Sunday, July 27, 2014

ප්‍රසිද්ධියේ වෙඩි තබා මරයි. අත්අඩංගුවට ගෙන බෙළි කපයි.


ඉස්ලාමීය අන්තවාදීන් ලෙසට නම්කර තිබෙනලෝකයේ විවිධ රටවල පැතිර යන, ඉස්ලාමීය රාජ්‍යයන් බිහි කිරීමේ ප්‍රයත්නයේ යෙදී සිටින කණ්ඩායම් සිදු කරන මිලෙච්ජ ක්‍රියාවන්  සීග රවර්ධනයක උදාහරණ කිහිපයක් වේ.
සිරියාවේ, ඉස්ලාමීය උසාවි නියෝග යයි පවසමින් පසුගියදාදෙදෙනෙකු වෙඩි තබා ඝාතනය දර්ශණ මාධ්‍යයට නිකුත් කර තිබේ.
මෝටර් රථයක් පුපුරුවා හැරි බවට චෝදනා කරමින් මෙම දෙදෙනාව මෙසේ මරා දම ලද්දේ ප්‍රසිද්ධියේ ය. බලා සිටියවුන්, මෙම දර්ශණ තම ස්මාර්ට් ෆෝන් වලින් රූපගත කර ඇත. රූපයේකොළයක් අරගෙන පුද්ගලයාදඬුවම ප්‍රකාශයට පත් කරන්නා වේ.
සිරියාවේ, ඉස්ලාමීය අන්තවාදජ්හාඞ් කල්ලිය විසින් සිය බලය තවුරු කරගෙන, තිබවන රකුවා ප්‍රාන්තයේ දි අත්අඩංගුවට ගන්නා සිරියානු සොල්දාදුවන් පනස් දෙනෙකු මරා  දමන ලද්දේ  බෙලි කපා දැමීමෙන්ය. ඉන් අනතුරුව ඔවුන්ගේ හිස් ප්‍රදර්ශනයට තබා තිබේ.
මෙම කල්ලිය පවසන්නේ එසේ බෙලි කපා දැමූ ගණන 75 බවයි . මෙම ඝාතනයට ඉඩ ලබා දුන් අල්ලා දෙවියන්ට තමන් ස්තුති වන්ත වන බව අන්තර්ජාලය ඔස්සේ - ටුවිටර් - ප්‍රචාරය කර තිබේ.  


සයිබීරියාවේ මතුවී ඇති ආවාටය - ලෝක විනාශයද


රුසියාවේ සියිබීරියාවේ, යමාල් අර්ධද්වීපයේ මතුවී තිබෙන, ගැඹුර මෙතෙකැයි මැනිය නොමැකි, අඩි 262 නළල ආවාටය, කුමක්ද, කෙසේ ඇතිවුනාද කියන්න, විශේෂඥයෝ අසමත්ව තිබේ.
ලෝක අවසානය තේරුම ඇති යමාලි හි මතුව ඇති මෙම ආවාටය පිලිබඳව, විවිධ මත පළ වී ඇති අතර, උල්කාපාතයක් හේතුවෙන් විය හැකි බවට වන මතය, රුසියානු විද්යාඥයින් බැහැර කරති.
ස්වාභාවික ගෑස් බහුල මෙම ප්‍රදේශයේ, භූගර්භයේ ඇතිවූ ගෑස් පිපිරිමක් නිසා මෙම ආවාටය ඇතිවන්නට ඇතැයි යන මතයේ රුසියානුවෙක් සිටිති.
නමුත්නිශ්චිත වශයෙන් හේතු දැක්වීමට, නොහැකි බව ඔවුන් ප්‍රකාශ කරයි.

පරිසර උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙසටද විග්‍රහ කෙරේ.

ඩෝප් නොවෙන පණුවෙක්


මද්‍යසාර වලට ඔරොත්තු දෙමින්, වෙරි නොවී සිටීමට හැකි  පණූවෙක් බිහි කිරීමට ඇමෙරිකානු විධ්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.
ජාන වෙනස් කිරීම මගින්, සිදුකර ඇති මෙම විපර්යාසය, ඉදිරියට මිනිසාට ද වෙරි නොවී සිටීමට හැකියාව ලබාදීමට පු`ඵවන් බව මෙම විද්‍යාඥයින් ගේ විශ්වාසයයි.
මෙම වෙරි නොවන පනුවා මගින් ඖෂධ නිපදවා, එය භාවිතා කිරීම තුලින් කොතරම් බිව්වත් මත් නොවී සිටීමට මිනිසාට හැකි වනු ඇත.
වෙරි නොවුනත් මත්පැන් වලින් සිරුරට වන හානිය වලකින්නේ නැති බවද මෙම විද්‍යාඥයින් පවසති.

මතට තිත, පෙත්ත මෙහාට ආවාහම කොහොමට හිටිද?

Friday, July 25, 2014

ලෝක ජනගහනයෙන් 1/4 දරිද්‍රතාවයෙන්


එක්සත් ජාතීන්ගේ අලූත්ම වාර්තාවට අනුව, ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතාවයෙන් පෙළෙති.
දුප්පතුන් හා පොහොසතුන් අතර පරතරය වැඩි වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මහා ධනපතියන් 85 ගේ ධනය හා ලෝකයේ දුප්පත් රටවල බිලියන 3.5 ධනය සමාන වන බවයි.
දරිද්‍රතාවයෙන් පෙළෙන බිලියන 2.2 ජනයාට ජීවත්වීමේ මූලික අවශ්යතාවය වන කෑම බීම, ඉඳුම් හිටුම්, සෞඛ්යය අහිමිව තිබේ. දරද්‍රතාවය එන්න එන්නම වැඩි වන බව පෙන්වා දෙන එක්සත් ජාතීන් - මෙය වැඩියෙන් බලපා ඇත්තේ දකුණු ආසියානු රටවල බවටද පෙන්වා දෙයි. මෙය රටවල ජනගහනයෙන් සියයට 71ක්, එනම් මිලියන 800ක් දරිද්රතාවයෙන් පෙළෙති.
මෙම වාර්තාවට අනුව බිලියන 1.2 ක් ජීවත්වන්නේ දිනකට ඩොලර් 1.2ක්, එනම් රුපියල් 150ක්, වැනි සුළු මුදලකින්ය. එමෙන්ම ලෝක ජනගහනයෙන් සියයට 12ක් සාගින්නෙන් පෙළෙති.
එම වාර්තාවට අනුව සංවර්ධනය වන රටවල ළමුන් 100කගෙන් 7කු, අවුරුදු 5 වඩා ජීවත්වන්නේ නැත. 68කු ලබන්නේ ප්‍රාථමික අධ්යාපනය පමණි. 17කු පාසල් යන්නේම නැත. 35කු ශරීර වර්ධනය වන්නේ නැත.

මේ ආකාරයට දුප්පත් හා පොහොසත්තු අතර පරතරය වැඩිවීම තුළ සමාජ අස්ථාවරභාවය වර්ධනය වන අතර, තිරසාර සංවර්ධනයට බාධාවක් වනු ඇති බවද එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

Wednesday, July 23, 2014

නඩු දැම්මේ පොලිස් ණය කාරයින් ගේ උවමනාවට.


සාලියවැව පොලීසියේ සිවිල් පිට හිටිය පොලිස්කාරියන් දෙන්නෙකුට ගම්මු පහර දීමේ සිද්ධියට  ප‍්‍රාදේශිය දේශපාලකයෙකු ව අත්අඩංගුවට ගන්නා ලදි. එම අත්අඩංගුවට ගැනීමට එරෙහිව ප‍්‍රදේශවාසීන් පිරිසක් සාලියව වැව පොලීසිය වටලා උද්ඝොෂණයක නිරත විය. එම සිද්ධිය මුල් කරගෙන, ගම්වාසින් 15 කු අල්ලා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් කරවා, ප‍්‍රජාවට පාඩමකි ඉගැන්වීමට පොලිසිය පියවර ගත්තේය.

එ් 15 දෙනා අතර සිටින සාලියවැව හංදියේ තේ කඩයක් පවත්වා ගෙන යන දයාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම ගැන ඔහු පොලිස්පති, නීතිපති හා මානව හිමිකම් කොමිෂමට කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

” 2014.06.11 වන දින අ`ඵයම පැය 00 .20 ට, මා නිවසේ සිටියදී, සැලියවැව හා පල්ලම
පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මාව අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගැනීමට හේතුව කිව්වේ නැත.”

මාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව, නිවස අසල, තිලකරත්න නැමැති අයව අත්අඩංගුවට ගත්තා. එයින් අනතුරුව, පහරිය ප‍්‍රදේශයට රැුගෙන ගියා. යන අතර එම නිලධාරීන් කිව්වා ඉන්දික නැමැති, කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභා නියෝජිත අත්අඩංගුවට ගන්න යන බව.

පහරිය ජනපද පාරේ කැලෑවක ජීප් එක නවත්වා, නිලධාරීන් දෙන්නෙක් ගියා. එසේ ගියේ
සාලියවැව පොලිසියේ පො.කො. ගමගේ 6130 හා පල්ලම පොලිසියේ ස්ථානාධිපතිය. ඔවුන් අත අවි තිබුණා. ටික වේලාවකින් වෙඩි ශබ්ද ඇසුනා. පැය දෙකකට පමණ පසුව ඔවුන් දෙන්නා ඇවිත්, ඌ පැන්නා, වෙඩි තිබ්බා හරි ගියේ නැහැ කිව්වා.

එයින් පසුව පුත්තලම පොලීසියට ගෙනවිත් මාව හා තිලකරත්න බාර දුන්නා. අපව කූඩුවට දැම්මා. එ් අවස්ථාවේ, ගමේ අට දෙනෙකු පමණ කූඩුවේ හිටියා. එදින පෙ:ව: 10.00 ට පමණ මාගෙන් ප‍්‍රකාශයක් ලියා ගත්තා. එ්් අවස්ථාවේ අසභ්‍ය වචන කියමින් බැණ තර්ජනය කළා.

ප:ව:1.00 ට පමණ, පුත්තලම මූලික රෝහලට මා ඇතු`ඵ, අත්අඩංගුවේ සිටි අයව ගෙන ගියා. ප:ව:3.00 ට පමණ, පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙනවිත්, ඉදිරිපත් කළා. මා ඇතු`ඵ අන් අයව, පොලිසියේ ඉල්ලීම පරිදි, 2014.06.17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

2014.06.17 වන දින, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, මා ඇතු`ඵ සියලූ දෙනාව ශරීර ඇප මත මුදාහැරියා. නඩු අංකය 05021/14/ඡු වන අතර, නඩු පවරා ඇත්තේ පුත්තලම, කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති විසින්ය.

පුත්තලම, කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සිය ඊ වාර්තාවෙන් කියා සිටියේ, 2014.06.06 වන දින, සාලියවැව පොලීසියට විරුද්ධව පැවැති උද්ඝෝෂණයට මා සම්බන්ධ බවට, වීඩියෝ දර්ශන වල ඇතුලත් බවයි.

මා, පුත්තලම පොලිසියට දෙන ලද ප‍්‍රකාශයේ පැහැදිළිවම ප‍්‍රකාශ කළා, 2014.06.06 වන දින, මා මූණමල්ගස්වැව ප‍්‍රදේශයේ සිට නිවස බලා, මාගේ වාහනයෙන් එන විට, සාලියවැව පොලිසිය ඉදිරිපිට, සෙනග රැුස්ව සිටිය බවත්, එතැනින් වාහනය ගැනීමට නොහැකි වූ නිසාත්, වාහනය පසෙක නවත්තා, සිද්ධිය කුමක්දැයි විමසීමට, වාහනයෙන් බැස පොලිසිය අසලට ගිය බව.

මා, කිසිම ආකාරයකින් පොලිස් රාජකාරි වලට බාධාවක් නොකල බවත්, එ් බව, වීඩියෝපට හොඳින් පරීක්ෂා කළහොත් පැහැදිළිවනු ඇති බවත්, ප‍්‍රකාශ කලා. සිද්ධිය අදාලව වීඩියෝ පටවල, රූප රාමුවල මා සිටිනවා විය හැකිය. නමුත් මා උද්ඝෝෂනයට කිසිසේත්ම සහභාගී වූයේ නැත.

සාලියවැව පොලීසිය වීඩියෝ පට බලා, පොලිස් නිලධාරීන් දන්නා හඳුණන අයව, විධිමත් විමර්ශණයකින් තොරව අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා මත අධිකරණයට ඉදිරිපත්කර, රිමාන්ඞ් කරවීම සිදුකර ඇත.

සාලියවැව පොලිසියේ නිලධාරීන්, බොහෝ අවස්ථාවල මාගේ තේ කඩයට පැමිණ කෑම කා, තේ බී යනවා. එම නිලධාරීන්ගෙන් සමහරක් ණයට කෑම කනවා. මුදල් ලබාදීම ප‍්‍රමාද වන විට මා, සාලියවැව පොලිසියට ගොස් ස්ථානාධිපති හමුවී, මුදල් ලබා ගැනීමට පියවර ගන්නවා.

මෙම පසුබිම තුල - සාලිය වැව පොලිසියේ නිලධාරීන් මාව හඳුණනවා.”

පී.ජී.දයාරත්න අගලවත්ත ප‍්‍රදේශයේ උපත ලැබුවෙකි. ඔහුට මාස 03දි මව මියගේ පියා ගේ පිහි පරකින්ය. එ් වෙසක් පෝය දින පන්සලේදීය. පියා වරදකරුවි බන්ධනාගාර ගතවිය. ඥතීන් විසින් හදා වඩා ගත් ඔහු වයස අවු 14 සිට බැල මෙහෙවර කරමින් සිට, ගම අතහර රජාංගන යාය ව්‍යාපාරයට ගොස් කුලි වැඩ කර, පොල් කඩා ජිවත් විය.

සාලියවැව, පලූගස්සේගම, ගම්උදාව යටතේ ලැබුන නිවසේ පදිංචිව, දහඩිය මහන්සියෙන් සු`ථ ව්‍යාපාරිකයෙකු තත්වයට පත්වු මේ දිරිය ම්නිසා ගෙන් ණයට කන ලද පොලිස් කාරයෝ ණය ඉල්ලා සිටිමේ පාපයට බොරු නඩු දමා පිඩා කිරිමට තරම් නීචයෝ වි තිබේ.


Tuesday, July 22, 2014

15 හැවිරිදි දරුණු දියවැඩියා රෝගියකුට පහර දුන්න පොලිස් කාරයා පස්සේ ටොපි අරන්දෙන්න හදයි.


මෙසේ පහර කෑමට ලක්ව දියවැඩියා රෝගය උත්සන්ව රොහල් ගත්වන්ට සිදුවුයේ වාද්දුවේ 11 වසර ඉගෙනුම ලබන 15 හැවරිදි වාගිෂ්ඨය.

පසු ගිය 17වන දින වාගිෂ්ඨ ගේ දෙමාපියන් ඉදිරි පිටදි මෙම පහර දීම සිදු කර ඇත්තේ වාද්දුව පොලිස් ස්ථානයේ වීරසිංහ නැමැති පොලිස් නිලධාරියා ය. මෙම පොලිස් නිලධාරියාව වාගිෂ්ඨ ගේ නිවසට රැගෙන විත් ඇත්තේ  එම ප‍්‍රදේශයේ නිහාල් ගුණතිලක නැමැත්තා විසින් ඔහු ගේ යතුරු පැදියෙනි.

නිහාල් ගුණතිලික නැමැත්තා විසින් කරන ලද පැමිණිල්ලක මුල් කරගෙන, ඔහු සමග පැමිණි පොලිස් නිලධාරියා වාගිස්ඨ කථා කොට පහර දි ඇත්තේ වාගිෂ්ඨ දරුණු දියවැඩියා රොගියකින් පෙළෙන බව මව හා පියා ප‍්‍රකාශ කර සිටිය දීය.

එයින් පසුව වීරසිංහ නැමැති මෙම පොලිස් නිලධාරියා නිහාල් ගුණතිලක නැමැත්තාට අවශ්‍ය විදියට ප‍්‍රකාශයක් ලියා එයට වාගිෂ්ඨ ගේ, මව ගේ හා පියා ගේ අත්සන් ගෙන තිබේ.

මෙම පොලිස් නිලධාරියා ප‍්‍රකාශ ගැනීමෙන් පසුව පිට ගොස් ඇත්තේ ඔහු ගේ සාක්කු සටහන් පොත පුටු මත තිබිය දිය. එය අරගන්නට නැවත පැමිණි පොලිස් නිලධාරියා වාගිෂ්ඨ ට ටොපී අරන් දෙන්නට සුදානම් ව තිබේ. දරුණු දියවැඩියා රෝගයෙන් පෙළෙන තම පුතාට ටොපි අරන් දුන්නොත් හෙඳටි යයි මව ප‍්‍රකාශ මුදල් ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

සවස් වන විට වාගිෂ්ඨ ට උණ ගැනින. පසුදා උදේ පානදුර රොහලට ඇතුලත් කර නෙිවාස්ක ප‍්‍රතිකාර ලබා දෙන ලදි. වාගිෂ්ඨ ගේ රෝගය උත්සන්ව තිබින. දිනකට දෙවරක් ඉන්සියුලින් එන්නත ලබා ගත යුතු තම දරුවාට ගෙදර ටම ඇවිත් පහර දුන්නේ පොලීසිය, නිහාල් ගුණතිලකගෙන් ලබා ගත් මුදල් වලට හිලව් වන්ට බව මව රම්‍යශිලි ප‍්‍රකාශ කරයි.

ඇය මේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. එහෙත් නීතියක් නැතිව ගොස් තියෙන රටක පැමිණිලි කිරමේන් පලක් වේද යන ප‍්‍රශණය ඇය තුල පවතී.

නේපාලයේ පෙනීම දෙන දෙවියන්


නේපාලයේ අක්ෂි විශේෂඥයකු  වන සන්ඩුක් රුයිට් විසින් ලොවට හදුන්වා දී ඇති, ඉතා ළාභදායී, ප්‍රකට අක්ෂි රෝගයක් වන සුද ඉවත් කිරීමේ ශෛල්‍ය කර්ම ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හදුන්වා නොදෙන්නේ ඇයි ?

මේ ප්‍රශ්ණය නගන්නට සිදුව ඇත්තේ - මේ වනවිට සුද නැමැති අක්ෂි රෝගයෙන් පෙළෙන දුගී ශ්‍රී ලාංකිකයින්ට ඒ සදහා වැය වන මුදල පියවා ගන්නට බැරිව සිටින්නට වීම නිසාය.

නේපාලයේ - හිමාලය කදු පාමුල සුඵ වෙළද ව්‍යාපාරික පවුලකට උපන් සන්දුක් රුයිට්, ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ - නේපාලයේ කත්මන්ඩු නුවර සිද්ධාර්ත වනස්කාලි පාසලේය. එයින් අනතුරුව ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරූ ඔහු, එයින් පසු - නෙද්ර්ලන්තයේ, ඇමෙරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීය.

ඕස්ට්‍රේලියාවේ මහාචාර්ය  ෆේරඩ්  හෝලෝඩ් යටතේ සිය ඉගෙනීම් හා පර්යේෂණ කටයුතු වල නිරතවූ සන්දුක් රුයිට‍ ඔහු හා එක්ව  සුද ඉවත් කිරිම සදහා වූ ඉතා සරල ශෛල්‍යකර්ම ක්‍රමවේදය සොයා ගත්තේය. එමෙන්ම අඩු මුදලක් වැය වන කාචයක් ද නිර්මාණය කළේය.

මේ නිසා බටහිර ලෝකයේ නිපදවන ඩොලර් 100ක් වන කාචය ඩොලර් 3.5 කට නිපදවීමට හැකි විය.

1994 දී නේපාලයේ තිල්ගංගා අක්ෂි මධ්‍යස්ථානය පිහිටුවීය. නමුත් එයට එරට සම්ප්‍රදායික වෛද්‍යවරුන් හා ආණ්ඩුවේ විරෝධය නිසා පවත්වාගෙන යෑමට නොහැකි විය. නමුත් ඔහු කිහිපදෙනෙකු හා එක්ව, රහසිගතව තම ශෛල්‍යකර්ම කරගෙන ගියේය.

ඉතා ටික කලකින් අභියෝග බිද දමමින් තම ශෛල්‍ය කර්ම ක්‍රමය හදුන්වා දීමට පියවර ගත්තේය.
මේ අතර ඔහුගේ මෙම විශ්ම ජනක ශෛල්‍ය කර්මය පිළිබද වාර්තා චිත්‍රපට නිපදවීමට, ඉහළම සිටිනා සිනමා කරුවන් එක්විය.

මේ වන විට නේපාලයේ - ලක්ෂයකට වැඩි පිරිසකට පෙනීම ලබා දීමට සන්දුක් රුයිට් ගේ වෛද්‍ය කණ්ඩායමට හැකිව තිබේ.

ලෝකයේ බොහෝ රටවලින් පැමිණි තරුණ අක්ෂි වෛද්‍යවරුන්, රුයිට් ගේ අක්ෂි කදවුරුවල ඔහු ගේ ඉතා අඩු වියදමින් සිදු කරන- සුද ඉවත් කිරීමේ ශෛල්‍ය කර්ම ක්‍රමය ඉගෙනුම ලබයි.


මේ ක්‍රමය ශ්‍රී ලංකාවට හදුන්වාදී - ලක්ෂ ගණනක් මුදල් නොමැතිවීමෙන් පෙනීම අහිමිවී ඇති අයට - ආලෝකය ලබාදීමට පියවර ගැනීම - ආණ්ඩුවේ මෙන්ම වෛද්‍යවරුන්ගේ ද වගකීම වේ.