Showing posts with label children. Show all posts
Showing posts with label children. Show all posts

Wednesday, January 18, 2012

යටවත්ත පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවට අවසර ලැබෙයි.



පහලොස් හැවිරිදි දරeවෙක්  අත්අඩංගුවට ගෙන පහර දීම අදාලව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට අවසර ලබාදීමට - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

යටවත්ත පොලිස් ස්ථානයේ සැරයන් ඩග්ලස්, පොලිස් පරීක්ෂක බංඩාර, හෙට්ටි ආරච්ච් හා ස්ථානාධිපති නිෂංක මෙම පෙත්සමේ වග උත්තර කරeවන් වේ.

යටවත්ත පොලිස් බල ප්‍රදේශයේ කුමාරිහාමි, මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ, 15 හැවිරිදි තම පුතා වන, පුබුදුට, යටවත්ත පොලීසියේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන, වධ හිංසා පැමිණවීමට එරෙහිවය.

අසල නිවසක සෙල්ලම් බඩු සොරකම් කළාය යන චෝදනාව මත මෙම දරeවා අත් අඩංගුවට ගෙන තිබින. මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය මෙම දරවාට පොලීසිය පහර දී ඇති බවට තීරණය කර, ඔහු විෂේශඥ අධිකරණ වෛද්‍ය නිළධාරී වෙත ඉදිරිපත් කිරීමට නියම කර තිබින.

තවද, මෙම පහර දීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට, නීති ආධාර කොමිෂමට නියම කරනු ලැබීය.

2011/11/16 දින  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුවේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ  පුලස්ති හේවාමාන මහතා ඉදිරිපත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමරතුංග, විනිසුරු මාසුරුප් හා විනිසුරු ඉමාන් යන මහත්වරුන් ඉදිරියේ පැවැති මෙම නඩුව 2012 ජුනි 11 දින විභාගයට තැබීය.


Wednesday, November 9, 2011

Sex abuser at Large (ලිංගික අපයෝජකයා සහ විදුහල් පති.)


ලිංගික අපයෝජකයා සහ විදුහල් පති....


දිනෙන් දින උග්‍ර වන නීතිය කඩා වැටීම හේතුවෙන් පාසැල් ළමුන්ද දැන් අසරන තත්වයට පත් වෙනවා. අප කියන්න යන කතාවද එවැනිම  දෙයක්. මේ පිරිමි ළමයා අපයෝජනයට ලක්වුනේ ගමේ තරුණයෙක්ගෙන් හා පනස් පස් හැවිරිදි ගමේ වැඩිහිටියෙකුගෙන්. සවන් දෙන්න මේ කතාවට... යමක් ගන්න සිතට... 



...

Saturday, October 29, 2011

විදුහල්පතියෙකුගේ තිරිසන් වැඩක් >> විඩියෝව නිකුත් උනා





14 හැවිරිදි  , මොහොමඩ් ජිල්ලාන් සිනර් පළමු ශ්‍රේණියේ සිට ගියේ, පානදුර උපාධ්‍යා විද්‍යාලයට.

2011.10.17 දින විදුහල්පති බර්ටි, සුපුරුදු පරිදි වේවැල අතින් රැගෙන පංතිය ඉදිරියට පැමිණ වේවැල දික්කර මෙහෙ වරෙන් කියා ළමයින්ට කතා කරලා. ළමයි පංතියෙන් එළියට ආවත් බර්ටි විදුහල්පති  පෙනෙන්න ඉදලා නැහැ. ළමයි එළියට වෙලා බලන් ඉදලා.

එක පාරටම මතුවුනු බර්ටි විදුහල්පති, ඉස්සරහින්ම හිටිය මොහොමඩ් ජිල්ලාන් සිනර් ව අතින් අල්ලලා කරකවලා දිගට හරහට පහර දීලා. මේ තිරිසන් විදුහල්පති, ඊට පස්සේ  මොහොමඩ් ජිල්ලාන් සිනර් ලවා ඩෙස්, පුටු අද්දවලා, තනකොළ ගලවලා.

මීහරක් දක්කන්න වාගේ කෙවිට්ට අතේ තියාගෙන සැරිසැරූ බර්ටි විදුහල්පති - මේ අසරණයට පහරදීලා, සෙන්පති වෙස්ගෙන ගිහිල්ලා.

Wednesday, August 17, 2011

අතවරයට ලක්වූ දරුවන්ට විෂාදය වැළදීමේ අනතුර වැඩිය.

 
 
විද්යන්ඥයින් පවසන ආකාරයට කුඩා කල අතවරයට ලක්වූ පුද්ගලයින්ට දීර්ගකාලීනව විෂාදය වැලදීමේ අනතුර දෙගුණයකි.
ඔවුන් ප්‍රතිකාර සදහා යොමුවීමේ කැමැත්ත අඩුබව මනෝවිද්‍යාව පිළිබද ඇමෙරිකානු සගරාවක පලවූ ලිපියකින් කියවේ.
පර්යේෂකයින් පවසන ආකාරයට බ්‍රිතාන්‍යයේ විෂාදය වැළදුණු පුද්ගලයින් 20 දෙනෙකුගෙන් එක් අයෙක් කුඩා කාලයේදී කිසියම් හෝ අතවරයකට ලක්වී ඇත.
මානසික සවුක්ය පිළිබද සහන සලසන සංවිදානයක්වූ ස්නේ හි ප්‍රදාන විදායක අද්‍යක්ෂ මජෝරි වල්ලස් කිවේ අපේ ජීවිතවල සිදුවන කම්පිත සිදුවීම් විෂාදයට හේතු වන බවත් අපේ මොලය වර්දනය වෙමින් තිබෙන කුඩා කල සිදුවන කම්පිත සිදුවීම් විශේෂයෙන් හානිදායක බවයි.
 
 
හර්ෂි සි. පෙරේරා
 

Friday, August 12, 2011

පහලොස් හැවිරිදි දරුවෙකුගේ රහසඟත් මිරිකූ අපේ පොලිස්ලොක්කා. [[වීඩියෝව]]


පුබුදු දිල්ශාන්ට මාතලේ යටවත්ත පොලීසියේ පොලිස් කාරයෝ, පුබුදුව අත්තඩංගුවට ගෙන නොසෑහෙන්න, වධහිංසාවට ලක්කොට, පුබුදුගේ රහස් අවයව මිරිකා මොවුන් සතු‍ටුවුනා. දැන් පුබුදු මානසික ආතතියකින් පෙලේ. මෙවැනි පොලිස්කාරයෝ සිදුකරන්නේ කුමක්ද? මේවාට අප නැගීසිටිය යුතු නොවේද? කතාකරමු, නිඬතාවය බිඳිමු. මක්නිසාදයත් කෙදිනකකෝ මෙවන් දෙයක් ඔබට මෙන්ම ඔබගේ දරුවෙකුටද විය හැකිනිසා.

Tuesday, July 26, 2011

ළමා අපචාර පැමිණිල්ලේ ඇත්ත නැත්ත!



ඩබ්ලිවු එම එස් ප්‍රේමරත්න පෙරේරා මහතා නො 02, නගර සබා නිවාස, කටුකුරුන්ද, මොරටුවහි පදිංචිකරුවෙකි. ඔහු සිය අබාදිත දියණියට අතවර කල බවට ඩානෝ කැමරන් නමැති විදේශීය කත පොලිසියට පැමිණිලි කර ඇත. එම කාන්තාව ශ්‍රී ලංකාවේ අබාදිත ළමුන් නමැති සංවිදානය පවත්වා ගෙන යනු ලැබේ. අපි බලමු මේ චෝදනාව සම්බන්දයෙන් ප්‍රේමරත්න මහතා කියන්නේ කුමක්ද කියා.

2011.07.08 දින මා නිවසේ නොසිටි අවස්ථාවක මොරටුව පොලිසියේ නිලදාරිනියක් හා නිලදාරියෙකු මගේ නිවසට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ අබාදිත දියණිය වන වෙදමුහන්දිරම්ලාගේ ඉනෝකා සුදර්ශනී (වයස 12) සහ මගේ වයස අවුරුදු 17 ක් වයසැති පොඩි පුතා පමණි. 

එම පොලිස් නිලදාරිනිය සහ නිලදාරියා පැමිණෙන විට දියණිය බිම චිත්‍ර අදිමින් සිට තිබෙනවා. එම පොලිස් කාන්තාව දියණිය ලගට පැමිණ ඇවිදින්න බැරිද කියා අසා තිබෙනවා. දුව බැහැ කිවුවිට එම නිලදාරිනිය ඔයාට තාත්තයි අයියලයි කරදර කරනවද කියා අසා තිබෙනවා. දුව නැකියු පසු අම්මා කෝ කියා අසා ඇති අතර දියණිය අම්මා රට කියා පවසා ඇත. පසුව දුවව නාවන්නේ කවුද කියා අසා ඇත.දියණිය පවසා ඇත්තේ තාත්තා නාන තැනට ගෙනියනවා මම වතුර බටයෙන් නානවා කියයි. එවිට තාත්තට අපි ආපු බව කියන්න කියා ඔවුන් ගොස් තිබේ. පුතගෙන්ද පොලිස් නිලදාරියා ප්‍රශ්න කර ඇති අතර පුතාගෙන් අසා ඇත්තේ ගෙදර ඉඩම් ආරවුල් ගැනයි.

පසුව මා මොරටුව පොලිසියට ගොස් විමසා සිටි විට දැන ගන්නට ලැබුනේ විදේශික කාන්තාවක් විසින් අප දියණියට මාගෙන් හා පුතාලගෙන් හිරිහැර වන බවට පැමිණිලි කර ඇති බවයි.

ජනසංසදය

Friday, July 22, 2011

"උඹට ගැහුවා කියලා කිව්වොත් උඹ පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියලා මරලා දානවා"

යටවරගෙදර කුමාරිහාමි සහ ඔහුගේ පුත් පුබුදු දිල්ෂාන්  
 
 
01.සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
108” බාන්ස් පෙදෙස”
කොළඹ 07.
 
02.ජාතික පොලිස් කොමිෂන් සභාව
03 වන මහළ” රොටුන්ඩා ටවර්”
109” ගාලූ පාර”
කොළඹ 03.
 
03.ස්ථානාධිපති
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය
අංක 25” වයිට්වේස් ගොඩනැගිල්ල”
ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත”
කොළඹ 01.
 
04. සභාපති
ළමා ආරක්ෂක අධිකාරිය”
330” තලවතුගොඩ පාර”
මාදිවෙල.
 
05. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01.
 
06. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
පොලිස් අධිකාරී කාර්යාලය
මාතලේ.

ලිඛිත පැමිණිල්ල

හේරත් මුදියන්සේලාගේ යටවරගෙදර කුමාරිහාමි වයස අවු: 57 යි, විවාහක, දරුවන් 01 යි, 
ලිපිනය : 31, උරුලෑවත්ත, යටවත්ත, මාතලේ’ 2011.07.20 දින දීය. 
(දරුවාට මාස තුනක්ව සිටියදී පියා අතහැර ගොස්ය)

සුබසිංහලා ගෙදර පුබුදු දිල්ෂාන් තිලකරත්න වයස අවු: 15 යි. මා/වීර පරාක‍්‍රම මධ්‍ය මහා විදුහලේ 09 වන වසරේ ඉගෙනුම ලබයි - මාගේ පුතා වේ.

2011. 06. 26 වන දින පුතාගේ මිතුරෙකු වන සහන් නමැති දරුවා අප අසල්වාසී අයෙකු වන ආර්. එම්. තිලකරත්න නමැති අයගේ දරුවාගේ සෙල්ලම්බඩු කීපයක් ගෙනවිත් ඇති අතර, එයින් කැඩුණු ජංගම දුරකථනයක් පුතාටද දී තිබෙනවා. තිලකරත්න නමැති අය හා අප ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අමනාපයෙන් පසුවනවා. පසුව පුතා එම ජංගම දුරකථනය ගෙදර ගෙනවිත් තිබෙනවා. අනෙක් ඒවා සහන් නමැති දරුවා ගෙනගොස් තිබෙනවා.

2011. 06. 30 වන දින පුතා පාසැල් ගොස් ගෙදර පැමිණියා. ඊට ටික වෙලාවකට පසු අප නිවසට යතුරුපැදි 03 කින් යටවත්ත පොලිසියේ නිලධාරින් 6 දෙනෙකු පැමිණියා’ නිලධාරින් දෙදෙනෙකු පමණක් නිල ඇඳුමෙන් සිටියා’ එක් නිලධාරියෙකු පුතාට කිව්වා කටඋත්තරයක් ගන්න යමු කියලා’ මගේ පුතාව ගෙනියන්නේ ඇයි” එයාව ගෙනියන්න එපා කියලා මම ඇක්‍ෂුවා’ ඒත් එම නිලධාරින් කටඋත්තරයක් ගන්න තියෙනවා කියා පුතාව යතුරුපැදියක දමාගෙන රැගෙන ගියා’ පුතාව පොලිසියට ගෙනගියේ ඇයි කියා අප දැනගෙන හිටියේ නැහැ.

පසුව මාත් මගේ අම්මාත් පයින්ම යටවත්ත පොලිසියට ගියා’ අපි යනවිට පුතා පොලිසියේ පුටුවක වාඩිවී සිටියා’ අපි පුතා සමග කතා කිරීමට යන විට එහි සිටි පොලිස් නිලධාරියෙකු මට තෝ පුතා හදාගනින් කියා කුණුහරුපයෙන් බැණවැදී එලවා ගත්තා’ පුතාව බැලීමට දුන්නේ නැහැ.

නමුත් අපි ඉස්සරහ තිබුණු පුටුවල වාඩිවෙලා හවස්වන තුරුම හිටියා’ නමුත් පුතාව බැලීමට දුන්නේ නැහැ’ පසුව පොලිස් නිලධාරින් වැඩ ඉවරවෙලා යන්න ගියා’ එක නිලධාරියෙකු පුටුවක වාඩිවෙලා හිටියා’ පසුව අපි දැක්කා පුතාව කූඩුවට දානවා’ එදා ? එළිවෙන තුරුම අපි පොලිසියේ හිටියා.

2011’ 07’ 01 වන දින (පසුදින) උදේ අපට බැණවැදුණු නිලධාරියා ඇවිත් කිව්වා ගෙදර ගිහින් කෑම කාලා එන්න කියලා’ මම කිව්වා අපිට බඩගිිනි නෑ කියලා’ පුතාට ගහන්න එපා කියලත් මම කිව්වා’ එවිට එම නිලධාරියා පලයං ගෑණියේ අහකට කියා මට බැණවැදුණා’ එම නිලධාරියා පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා මා පසුව දැනගත්තා’

ටික වෙලාවකට පසු අපි දැක්කා පුතාව ජීප් එකට නග්ගනවා’ ඊට පසු පුතාව නිලධාරින් කීප දෙනෙක් ජීප් එකෙන් රැගෙන ගියා’ අම්මාත් මාත් ත‍්‍රිවිල් එකක් අරගෙන ඒ පිටිපස්සෙන්ම ගියා’ ජීප් එක ගියේ අපේ ගෙදරට’ පසුව පුතා ගේ ඇතුළට ගිහින් ෆෝන් එකක් ගෙනත් දුන්නා’ ඒකත් අරගෙන මිදුලට ගියා’ පුතා සෙල්ලමට ඉටිරෙදි වලින් සාදා තිබුණු බස් එකක් තිබුණා’ ඒකේ ඇතුළට එබී බලා එහි තිබුණු පැති කණ්ණාඩි 2ත් අරගත්තා’ එතන තිබී සිම් කාඞ් පතකුත් අරගත්තා’ පුතා සාදා තිබුණු එම සෙල්ලම් බසයද කඩා දැම්මා’ එදා පුතාව උසාවි දමන බව කිව්වා’ පසුව පුතාවත් රැගෙන යන්න ගියා.

පසුව මගේ මල්ලිගේ බිරිඳ වන පද්මිණිත් සමග නීතිඥ මහතෙකු හමුවීමට ගියා’ ඔහුට විස්තර කියූ පසු නීතිඥවරයා අධිකරණයට එන බව පවසා සිටියා’ පසුව අප උසාවියට ගියා’ එහිදී පුතාට සෙල්ලම්බඩු සොරකම් කළ බවට චෝදනා නගා තිබුණා’ මාගේ අසරණ තත්වය මත පුතාව පරිවාස භාරයට යවන ලෙසට නියෝග කළා’ රුපියල් 25000/-ක ශරීර ඇපයක් තබා නිදහස් කළා’ නඩු අංකය 97789 වන අතර” නැවත 2011.07.26 දිනට කල් තැබුවා.

එදිනම මා පුතා සමග පරිවාස කාර්යාලයට ගියා’ නමුත් මා පුතාව පරිවාස භාරයේ තැබීම ප‍්‍රතික්ෂේප කළා’ පසුව නැවත මට පුතාව භාරදුන්නා’ නැවතත් 211’ 07’ 05 වන දින එම කාර්යාලයට පැමිණෙන ලෙසට කියා සිටියා.

2011.07.02, 03 හා 04 යන දිනවල පුතා ගෙදර සිටියා’ පුතා කෑම කෑමද ප‍්‍රතික්ෂේප කළා’ පසුව 2011’ 07’ 05 වන දින පුතා සමග නැවත පරිවාස කාර්යාලයට ගියා’ එහි නිලධාරියෙකු හමුවී මගෙන් හා පුතාගෙන් විස්තර ලබාගත්තා’ පුතාව පරිවාස භාරයට දීමට මා අකමැති වූ නිසා දරුවා මගේ භාරයේම තැබුවා.

පසුව 2011.07.06 හා 07 දින දෙකේ පුතා පාසැල් ද ගියා’ 2011.07.08 වන දින මගේ මල්ලිගේ බිරිඳ වන පද්මිණි අප නිවසට පැමිණියා’ ඇය පුතා වේදනාවෙන් සිටිනවා දැක” පුතාගෙන් විස්තර ඇසුවා’ ඒ අනුව,

පුතා පැවසූ ආකාරයට විස්තර පහත දක්වමි.

2011.06.30 දින පොලිසියට ගෙන ගිය ගමන්ම” කටඋත්තරයක් ගන්න තියෙනවා කියූ නිලධාරියා මාව කාමරයකට ගෙන ගියා’ ඇත්ත කියපන් කිව්වා’ මම සද්ද නැතුව හිටියා’ එතකොට මට කිව්වා නැත්තන් බැටන් පොල්ල ගේනවා ඇත්ත කියපන් කිව්වා’ ඒත් මම කිසිදෙයක් කිව්වේ නැහැ’ එවිට කිව්වා මාව කරුවල කාමරයට ගෙනියනවා කියලා’ පසුව මාව උඩුමහළේ තියෙන කාමරයකට ගෙනගියා’ ඒකේ ඇඳක් තිබුණා.

මාව ඇඳේ වාඩිකළා’ මට ඇත්ත කියපන් කිව්වා’ මම මුකුත් කිව්වේ නැහැ’ පස්සේ ඒ නිලධාරියා ගියා’ අපේ ගෙදරට ආපු සිවිල් ඇඳුමෙන් හිටපු නිලධාරියෙක් ආවා’ ඒ නිලධාරියාත් මට කිව්වා ඇත්ත කියපන්” බඩුටික දුන්නොත් ගෙදර අරිනවා කියලා’ මම කිව්වා මම ගත්තේ නැහැ කියලා’ එතකොට ඒ නිලධාරියා මගේ බෙල්ලෙන් අල්ලලා බිත්තිය පැත්තට තල්ලූ කළා’ ඊට පස්සේ මගේ චූ කරන තැනින් අල්ලලා බිත්තියට මාව හේත්තු කරලා මාව උඩට උස්සගෙන ටිකක් වෙලා හිටියා’ එහෙම උස්සගෙන මට කියපන් කියපන් කිව්වා’ මම සද්ද නැතුව හිටියා’ එවිට එම නිලධාරියා කිව්වා ඬඬඋඹව මෙතනින්ම අල්ලලා මරණවාඬඬ කියලා.

ඊට පස්සේ මගේ බෙල්ලෙන් අල්ලලා තදරකරලා” නැවතත් චූ කරන තැනින් මිරිකා අල්ලාගෙන ඇදලා ගත්තා’ පසුව ඇත්ත කියන්නේ නෑනේ කියා” ඒ ළඟ තිබුණු කාමරයකට ගෙනිච්චා’ මාව පුටුවක වාඩිකළා’ එහි තවත් නිලධාරින් හිටියා’ මේසයක් ළඟ නිලධාරින් දෙන්නෙක් හිටියා’ මට වධහිංසා කරපු නිලධාරියා මම ඇත්ත කියන්නේ නෑ කියලා මාංචු අරගෙන ඇවිත් මගේ එක අතකට දැම්මා’ පස්සේ මාව මාංචුවෙන් ඇදගෙන පහළට ගෙන ගියා’ ඒ නිලධාරියා කිව්වා ඇත්ත කිව්වේ නැත්තං කට්ටියටම පේන්න හංදියටම අරන් යනවා කියලා.

පස්සේ මම බයේ කිව්වා සහන් ගාව සෙල්ලම්බඩු තියෙනවා කියලා’ පස්සේ මාව එළියට ගෙනාපු නිලධාරියා මාව පුටුවක වාඩිකරලා මාංචුවේ අනික් කෙළවර පුටුවට දැම්මා’ මට කටඋත්තර දෙන්න කියූ නිලධාරියාත් අනෙක් නිලධාරියාත් යතුරුපැදියක නැගී බඩුටික අරගෙන එන්නම් කියා යන්න ගියා’ ඒ වේලාවේ අම්මාත් අත්තම්මාත් ආවා මම දැක්කා’ නමුත් අම්මලාට මාව බලන්න නොදී එහි සිටි පොලිස් නිලධාරියා බැණවැදී එලවා ගත්තා මම දැක්කා.

ටිකක් වෙලා ඉන්න විට ඒ නිලධාරින් සෙල්ලම්බඩුත් අරගෙන සහන් මල්ලිවත් ගෙනාවා’ එයාගේ අම්මත් ආවා’ පස්සේ මගේ මාංචු ගලවලා පොලිසිය ඇතුළට ගෙනියලා සහන්ගෙන් ඇහුවා සෙල්ලම්බඩු ගත්තේ ඇයි කියලා’ සහන් කිව්වා ඒවා ගත්තේ මම කියලා’ මම කිව්වා සහන් තමයි ගෙනත් දුන්නේ කියලා’ සහන්ගේ අම්මාත් කිව්වේ මම ගත්තා කියලායි’ පස්සේ සහන්වත් අම්මාවත් ගෙදර යැව්වා’ මට පුටුවක වාඩිවෙලා ඉන්න කිව්වා.

මට කටඋත්තර ගන්න යමු කියපු නිලධාරියා කිව්වා හෙට උදේට ෆෝන් එක ගේන්න යන්න ලෑස්ති වෙයන් කියලා’ ඒ නිලධාරියා ස්ථනාධිපති බවත් ඔහුගේ නම බණ්ඩාර බවත් අනිත් නිලධාරින් කියනවා මට ඇහුණා’ මම ටිකක් වෙලා ඉන්නකොට ස්ථානාධිපති බණ්ඩාර හා තවත් නිලධාරින් වැඩ ඉවරවෙලා ගෙදර යන්න ලෑස්ති වුණා’ ස්ථානාධිපති කිව්වා මගේ ළඟ තනියට කවුරුහරි ඉන්න ඕනා කියලා’ එක නිලධාරියෙක් ඉස්සරහ පුටුවක වාඩිවෙලා හිටියා’ පස්සේ තවත් නිලධාරියෙක් මාව කූඩුවට දැම්මා’ එදා ? කූඩුවේ හිටියා’ අම්මයි අත්තම්මයි එදා ? පොලිසියේ හිටියා.

2011.07.01 (පහුවදා)* උදේ ස්ථානාධිපතිවරයා නිල ඇඳුම් ඇඳගෙන ඇවිත් මට කිව්වා ෆෝන් එක තියෙන තැන කියන්න කියලා’ මම කිව්වා ගෙදර තියෙනවා කියලා’ ගෙදර යමු කිව්වා’ මම බෑ කිව්වා’ පස්සේ මාව බලෙන්ම ජීප් එකේ දාගෙන මට ගහපු නිලධාරියාත් තවත් නිලධාරින් කීප දෙනෙකුත් එක්ක අපේ ගෙදර යන්න ගියා’ අම්මලාත් ඒ පිටිපස්සෙන් ආවා.

ජීප් එකේ යන ගමන් ස්ථානාධිපති මගේ ඔලූවට පිස්තෝලයක් තියලා කිව්වා උඹට ගැහුවා කියලා කිව්වොත් උඹ පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියලා මරලා දානවා කියලා.

ගෙදරට ගිය පසු මම ඒ කැඩුණු ෆෝන් එක ස්ථානාධිපතිට දුන්නා’ මම ඉටිරෙදි වලින් සෙල්ලම් බස් එකක් හදලා තිබුණා’ ඒකට එබිලා බලා ඒකේ පැති කණ්ණාඩි දෙකත් ඔහු ගත්තා’ එතන තිබිලා සිම් එකකුත් ගත්තා’ මගෙන් ඇහුවා කොහෙන්ද කියලා’ මම කිව්වා හංදියේ කඩෙන් ගත්තු එකක් කියලා’ පස්සේ මාව ජීප් එකේ දාගෙන ගියා.

හංදියේදී මට කඬේ පෙන්නන්න කිව්වා’ මම පේනනුවා’ වෙනත් පොලිස් නිලධාරියෙක් ඔහුගේ ෆෝන් එකට මගෙන් ගත්තු සිම්එක දාගෙන ඔහුගේ සිම් එක කඬේට දීලා ඇහුවා මේක මෙහෙන්ද රෙජිස්ටර් කරලා තියෙන්නේ කියලා’ එම කඩෙන් කිව්වා නෑ කියලා’ නැවතත් මාව ජීප් එකේ දාගෙන ගියා’ යන ගමන් මගෙන් ඇහුවා හොරකම් කරපු ෆෝන් එකක සිම් එකක්ද කියලා’ මම කිව්වා නෑ ගෙදර එකක් කියලා’ එතකොට ස්ථානාධිපතිත් මට ගහපු නිලධාරියාත් කුණුහරුපයෙන් බැන්නා’ ඇත්ත කියපන් කිව්වා.

ඊට පස්සේ අපේ ඉස්කෝලේ ළඟට ගිහින් ජීප් එක නවත්තලා ඉස්කෝලෙට එක්ක යනවා” සිම් එක කොහෙන්ද කියලා කියපන් කිව්වා’ ජීප් එක ගේට්ටුව ළඟට ගන්නකොටම එතන්ට චන්දන සර් ආවා’ ස්ථානාධිපති ඒ සර්ට කිව්වා සෙල්ලම්බඩු වගයකුයි සිම් එකකුයි හොරකම් කරලා ගෙනාවා කියලා’ එවිට සර් කිව්වා ඉස්කෝලෙට එන්න එපා මම ප‍්‍රින්සිපල්ට කියන්නම් කියලා’ ආයෙත් මාව අරගෙන ගියා’ ඒ යන ගමන් ස්ථානාධිපති” ඬඬතෝ කපටියාඬඬ කියා මට කුණුහරුපයෙන් බැන්නා’ එසේම ඔහු කිව්වා” ගමේ පන්සලේ ඝංඨාරයක් නැතිවෙලා තියෙනවා” ඒකත් මූට දාමු කියලා’ පස්සේ මාව පොලිසියට ගෙන ගියා.

මේසයක් ළඟ පුටුවක වාඩිකළා’ ස්ථානාධිපති ඇතුළට ගියා’ නැවත ඔහු එන වෙලාවේ මම හිටියේ ඔලූව පාත් කරගෙන නිදිමතෙන්’ ඔහු ඇවිත් පෑනෙන් එකක් මගේ ඔලූවට ගහලා ඬඬඋඹ නිදාගන්නයි” අපි වැඩකරන්නයිඬඬ කියලා මාව කාමරයකට ගෙන ගියා.

ඒ කාමරේ දොර ළඟට යනකොට ස්ථානාධිපති බණ්ඩාර” මගේ කකුලකට පයින් දෙකක් වේගයෙන් ගැහුවා’ ඒ පාරවල් මට තදින්ම රිදුණා’ මම ඇක්‍ෂුවා’ එහි තිබුණු පුටුවක මම වාඩිවුණා’ එහි සිටි නිලධාරියෙකු මගෙන් ගෙදර විස්තර ඇහුවා’ නම” ලිපිනය ලියාගත්තා’ තව නිලධාරියෙකුට කිව්වා මගේ උසයි බරයි මැනලා ලියන්න කියලා’ ඒවා ලියනකොට සිවිල් ඇඳපු සුදු මහත නිලධාරියෙක් ආවා’ එහි සිටි නිලධාරින් ඔහුට සර් කියලා කතා කළේ.

ඒ සුදු මහත නිලධාරියා මගේ බෙල්ලෙන් අල්ලා” මේකා හරි කපටියා නේද කියලා මගේ පිටට දෙකක් අතින් ගැහුවා’ විස්තර ලියමින් සිටි නිලධාරියා කිව්වා කමිසෙ ගලවන්න කියලා’ මම ගැලෙව්වා’ මගේ ඇඟ පරික්ෂා කරලා බැලූවා’ පස්සේ සුදු මහත නිලධාරියා මගේ අත අඹරලා පිටිපස්සට අරගෙන මගේ පිටට අතින් ගැහුවා’ ඊට පස්සේ කමිසෙ ඇඳගන්න කිව්වා’ ස්ථානාධිපති යන්න ගියා’ සුදු මහත නිලධාරියාත් තවත් නිලධාරින් 4 විතර හිටියා.

සුදු මහත නිලධාරියා මට කිව්වා” ගැහුවා කියලා කිව්වොත් උඹව උසාවි දානවා” නැත්තං දාන්නේ නෑ” හැබැයි උසාවි දැම්මොත් වැලිකඩ බන්ධනාගාරෙ තමයි ඉන්න වෙන්නේ කිව්වා’ පස්සේ ඒ නිලධාරියාත් ගියා’ නිලධාරින් දෙන්නෙක් හිටියා’ එක් නිලධාරියෙක් මගෙන් කොල 02 කට අත්සන් ගත්තා’ කලින් විස්තර ලියාගත්තු පොතේ කොල ඉරලා එකදිගට තියලා ඇලෙව්වා.

පස්සේ එහි සිටි කළු නිලධාරියා මට බත් එකක් ගෙනත්දීලා කන්න කිව්වා’ මම කෑවා’ මට කිව්වා ටැප් එක ළඟට ගිහින් මූණ සෝදාගෙන එන්න කියලා’ ඊට පස්සේ මට බත්දීපු කළු නිලධාරියා මාව යතුරුපැදියේ තබාගෙන සෙල්ලම්බඩුත් අරගෙන රැගෙන ගියා.

ඒ යන අතරරෙදි සෙල්ලම්බඩු අයිති ගෙදර තිලකරත්න මාමාත් ඒ ගෙදර කුළියට ඉන්න ගුණතිලක මාමාත් හමුවුණා’ ඒඅය පොලිස් නිලධාරියාගෙන් ඇහුවා වැඬේ හරියට කෙරුවාද කියලා’ පොලිස් නිලධාරියා කිව්වා එන බස් එකක උසාවිය ළඟට එන්න කියලා’ පස්සේ යන ගමන් ඒ නිලධාරියා මට කිව්වා දැන් උසාවියට යන්නේ එහෙදි ඇප දෙයි” ආයෙත් මේ වගේ වැඩ කරලා අහුවෙන්න එපා කියලා.

අම්මලා නීතිඥ මහත්තයෙක් ගෙනල්ලා තිබුණා’ එහෙදී මට ඇප දුන්නා’ පරිවාසෙට දාන්න කිව්වා’ ඒත් අම්මා කැමති වුණේ නැහැ.

පුතා මෙම පහරදීම් හා වධහිංසා ගැන මගේ මල්ලිගේ බිරිඳට පැවසූ පසු 2011’ 07’ 09 වන දින මාත් මල්ලිගේ බිරිඳත් පුතාව යටවත්ත බෙහෙත් ශාලාවකට ගෙන ගියා’ එයින් පුතාව මාතලේ මහ රෝහලට ගෙන යන ලෙස උපදෙස් දුන්නා’ පසුව මල්ලිගේ බිරිඳ සමග පුතාව යැව්වා.

මාතලේ රෝහලේ 13 වන වාට්ටුවේ පුතාව නතර කළා’ එහිදි පුතාගෙන් රෝහල් පොලිසියෙන් ප‍්‍රකාශ ගෙන තිබුණා’ පොලිසියෙන් පහරදී ඇති බව පුතා පවසා තිබුණා’ 
එසේම අධිකරණ වෛද්‍යවරයාද පරික්ෂාකර බලා සටහන් කරගෙන තිබුණා’ එහ රෝහලේ දින 03 ක් ප‍්‍රතිකාර ලබා ගත්තා’ 2011’ 07’ 12 වන දින ටිකට් කැපුවා’ පසුව මනෝ වෛද්‍ය වරයෙකු වෙතද යොමුකළා’ ඉන්පසු සායනයටද යොමු කළා.

නැවත නඩුව 2011.07.26 වන දිනට කල්තැබුවා.

මා ඉල්ලා සිටින්නේ”
1. මාගේ පුතා නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන” රඳවා තබාගෙන අමානුෂික ලෙස වධහිංසා පමුණුවා” නඩු පවරනු ලැබූ යටවත්ත පොලිසියේ ස්ථානාධිපති බණ්ඩාර ඇතුළු අදාළ නිලධාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්”
2. මාගේ පුතාට ආරක්ෂාව සලසාදෙන ලෙසත්ය’

එච්.එම්.වයි. කුමාරිහාමි

Thursday, July 21, 2011

අපරාධකරු රකින්න පෙරමුණ ගෙන ඇත්තේ චීවරධාරියෙක්.

මොහොමඩ් නසීම්

 12 හැවිරිදි මොහොමඩ් නසීම්ට නාස් පොල්ල කැඩෙන්න පොලු පහර දුන්නේ, මාතලේ, ඇල්වල මහා විදුහලේ විදුහල්පති ගොඩගෙදර ය.

ඒ 2011 ජූලි 11 දිනය. එදින විවේක කාලයේදී පොල්ලක් අත ඇතිව පැමිණි විදුහල්පති ගොඩගෙදර, 07 වසර පංතියේ සියලුම ළමුන්ට එයින් පහර දුන්නේය.

මාතලේ පොලිසිය විදුහල්පති ගොඩගෙදර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

එම විදුහලේ උගන්වනු ලබන චීවරධාරියෙක් ප්‍රමුඛ ගුරුවරු පිරිසක්ද, ඇටිපොල නැමැති ප්‍රදේශීය සභා මංත්‍රීවරයෙක්ද, අපරාධය යටගැසීමට නසීම් ට හා ඔහුගේ පවුලේ උදවියට කරනු ලබන බලපෑම්වලට මුහුණ දීමට සිදුවී ඇති නිසා, ප්‍රශ්ණය වඩාත් බරපතල වී ඇත.මෙම බලපෑම් නිසා - නසීම් පාසල් යෑම ප්‍රතික්ෂේප කරනු ලබන බව පියා පවසයි.

ඔහුගේ නාසය ශෛල්‍ය කර්මයකටද භාජනය කලයුතුව ඇති අතර, මානසික වශයෙන් ගැටලු මතුව ඇති බවද කියනු ලැබේ.මෙම සියලු තත්වයන් තුල , ඉහත කී චීවරධාරියා සමග, එම විදුහලේ උගන්වනු ලබන ඥානවතී නැමැති ගුරුවරියන්ද බලපෑම් කිරීමට එක්ව තිබේ.
මේ අතර,  ඥානවතී ගුරුවරියගේ පොලිස් සැමියාද බලපෑම් කිරීමට එක්ව තිබේ.

ළමයාගේ පියා විසින් කර ඇති ලිඛීත පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.

ළමයාගේ පියා
එදිනම සවස නැවතත්, ඥානවතී නැමැති ගුරුවරියත්, නුවර පොලිසියේ සේය කරන ඇයගේ ස්වාමිපුරුෂයාත් නිවසට පැමිණියා. ඇවිත් මට කිව්වා නසීම් හොදට ඉගෙන ගන්න ළමයෙක්, මේක වැඩිදුර ගෙනියන්න එපා, මෙතනන් සාමදාන වෙන්න, පොලිසියට ගිහින් පොඩි අත්සනක් තමයි තියන්න ඕනා, ප්‍රින්සිපල්ට මොනවා හරි වුනොත් ටීචර්ලා සේරම අස්වෙනවා කිව්වා. ඔයාට කීයක් ඕනාද කියා ඇහුවා. මම කිව්වා කීයක්වත් එපා, මට මගේ ළමයවයි වටින්නේ කියා. එවිට එම ගුරුවරිය පැවසුවා සවස 7.00ට විතර ඔවුන්ගේ නිවසට එන්න පුලුවන්ද කියා. මම බේරෙන්න බැරි තැන හා කව්වා. නමුත් මම ගියේ නැහැ.

අප රටේ සදාචාරය, ආචාර ධර්ම, ආගම් සියල්ල පොලදි බැදගෙන ඉදිරිපත් වන්නේ අපරාධනකරුවන් බේරාගන්නටය.මේ පිරිස - තරාතිරම කවරෙක් වුවත් අපරාධකරුවන්ට වඩා භයානක බව කිව යුතුය.

Tuesday, June 28, 2011

දරුවන් තිදෙනෙක්ට අමානුෂිකව පහරදුන් පොලිස් මාමලාගේ වීඩියෝව



ටිකිරි බන්ඩාරගේ දරුවන් තිදෙනාට ඇල්ල පොලිස් මුරපොලේ පොලිස් මාමලා දෙන්නෙක් හොඳටම ගැහුවේ, සාත්තරයක අහලා. සාවදානව අහන්න මේ අපරාධය. සිතන්න රට වැටී ඇති ආගාධය ගැන. මෙය ඔබගේ දරුවාටද විය හැක.

අපගේ කලින් ලිපිය
http://peoplesforumsl.blogspot.com/2011/06/blog-post_25.html


Thursday, March 24, 2011

සුබ අනාගතයක් ! ඉපදුන සැටියෙම වස දෙයි



පහත උදාහරණය මෙරට මෑතකදී හතු පිපෙන්නාක් මෙන් මරා දමන බිලිදු දරුවන්ට එකතු වන තවත් කෙදවචාකයකි. මෙය සමාජ දේසපාලන ආර්ථික සහ සංස්කෘතිය පිළිබද ප්‍රශ්නයකි. ඒ විතරක් නොව සියල්ලන් කතාකරන සදාචාරාත්මක බව පිළිබද ප්‍රශ්නයකි.

දින දෙකක් වයසැති බිළිඳකුට වස මුසු මවු කිරි දීමට තැත් කළ බව කියන මවක් හා තවත් තරුණයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හලාව පොලිසිය කියයි. දරුවා මවු කිරිවලට හුරු කිරීම සඳහා මවගෙන් දොවාගත් කිරි භාජනයට වස මිශ‍්‍රකර එය පෙවීම සඳහා හෙදියකට දී ඇත. හෙදිය කිරි ස්වල්පයක් දරුවාට පොවා ඇති අතර කිරිවලින් දුඟදක් හැමීම නිසා ඒ ගැන පරීක්ෂා කිරීමේ දී මේ බව අනාවරණය වී තිබේ. එම කිරි පානය කළ දරුවා ප‍්‍රතිකාර සඳහා යොමු කළ බව රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.

ඇයි මෙසේ වෙන්නේ? කෝ අපි කතා කරන සුබ අනාගතය. අපි කාටවත් ජය ගත නොහැකියි කිවූ යුද්දය ජය ගෙන තිබේ. ගෙයින් එලියට බැස්ස විට යන්න පාරක් ඇත. ඒ පාරේ දැන් වලවල් නැත. හොදින් කොන්ක්‍රීට් කර ඇත. සිංගප්පුරුවට ගොස් පැමිණි අය‍ට පුංචි සිංගප්පුරුවක් වන තම මවුබිම ගැන සුබ සිහිනයක් ඇති වේ.

නමුත් නොවිසදුන දේ බොහෝය. බිලිදුන් මරා දමන්නේ අම්මලාට කිරි එරෙන්න ප්‍රමාණවත් කෑම ළදරු කිරිපිටි අහස උසට නැග ඇති බැවිනි. අනෙක් අතට අවශ්‍ය සියලු නඩත්තු කිරීම් සදහා යන වියදම දරා ගත නොහැක. ඊළගට අපේ කම සහ අපි හැදුනු වැඩුණු අපි බෙරිහන් දෙන සදාචාරයයි. මේ වාට මොකද වෙලා තියෙන්නේ? දැන් ඇතැම් සිරගෙවල් වලත් පිරිත් කණ්ඩායම් බිහි වෙන බව අසන්නට ලැබේ. කුසට ආහාරයක් හිසට සෙවනක් ඇගට ඇදුමක් නැති අම්මලාට සංවර්දනය, අපේ කම සහ සදාචාරය අරුත් සුන් වචන පමණි.


හර්ෂි සි. පෙරේරා

Monday, March 21, 2011

පන්සල්, පල්ලි, කෝවිල් සහ ළමා අපචාර



"ආගම මගේ ස්වාමියාගේ කෘරත්වයට අනුමැතිය දුන් බව මා විසින් ඉහතින් සදහන් කරන ලදී. මෙය ඔප්පු කිරීමට බොහෝ කරුණු කාරණා වූ අතර පහත සදහන් වන්නේ එක් නිදසුනක් පමණි. ඔහු අබාදිත තරුණ කාන්තාවක් එල්ලා හරක් හමින් සැදු කසයකින් නිරුවත් උරහිස් වලින් උණු ලේ දහරා ගලන තුරු තැලුවේය. ඔහු විසින් සිය තිරිසන් ක්‍රියාව හුවා දක්විමෙහිලා බයිබලයේ පහත පාටයද ගෙන හැර දැක්විය. එනම් යමෙක් සුවාමියාගේ කැමැත්ත දන්නාමුත් එයට පටහැනිව කටයුතු කරයිද හෙතෙම බොහෝ කස පහර වලට ලක්විය යුතුය." (උපුටා ගැනීම ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය - වහල්බාවය)

ආගමික ස්ථාන වල ළමා අපචාර ගැන අසන්නට ලැබුනේ අද ඊයේ නොවේ. නමුත් ඒ ගැන දැඩිව කතා කරන්නට, අපරාදකරුවන්ට දැඩි දඩුවම් දීම සහ අපචාරයට ලක්වූ දරුවන් පුනුරුත්ථාපනයට යොමු කිරීම ගැන සමාජයේ ප්‍රබල ජන මතයක් ගොඩනැගුනේ මෑතකදීය. මෙම ළමා අපචාර වලට පන්සලද පල්ලියද යන්න වෙනසක් නැත.

මාද්‍ය වාර්තා කල අලුත්ම අපචාර සිද්දිය වුයේ අපරෙක්කේ පුන්නාන්ද හිමි විසින් සිදු කලයි කියන සමනේරවරු අපචාරයට ලක් කිරීමය. මෙම හිමිනම ජාතික හෙළ උරුමය නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු අතින් ලිංගික අපයෝජනයට ලක් වූ සමනේරවරු ගණන 05 කි.

අපි නැවතත් ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය වෙත යොමු වෙමු. "මාහට පැහැදිලි අවබෝදයක් ඇති කරුණකි. එනම් දකුණේ ආගම යොදා ගත්තේ අපරාද වසන් කිරීමට, ම්ලේච්චත්වය යුක්තිසහගත කිරීමට සහ දරුණු වංචාවන් මත සුදු හුණු අලේප කිරීමට බවයි. ආගම වහල් ස්වාමින්ට ආරක්ෂාව සපයන පලිහක්ම විය. "

ලංකාවේ පොලිසි සහ පාසැල තුල සිදුවන බොහොමයක් වදහිංසා පැමිණ වීම් වලදී ඒවා සමත කිරීමට පෙරමුණ ගන්නේ ආගමික නායකයින්ය. තවද ඇතැම් අවස්ථා වල පිරිවෙන් වල වදහිංසා පමුණුවනු ලබන්නේ ස්වාමින් වහන්සේලාය.

මෙම ළමා අපචාර පුජනිය ස්ථාන වලින් මුලිනුපුටා දැමීමට නම් කල යුත්තේ නිතිය සමානව ක්‍රියාත්මක කිරීමයි. තවද අපරාද සිදුකරන ආගමික නායකයින් සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමද මෙහා සමාන්තරව සිදු විය යුතුයි. එසේ නොවුනහොත් මේ සමාජ වියසනය තවදුරටත් ළමා පරපුර විනාශ කරනු ඇත.



හර්ෂි සි. පෙරේරා

Monday, March 7, 2011

මට අම්මා නැතුව ඉස්කෝලේ යන්න බැහැ....



මට අම්මා නැතුව ඉස්කෝලේ යන්න බැහැ..... මෙසේ කියන්නේ වසන්ත රාණි ජෝමල අම්මා නැතිනම් සැක අංක 385 දරන 28 හැවිරිදි තරුණියගේ වයස අවුරුදු 05 ක් වූ එකම දරුවාය.

ජෝමාල අම්මා සිටින්නේ වැලිකඩ බන්දනාගාරයේ කාන්තා වට්ටුවේය. ඇය ගම්පහ මහදිකරණයේ අංක 315/2004 දරන නඩුවේ පැමිණිල්ලේ ප්‍රදාන සාක්ෂිකාරියයි. ඇයව දුෂණය කිරීම පිලිබදව මෙම නඩුව වදුමෙස්ත්රිගේ බන්දුල සරත් කුමාරට විරුද්දව පවරා ඇත.

මේ ඇගේ නඩුවයි. ඇය රිමාන්ඩ් එකේ ඉන්නේ වසර පහක් තිස්සේ අදිකරණයට ඉදිරිපත් නොවීම නිසා 2006.05.22 දින සිට වරෙන්තු වීම නිසාය.

ඇගේ ඇප කොන්දේසි පහත පරිදිය. රුපියල් 10000/= ක් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකකි. මෙම ශරීර ඇපකරුවන් දෙදෙනාගෙන් එක්‌ අයෙකු ඇගේ මව වියයුතු අතර අනෙක් අය ඇය ගෘහසේවිකාවක් වශයෙන් සේවය කරන නිසා සේවය කරන ඉස්ථානයේ ගෘහ මුලිකයා විය යුතුය.

ජොමලා අම්මා වසරක පමණ කාලයක සිට සිරගේදරය. ඇගේ ස්වාමිපුරුසයා ඇයව අතහැර ගොසිනි. දරුවාව බලාගන්නේ ඇගේ මවයි. ඇගේ මව එදා වෙලා සොයාගන්නේ නුවර එළියේ එළවලු කොටු වල වැඩකිරිමෙනි.
ඇගේ දරුවා පාසල් යන්නේ නැත.

චායාරුපයේ සිටින්නේ ඇගේ වයස අවුරුදු 50 ක් වන මව අන්තෝනි අම්මා සහ වයස අවුරුදු 05 ක් වන පුතු විසොප්ය.


හර්ෂි සි. පෙරේරා

Thursday, February 10, 2011

Vision impaired child is tortured by a teacher



Being a child with a disability Lahiru was subjected to torture and ill treatment. Though his parents have made several complaints and he has had to undergo harassment no justice has been received. 
Amuwaththe Mudiyanselage Lahiru Ruwan Chamara (13) a school child and the son of Mrs. Rathnayaka Mudiyanselage Daya Manike of No: 21, Sandunthannagama, Karagasthalawa, Belihul Oya is a student of R/Galagama Vidyalaya in Belihul Oya in the Rathnapura District.

Manike and her husband are also teachers attached to the same school. Lahiru has been suffering with vision disability since 2006 . His parents brought the child to the Badulla Teaching Hospital for treatment. The doctors at the hospital informed them that as the child had suffered for a long time without proper treatment his condition was now chronic. But the doctors started medications and the parents had to take him to the hospital's clinic on several occasions. As the medication was not having any effect the doctors at Badulla Teaching Hospital made the transfer documents and asked the parents to take the child to the Lady Ridgway Children Teaching Hospital at Colombo.

At the end of February 2009 the doctors at Lady Ridgeway Hospital in turn directed the parents to take Lahiru to the Eye Hospital of the National Hospital of Colombo. There Lahiru was diagnosed with keratoconus and admitted for further treatments. Then the Consultant Eye Surgeon, Dr. Manel Pasqual later advised the parents that Lahiru had to undergo surgery as the situation had worsened. Subsequently Lahiru underwent lens transplant surgery. When the child was released into his parent's care they were advised to pay extraordinary care and attention to the child. They further advised them to protect his eyes from dust and not to allow child to lift the heavy loads.

Lahiru was unable to attend his studies for a long period. As his parents were also teachers they finally they decided to take the child to school. When Lahiru went to the school all the teachers and the students at his class were well aware of his medical condition.

On 10 July 2009, Lahiru went to the school and in 5th period of the day was Practical Technology and the teacher Ms. Kanthi Pathirana asked the students to go and clean the garden and plant the some trees. Lahiru also had to go but after sometime he complained of a severe headache. Then in the 7th period Ms. Kanthi Pathirana came to the class room and beat with Lahiru with a stick. Other students were also beaten for not completing their work.

At the end of school Lahiri told his mother what happened to him. Then Lahiru's parents had gone to make a complaint to the principle of the school. As she was not present another teacher, Ms. Amara Aththanayaka, was standing in and they made a complaint to her. She promised to look after the matter.

Lahiru and his parents had to go to Colombo to attend the eye clinic the next day. But just after Lahiru returned home he fell asleep without removing his clothes and taking lunch. When his mother examined his back she saw two tramline contusions. (Tramline contusions are commonly found after the victim is beaten with a stick or cane). Meanwhile Lahiru complained that he was feeling faint.

They took Lahiru first to the Pambahinna Government Hospital. There the doctors advised them to first go and make a complaint at the Samanalawewa Police Station and admit the child to the Balangoda Hospital. The parents were able to make a written complaint at the police station and when they reached hospital the doctors at hospital advised them to admit the child for the treatment. Lahiru was treated in Balangoda Hospital for one day and discharged on 11 July 2009.

Then as the principle nor any of her representatives took any action in the matter the parents went and complained to the director at the Zonal Education Office. The personnel at that zonal office recorded a statement from the parents on the incident.

Further the parents made a complaint to the Zonal Educational Office of Rathnapura, Provincial Educational Director Rathnapura, Minister of Education Central Government, Chief Minister of Sabaragamuwa Province and to the Women and Child Care Bureau of the Sri Lanka Police.

Since then Lahiru and his parents have had to face continuous harassment at the school by the fellow teachers, principle and some relatives of the teacher, Ms. Kanthi Pathirana. The privileged people and the influence of political authorities in the area are believed to be behind this harassment.

Lahiru's parents continuously seek justice from the authorities at the Education Department but nothing has been done so far. According to the disciplinary code of Establishment Code all the state officers are subject to disciplinary inquiries on committing the offence indicated in the second schedule of the Establishment Code. Torturing a child has been criminalize in Sri Lankan law and the it has been considered as grave misconduct which can lead to the dismissal of state officers from his or her service. Although Ms Kanthi Pathirana being a teacher has committed a crime and offence under the both these laws of the country and state service still the victim child Lahiru and his family members have to face all this harassment.

Finally parents decided to complain to the Human Rights Commission on the violation of Lahiru's fundamental rights guaranteed under the constitution of the country. on two occasions case was called and the parents noticed that the inquiry officer of the case not impartially hearing the case. They further noticed that they cannot get the justice they seek from the HRCSL. Then they went and complained to the legal officer at the HRC on the situation. Though the legal officer accepted the complaint still nothing has happened.

Samanalawewa Police initially called the principal, acting principle and the all the teachers of the school for a inquiry. In front of all, the teacher in question accepted that she had punished Lahiru but she said she did not beat him but instead only patted his back. Then the Officer-in-Charge (OIC) of the station insisted that the parents settle the matter which they refused as it was a case of torture with even the court cannot mediate. Then the case was referred to the Mediation Board.

Later the parent learned that the police have filed case in the Magistrate Court of Balangoda in a criminal case base on the complaint. Then it was informed that the case has been laid down to seek the advice of the Attorney General. Lahiru's family waited for but still is seems that nothing will happen.

Being a child with a disability Lahiru was subjected to torture and ill treatment. Though his parents have made several complaints and he has had to undergo harassment no justice has been received.

Presently Lahiru is refusing to go to school. Lahiru complained that many of his fellow students are not associating with him now. Further he complained that many teachers are discriminating against him.

A few months ago there was a news paper report published in Lankadeepa on the incident. After that other teachers of the school turned against the parent stating that the case defamed the school. Meanwhile the principle called a School Development Association meeting and discussed the matter and finally they also accepted that punishing the student was legal which did not clearly mention that physical and mental torture is illegal. This discussion implicitly recommended the physical and mental torture. P

Further the Lahiru and his parents are being threatened to leave the school which is obviously a violation of all of the rights to work and receive an education.

Saturday, January 29, 2011

නරුම ගුරුවරු 5

ළමුන් වැරදි කරයි. ඒ බව නොදන්නා විදුහල් පතිවරුයි අද අපේ රටේ ඉන්නේ. සවන් දෙන්න මේ කතාවට

Thursday, December 30, 2010

මෙන්න අපේ ගුරුවරු ( නරුම ගුරුවරු 3 )



මේ කිරි දරුවට නොකල වරදකට තම පසලේ විදුහල් පති කනට ගසා, විදුහලේ කබඩ් එකක්ක් අස්සට දාලා හිරකරා. මේ විදුහල්පති තවමත් පාසලේ වැඩ, මොහුට බලධාරීන්ගේ සහය නොවඩුව ලැබෙයි, මෙන්න වීඩියෝ පටය නිකුත් උනා. මෙවන් විදුහල්පති වරුන් සිටිනා තෙක්, අධ්‍යාපනයට දෙවි පිහිටයි...

Wednesday, December 29, 2010

මෙන්න අපේ ගුරුවරු ( නරුම ගුරුවරු 2 )

මේ රංජිත්, රන්ජිත් පාසලේ පන්තිකමරය තුලදි යාලුවන් එක්ක පෑන් බට සෙල්ලම කරල තියනව. එතනට පැමිනි මේ නරුම ගුරුවරයා ඔලුවට ගැසූ පාරට මෙසයේ වැදුනු නහය බරපතල ලෙස තුවා‍ල උනා . මෙන්න ඒ වීඩියෝ පටය


Sunday, December 26, 2010

මෙන්න අපේ ගුරුවරු ( නරුම ගුරුවරු 1 )



මීහරක්ට ගහන්න වගේ ළමයිට තලන නරුම ගුරුවරයකුගේ කතාවක්. රත්නපුර ශාන්ත ලූප් විද්‍යාලයේ ටෙහාන් නිපුනනම් දරුවාට එම පාසලේ විද්‍යා විෂය උගන්වන සරත් නැමති ගුරුවරයා ඉතා අමානුෂික ලෙස පහරදීලා. මෙන්න ඒ කතාව........