තිබු දිනයක අධිකරණ කටයුතු කල් දමා, මා අධිකරණයට නොපැමිණිම වරදක් ලෙසට සටහන් කිරිම,

3. අධිකරණය මගින් වරෙන්තු ලබාගෙන මා අත්අඩංගුට ගෙන රඳවා තබාගෙන, කිසිදු වරදක් කර නොමැති මා වරදක් කළ තැනැත්තේකු ලෙසට චෝදනා කර ඇප මත මුදාහැර පිඩාවට පත්කිරිම,

4. කිසිදු අවස්ථාවක මා විසින් දුරකථන ඇමතුම් ලබාදි නැති බව මනාව ඔප්පු වී තිබියදීත් මට විරුද්ධව නඩු පැමරිම,

5. මට විරුද්ධව ද්වේෂ සහගතව අපරාධ කළ බවට පැමිණිලි කිරිම,

සම්බන්ධයෙන්:-  

අ)  මෙම ආචාර්ය එ්.එම්. ජසීලට, 

ආ) මෙම ආචාර්ය එ්.එම්. ජසීල් සමග එක්ව අයුතු සම්බන්ධකම් උපයෝගී කරගෙන, පොලීසියේ බලය යොදා අධිකරණය උපයෝගී කරගෙන සිදුකරන මෙම නීති විරෝධී ක‍්‍රියාව සිදුකළ උ.පො.ප. මොහොමඞ් ට, 

එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත් ඉල්ලා සිටිමි.

එමෙන්ම මෙම ව්‍යාජ නඩුව ඉවත් කිරීමටත්, පොලිස් බලය අයුතු ලෙස අධිකරණය උපයෝගී කරගෙන සිදුකරන ලද පිඩාවට පත්කිරිම සම්බන්ධයෙන් ද නිසි පියවර ගන්නා ලෙසටත් ඉල්ලා සිටිමි. 

මෙයට,

අ/ක:-  ෆාතීමා 




No comments:

Post a Comment