Saturday, July 11, 2020

රනිල්ගේ කොරෝනා දෙවැනි රැුල්ල ‘‘කුඞ්ඩන්ගෙන්ම’’ පටන් ගනී ..!



කොවිඞ් ආසාදිතයන්, නිරෝධායන, පුනරුත්තාපන හා බන්ධනාගාරවලින් මතුවීම, කොරෝනා දෙවැනි රැල්ලක පෙර නිමිති විය හැකි  
මෙම ආයතනවලට සම්බන්ධ නිලධාරීන් හා සේවකයින් මගින් සමාජ ගතවීමට ඇති ඉඩකඩ පාලනය කිරිමට හැකි වාය හැකිය. 
එමෙන්පුම පුනරුත්තාපන හා නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳවියන් යම් පාලනයකට නතු කර ගැනීමට හැකි වුවද අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවල ගාල් කරන හා රිමාන්ඞ් බාරයට පත් කරන පුද්ගලයින්, පාලනය කිරිම මෙන්ම ඉතාම අනතුරුදායක පිරිස්ය.

මීට පෙර අවස්ථාවක පෙන්වා දුන් පරිදි පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සිර මැදිරිවල ගාල් කර තබති.
එපමණක් නොව පොලිස් ස්ථානවල සිටින පොලිස් නිලධාරීන් කිසිවෙකු අවම වශයෙන් මුඛ ආවරණ වත් භාවිතා කරන්නේ නැත.
පොලීසිය මගින් රිමාන්ඩ කරන පුද්ගලයින් දින 02 සිට දින 14 හෝ ඊට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිට එළියට පැමිණෙයි.
ඔවුන් කිසිවෙකු PCR පරීක්ෂණයට භාජනය කරන්නේ නැත. ඔවුන් සමාජ ගතවූ විට පාලනයක් ද නැත.
මේ පිළිබඳව රජයේ, විශේෂයෙන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අවධානය යොමුවිය යුතුය.
අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්, පොලිස් සිර මැදිරිවල ගාල් කිරීම වැළැක්විය යුතුය.
අත්අඩංගුවේ තබා ගැනීමේ කාලය අවම කර, ඔවුන් ඇප මත මුදා හැරීමට පියවර ගත යුතුය.
ඒ සඳහා අනුගමනය කරන යල් පැන ගිය ක‍්‍රියාපටිපාටීන් වලින් බැහැරව විකල්ප ක‍්‍රමයන් අනුගමනය කළ යුතුයි.
පොලිස් ස්ථානවල සෞඛයය ආරක්ෂක විධි විධාන තර කළ යුතුය. අත්අඩංගුවට ගැනීමේදී සුපරික්ෂාකාරී විය යුතුය.
විශේෂයෙන් මත්ද්‍රව්‍ය සදහා අත්අඩංගුවට ගන්නා (ඇබ්බැහි වූවන්) පුද්රගලයින්   රිමාණ්ඩ  බන්ධනාගාර ගත කිරීමෙන් වැළකිය යුතුය.
බන්ධනාගාර ගත වූවන් නිදහස් කිරීමට පෙර PCR පරීක්ෂණයට භාජනය කිරීම අනිවාර්ය කළ යුතුය. මත්ද්‍රව්‍යය මර්ධන වැඩ පිළවෙල යටතේ මත්ද්‍ර්‍යය භාවිතා කරන්නන් අත්ඩංගුවට ගැනිම  හා කිසුදු සම්බන්ධයක් නැති තරණයින් අත්අඩංගුවට ගෙන, මත් ද්‍රව්‍යය සන්තකයේ තබා ගැනිම යන චොදනාව යටතේ රිමාන්ඞ් භාරයට පත් කිරිම ගැන විශේෂ අවධානය යොමු කළ යුතුය. 


No comments:

Post a Comment