Tuesday, July 30, 2019

ජාත්‍යන්තර පට්ටම් ගහගෙන අසරණ ජනයා පෙලන්න මා.හි.කො.ස පටන් අරගෙන

රාජපක්ෂ රෙජිමය කාලයේ - මානව හිමිකම් කොමිෂන් සභාව කල කී දේවලට නොදෙවෙනි ලෙසට ඊනියා ‘‘ස්වාධීන’’ - මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ලා කටයුතු කරමින් සිටිි.

ආචාර්ය දීපිකා උඩගම නැමැත්තිය/සභාපති තනතුර දරන මේ කොමිෂම - ජාත්‍යන්තර වශයෙන් සම්මාන ගෙන ඇත. ”ලෝකෙට පරකාසේ- ගෙදරට මරගාතේ” - කියමන සනාත කරමින්, මේ වන විට කොමිෂම ‘‘මරගාතයක්’’ වී හමාරය.

ඌරගස්මංහන්දියේ සෝමලතා මහත්මියව මානව හිමිකම් කොමිෂමට ගෙන්වා ගෙන සිදු කළෙ , කබලෙන් ලිපට තල්ලූ කර දැමිමය. ඇය  මා.හි.කොමිෂමට ලියා ඇති ලිපියෙන් සියල්ල පැහැදිළි වේ.

සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව, 14, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 04.

පැමිණිලි අංකය - HRC1318/19

සෝමලතා, අවු: 58 යි, වැන්දඹු, දරුවන් 06 යි, රැුකියාව : කුලීවැඩ. ඌරගස්මංහන්දිය.
2019.07.25 දිනදීය. 

ඉහත ලිපිනය දරණ ඉඩම මාගේ සැමියාට අයත් වන අතර, අපගේ පදිංචිය අවු: 40 ක කාලයකි. මාගේ සැමියාගේ ඇවෑමෙන් පසුව, මා හා දරුවන් එහි ජීවත් වේ.

02. මාගේ ඉඩමට යාබද ඉඩම පර්චස් 6.8 ක් වන අතර, එහි හිමිකරු මාගේ බාප්පා වන ලේසින් නැමැති අයයි. ඔහුගේ ඇවෑමෙන් පසුව ඔහුගේ මුණුපුරන් වන ප‍්‍රසන්න හා සුරංග ට එම කොටස අයිති වන අතර, ඔවුන්ගේ අවසරය මත එම පර්චස් 6.8 ක් වන ඉඩම් කොටසද අප භුක්ති විඳිනු ලබයි. 

03. එසේ තිබියදී, අප අසල්වැසි ජගත් නැමැත්තා විසින්, මීට අවුරුද්දකට පමණ ඉහතදී, අප භුක්ති විඳින පරිචස් 6.8 කොටසෙහි තිබෙන මහව හා ඇල්ටෝනියා ගස්, නීති විරෝධී ලෙස කපන්නට පටන් ගනු ලැබුවා. අනතුරුව මාගේ ඉඩමේද ගස් බලහත්කාරයෙන් කපන්නට වුනා. එසේ කපා දමන ලද ගස් බිම පෙරලා දමා යන්න ගියා. 

04. ජගත් නැමැත්තා එම ගස් කපා දමනු ලැබුවේද ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිවරයා කපන්න කිවූ බව පවසමිණි.

05. පසුව මා එ් සම්බන්ධයෙන්, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී වෙත ගොස් පැමිණිලි කරනු ලැබුවා. සහකාර පොලිස් අධිකාරීවරයා ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිගෙන් දුරකථනයෙන් එ් පිළිබඳව විමසා සිටියා. ස්ථානාධිපතිවරයා තමා එවැන්නක් නොකල බව ප‍්‍රකාශ කලා. 

06. සහකාර පොලිස් අධිකාරීවරයා මට ඌරගහ පොලිසියට යන ලෙස පවසා සිටි අතර, මා පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනු ලැබුවා.

07. එ් අවස්ථාවේ දැනගත්තා, ජගත් නැමැත්තාට මා ඇසිඞ් ගැසීමට තැත් කල බවට පොලිසියේ ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති බව හා, ඉන් අනතුරුව ගස් කැපීමට පැමිණ ඇති බව.

08. අනතුරුව ජගත් නැමැත්තා, කපා බිම පෙරලූ ගස්, මිනිසුන් යොදවා කුට්ටි කර දැමුවා. එම කුට්ටි කරන ලද ගස් මාස 5 - 6 පමණ බිම පෙරලා දමා තැබුවා.

09. මේ අතරදී ග‍්‍රාම නිලධාරී මනෝහරන් මයා පැමිණ, පර්චස් 6.8 කින් යුත් ඉඩමේ කොස් ගසක් මනිනු ලැබුවා. මා ඊට හේතුව විමසූ විට පවසා සිටියේ කොස් ගස කපන්න පර්මිට් එකක් දෙන්න ට බවය. අපේ ගසට පර්මිට් එකක් මොකටද යනුවෙන් මා විමසා සිටි අතර, ග‍්‍රාම නිලධාරියා පවසා සිටියේ අපගේ නිවසට හිරිහැර නිසා බවයි. අපගේ ගසට අනුන්ට පර්මිට් දෙන්නේ මොකටදැයි මා විමසා සිටි විට ඔහු පවසා සිටියේ, ජගත් ගේ මාමන්ඩිය වන නැල්සන්ගේ දුව නයනී ලියවිල්ලක් පෙන්වූ බවවය.

09. අපගේ නිවසට හිරිහැරයක්ව තිබූ පර්චස් 6.8 ඉඩමේ තිබෙන මහව ගසේ අත්තක්, එම කොටසේ හිමිකරු ප‍්‍රසන්න විසින් කපා ඉවත්කර දමනු ලැබුවා.

10. ජගත් ගේ මාමන්ඩිය වන නැල්සන් විසින්, පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා, මහව අත්ත කපා දැමීම සම්බන්ධයෙන්. මහව අත්ත කපා දැමීම ඔහුට කිසිසේත්ම අදාළ නොවන අතර, එම ගස අපට හිමි ගසකි.

11. ඉන් අනතුරුව, නැල්සන් හා ඔහුගේ දියණිය දීපිකා, ඌරගහ පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු සමග පැමිණ, පොලිස් නිලධාරීන් තිදෙනාගේ සහය මත, කපා දමා කුට්ටි කරන ලද ගස් වල කොටස් මිනිසුන් කිහිප දෙනෙකු ලවා කැන්ටර් රථ දෙකකින් පටවාගෙන යනු ලැබුවා. 

12. මෙම ගස් කැපීම සම්බන්ධයෙන්, මා විසින් ඌරගහ පොලිසියේ පැමිණිලි කිහිපයක් කලද ඵලක් වූයේ නැත. සිදුවූයේ පොලිසියේද සහය ඇතිව ඔවුන් විසින් ගස් කපා, පටවාගෙන යාමය.

13. පසුව මා 2019.05.14 දින, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළෙමි. එම පැමිණිල්ල අනුව ්‍යඍක්‍1318රැු19 – යටතේ, මාගේ පැමිණිල්ල ලියාපදිංචි කරන ලද බව - 2019.05.14 දාතමින් මා වෙත ලිඛිතව දැනුම් දුණි. 

14. අනතුරුව, 2019.07.10 දාතමින්, මානව හිමිකම් කොමිෂම විසින් මට දන්වා එවා ඇත්තේ, මානව හිමිකම් කොමිෂන් සභාව මෙම ගැට`ඵවට මැදිහත් නොවන බවත්, මෙම කාර්යය සම්බන්ධයෙන් පොලිස්පති හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ මහජන පැමිණිලි අංශයට යොමු වන ලෙසටත්ය.

15. මෙම ගස් කැපීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. මාගේ ඉඩමේ හා මා භුක්ති විඳින පර්චස් 6.8 ඉඩමේ ගස් වල අයිතිය, මා හා මා භුක්ති විඳන පර්චස් 6.8 ඉඩමේ හිමිකරුවන් සතුයි. එසේ තිබියදී - නැල්සන්, ජගත් හා නයනී යන අයගේ අවශ්‍යතාවය මත, හිතවත්කම මත, ග‍්‍රාම නිලධාරී මනෝහරන් හා ඌරගහ පොලිසියේ නිලධාරීන් එක්ව නීති විරෝධීව ගස් කපා දමන ලදි. 

16. ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම ගස් කැපීමේ නීති විරෝධී ක‍්‍රියාවට සෘජුවම සම්බන්ධ බව ප‍්‍රකාශ කර සිටිමි. පොලිසියේ සහය ඇතිව ජගත් නැමැත්තාට මෙම කපා දමන ලද ගස් පටවාගෙන යාමට පොලිසියේ සහය ලැබුනේ, ස්ථානාධිපතිවරයා ගේ අනුදැනුම මතය.

17. රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව, කරන ලද මෙම අපරාධය, මානව හිමිකම් කොමිෂන් සභාවට අදාළ නැති බව පවසන්නේ කුමන පදනමක් යටතේද ? 

18. මානව හිමිකම් කොමිෂන් සභාවද මෙම අපරාධය මගහැර සිටින්නට උත්සාහ ගැනීමද අපරාධයකි.

19. මා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පැමිණි, 2019.05.14 දින, කොමිෂම විසින් පුරවා දීමට යයි මට දෙන ලද පෝරමය පිරවීමට, මට අකුරු කියවීමට ලිවීමට නොහැකි බැවින්, කොමිෂමේ ආරක්ෂක නිලධාරියෙකුගෙන් සහය ඉල්ලූ විට, ඔහු එය පුරවා, පෝරමය පිරවීමට රු: 1500/= ක් ගතයුතු බවත්, රු: 100/= ක් දෙන ලෙසත් ඉල්ලා සිටියා. එ් අනුව මාගෙන් රු: 100/=ක මුදලක් එම තැනැත්තා විසින් ලබා ගත්තා. 
අප ඉතා අසරණ දුප්පත් අහිංසක මිනිසුන් බැවින්, සාධාරණය ඉටු කර ගැනීමට පැමිණි ඔබ කොමිෂමෙන්ද අවසානයේ සිදුව ඇත්තේ අපව තව තවත් අසරණ කිරීමය. නීති විරෝධී ක‍්‍රියාවන්වල යෙදෙන පුද්ගලයින් ආරක්ෂා කිරීමය.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ක‍්‍රියාවන් හී යෙදෙන ජගත් නැමැත්තා හා ඌරගහ පොලිසියේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් හා ග‍්‍රාම නිලධාරී මනෝහරන් නැමැත්තා ගේ සම්බන්ධය මත, ඔවුන් තම බලය අයුතු ලෙස උපයෝගී කරගෙන, මාගේ ඉඩමේ හා මා විසින් භුක්ති විඳන පර්චස් 6.8 ක් වන ඉඩමේ ගස් කපා දමා සිදුකල අපරාධය සම්බන්ධයෙන්, ඊට සෘජුවම සම්බන්ධ වූ, ඌරගහ පොලිසියේ එවකට ස්ථානාධිපති ඇතුලූ වගකිවයුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් හා ග‍්‍රාම නිලධාරී මනෝහරන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. 

මෙයට,
සෝමලතා.



Saturday, July 13, 2019

අත් දෙකෙන් එල්ලලා උරහිස් පනිනකන් වධ දුන් ඌරගහ පොලීසිය.#1938

පැන ගිය ආධුනික සෙබලාගේ  අවමගුල හමුදා ආචාර මැද රුපියල් ලක්ෂයක වන්දියක්  මළ ගෙදරට දවස් 5 ක් මුර. පුතාව මරලා කලපුවට දැම්මාද? මරණය අභිරහසක්!






පැන ගිය ආධුනික සෙබලාගේ  අවමගුල හමුදා ආචාර මැද, රුපියල් ලක්ෂයක වන්දියක්, මළ ගෙදරට දවස් 5 ක් මුර

පුතාව මරලා කලපුවට දැම්මාද? මරණය අභිරහසක්!!!!

රට රකින්න හමුදාවට බැඳුනු 19 හැවිරිදි උරේෂ් ගේ කුණු වූ මළ සිරුර හම්බ වුනේ විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු කඳවුර ඉදිරිපිට, පුත්තලම පෙරිය වැවේදී.

පුතා පැනගොස් ඇති බවට මහ ?, ගෙදරට දැනුම් දීලා තිබුනේ, කඳවුරෙන්. අමතක වෙලා ආව බකට් එකයි, බෙඞ් ෂීට් එක ගන්න කලපුවට ගිය උරේෂ් ආයේ ආවේ නෑ`ඵ.

මේ පිළිබඳව උරේස් ගේ පියා, වගකිව යුත්තන්ට කරන ලද ලිඛිත පැමිණිල්ල බොහෝ කරුණු අනාවරණය කරයි.








පොලිස්පති ,   යුද්ධ හමුදාපති ,  මානව හිමිකම් කොමිෂන් සභාව  හා  නීතිපති අමකන ලද ලිපිය                      
    දොන් උරේෂ් කවිෂාන් ජයසිංහ, ආධුනික සෙබල, සෙ/2092744 ගේ අභිරහස් මරණය පිළිබඳව  විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට ඉල්ලා සිටීම.

දොන් බන්දුල ජයසිංහ, අවු: 49 යි, ජා.හැ.අ. 701461878 V, විවාහක, දරුවන් 02 යි, රැකියාව: පෙදරේරු, ලිපිනය : ගල්හේන, බේරුවල. 
2019.07.12 වන දින දීය.

දොන් උරේෂ් කවිෂාන් ජයසිංහ මාගේ පුතා වේ. 
ආධුනික සෙබල : අංක: සෙ/2092744
සේවා නම : ආසේ ජයසිංහ ඩියුකේ
පුහුණුව ලැබූ ස්ථානය : ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය, (පුත්තලම) යුද්ධ හමුදා  කඳවුර, සිංගවිල්ලූ වත්ත, පුත්තලම.

(1) හමුදාවට බැඳීමට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ දිනය : 2018.12.26

(2) ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විජයබාහු රෙජිමේන්තුවට (කුරුණෑගල, බෝයගනේ* ඇතුළත් කරන ලද දිනය : 2019 ජනවාරි 16

(3) පුත්තලම සිංහවිල්ලූ වත්ත පුහුණු කඳවුරට ඇතුළත් වූ දිනය : 2019 මාර්තු 12

(4) එම කඳවුරේ පුහුණුව පටන් ගත් දිනය : 2019 මාර්තු 13

(5) අවසන් වරට නිවාඩුවට පැමිණි දිනය : 2019 ජුනි 12

(6) එසේ නිවාඩු පිට ඉන්න විට, තමාට ”ජංගල් කෝස්” එකට යන්න තියෙන බව පවසා, ලැයිස්තුවකට අනුව, බඩු මිළයට ගත්තා.

(7* 2019 ජුනි 17 දින, කඳවු බලා පිටත්ව ගියා.

(8) 2019 ජුනි 17 දින, සවස 5.30 ට දුරකථනයෙන් අමතා කිව්වා, ඉරිදා (23 වන දින) දක්වාම කථා කරන්න ලැබෙන්නේ නෑ, ෆෝන් එක ”ගන්නවා” කියා.

(9) නමුත්, 2019.06.23 දින ඉරිදා, පුතා කථා කළේ නෑ. 

(10) 2019.06.23 මධ්‍යම රාත‍්‍රියේ, 078 2882438 දුරකථන අංකයෙන් මාගේ දුරකථනයට ඇමතුමක් ලැබී තිබුණා.

(11) මා එය දුටුවේ, පසු දින, එනම් 2019.06.24 දින උදේ 7.50 ට පමණ. මා එම අංකයට ඇමතුමක් ගත්තා.

(12) එයට උත්තර දුන්න පුද්ගලයා ප‍්‍රකාශ කළා, තමන් පුත්තලම කඳවුරෙන් බව. ඔහු කියා සිටියා, ජයසිංහ (පුතා* තවත් කෙනෙක් එක්ක කඳවුරෙන් පැනලා ඇවිත් කියා.

(13* ඊට පසු මා, කඳවුරේ අංකය වන, 032 2267201 ට කථා කළා. එ් අවස්ථාවේදී ද කථා කළ පුද්ගලයා, පුතා කඳවුරෙන් පැනලා ගිහිල්ලා යැයි කිව්වා.

(14) නමුත්, පිළිතුරු දුන්න අයගේ අනන්‍යතාවය හෙළි කළේ නෑ.

(15) මමත්, සැමියාත්, දවල් 11.30 පමණ, අලූත්ගම පොලීසියට ගොස්, පුතා කඳවුරෙන් පැනලා ගිහිල්ලා තියෙනවා කියා, දැනුම් දුන් බව කියා සිටියා.

(16) ඒ අවස්ථාවේ පොලීසිය, කඳවුරට දුරකථන ඇමතුමක් දී, කාරණය විමසා සිටියා.

(17) කඳවුරෙන් පොලීසියට දැනුම් දුන්නා, මගේ පුතා එක්ක පස් දෙනෙක් පැනලා ගිහිල්ලා තියෙනවා කියා.

(18) පොලීසිය අපට කිව්වා, පැනලා ගිහිල්ලා නම් පුතා හවස් වෙනකොට ගෙදර එයි. හවස් වනතුරු බලන්න කියා. එ් අනුව අපි ගෙදර ආවා.

(19) එදිනම රාත‍්‍රී 8.00 ට පමණ, අප නිවසට පැමිණ සිටි හිතවතෙක්, පුත්තලම හමුදා කඳවුරට දුරකථනයෙන් කථා කර, අපේ මල්ලී කෙනෙක් කඳවුරෙන් පැනලා ගිහිල්ලා තියෙනවා එ් විස්තර මොනවද කියලා ඇසුවා.

(20) හමුදා කඳවුරෙන් පිළිතුරු දී තිබුනේ, කීප දෙනෙක් පැනලා ගිහිල්ලා තියෙනවා, එ් අතරම, කලපුවේ නා`දුනන කෙනෙක්ගේ  මළ සිරුරක් තියෙනවා, ඇවිල්ලා බලන්න යයි කියායි.

(21) අප, 15 කු පමණ වහාම, පුත්තලම බලා පිටත් වුණා. අප අලූයම 2.00 ට පමණ, පුත්තලම කඳවුරට ගියා.

(22) අප කඳවුර ඇතුළට ගියාම, අම්මා, තාත්තා වෙනම එන්න යයි කියා, කිව්වා. අප හිටියේ ගාඞ් රූම් එකේ.

(23) එහිදී  මාගෙන් හා බිරි`දගෙන් වෙන වෙනම ප‍්‍රකාශ ගත්තා. එහිදී, අපගෙන්, පුතා පැනලා ගියා, පිළිගන්නේ නැද්ද යැයි ඇසුවා. අපි නැහැ කිව්වා.

(24) අපගෙන් ප‍්‍රකාශ ලියාගත්තේ, හමුදා පොලීසියේ දෙන්නෙක්. ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කළේ නෑ. නමුත් දුටුවොත් අඳුනන්න පු`ඵවන්. එවිට වේලාව, පාන්දර 4.00 ට පමණ ඇති. (2019 ජුනි 25 දින)

(25) අපගෙන් ප‍්‍රකාශ ලියා ගත්ත දෙන්නම අපට කිව්වා, කට්ටියම නාන්න ගිහිල්ලා එනකොට, ජයසිංහ (පුතා) ගේ බෙඞ් ෂීට් එකයි බකට් එකයි අමතක වෙලා, එ්ක ගේන්න ආපහු ගියා, ඊට පස්සෙ වුන දේ දන්නේ නෑ කියා.

(26) ඉන්පසු, අපි පුත්තලම පොලීසියට පැමිණියා. අපගේ විස්තර විමසුවා. නමුත් කිසිවක් ලියාගත්තේ නෑ. අපි, අපට මළ සිරුර හඳුනා ගැනීමට අවශ්‍ය බව කියා සිටියා. 

(27) ඒ ඉල්ලීමට, පොලීසිය, අපව පුත්තලම පොලීසියට යොමු කළා. පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ මළ සිරුර, අපට දැක ගන්නට ලැබුණා.

(28) සිරුර සම්පූර්ණයෙන්ම නරක් වී තිබුණා. අඳුනා ගන්න බැරි තත්ත්වයේ තිබ්බේ.

(29) දකුණු අතේ තිබූ කැලලින් මෘත දේහය පුතාගේ බව හඳුනා ගත්තා. එම සලකුණෙන් පමණයි හඳුනා ගත්තේ.

(30) අපිට කිව්වා, මහේස්ත‍්‍රාත් පැමිණෙනකන්, මෘත දේහය කපන්නේ නෑ කියා.

(31) සවස (2019.06.25* 4.45 වන තුරු බලන් හිටියා. කව්රුත් ආවේ නෑ.

(32) ඊට පෙර වෛද්‍යවරයා, අපගෙන් හඳුනා ගැනීම ගැන විස්තර ඇහැව්වා. පොලීසිය මළ සිරුර හමුවූ ආකරය විස්තර කළා. 

(33) ඉන්පසු මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර, හේතුව කියන්නට බැරි බවත්, සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යවන බවත් කිව්වා.

(34) මරණයට හේතු දැක්වූයේ නෑ. අප මරණය සැක බව කියා සිටියා. අවසන් කටයුතු සඳහා මෘත දේහය නිදහස් කළා.

(35) 2019 ජුනි 27, පූර්ණ හමුදා ගෞරව සහිතව, අවමංගල්‍ය කටයුතු සිදු කළා.

(36) ඉන්පසුවද, හමුදා නිලධාරීන් දින 5 ක්, දිවා, ?, අප නිවස මුර කළා.

(37) මෙම මරණය දියේ ගිලීමක් ලෙස හමුදාව සඳහන් කර තිබෙනවා. එසේ කර ඇත්තේ, මරණයට හේතු ප‍්‍රකාශ නොකර.

(38) මෙම මරණය ස්වභාවික එකක් නොවන බවත්, මෙය මිනිස් ඝාතනයක ප‍්‍රතිඵලයක් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

එයට හේතු පහත දක්වමු.

(1) නොහඳුනන මළ සිරුරක්, පුත්තලම කලපුවේ (පෙරිය වැව* පාවෙන බවට පාරේ ගිය අයෙක් පොලීසියට දැනුම් දී තිබුණා. එ් උදේ 10.15 ට පමණ.

(2) උදේ 10.45 ට පමණ, පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති බව.

(3) එම ස්ථානයට ගරු මහේස්ත‍්‍රාත්වරයා පැමිණ ඇති බවත්, ස්ථාන පරීක්ෂණයක් සිදු වූ බවත්, ප‍්‍රකාශ වුණා.

(4) මළ සිරුර පිළිබඳව, මූලික පරීක්ෂණ කරන ලද, පොලිස් සැරයන් වන්නිආරච්චි නැමති නිලධාරීවරයා, මළ සිරුර හමුදා නිලධාරියකුගේ බවට නිරීක්ෂණය කර ඇත.

(5) මළ සිරුර ගොඩ ගන්නා අවස්ථාවේ, එම ස්ථානයට පැමිණ සිටි, හමුදා නිලධාරීන්, පොලීසියේ ප‍්‍රකාශය පිළිනොගෙන, එම සිරුර හමුදා සෙබලෙකුගේ නොවන බව ප‍්‍රකාශ කර ඇති බව.

(6) මාගේ පුතාගේ සිරුර, මෙම කලපුව (පෙරියවැව) පාවෙමින් තිබී ඇත්තේ කඳවුර ඉදිරිපිට බව.

(7) තවද, ස්ථාන පරීක්ෂණය කරන ලද අවස්ථාවේ, මළ සිරුරේ තිබූ එකම ඇඳුම වූ, යට ඇඳුමේ තිබූ හමුදා අංකය, වෙනත් අයෙකුගේ බව නිරීක්ෂණය වී ඇති බව.

පුතාගේ මරණය බෙඞ් ෂීට් එක හා බකට් එක ගේන්න ගොස් දියට වැටී, අනතුරකට පාත‍්‍ර වූවත්, හමුදා කඳවුර ඉදිරිපිට තිබෙන කලපුව පරීක්ෂා නොකර, කිසිදු විනය ගැට`ඵවක් නොතිබූ බවට පිළිගෙන තිබෙන තත්ත්වයක් තුළ, පුතා පැනගිය බවට තීරණය කළේ කෙසේද යන්න බරපතල කරුණකි.

මෙය හමුදාව විසින් කරන ලද ඝාතනයක් බව ප‍්‍රකාශ කරමි.

ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටත්, අපරාධකරුවන් නීතිය ඉදරියට ගෙන එන ලෙසත්ය.

මෙයට,

දොන් බන්දුල ජයසිංහ






Friday, July 12, 2019

මුදලාලි නෝනා ගේ කීමට, ඌරගහ පොලිසියේ ස්ථානාධිපති හරිත් ගේ නියමයෙන් 24 හැවිරිදි තරුණයෙකුගේ අත් දෙකම ගැලවෙනකම් පද්දමින් පහර දෙන අතර පුරුෂ ලිගුව මිරිකීමට අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් අමතක කරලා නැහැ.


ශ‍්‍රි ලංකාවේ උත්තරීතර නීතියට අනුව - පොලිස් කාරයින්ට අත්අඩංගුවට ගන්න හා පුද්ගලයින්ට වධ දෙන්න බැහැ. 

එ විතරක් නෙවෙයිල 1994 දී සම්මත කරලා තියෙන - වධහිංසාවට එරෙහිව පනත මගින් වධදීම අපරාධයක් කරලා තියෙනවා. 

”නීතිය” කඩා වැටුනු රටක - මහා එවුන් මහා දවාලේ මහජන මුදල් හොරකම් කරන රටක - ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, අණ පනත්  කොළ වලට සීමා වෙලා. ඊණියා සිවිල් සමාජ නරුමයන්ට නම් මේවා ප‍්‍රශ්ණ නොවෙයි. 

එත් මේ ප‍්‍රශ්ණ අපි කතා කරමු. ඒ පළමු පියවරඑ.

මෙම තරුණයා පොලිස්පති ට කර තිබෙන පැමිණිල්ලට අවධනය යොමු කරන්න. 


ලිඛිත පැමිණිල්ලයි


නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙනල අමානුෂික වධහිංසා පමුණුවා, සාදාකාලික ආබාධිත තත්වයට පත්කල, ඌරගහ පොලිසියේ ස්ථානාධිපති හරිත් හා අපරාධ අංශයේ ස්ථානාධිපති තිරාන් ඇතුලූ වගකිවයුතු නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසටත්ල ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත් කරනු ලබන ඉල්ලීමයි. 

චන්දිම---- අවු. 24 යි. අවිවාහක. රැකියාව- අළෙවි නිලධාරී.  2019.07.10 දින දීය. 

2019.06.22 දින රාත‍්‍රියේ  මා සමග වැඩ කරන රියදුරු මාගේ දුරකථන අංකයට කතාකර කිව්වා, අපි නිෂ්පාදන දමන ”-----ස්ටෝර්ස්” එකේ රත්තරන් බඩු නැතිවෙලා තියෙනවා, ඒකට  ඔහුව සැකකරන බැවින් ඒ ගැන පැමිණිල්ලක් දාන්න ඌරගහ ඔහු පොලිසියට යන බව.   මම ඔහුට කිව්වා මමත් පොලිසියට එනවා,  ප‍්‍රකාශයක් දෙන්න කියලා.  මම මේ පිළිබඳවල සමාගමේ ප‍්‍රාදේශීය කළමණාකරු ට කතාකර දැනුම් දුන්නා. මා  දහවල් 12.30 ට පමණ පොලිසියට යාමට සූදානම්ව සිටින විට සමාගමේ අළෙවි නියෝජිත මට කතාකර කිව්වා, රියදුරුව අත්අඩංගුවට ගෙන තියෙනවාල ඒ නිසා නීතිඥ මහතකු සමග යන්න කියා. ඒ අනුව මා 2019.06. 23 දිනල සවස 2.30 පමණ, නීතිඥ වරයෙකු සමග ඌරගහ පොලිසියට ගියා.  අපරාධ අංශයේ ස්ථානාධිපති තිරාන් නීතිඥ  මයාට ප‍්‍රකාශ කලා, ප‍්‍රකාශයක් අරගෙන එවනවා, ඔහුට යන්න කියා. ඉන්පසු අපරාධ අංශයේ ස්ථානාධිපති තිරාන් මට කිව්වා 2019.06.21 දින -----ස්ටෝර්ස් වල සොරකමක් වෙලා තියෙනවා කියා. ඒකට මාව හා රියදුරුව සැක කරන බව. ඒ නිසාල එදින වුනේ මොකක්ද කියා කියන ලෙසට මට කිව්වා. ඒ අනුව එදිනල ප‍්‍රදේශයේ කඩවලට නිෂ්පාදන දැමීමට ගිය බවත්එ එසේ ගියේ රියදුරු පදවන ලද ලොරියේ බවත් එහිදී දෙදෙනාම සුපුරුදු පරිදිල ස්ටෝර්ස් වලට අපගේ නිෂ්පාදන බාරදී බිල දමා සල්ලි අරගෙන එන ලෙසටල රියදුරුට කියා මා ඊළඟට කඩයට ගිය බවත් ප‍්‍රකාශ කලා. තවද මා එම කඩයේ සිටින විට විනාඩි 2 -3 කින් රියදුරු ලොරියද රැගෙන එතැනට පැමිණි බවද කියා සිටියා.  මා දන්නේ එපමණක් බව අපරාධ අංශයේ තිරාන්ට ප‍්‍රකාශ කලද ඔහු එය පිළිගත්තේ නැහැ.  ඔහු මට තර්ජණය කරමින්ල බණිමින් මේ ආත්මේ ඒවා නෙවෙයි ගිය ආත්මේ ඒවාත් අහගන්න ක‍්‍රම තියෙනවා කියා කිව්වා. ඊට පස්සේ මාව පොලිසියේ කුස්සිය පැත්තට ගෙන ගොස් මගේ එක් අතක් කරකවාල පිටුපසට අරන්, අනෙත් අත උරහිසට උඩින් අරගෙන,  අත් දෙක පිට මැදට එකතු කරල මාංචු දැම්මා. ඒ විදිහට මාංචු දමා පැය 1 1/2  වාගේ කාලයක්ල මාව පුටුවක වාඩි කරවා තැබුවා. ඉන්පසු, එසේ මාංචු දමා සිටියදීම  නැවත මාව අපරාධ අංශයට ගෙන ආවා. එහිදී මට ඇත්ත කියපන් කියා, බෝතලයක් ගෙන, එම බෝතලය තුල තිබූ බෝම්බයක් පෙන්නා, ඒකත් එක්ක උසාවි දමා, බන්ධනාගාරගතව ඉන්න සලස්වන බවට තර්ජණය කලා.  මාව පැය බාගයක් පමණ පුටුවක ඉංදා තැබුවා.  නැවත මාව පොලිසියේ පිටුපස කුස්සියට ගෙනහිල්ලා, මාංචු ගැලෙව්වා.  ඊළඟට අත්දෙක පිටුපසට තබා මාංචු දැම්මා.  ඉන්පසු අඩි 4 ක් විතර උසල බංකුවක් උඩට නැග්ගුවා.  මහත නයිලෝන් කඹයක් කුස්සියේ බාල්කය හරහා දමා,  එම කඹය මාංචු වට ගැට ගසා,  බංකුව ඉවත් කලා. ඒ ආකාරයට මාව පැය 1 1/2 පමණ තිබ්බා.  එලෙසින් සිටින විට මට අතින් පහර දුන්නා.  මාගේ පුරුෂ ලිගුව අල්ලා මිරිකුවා. එතැනදී අපරාධ අංශයේ ස්ථානාධිපති තිරාන් සිය දුරකථනයෙන් කෝල් එකක් අරන් ”චීෆ් මූ ඇත්ත කියන්නේ නැහැ මොකද කරන්නේ” කියා ඇසුවා. ඉන්පසු ඔහු කිව්වා ”ලොක්කා කියනවා ආයෙත් එල්ලන්න කියලා” යනුවෙන් පැවසුවා.  එයින් පසුව මාව බිමට බස්සාල මාංචු ගලවා,  අත්පිටුපසට කරල අත් දෙක එක්කරල රෙද්දකින් ගැට ගසා නයිලෝන් කඹයකින්ද ගැට ගසාල නැවත බංකුව මතට නග්ගාල බාල්කයේ එල්ලූවා.  බංකුව ඉවත්කරල මාව උඩට ඇද්දා. ඒ ආකාරයට පැය 2ක් පමණ තැබුවා.  පෙර ආකාරයටම පහර දෙමින් පැද්දුවා. ඒ අතරඑ මට කිහිප වරක් කලන්තය හැදුනා. ඒ හැම විටම වතුර ගැහුව්වා.  මාගේ අත්දෙක උරහිස් දෙකෙන් පැන්නා සේ මට දැනුනා.  ටිකෙන් ටික අත් දෙක බුරුල් වෙනවා තේරුනා.  මගේ කකුල් දෙක බිම ගෑවෙන්න ගත්තා.  එසේ කකුල් බිම ගෑවෙන විටල මාව බිමට බෑවා.  එයින් අනතුරුව මාව ස්ථානාධිපති ගේ කාර්යාලයට ගෙන ගියා.  එහිදීල ස්ථානාධිපති හරිත් ”මම උඹෙන් එළිවෙන්න පැයක් හරි තියෙද්දි බඩු ගන්නවා” කියා කිව්වා.  ඉන්පසු මාව කූඩුවට දැම්මා.  එවිට වේලාව රාත‍්‍රී 10 පමණ ඇති.  මාව දැමූ කූඩුවේ රියදුරු සිටියා.  තවත් අයකු සිටියා.  පසුදා, 2019.06.24 අපරාධ අංශයේ ස්ථානාධිපත තිරාන් කූඩුව ළඟට ඇවිත් බඩු දීපන් කිව්වා.  උදේ මා සේවය කරන සමාගමේල ඒජන්ට් ගේ බෑනා, මගේ අම්මා, මා සමග වැඩ කරන අය මා බැලීමට ආවා,  මට කන්න ගෙනත් දුන්නා.  රියදුරු මට කෑම කැව්වා. ඒ වන විට මාගේ අත්දෙක පණ නැතිව තිබුනේ.  එදින, 24 දින, උදේ 10 ට 11ට පමණ සමාගමේ,  ප‍්‍රාදේශීය අළෙවි නිලධාරී පැමිණියා.  මේ අතර සොරකම් පිළිබඳ පැමිණිල්ලක් දැමූ බව කියන ස්ටෝර්ස් අයිතිකරුවන් හා මා සේවය කරන සමාගමේ නියෝජිතයින් කතා බහ කරන අතර,  පොලිස් ස්ථානාධිපති හරිත් හා අපරාධ අංශයේ ස්ථානාධිපති හ. තිරාන් ප‍්‍රකාශ කලා,  නඩු දැම්මොත් රිමාන්ඞ් කරන බව.  ඒ නිසා  රත්තරන් බඩු වල වටිනාකම ගෙවා සමථ වන ලෙසට.   රියදුරු පුද්ගලික ප‍්‍රශ්ණ තිබෙන නිසා තමාට ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා.  ඔහු සමථ යෝජනාවට කැමති වුනා.  එදින,  24 දින සවස ඔහුට පොලිස් ඇප ලබා දුන්නා.  රියදුරු ඇප මත නිදහස්ව ගිය පසුව මාව කූඩුවෙන් එළියට ගෙන,  කූඩුව ඉස්සරහින්ම පැදුරක් දමා මට එහි ඉන්න කිව්වා. මම එම පැදුරේ නිදා ගත්තා.  2019.06.25 දිනල සවස 2.30 පමණ :වේලාව නිශ්චිත නැත, ල මාගේ අත් දෙකේ ඇගිලි දහයේම ඇගිලි සලකුණු ලබා ගත්තා.  එමෙන්ම  2019.06.25 දින සවස ඔවුන් විසින් ලියන ලද ප‍්‍රකාශයකට මාගේ ඇගිලි සලකුණු ලබා ගත්තා.  එසේ ඇගිලි සලකුණු ලබා ගත්තේ, ඒ වන විට මගේ අත් දෙකම අප‍්‍රාණිකව තිබූ නිසා.  මට අත්සන් කිරීමට නොහැකි නිසා.  එම ලියා තිබූ දේවල් මට කියවීමට දුන්නේ හෝ කියවා තේරුම් කර දුන්නේ නැත.   එදිනම,  2019.06.25 දින, රාත‍්‍රී 7.30 පමණ මාව පොලිස් ඇප මත මුදා හැරියා.  මාගේ අම්මා මා වෙනුවෙන් ඇපයට අත්සන් කලා.  මට සිදුකල වධහිංසා හේතුවෙන් මට දැඩි ලෙස අමාරු වුනා.  එම නිසා මා 2019.06.26 දිනල පෙරවරු 7.30 - 8.00 පමණ ක`ඵතර නාගොඩ රෝහලට ඇතුලත් වුනා.  මාව එහි දැඩි සත්කාර  එකකයට ඇතුලත් කලා.  සවස මාව එහි 05 වන වාට්ටුවට මාරු කලා.  

2019.06.27 දින,  රෝහල් පොලිසිය විසින් මාගෙන් කට උත්තර ලබා ගත්තාග මට අමාරු හෙයින්ල 2019ග06ග27 දින සවසල නාගොඩ රෝහලින් මාව කොළඹ ජාතික රෝහලට මාරු කලාග ජාතික රෝහලේ 72 වාට්ටුවට මාව ඇතුලත් කලාග දින 4 ක් පමණ එම වාට්ටුවේ ප‍්‍රථිකාර ලබා ගත්තාග  පසුව මාව එම රෝහලේම 27 වාට්ටුවට මාරු කරනු ලැබුවාග 2019ග06ග28 දිනල සවස 5ග00 පමණල මාගේ මව සමග ඌරගහ පොලිසියේ ස්ථානාධිපති හරිත්ල අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් හා තවත් පොලිස් නිලධාරියෙකු ද :ඔවුන් සිටියේ නිළ ඇඳුමින්ෆල සිවිල් ඇඳුමින් පොලිස් රියදුරු ප‍්‍රියන්ත හා තවත් නිලධාරියෙකුද මා වෙත පැමිණි අතරල ස්ථානාධිපති හරිත් හා අපරාධ අංශයේ ස්තානාධිපති හිරාන් මාගෙන් සමාව ඉල්ලාල අපි අත්දෙක හොඳ කරගමු කියාල සල්ලි කොච්චර  ඕනෙද යනුවෙන් විමසාල මාව ජාතික රෝහලින් මාරු කරල නවලෝක රෝහලට මාරු කර දෙන්නදැයි විමසා සිටියාග එමෙන්මල නැතිවූවා යැයි කියන රත්තන් බඩු වලටල මා විසින් ගෙවිය යුතු බවට නියම කල රුපියල් ලක්ෂ එකහාමාර අවශ්‍ය නැති බවද පවසා සිටියාග සිද්ධිය සමථ වන ලෙසට ද යෝජනා කල අතරල මා එය ප‍්‍රතික්ෂේප කලාග  මා ජාතික රෝහලේ පසුවන විටල ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙක් මා වෙත පැමිණ සිද්ධිය අදාළව ප‍්‍රකාශයක් ලබා ගත්තා:දිනය නිශ්චිත නැතෆග එසේ පැමිණි එම නිළධාරින් දෙදෙනෙක් නිල ඇඳුමින් සිටි අතරල එක් අයෙකු සිවිල් ඇඳුමින් සිටියාග ඔවුන් විසින් ලබාගත් ප‍්‍රකාශයට මට අත්සන් කිරීමට නොහැකි නිසාල මාගේ ඇගිලි සලකුණු ලබා ගත්තාග 2019ග07ග05 දිනල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මාව පරීක්ෂා කරනු ලැබුවාග නැවත සති 3 න් මට අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවන ලෙසට රිසිට් පතක් ලබා දුන්නාග 2019ග07ග08 දින සවස ජාතික රෝහලින් මාගේ ටිකට් කැපුවාග මා ඌරගහ පොලිසියට ගිය විටල නීති විරෝධීව රඳවා ගෙනල ස්ථානාධිපති හරිත් ගේ උපදෙස් මතල මට වධහිංසා පැමිණවූයේ අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් විසින් බවත්ල ඔහුට එ් සඳහා තවත් නිලධාරියකු සහය වූ බවත්ල එම නිලධාරියාගේ නම නොදන්නාමුත්ල දුටුවොත් අඳුනාගත හැකි බවත් ප‍්‍රකාශ කර සිටිමිග  

මෙම අපරාධය මේ වන තෙක් ගරු අධිකරණයට වාර්තා කර නොමැතග 

මා ඉල්ලා සිටින්නේල මේ අපරාධය - නොපමාවල

1ග ගරු අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසටල

2ග නීති විරෝධීව අත්අඩංගුවට ගෙනල දින 3ක්ල එනම් 2019ග06ග23 දින පථවථ 2ග30 සිටල 2019ග06ග25 දින රාත‍්‍රි 7ග30 දක්වාල පැය 53 ක පමණ කාලයක්්ල නීති විරෝධීව රඳවා ගෙනල වධ දීල මා සොරකම් කල බවට හා එහි වටිනාකම මාසයක් ඇතුලත ගෙවන බවටල ලියන ලද ප‍්‍රකාශයකට ඇගිලි අත්සන ගැනීම හා මාගේ පණ නැති අත්දෙකේ ඇගිලි සලකුණු ලබා ගැනීම සිදුකරන ලදල අපරාධකරුවන් දෙදෙනා වන -ඌරගහ පොලිසියේ ස්ථානාධිපති හරිත් හා අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් යන දෙදෙනා අත්අඩංගුවට ගෙනල නීතිමය පියවර ගන්නා ලෙසටයග






Tuesday, July 9, 2019

බඳින්න ඉන්න එවුනුත් අම්මලා පුතාලා වගේ හැසිරෙන බව කියන පොලිස්කාරියෝ ළමුන්ව අමතන්නේ ‘‘වේ ...... යෝ’’, ‘‘හු ...... තෝ’’ කියලා.



මෙම කරුණු එළිදරව් වන්නේ, නව යොවුන් වියේ පසුවන, පාසල් සිසුවකුට පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ මූලස්ථානයේ දී මුහුණ දුන්න ඛේදනීය තත්ත්වය පිළිබඳව සිදුකර තිබෙන ලිඛිත පැමිණිල්ලෙනි.

ආරක්ෂාවට සම්බන්ධ පාසලක උසස් පෙළ හදාරණ මෙම සිසුවාව, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානයට කැඳවා තිබුනේ, දුම්රිය රියදුරෙකු විසින්, කර තිබූ පැමිණිල්ලක් මුල්කරගෙනය. පැමිණිල්ල යොමු කර තිබූ දුම්රිය රියදුරා, ඉහළ පොලිස්කාරියින් සමග සම්බන්ධතා පවත්වන්නකු බව, ඔහුගේ පවුලේ ආරංචිවලින් හෙළිව තිබේ. අදාළ සිසුවා රණවිරු පවුලක සාමාජිකයෙකි.

ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට ගෙන්වා ගත් සිසුවාගෙන්, පළමුව ප‍්‍රශ්න කර ඇත්තේ එම කාර්යාංශයේ පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර නම් වුවෙකි.

ඉන් අනතුරුව ඔහුව, එම කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරියක් වූ, බිම්නිෂානි හා පොලිස් පරීක්ෂකවරියක් වූ, කුසුම් වෙත යොමු කර තිබේ.

මෙම පොලිස් කාරයින් දෙදෙනා, මෙම පාසල් සිසුවාව මානසික වධ හිංසා පමුණුවමින්, ඔවුන්ට අවශ්‍ය විදියට ප‍්‍රකාශයක් ලියවා ගැනීමට වෙර දරා ඇත. ඒ අතරතුර මෙම පොලිස් කාරිණියන් දෙදෙනා, ‘‘වේ ..... පුතා“, ‘‘හු ..... තෝ“ යන වදන් භාවිතා කරමින්, බඳ පටිය ගලවා පහර දීමට ද තැත් කර තිබේ. අවසානයේ මෙම නිලධාරිණියන් ලියන ලද ප‍්‍රකාශයකට ඔහුගෙන් අත්සන් ගෙන තිබේ. බලය යොදා, අඩම්තේට්ටම්වලට භාජනය කරමින්, ඔවුන් ලියන ලද ප‍්‍රකාශයකට අත්සන් කළද, එය තමන් පිළිනොගන්නා බව පොලිස්පතිට දැනුම් දී තිබේ.

ඉතා දුෂ්කර වාතාවරණයක් යටතේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව, උසස් පෙළ හදාරන මෙම සිසුවාට, පාසලේ ගුරුවර ගුරුවරියන්ගේ නොමද සහය ලැබෙන බව ප‍්‍රකාශ වේ.

ඒ අතර පංති වලට CCTV කැමරා හයිකරවන මෙම පාසලේ විදුහල්පතිනිය, නිල නිවසට, අත්සන් පොත ගෙන්වාගෙන උදේ 6.10 දමා, අත්සන් කරන බවත්ති, ඇය, ඇඟිලි සලකුණු යන්ත‍්‍රයට ඇඟිල්ල නොගසන අතර, එය සෙසු ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට, අනිවාර්ය කර ඇති බවද දැනගන්නට ඇත.

මෙම තත්ත්වයන් තුළ භය වී, නිහඬව සිටින බහුතරය, අයුක්තිය, අසාධාරණය අභියෝග නොකරන වාතාවරණය තුලදමේ තරුණයා, අනාගතය යහපත් රටක්, නීතිය මත පාලනයක් ඇති රටක්, සඳහා බලාපොරොත්තු තබා ඇත.