Sunday, July 26, 2020

යෝජිත ජාතික උප්පැන්න සහතිකය ‘‘ශ‍්‍රී ලාංකික ජාතිය’’ සදහා විය යුතුය.





ජාතික උප්පැන්න සහතිකය නමින්, නව උප්පැන්න සහතිකයක් හඳුන්වාදීමට රජය අපේක්ෂා කරයි. එහි අකෘතියක් ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.

පළමුව, දැනට තමා සතුව පවතින උප්පැන්න සහතිකය අතට අරගෙන, කියවන්න. මන්ද, උප්පැන්න සහතිකයට ඇතුළත් තොරතුරු ගැන විවිධ අය විවිධ දේ කියන නිසා.

1942 උපන් අයෙකුගේ උප්පැන්න සහතිකයේ තිබෙන තොරතුරු පහත දක්වමු.

උපන් පළාත, දිස්ත‍්‍රික්කය හා කොට්ඨාශය උඩින්ම සඳහන් වේ.

1. උපන් දවස සහ ස්ථානය :- ..........................................

2. නම         :- ..........................................

3. පිරිමියා ද ගෑනි ද යන වග :- ..........................................

4. පියාගේ නම හා පෙලපතේ නම :- ..........................................

5. මවගේ නම, විවාහයට ඉස්සර තිබූ නම සහ ජාතිය :- ..........................................

6. පියාගේ තරාතිරම නොහොත් රක්ෂාව සහ ජාතිය :- ..........................................

7. මව්පියන් කසාද බැඳලාද යන වග         :- ..........................................

8. දැනුම් දෙන්නාගේ නම, පදිංචි ස්ථානය,                 :- ..........................................
දැනුම් දෙන්නේ කවරෙකු හැටියට ද යන වග 
                                                   
9. දැනුම් දෙන්නාගේ අත්සන      :- ..........................................

10. ලියාපදිංචි කළ දිනය             :- ..........................................

11. ලේකම් තැනගේ අත්සන     :- ..........................................

12. උප්පැන්න ලියාපදිංචි කළාට පසු යම් නමක් එකතු කළා නම් නොහොත් තිබුන නම වෙනස් 
    කොට වෙනත් නමක් යෙදුවා නම් එ් නම       :- ..........................................

13. ඉහත කී ලෙස නම් එකතු කළ දින හෝ වෙනස් කළ දින :- ..........................................


1970 ගණන් වල නිකුත් කරන ලද උප්පැන්න සහතිකයේ සඳහන් තොරතුරු මොනවාද?

දිස්ත‍්‍රික්කය :- .......................................... කොට්ඨාශය :- ..........................................

1. උපන් දිනය හා ස්ථානය :- ..........................................

2. නම :- ..........................................

3. ස්ත‍්‍රී පුරුෂ භාවය :- ..........................................

4. පියාගේ 
(මේ යටතේ සඳහන් තොරතුරු*

සම්පූර්ණ නම :- ..........................................

උපන් දිනය :- ..........................................

උපන් ස්ථානය :- ..........................................

ජාතිය :- ..........................................

තත්ත්වය නොහොත් වෘත්තිය :- ..........................................

5. මවගේ 
         (මේ යටතේ සඳහන් තොරතුරු*
සම්පූර්ණ නම :- ..........................................

උපන් දිනය :- ..........................................

උපන් ස්ථානය :- ..........................................

ජාතිය :- ..........................................

වයස :- ..........................................

6. මව්පියන් විවාහක ද? :- ..........................................

7. මුත්තා ලංකාවේ උපන්නේ නම්:- ..........................................

ඔහුගේ සම්පූර්ණ නම :- ..........................................

ඔහු උපන් වර්ෂය :- ..........................................

ඔහු උපන් ස්ථානය :- ..........................................

8. පියා ලංකාවේ නොඉපිද මී මුත්තා ලංකාවේ උපන්නේ නම් මීමුත්තා ගේ

සම්පූර්ණ නම :- ..........................................

උපන් වර්ෂය :- ..........................................

උපන් ස්ථානය :- ..........................................

9. දැනුම් දුන් තැනැත්තාගේ සම්පූර්ණ නම වාසස්ථානය හා දැනුම් දුන්නේ කවරෙකු වශයෙන් ද 
    යන්න :- ..........................................

10. දැනුම්දුන් අයගේ අත්සන :- ..........................................

11. ලියාපදිංචි කළ දිනය :- ..........................................

12. ලේකම් ගේ අත්සන :- ..........................................

13. ලියාපදංචි කිරීමෙන් පසු ඇතුළත් කරන ලද නැතහොත් කලින් තිබූ නම වෙනුවට අලූතෙන් යොදන නම :- ..........................................

14. 13 වන අංකයට ඇතුළත් විස්තර කරුනු සැපයීමට ආරංචි දුන් තැනැත්තාගේ නම ෂ එසේ දැනුම් දුන්නේ කවරෙකු වශයෙන් ද යන්න :- ..........................................

15. නම ඇතුළත් කිරීමේ හෝ නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත‍්‍රික් ලේකම්ගේ හෝ රෙජිස්ට‍්‍රාර් ජනරාල් තැනගේ අත්සන :- ..........................................

යෝජිත ජාතික උප්පැන්න සහතිකයේ ඇතුළත් කර ඇති තොරතුරු

1. දිස්ත‍්‍රික්කය :- ........................................ 2. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය :- ...................
3. ලියාපදිංචි කිරීමේ කොට්ඨාශය :- ..........................................

4. මුල් පදිංචියෙන් පසු වෙනස්කම් :- ..........................................

5. අනන්‍යතා අංකය :- ..........................................

6. උපන් දිනය :- ..........................................

7. ස්ත‍්‍රී පුරුෂ භාවය :- ..........................................

8. උපන් ස්ථානය :- ..........................................

9. සම්පූර්ණ නම :- ..........................................

10. පියාගේ සම්පූර්ණ නම :- ..........................................

11. පියාගේ අනන්‍යතා අංකය :- ..........................................

12.පියාගේ ජාතිකත්වය :- ..........................................

13. පියාගේ ජන වර්ගය :- ..........................................

14. මවගේ සම්පූර්ණ  නම :- ..........................................

15. මවගේ අනන්‍යතා අංකය :- ..........................................

16. මවගේ ජාතිකත්වය :- ..........................................

17. මවගේ ජන වර්ගය :- ..........................................

18. ලියාපදිංචි කළ දිනය :- ..........................................

19. ලියාපදිංචි කළ නිලධාරියාගේ අත්සන, තනතුර සහ ස්ථානය :- ..........................................

20. නිකුත් කළ දිනය :- ..........................................

21. නිකුත් කළ ස්ථානය :- ..........................................

12, 13, 15, 17 යන කරුණු වලින් කියැවෙන පියාගේ හා මවගේ ජාතිකත්වයට අමතරව ජන වර්ගය සඳහන් කළ යුතුයි. නමුත් දරුවාගේ ජන වර්ගය සඳහන් වන්නේ නැත. එකිනෙකට වෙනස් වූ ජාතිකත්වය හා ජන වර්ගය ඇති දෙමාපියන්ට උපදින, දරුවාගේ ජාතිකත්වය හා ජන වර්ගය ලෙසට පිළිගනු ලබන්නේ කවරෙකු ගේ ජාතිකත්වය හා ජන වර්ගය ද? මෙය ඉතා වැදගත් කරුණකි.

එවන් අවස්ථාවක දරුවා වැඩිහිටියෙකු වූ විට, එනම් 18 සම්පූර්ණ වූ විට ඔහුට/ඇයට තම ජාතිකත්වය හා ජන වර්ගය තෝරා ගැනීමට අයිතියක් තිබෙනවාද?

අපගේ මතය ජන වර්ගය අවශය වන්නේ නැත. ජාතිකත්වය පමණක් ඇත. එ් අනුව අප සියල්ලෝම ශ‍්‍රි ලාංකිකයෝ වෙමු. 

දෙමාපියන් දෙන්නාගේ ජාතිකත්වය එකිනෙකට වෙනස් වූ විට වයස අවු: 18 සම්පූර්ණ වූ විට, තම ජාතිකත්වය කුමක්ද? යන්න තීරණය කිරීමට දරුවාට බලය/අයිතිය තිබිය ලබා දිය යුතුය. 

විදේශ ගමන් පලපත‍්‍රයේ මෙන් සහ ජාතික හැඳුනුම්පතේ ජනවර්ගය සඳහන් වනනේ නැති බවද, පෙන්වා සිය යුතුය.

එමෙන්ම ජන වර්ග ලෙසට සටහන කළ යුත්තේ සිංහල, දෙමළ, බර්ගර්, මැලේ, මරක්කල ලෙසටය. නමුත් මේ වන විට අප රටේ  ඉස්ලාම් ආගම වැළඳගෙන සිටින විවිධ ජනවර්ගයන්ට අයත් සියලූදෙනා පොදුවේ හඳුක්වන්නේ මුස්ලිම් යනුවෙනි. මුස්ලිම් යනු ජන වර්ගයක් නොව ඉස්ලාම් ආගම අදහන අයටය.  ඉස්ලාම් ආගම අදහන මරක්කල, දෙමළ, මැලේ හා සිංහල ජනවර්ග වලට අයත් සිටින නිසා මෙය පැහැදිළි විය යුතුයි.

මුල් වරට උප්පැන්න ලියාපදිචි කිරීමේදී, විවාහ සහතිකය නැතිවූ විට ද, දරුවාගේ පියා ඉදිරිපත් වන්නේ නම්, ඔහුගේ නම පියා ලෙසට උප්පැන්නේ ඇතුලත් කිරිමට බාර ගන්නවාද? නැද්ද? පැහැදිළි විය යුතුය. 



යෝජනාව:

යෝජිත ජාතික උප්පැන්න සහතිකය, මෙරට අනාගත පරපුර ශ‍්‍රි ලාංකිකයින් ලෙසට සහතික විය යුතුයි. ජන වර්ග වලට බෙදා වෙන් කර වෙනස්කම් වලට භාජනය කිරිම වැළැක්වීමට පියවර ගත යුතුය.


සටහන:

මෙම කරුණු, අප මේ වන විට රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයාගේ අවධානය ස`දහා යොමු කර ඇති බව සලකන්න. ඔබගේ අදහස් දක්වන්න.

No comments:

Post a Comment