Showing posts with label Humana Rights. Show all posts
Showing posts with label Humana Rights. Show all posts

Tuesday, July 11, 2023

කලා කරුවාව කපා කොටා දාන්න නිවසට පනින්න හැදූ මැරයින් දවස් 19 ක් ගත වෙලාත් නිදැල්ලේ.


 පිංවත්ත පොලිස් වසමේ පදිංචිකරුවෙකු වන මෙම කලා කරුවාගේ නිවසට කඩු පොලු අරන් කඩා පැණිමට උත්සහ ගත්තේ 2023.06.22 වන දින මැදියම් රැයේදීය.

 

මැරයින් කුණුහරුප කියමින් වසා තිබූ ගේට්ටුවට, පහර දී, කඩා දමා නිවසට ඇතු`ඵ වීමට උත්සාහ කර ඇත.

 

මෙම මැර කණ්ඩායම මෙහෙයවා ඇත්තේ කලාකාරිණියක්/නිියක්/ විසින්ය.

 

මැර ප්‍රහාරය අදා දර්ශණ කමන් සතු බව පානදුර ෙපාිස් අධිකාරි ෙවත කරන තිෙබන ලිඛිත පැමිණිල්ෙල් සඳහන් කර අැත.

 

මොවුන් නිල තල දරන කලා සංගමයේ මුදල් වංචා සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම හේතුව බවයි දැන ගන්නට තිබෙන්නේ.

 

මෙම මැර ප්‍රහාරයට පෙර හා පසුව දුරකථනය මගින් වින්දිත කලා කරුවාට තර්ජනය කර ඇත.

 

මෙම මැර තර්ජන වලට සමගාමීව, දූෂණ චෝදනා එල්ල වී තිබෙන සංගමයේ සභාපති පදවිය දරන කලාකාරිණිය/නිලිය/ සමාජ මාධ්‍යය ඔස්සේ තමාට අපහාස කළ බවට මාළිගාකන්ද පොලීසියට පැමිණිල්ලක් කර පොලීසිය මගින් මාළිගාකන්ද පොලීසියට මොහුව ගෙන්වා ගැනීමට  උත්සාහ දැරුවේ, එම පොලිසිය මගින් මොහුට අඩන්තෙට්ටම් කරවිමටය.

 

වින්දිත කලකරුවා නිසි පියවර ගැනිම නිසා එම උත්සහයද ව්‍යර්ථ වි තිබේ. 

 

2023'07'11

Sunday, June 4, 2023

 

බරපතළ නිදන්ගත රෝගවලින් පෙළෙන ඉන්දිකා ව සවුදියේ ගෘහ සේවිකාවක් ලෙසට කූඨ ලේඛන යොදා ගෙන යවන ලද්දේ විදේශ සේවා කාර්යංශයේ අනුග්රවහය ඇතිව RADO MANPOWER SERVICE (PVT)LTD නැමැති ඒජන්සිය මගින්ය. සවුදියෙ හාම්පුතාගේ හා තානාපති කාර්යාලයට සම්බන්ද sultan නමැත්තා ගේ පහරකෑමට ලක්වූ බරපතලව රෝගීව සිටින ඇයව ගෙන්වා ගැනීම සඳහා ලක්ෂ 18ක් සැමියාගෙන් විදේශ සේවා කාර්යංශයේ පරිපාලන නිලධාරී එම්. ඩි. ආරියපාල හා ඒජන්සිය ඉල්ලා සිටි. ජිවිත හානියක් වීමට පෙර වහාම මැදිහත් වන ලෙසට ඇමති මනුෂගෙන් හා වගකිවයුතු සියලු දෙනාගෙන් දරුවන් 3වෙනුවෙන් සැමියා ඉල්ලා සිටී.

Sunday, April 16, 2023

 

දණ්ඩ නීති සංග්‍රහයේ 287 වගන්තිය 
පොලිස්කාරයින් වන අපට වලංගු නෑ! දැන ගනින්.

ප්‍රියා,  24 හැවරිදි තරුණයෙක්. රැකියාව:- ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම.

පරණ අවුරුද්ද දවසේ (අප්‍රියෙල් 13) පස්වරු 4:30 ට පමණ පානදුර පුද්ගලික බස් නැවතුම් පොලේ, කඩවත බස් නවත්වන ස්ථානයේ වාඩි වී සිටියා. පානදුර දකුණ පොලිසියේ අංක 41134 හා අංක 15270 දරන මේ නිලධාරීන් දෙදෙනා, අවට සිටි අයට පහර දෙමින් පන්නා දමන අයුරු ඔහු දුටුවා. අඩි හතරක් පමණ දිග පොල්ලක් අත තිබුණ, 15270 දරන නිලධාරියා ඔහු අසලට පැමිණ ''උඹ මෙතන මොනවද කරන්නේ කියා" ඇසුවිට,  තමා  අලුත්වැඩියා කරන ලද ජංගම දුරකතනයක් හිමිකරුට බාරදීම සඳහා සිටින බව කියා ත්බේ.  

එවිට,  15270 දරන නිලධාරියා, ඔහුගේ සාක්කුවට අත දාන්න හැදුවිට, ''අත දාන්න එපා මම පෙන්නන්නම්" කියා තිබේ. උරනවු  15270 නිලධාරියා,  ''උඹේ අම්මට හු....වා" ''කැ....යා" ආදී කුණුහරප කියමින් අත තිබූ දිග පොල්ලෙන් කකුල් වලට සහ  අතට පහර දි එලවා තිබේ. නමුත් ඔහු  දැඩි වේදනාවෙන්, අලුත්වැඩියා කරන ලද ජංගම දුරකථනයේ හිමිකරු පැමිණෙන තෙක් එහිම රැිසිට, ඔහු පැමිණි පසු එය බාර දී, පහරකෑමට ලක්වූ තවත් අයෙක් සහා ඔහුගේ මිත්‍රයෙක් ද සමග සිද්ධිය ගැන පැමිණිලි කරන්න, පානදුර දකුණ පොලිසිය ට පැමිණ තිබේ. පැමිණිලි බාර ගන්නා නිලධාරියාට,  15 270 දරණ නිලධාරීයාට, තමාට කුණුහරප කියමින් පහර දුන් බවත්, එ පිළිබඳ පැමිණිල්ලක් දැමීමට අවශ්‍ය බවත් කියා තිබේ. එවිට එම නිලධාරීයා 15 270 දරන නිලධාරියාට දුරකථනයෙන් කථා කර ගෙන්වා ගෙන තිබේ. මෙම 15 270 දරන නිලධාරියා පැමිණි විගසම  තුන්දෙනාගේම අතේ තිබූ දුරකථන උදුරාගෙන, පොලීසියේ උඩ තට්ටුවට රැගෙන ගොස් තිබේ. එහි දි මෙම නිලධාරියා ප්‍රියාගේ  බෙල්ලෙන් අල්ලා ගෙන, ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දාන්නට සුදානම් වි තිබේ. 15 270 දරණ නිලධාරීයා අත තිබු තමාගේ දුරකථනය ලබාගෙන විඩියෝ කරන්න පටන් ගත්ත විට, තිදෙනාව යළිත් බිම් මහලට ගෙනවිත් මුදාහරින ලදි. විඩියෝවේ සියල්ලම සටහන් ව තිබේ.

https://www.facebook.com/skeyity.loco/videos/795797055465974

ඉල්ලා සිටින්නේ ප්‍රසිද්ධ ස්ථානයක් කුණුහරප කියමින් පහරදීම සහා ඒ ගැන පැමිණිලි කරන්නට පොලීසියට ගිය විට එහි දිද මෙම 15270 දරණ නිලධාරියා තම බෙල්ලෙන් අල්ලා පහර දීමට තැත් කිරිම බොරු පැමිණිලි දැමීමට උත්සහා දැරිම ගැන නීතිමය පියවර ගන්නා ලෙසට සහා මතු ආරක්ෂාව සලසන ලෙසටය.

 

 

 


Saturday, April 1, 2023

කොරෝනා කාලයේ, මසකට 25,000/- බැගින් බදු ගත්, වාද්දුව පොලීසිය, තිදරු පෙදරේරුවාගේ පිට කොන්ද කඩා, ගෝඩා බැරල් 10 ක් සන්තකයේ තියා ගත්තා කියා නඩුවකුත් දමයි.

 

කොරෝනා කාලයේ රස්සාව කර ගන්නට බැරි වුනා. ප‍්‍රදේශයේ කිහිප දෙනෙක් සරුවට කරන ස්වයං රැකියාවට බැස්සා.

 වඩි 02 (බැරල්) පෙරා ගත්තම, දවස් 04 කින් ශුද්ධ ලාභය රු: 36,000/- යි. මාසයකට, පොලීසියට රු: 25,000/- ක් දුන්නා. ඊට අමතරව නඩුත් දුන්නා.

 අවුරුද්දක ඉදන්, ස්වයං රැකියාවෙන් ඉවත් වුනා. පොලීසියට මාසික බදු ගෙවීමත්, නඩු දීමත් නැවැත්වූ වා.

 2023.03.06 දින, මම, ගෙදර එනකොට, ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් ස්වයං රැකියාවේ යෙදෙන පුද්ගලයෙකු බැරල් 3 ක් සමග අත්අඩංගුවට ගෙන, පාර අයිනේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු තියා‌ගෙ හිටියා.

 ඔවුන් මට කථා කළා. මම ඔවුන් ළට ගියාම කුණුහරුප කියමින්, මට නින්දා කරමින් තර්ජනය කොට, පන්නා දැම්මා. හයිකොට් නඩුවක් දානවා කියා තර්ජනය කලා.

 මම, හවස ගෙදර ඉන්න කොට, මම දැක්කා, දවල් පොලිස් අත්අඩංගුවේ සිටි මහා පරිමාණ ස්වයං රැකියා කරන්නා ගෙදර ඉන්නවා.

 මම, මට බැනපු පොලිස් කොස්තාපල්ගේ දුරකථනයට කථා කර ඇහැව්වා, ඔහොමද රාජකාරි කරන්නේ කියා. පොලිස් කොස්තාපල් කිව්වා අපිට  ඕනි නඩුවක් විතරයි කියා.

 2023 මාර්තු 11 වන දින, ගෙදරට ආපු ඒ පොලිස් කොස්තාපල්වරු දෙන්නා, මාව අත්අඩංගුවට ගෙන, පොලීසියට ගෙනවිත්, අතින් පයින් පහර දුන්නා.

 පසු දින, උසාවියට ඉදිරිපත් කළා. මාව, ඇපයක් මත මුදා හැරියා.

 පසුව, රෝහල්ගත වුනා. මාගේ පිට කොන්ද කැඞී තිබුණා.

 රෝහලෙන් මට නියම කළා, විශේෂ ජැකට් එකක්. ඒක ගන්න රු: 9,000/- ක් වැය කළා. සුව වෙන තුරු මම විවේක ගත යුතුලූ.

 බලපත‍්‍ර ලබා ගන්නේ නැතිව, මද්‍යසාර නිපදවීම (කසිප්පු) නවත්වන්න බැරි පොලීසිය නිසා. ඉතා පහසුවෙන් දින 04 කට වරක්, රු: 36,000/- ක් හොයන්න පුඵවන් වෙනත් රස්සාවක් ගමේ නෑ.

 බලපත‍්‍ර රහිතව, මද්‍යසාර පෙරීම, බෙදා හැරීම හා විකිණීම, පොලීසිය, සුරාබදු දෙපාර්තමේන්තුවද සමග ඒක්ව සහ සම්බන්ධයෙන් පවත්වාගෙන යන ව්‍යාපාරයක්. විටින් විට, සිදුකරන වැටලීම්, අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීම්, දඩ ගැසීම, බන්ධනාගාරගත කිරීම් වලින් නැවැත්විය නොහැකිය.  දීප ව්‍යාප්තව පවත්වාගෙන යන මෙම ව්‍යාපාරයෙන් සෘජුව, වක‍්‍රව, ලාභ ලබන සියල්ලෝම දනිති.

 යුක්තියට අධිපති දෙවඟන ගේ තිස්තුන් කොටියක් +  සියුම දෙවිවරුන් ගේ පිහිට ඔවුන්ට හිමිය.

 සැ.යු:- මෙම සිදුවිම සම්බන්ධයෙන් තොරතුරු අප සතුව පවතී.

Wednesday, March 15, 2023

අවුරුද්දක් පුරාවට අපයෝජනයට ලක්වූ දරුවා ගැන නීතිය ක‍්‍රියාත්මක නොකර, පොලීසියේ සූදානම දෙවියන්ට බාරදෙන්න.

 



පානදුර, හේනමුල්ල, ජීලාන් ජාතික පාසලේ පළමු වසරට ඇතු`ලවූ මොහොමඞ් ට, සතුටින් ඉස්කෝලේ යන්නට වුනේ, මාස 02 කි.

පළමු වසර පංතියේ ගුරුතුමිය ඔහුට, ශාරීරිකවත්, මානසිකවත් කෙනෙහිලිකම් කරන්නට පටක් ගත්තේය.

මොහොමඞ්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබන දරුවෙකි. ඒ ගැන දෙමාපියන්, විදුහල්පති, අංශ බාර, පංති බාර ගුරුවරියන් දැනුවත් කර තිබින.

මොහොමඞ් අග හිගකම් වලින් පෙළෙන පවුලකට අයත්ය.

මේ ජාතික පාසලේ කොන් වන්නේ, අග හිගකම් ඇති දරුවන්ය. 

2023.03.02 දින, මොහොමඞ්ගේ කම්මුල ඉදිමී, කණ තුවාල වී ඇති බවත්, දැඩි කම්පනයට ලක්ව තිබෙන බවත් නිරීක්ෂණය කළ, මව හා පියා සිදු වූ දේ අසීරුවෙන් දැනගෙන, පානදුර උතුර පොලීසියට ගොස් ඒ ගැන පැමිණිලි කරනු ලැබීය.

පොලීසිය දුන්න ටිකට් එක රැගෙන, පානදුර මූලික රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ගැනීමෙන් අනතුරුව, පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

2023 මාර්තු 11 හා 13 දින 02 දීම, දෙපාර්ශවය, පොලීසියට කැ`දවන ලදි. 

පොලීසිය, දැඩිව උත්සාහ කළේ, දරුවාව, වසරක් පුරා, අපයෝජනයට ලක් කර, 2023.03.02 දින, ශාරීරිකව දැඩිය හිංසයට පත් කළ, විදුහලේ 01 ් හා 01 ඊ පංති දෙකේ ගුරුවරියන් දෙදෙනාගේ lක්‍රියාවන් යම් හේතුවක් නිසා අනුමත කරන ලද විදුහල්පතිව ආරක්ෂා කර ගැනීමය.

ළමා අධිකාරිය, පොලීසිය, අල්ලසට, බලපෑමට යටක්ව, ළමා අපචාර, අපයෝජන යටගසන අතර, ආන්දෝලනාත්මක සිදුවීම් ුලික කරගෙන, මාධ්‍යවලට ''වොයිස්" කට් දෙමින් බන දෙසති. ර`ගපාති. 

ජනතා බදු මුදලින් නඩත්තු වන, මහජන මුදල් කාබාසිනියා කරන කොමිෂම ගැනද නොපමාව සොයා බැලිය යුතුයි.


Monday, December 17, 2018

අසරණයන් තලා පෙළන වරෙන්තු “නීතියේ ආධිපත්‍යයේ !!!!!! ”



පනස් එක් හැවිරිදි නිමල් තිකකසිරිව නොවැම්බර් මස 04 පස්වරු 4.00 ට විතර, මතුගම පොලීසියෙන් අත්අඩංගුවට ගන්නේ උසාවි වරෙන්තුවක් මත.

තමාට “වරෙන්තුවක්” තිබිය නොහැකි බව රැගෙන යන්නට පැමිණි පොලිස්කාරයන්ට, නිමල් තිලකසිරි පහදා දෙන්න දැඩි උත්සාහයක් ගන්නවා.

ඒත් වැඩක් වෙන්නේ නෑ. උසාවි නියෝගය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලිස්කාරයින් ඔහුට කියනවා.

කාට කියන්නද? දෙයියො ඉන්නෙ පොලිස්කාරයො එක්ක. හිත හදාගන්නා නිමල් තිලකසිරි එදා රෑ පොලිස් කූඩුවේ ළගිනවා.

ඒ අතර පොලිස්කාරයින් ගේ සුන්දර වදන් අසා සිත සනසා ගන්නත් වුණා.

පහුවදා, නිමල් තිලකසිරිව අත්අඩංගුවට ගැනීම ගැන, ඔහුගේ නීතිඥයා උසාවියට කරුනු කියනවා.

නඩුකාරයා, නඩු පොත බලා “මුදාහරිමි” කියා, එහි ලියනවා.

විත්ති කූඩුවේ හිටගෙන සිටින, නිමල් තිලකසිරිට බැහැලා යන්න යැයි, අසල සිටි පොලිස්කාරයා ඔහුට නියම කරනවා.

නිමල් තිලකසිරිව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්න යැයි, කියන “වරෙන්තුව” නිකුත් කළේ කව්ද? මොකටද? කාගේ වුවමනාවකටද? 

උත්තරීතර යැයි කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 (2) අනුව, පොලිස්කාරයෝ කටයුතු කර ඇත.


නීතියට පරිබාහිරව, පොලිස්කාරයින්ට අත්අඩංගුවට ගන්න, රඳවා තබා ගන්න, පෞද්ගිලක නිදහස අහිමි කරන්න බැරිය. එසේ කිරීම මූලික අයිතීන් උල්ලංඝණ්‍ය කිරීමකි.


නමුත්, එසේ කරන්න පු`ඵවන්. එය “නීතියේ ආධිපත්‍යය” ද?

නිමල් තිලකසිරිව, අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන, නිදහස අහිමි කර දැමීම ගැන, ඒ කාලය තුළ ඔහුව මානසික හා ශාරීරික වධහිංසාවට පාත්‍ර වීම, අවමන් සහගත සැළකිලිවලට දඬුවමකට පාත්‍ර වීම ගැන ඊනියා සිවිල් සමාජ කෙළ පිඩක්වත් හල්නනේ නැත.

මේ ගැන කථා කරමු ..........

මේ කථා කථා කරන්න

ජනතාවගේ පරමාධිපත්‍යය කිසිවෙකුට උදුරා ගන්න ඉඩ නොතබමු.

Friday, July 13, 2018

අැයව, නිහඬ කළ නොහැකිය.



සත්‍යය හා යුක්තිය සොයා යන මිනිසාගේ ගමන් මග අති දුෂ්කර වූවකි. අදට ද එහි වෙනසක් නැත. මර්දනය හමුවේ බහුතරය නිහඬ වේ. තවත් පිරිසක් මර්දනය තම අරමුණුවලට ළඟා කරගන්නට උපයෝගී කර ගනිති.

ඉතිරි අතලොස්ස ජීවිතය පරදුවට තබයි. වෙනස ඇති කරන්නේ එ් අයයි.

අමිතාගේ කථාවට අවුරුදු 18 කි. එය විනාඩි කිහිපයකට ලඝු කිරීම සාධාරණ නොවේ. එහෙත් ජූලි 06 සිදුවීම, 18 වසරක් ආ ගමන වළක්වන්නට හැකි යැයි යමෙක් සිත්නනේ නම් එය මිත්‍යාවකි.

ඇයගේ අතේ පිරිත් නූලක් නැත. යන්ත‍්‍රයක්, කොන්තයක් හෝ ත‍්‍රිශූලයක් නැත. 

පවතින නීතිය හා කි‍්‍රයා පටිපාටිය රාමුවෙන් පිටතට විත් අභියෝග කිරීම මෙතෙක් ආ ගමනේ සාර්ථකත්වයයි. දහ අට වසරක සිට ඇය අභියෝග කරන්නේ රටේ යුක්තිය ඉටු කරන්න තියෙන අධිකරණ ක‍්‍රියා පටිපාටියටයි.

රාජ්‍යය නිලධාරීන් අතලොස්සක්, නීතිඥයන් කිහිප දෙනෙක්, ඇඟිලි ගණනට අඩු සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, පූජකයන් දෙතුන් දෙනෙක් හැරෙන්නට අන් සියලූ දෙනා සෘජුව හා නිහඬව අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව, මර්දනයට හවුල් විය.

අමිතා ප‍්‍රියන්ති තම සොහොයුරා වෙනුවෙන් ඉදිරිපත්ව, ඉන් නොනැවතී රාජ්‍ය යාන්ත‍්‍රයෙන් පීඩාවට පත්වූවන් සඳහා ඉදිරිපත් වූයේ පෙර සඳහන් රාජ්‍ය යාන්ත‍්‍රනයේ නිලධාරීන්, සිවිල් සමාජය හා පූජක පරපුර අභියෝගයට ලක්කරමින්ය.

ජූලි 06 ඇය ප‍්‍රහාරයකට ලක් කළේ සැළසුම් සහගතවය. ඇය පානදුරේ ජනසංසද කාර්යාලයෙන් පිටවන තෙක් කුප‍්‍රකට, සංවිධානාත්මක, පුහුණුව ලැබූ යතුරුපැදි කරුවන් දෙදෙනෙක් බලා සිටියේය.  එතැන් පටන් අලූත්ගම, මොරගල්ල දක්වා ඇය පසුපස හඹා ගියේය. ගාලූ පාරේ සිට ඇයගේ නිවසට පිවිසෙන පටු මාර්ගයේ දී, ඇයට පහරදී, ඇගේ ගමන් මල්ල උදුරාගෙන පලා ගියේය.

සිද්ධිය වී සු`ඵ කාලයක් තුළ එ් පිළිබඳ පැමිණිල්ල අලූත්ගම පොලීසියට කළේය. ජනසංසදය ඇතුලූ සංවිධාන, නීතිඥවරුන් සිද්ධිය ගැන බලධාරීන් දැණුවත් කළේය. එහෙත් මේ ලියන මොහොත දක්වා පොලීසිය කළයුතු පරීක්ෂණ නොකරමින් කල් මරති. එ් ඔවුන් ප‍්‍රහාරකයන් දන්නා නිසාය.

අමිතා ප‍්‍රියන්තිගේ සොහොයුරා වන 2000 දී අත්අඩංගුවට ගන්නා පයාගල පොලීසිය දින 05 ක් රඳවාගෙන වධ දෙයි. ඉන්පසු ඉන්පසු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කර ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සමග, ක`ඵතර වැඩ බලන මහේස්ත‍්‍රාත් පට්ටම ඇති නීතිඥයෙකු වෙත ගෙන ගොස් රිමාන්ඞ් කරවයි. වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේදී ඔහු මිය යන්නේ ප‍්‍රතිකාරයක් නොලබාය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිණියක් පශ්චාත් මරණ පරීක්ෂණය කරයි. භාහිර හා අභ්‍යන්තර තුවාල විස්සකට වැඩි ප‍්‍රමාණයක් හඳුනා ගනී.

අමිතා ප‍්‍රියන්ති යුක්තිය ඉටුකර ගැනීමට පිවිසෙයි. ඇය විවිධ පැතිකඩ හරහා තම සොහොයුරා මරා දැමූ පයාගල පොලීසියේ නිලධාරීන්ට එරෙහිව බොරු වෛද්‍ය වාර්තා දුන් අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව, ප‍්‍රතිකාර ලබා නොදුන් බන්ධනාගාරය එ් අතර මූලික විය.

පයාගල පොලීසියේ් ස්ථානාධිපති ඉද්දමල්ගොඩ, අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රසන්න වික‍්‍රමරත්න ප‍්‍රමුඛ නිලධාරීන් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, මූලික අයිතිවාසිකම් නඩු ඉතිහාසයේ වාර්තාගත වූවකි. 

”ශ‍්‍රියාණි එරෙහි ඉද්දමල්ගොඩ නමින් එය ප‍්‍රකටය” එතැනින් නොනැවතුන ඇය බොරු වෛද්‍ය සහතික දුන් අධිකරණ වෛද්‍ය නිලධාරී පියසෝමට එරෙහිව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ පැවරූ නඩුවෙන් ඔහු වැරදිකරු වී වසර තුනක තහනමකට ලක්විය.

එයින් ද අරගලය නිම නොවීය. නීතිපති විසින් අපරාධ අංශයේ ස්ථානාධිපතිට එරෙහිව මිනීමැරම් චෝදනා යටතේ නඩු පැවරීය. එහෙත් එක් දිනක්වත් රිමාන්ඞ් භාරයට පත් නොවී, දින පහක් තුළ රු: 5000/- ශරීර ඇප දෙකක් මත නිදහස් වුයේ වාර්තාවක් තබමින්ය.  එතැන් පටන් පොලීසියේ සහයෙන් අධිකරණය මග හරින ‘‘අතුරුදහන් වූවකු’’ ලෙසට පෙනී සිටි. එම නඩුව මේ වන විට ක`ඵතර මහාධිකරණයේ චූදිතයා නැතිව විභාගයට ගෙන ඇත. ඇපකරුවන් වූ ප‍්‍රසන්න වික‍්‍රමරත්නගේ බිරිඳ හා පොලිස් නිලධාරියෙකු අධිකරණයට කැඳවා තිබේ.

මෙයට සමගාමීව, බන්ධනාගාරයට හා වෛද්‍ය පියසෝමට එරෙහිව වන්දි නඩු ද කලූතර දිසා අධිකරණයේ පවතී. 

මේ ආකාරයට අපරාධ අවම කරන්නට නොහැකි මන්ද යන්න පිළිබඳව කැටපතක් බවට පත්වූ අමිතාගේ සොහොයුරාගේ ඝාතනය සහා ඇය සෙසු පීඩාවට පත්වූවන් ට යුක්තිය ඉටු කිරීමට පෙරමුණ ගැනීම, විශේෂයෙන් බලපා ඇත්තේ පොලීසියට ය. 

එය වර්තමානයේ ඇතිවූ ව්‍යවස්ථා වෙනස්කම්, ස්වාධීන කොමිෂම නිසා ප‍්‍රබලව ඔවුන්ට දැනෙන්නට වී තිබේ. මේ සියල්ල හමුවේ අතීතයේ මෙන් නොව, යුක්තිය උදෙසා බිම් මට්ටමින්, හුදෙකලාව, අනාරක්ෂිතව අරගල කරන්නා වූ ක‍්‍රියාකාරින් හා සංවිධාන නිහඬ කිරීමට ගත් අසාර්ථක සහ බෙලහීන උත්සාහයකි, ජූලි 06 නිරායුධ ගැහැණියකට කළ ප‍්‍රහාරය.




  

  

Thursday, December 7, 2017

පොලිස් කොමිෂම යහපාලනයේ රෙදි ගලවයි.


කඹුරුපිටිය පොලිසිය, නීතිය හා සාමය බාර ඇමති සාගල රත්නායකගේ බල ප‍්‍රදේශයට අයත් එකකි.

පතිනායක පවුලට අයත් ඉඩමකට කඹුරුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ වී, බලහත්කාරකම් කිරීම ගැන පැමිණිල්ලක් පොලිස්පතිට කර, එහි පිටපතක් පොලිස් කොමිෂමට යොමු කිරීමට පතිනායක මහතා පියවර ගත්තේ, 2017.08.23 වන දින දීය.

එම පැමිණිල්ල විමර්ශනය කළ බවත්, පොලීසියට, අන් අයගේ ඉඩම්වල බෝඞ් ගැසීමට හැකි බවත්, බෙදුම් නඩුවක් තිබෙන නිසා මැදිහත්වීමට නොහැකි බව ප‍්‍රකාශ කරන පොලිස් කොමිෂම යලිත් වරක් තමන් ‘‘යහපාලනය’’ යටතේ විගඩමක් බවට පත්ව තිබෙන බව ඔප්පු කර ඇත.

පතිනායක මහතා 2017.12.06 දාතමින් පොලිස් කොමිෂම අමතන ලද ලිපිය සියලූ කරුණු පැහැදිළි කරයි.

පී.එම්. තිලකා කල්‍යාණි මිය
පළාත් අධ්‍යක්ෂ (දකුණු පළාත)
ජාතික පොලිස් කොමිෂන් සභාව
දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය
පළමුවන මහල
ගාල්ල

මහත්මියණි

කඹුරුපිටිය ස්ථානාධිපතිවරයාගෙන් සිදුවී ඇති අසාධාරණය සම්බන්ධව

උක්ත කාරණය අදාලව ඔබගේ NPC/PCID/SOU/MT45/17 හා 2017.11.23 දාතමින් යුත් ලිපිය හා බැඳේ.

මාගේ පැමිණිල්ල අදාලව ඔබ, පිළිතුර ප‍්‍රතික්ෂේප කරන බව ප‍්‍රථමයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

(1* ඔබ විමර්ශනයක් කළ බව සඳහන්ව ඇතත්, එය කා සමග කරන ලද විමර්ශනයක් ද කියා, මා දන්නේ නැත.

මා දන්නා පරිදි විමර්ශනයක් කිරීමේදී, පැමිණිලිකරුගෙන් පැහැදිළි කර ගැනීමක් කරගත යුතුය. 

(2* ඔබගේ ඊනියා පිළිතුර පැහැදිළි කරන්නේ, ඔබ පොලීසිය සුද්ධ කිරීමට පොලිස් නීති විරෝධී කි‍්‍රියා ආරක්ෂා කිරීමට කරන ලද්දක් බවය.

(3* ඉඩම් නඩුව ඇත්තේ පොලිස් ස්ථානාධිපති සමග නොවේ. පොලිස් ස්ථානාධිපති සමග ඉඩම් නඩුවක් තිබුණත්, පොලිස් බලතල යොදාගෙන ඉඩම් මංකොල්ලා කෑමට නොහැකි බව නොදන්නවා විය හැක.

(4* මෙම ඉඩම අදාල ඉඩම් නඩුව, ”බෙදුම් නඩුවකි” එහි පාර්ශවකරුවන් මාගේ ඥතීන්ය. එ් නිසා ස්ථානාධපතිට, ඉඩමට අයිතිවාසිකම් කිව නොහැකිය.

(5* මෙම ස්ථානාධිපතිවරයා ක‍්‍රියා කරන්නේ නීතියට අනුව නොවන බවද, වෙනත් ”බලවතුන්ගේ” අවශ්‍යතාවය මත බව වගකීමේන ප‍්‍රකාශ කරමි.

(6)”පොලීසිවල නාම පුවරුව” පුද්ගලික ඉඩම්වල අනවසරයෙන් ප‍්‍රදර්ශනය කිරීමට තිබෙන්නේ කුමන නීතියක්, කුමන රෙගුලාසියක් යටතේද, යනන් නොපමාව මා වෙත දැණුම් දෙන්න.

(7)වත්මන් යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝජනය කරන, මාතර දිස්ත‍්‍රික්කයට අයත් කඹුරුපිටිය ආසනයේ, කඹුරුපිටිය පොලීසියේ පොලිස් ස්ථානාධිපතිගේ ”නීති විරෝධී” ක‍්‍රියාවන්, සිද්ධියට අදාල නැති ”නඩුවක්” බව හුවා දක්වා, යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන නීතියට සියල්ල යටත් බව වන ප‍්‍රධාන කරුණ, ඔබ කොමිෂම හෑල්ලූවට ලක් කිරීම ගැන මාගේ අප‍්‍රසාදය පළ කරමි.

මා පෙර සඳහන් කරන ලද පරිදි ඔබගේ පිළිතුර ප‍්‍රතික්ෂේප කරන අතර, නොපමාව මෙම ස්ථානාධිපතිට එරෙහිව විනය පියවර ගෙන නාම පුවරුව ඉවත් කරන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලමි.    

මෙයට,
අ.ක/ එම්.ඩබ්. පතිනායක 

පිටපත:- ජ.පො.කො




Sunday, December 7, 2014

පොලීසියට ඩිස්කවරි යතුරුපැදි රාජපක්ෂ - ගානේලු රාජපක්ෂ දීපු පිස්තෝලය ඉනේ ගහගෙන ඩිස්කවරියේ එනකොට ‘තෙල්’ ගහන්න ලැස්තිවෙලා ඉන්න.



  
පානදුර දකුණ පොලීසියට ලැබුන ඩිස්කවරි වර්ගයේ යතුරුපැදි 40 ක්, 2014.12.05 සිකුරාදා සවස ඩේවිඩ් පීර්ස් සමාගමේ යතුරුපැදි ප්‍රවාහනය කරන ලොරි දෙකකින්, ගෙනවිත් බෑවේය.

රුපියල් 2ලක්ෂ 11දහසක් ලෙසට මිළ ගණන් නියම කර තිබෙන මෙම යතුරුපැදි, රුපියල් 50,000/- කට පොලිස් කොස්තාපල් ඇතුලු නිලධාරීන් අතර බෙදා දීමට නියමිතය.

මේ වන විට, ශ්‍රි ලංකා පොලීසියට පමණක් මේ ආකාරයට බෙදාදීමට යතුරුපැදි දහස් ගණනක් ගෙන්වා තිබේ.


දූෂිත පාලනයක් පවත්වන්නට, දූෂිත අපරාධකරුවන්ට නිදහසේ ඉන්නට ඉඩ දීමට,  පොලිස් නිලධාරීන්ව ද තෘප්තිමත් කළ යුතු බව රාජපක්ෂ අන් කවරෙකුටත් වඩා හොින් දනී.

Tuesday, August 5, 2014

ආබාධිත,පසුගාමී හා බුද්ධි ඌණතාවයෙන් යුතු දරුවන්ට වධදෙනවා.

ගනේමුල්ල, ගහලහිටියාව, හේමමාලි මහා විදුහලේ - විශේෂ අධ්‍යාපන එ්කකයේ ඉගෙනුම ළමුන්ට එම එ්කකය බාර ගුරුවරියන් දෙන්නා ශාරීරික හා මානසික වධහිංසා පමුණු වන බවට චොදනා කරන එම පාසැලේ ඉගෙනුම ලබන ඔටිසම් (්මඑසිප* පැමිණවීම නමින් හඳුන්වන රෝගයෙන් පෙළෙන දරුවකු ගේ දෙමාපියන් ගනේමුල්ල පොලීසියට පැමිණිලි කරයි.

විශේෂ අධ්‍යාපන එ්කකය පිහිටුවා තිබෙන්නේ ආබාධිත,පසුගාමී හා බුද්ධි ඌණතාවයෙන් යුතු දරුවන් සඳහාය. මෙම එකකයට අනුයුක්ත කර තිබෙන ගුරුවරියන් දෙන්නා මෙම ආබාධිත දරුවන්ට පහර දෙන බවද, කාළකාන්නි ලෙසට හඳුන්වනු ලබන බවද, එම දරුවන්ගේ දෙමාපියන්ට පවා නින්දා කරන බවද වාර්තාවේ.

පසුගිය අපේ‍්‍රල් මස 30 වන වන දින තම දරුවාට මීටර් කොදුවකින් පහර දී පංතියෙන් එලියට දැමු බවත් එතැන් පටන් ඔහු පාසැල් යෑම ප‍්‍රතික්ෂේප කරන බවත් ඔවුන් කියා සිටි. මෙම තගුරුවරියන් දෙදෙනා ආබාධිති දරුවන්ගේ දෙමාපියන් ගෙන් තැගි බෝග ලබා ගන්නා බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටි.

මලකාන්ති හා මංජුලා නම් වු මෙම ගුරුවරියන් දෙදෙනාට විරුද්ධව විනය පියවර ගන්නා ලෙසට මේ දෙමාපියන් දෙන්නා ළමා ආරක්ෂක අධිකාරියෙන්, මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, පොලිස් ළමා හා කාන්තා කාර්යංශයෙන් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරින් ගෙන් ඉල්ලා තිබේ.




Wednesday, November 6, 2013

අද මා, මහමගට වැටී ඇත. දෙවියන් වහන්සේගේ නාමයෙන් මට පදිංචි සහතිකය ලබා දීමට පියවර ගන්න.


අද මාමහමගට වැටී ඇත. දෙවියන් වහන්සේගේ නාමයෙන්  නොපමාව මට පදිංචි සහතිකය ලබා දීමට පියවර ගන්න.
ගරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ෙගන් ෙමම අායාචනය කරන්ෙන් ක`ඵතර, කලමුල්ලගේ‍්‍රස් කුමරි ළමා නිවාසයමාක් ශ‍්‍රී, අනාථ නිවාස ෙය් සුමාලි මේරීනා අබේගුණසේකර  ෙමනවියයි.

සම්පුර්ණ ලිපිය-

ගීතානි තෙරේස් මහත්මිය බාරේ
(072 9970863)
සුමාලි මේරීනා අබේගුණසේකර මෙනවිය
නො: 08
නිවාස සංකීරණය
01 වන පටු මගකලමුල්ල
`ඵතර.
2013. 11. 05 දින දීය.


ගරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ
බිෂොප් මන්දිරය
කොළඹ 08

ගරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෙනි,

පදිංචි සහතිකය ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස
දෙවියන් ගේ නාමයෙන් කරනු ලබන ඇයදීම

සුමාලි මේරීනා අබේගුණසේකර, (936270352 ) අවු: 20 යිඅවිවාහකලිපිනය: ගේ‍්‍රස් කුමරි ළමා නිවාසයමාක් ශ‍්‍රීකලමුල්ල`ඵතර.

01. මාගේ මව වන ශාන්ති අබේගුණසේකරගේ‍්‍රස් කුමරි ළමා නිවාසයේ මාක් ශ‍්‍රී” හිනැවතීඑහි කුස්සියේ වැඩ කරමින් සිටිය දීමා උපත ලබා ඇත.
මා ඉපදී ඇත්තේ නාගොඩ මහා රෝහලේදීය. උපන් දිනය 1993. 05. 06. දැනට වයස අවු:- 20යි.

02. මා ඉපදී සති කීපයකින්මාව මාක් ශ‍්‍රි ආයතනයේ  ගේ‍්‍රස් කුමරි ළමා නිවාසයට බාරදී මව ගොස් තිබේ.

03. එතැන් පටන් මා හැදී වැඩුනේ ගේ‍්‍රස් කුමරි ළමා නිවාසයේ්ය.

04. මාගේ මව මාගේ උප්පැන්න සහතිකයට දැනුම් දීම කර ඇත්තේමාක් ශ‍්‍රී ආයතනයේ ලිපිනය බවද ප‍්‍රකාශ කර සිටිමි.

05. මාගේ‍්‍රස් කුමරි ළමා නිවාසයේ සිට`ඵ/කටුකුරුන්ද රෝමානු කතෝලික මහා විද්‍යාලයේ 11 වසර දක්වා ඉගෙනුම ලැබීය.

06. එයින් පසුවමා 2011 පෙබරවාරි මසවසරකට නායකන්ද කන්‍යාරාමයට යවනු ලැබුවා. මෙසේ මානායකන්ද කන්‍යාරාමයට යවන ලද්දේ බෞද්ධාගමික පිරිමි ළමයෙකු සමග මිත‍්‍රකමක් ඇති කර ගත් නිසාය. ඒ අවස්ථාවේ මටගරු ජුලියන් තිසේරා පියතුමා කෝටුවකින් පහර දුන්නා. ඊට පෙරද ඔහු මට පහර දීලා තියෙනවා.

07. 2012 අපේ‍්‍රල් මස මාවබෝලවලාන කන්‍යාරාමයට යවනු ලැබුවා.

08. එහි අවුරුද්දක් ගත කිරීමෙන් පසුව 2013 අපේ‍්‍රල් මස නැවත මාක් ශ‍්‍රී අයතනයට ආවා.

09. මේ වන විටගේ‍්‍රස් කුමරි ළමා නිවාසයේ සිටි සිය`ඵම ගැහැණු ළමුන් එයින් පිට කර තිබුණා.

10. එසේ පිට කර තිබුණේබාර පියතුමන්ගේ දැඩි බලපෑම මත.

මා නැවතීමට තැනක් නැති නිසා මාක්ස් ශ‍්‍රී අයතනයට ගොස් නැවතුනා

12. 2013 මැයි 07 වන දින මාව ගාල්ලගෝනපීනුවලමන්ද මානසික ළමුන් සිටින, ”සුපෙම් උයන” නිවාසයේ එම ළමුන් බලා ගන්නට යවනු ලැබුවා.

13. මන්ද මානසික ළමුන් 40 කට වැඩි පිරිසක් එහි සිටියා. එහි අවු: 5 සිටඅවු: 25 දක්වාවූ ළමුන් සිටියා.

14. එවන් ළමුන් බලා ගැනීමට මට සුදුසු කමක් තිබුනේ නෑ. එ් නිසා මා එහි සේවය කිරීම ප‍්‍රතික්ෂේප කළා.

15. මාස 2 කට පමණ පසුව මා නැවත මාක් ශ‍්‍රීආයතනයට පැමිණීමට උත්සාහ ගත්තා.

16. නමුත් මාව බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළා.

17. මට`ඵතර සෙන්ට‍්‍රල් හංදියේ නිවසක් කුලියට ගෙනපිහිටුවන ලද බාලවයස්කාර ළමුන් 09 ක් පමණ සිටින, ”ළමා නිවාසයට” යන්න කිව්වා.

18. එ් අනුව මම එම ළමා නිවාසයට” ගියා. එහිදී මට දුන්නේ කෑම උයන්න. නමුත් මා හට උයන්න පුහුණුවක් දීලා තිබුනේ නැහැ.

මා උයන කෑම හොඳ නැති බව පවසා මා ඉවත් කළා. මා එහි ගත කළේ මාස 03 ක් පමණය. නැවත මා මාක් ශ‍්‍රී ආයතනයට’’ බාර ගත්තේ නැහැ.

15. මා සමග එකට හැදී වැඩුණ සොයුරියක් ඔවුන්ගේ නිවසේ මට තාවකාලිකව නවාතැන් දුන්නා.

16. එ් අතර මා රැුකියාවක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කළා. මට පානදුරකාර්මික පුරවවරයේ පිහිටි යුනිචෙලා” ගාමන්ට් හි රැුකියාවකට පැමිණෙන ලෙස දැනුම් දීමක් ලැබුනා.

17. එ් සඳහාමාගේ උප්පැන්න සහතිකයජාතික හැඳුනුම්පතපාසලෙන් ඉවත් වීමේ සහතිකය හා පදිංචිය සනාථ කරන ග‍්‍රාම සේවා නිලධාරී සහතිකය අවශ්‍ය බව පැවසූවා.

18. මට අනෙකුත් සහතික තිබෙනවා. පදිංචි සහතිකය ලබා ගැනීමට ග‍්‍රාම නිලධාරී මහතා 2013.11.04 වන දින මුණ ගැසීමට ගියා.

19. කලමුල්ල ග‍්‍රාම නිලධාරී විශ‍්‍රාම ගොස් ඇති හෙයින් ඔහු වෙනුවෙන් වැඩ බලන කටුකුරුන්ද ග‍්‍රාම සේවා නිලධාරී මහතාව මුණ ගැසුනා.

20. ඔහු කියා සිටියාගේ‍්‍රස් කුමරි ළමා නිවාසය වසා ඇති බව. තමන්ට පයාගල පොලීසිය දැනුම් දී තිබෙන හෙයින්පදිංචි සහතිකය නිකුත් කළ නොහැකි බව.

එ් අවස්ථාවේමා මාක් ශ‍්‍රී” ආයතනයේ රීටා පෙරේරා මිය ගෙන් උපදෙස් පැතුවා.

ඇයපදිංචි සහතිකය නොදෙන ලෙසට ග‍්‍රාම නිලධාරීවරයාට දැනුම් දුන්නා.

අද මාමහමගට වැටී ඇත. රැුකියාවක් ලබා ගැනීමට පදිංචි සහතිකය දීම ගේ‍්‍රස් කුමරි ළමා නිවාසය බාර පූජක තුමා පොලීසිය යොදවා වලක්වා තිබේ.

දහඅට ඉක්ම වූ මාඡන්ද දායක නාම ලේඛනයට ඇතු`ඵ කළ යුතුව තිබුණි. එයද පාලක පූජකතුමා පැහැර හැර ඇත.

කුඩා කලම මාගේ බෞද්ධාගමික මවගෙන් වෙන් කරකතෝලික බැතිමතෙකු කර ඇත. මා දැනටත් දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි භක්තියෙන් සිටිමි.

මා උපන් දා සිට මා හදාවඩා රැක ගත් ඔබ වහන්සේ යටතේ පවතින ගේ‍්‍රස් කුමරි ළමා නිවාසය  අද මා යන එනමං නැති තැනට පත්කර සිටින බවයි.

මා ඉතා ගෞරවයෙන් සහ දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ තුමා ගෙන් ඇයද සිටින්නේ,

නොපමාව මට පදිංචි සහතිකය ලබා දීමට පියවර ගන්නා ලෙසටය.


 සුමාලි මේරීනා අබේගුණසේකර