Monday, March 7, 2011
මට අම්මා නැතුව ඉස්කෝලේ යන්න බැහැ....
මට අම්මා නැතුව ඉස්කෝලේ යන්න බැහැ..... මෙසේ කියන්නේ වසන්ත රාණි ජෝමල අම්මා නැතිනම් සැක අංක 385 දරන 28 හැවිරිදි තරුණියගේ වයස අවුරුදු 05 ක් වූ එකම දරුවාය.
ජෝමාල අම්මා සිටින්නේ වැලිකඩ බන්දනාගාරයේ කාන්තා වට්ටුවේය. ඇය ගම්පහ මහදිකරණයේ අංක 315/2004 දරන නඩුවේ පැමිණිල්ලේ ප්‍රදාන සාක්ෂිකාරියයි. ඇයව දුෂණය කිරීම පිලිබදව මෙම නඩුව වදුමෙස්ත්රිගේ බන්දුල සරත් කුමාරට විරුද්දව පවරා ඇත.
මේ ඇගේ නඩුවයි. ඇය රිමාන්ඩ් එකේ ඉන්නේ වසර පහක් තිස්සේ අදිකරණයට ඉදිරිපත් නොවීම නිසා 2006.05.22 දින සිට වරෙන්තු වීම නිසාය.
ඇගේ ඇප කොන්දේසි පහත පරිදිය. රුපියල් 10000/= ක් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකකි. මෙම ශරීර ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇගේ මව වියයුතු අතර අනෙක් අය ඇය ගෘහසේවිකාවක් වශයෙන් සේවය කරන නිසා සේවය කරන ඉස්ථානයේ ගෘහ මුලිකයා විය යුතුය.
ජොමලා අම්මා වසරක පමණ කාලයක සිට සිරගේදරය. ඇගේ ස්වාමිපුරුසයා ඇයව අතහැර ගොසිනි. දරුවාව බලාගන්නේ ඇගේ මවයි. ඇගේ මව එදා වෙලා සොයාගන්නේ නුවර එළියේ එළවලු කොටු වල වැඩකිරිමෙනි.
ඇගේ දරුවා පාසල් යන්නේ නැත.
චායාරුපයේ සිටින්නේ ඇගේ වයස අවුරුදු 50 ක් වන මව අන්තෝනි අම්මා සහ වයස අවුරුදු 05 ක් වන පුතු විසොප්ය.
හර්ෂි සි. පෙරේරා
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment