Saturday, July 12, 2014

ළමා කාමාතුර පූජකයින් වෙනුවෙන් පාප්වහන්සේ සමාව අයදී.




කතෝලික පූජකයින් විසින් ලිංගික අපයෝජනයට ලක් කරන ලද ලක්ෂ ගණනක් ළමුන් වෙනුවෙන් මෙම සමාව ඇයද සිටීම ප්‍රැන්සිස් පාප්වහන්සේ සිදු කරන ලද්දේ ළමා අපයෝජනයට ලක් වූවන් හය දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද දේව මෙහෙයේදී ය.

කතෝලික පූජකයින් විසින් ලිංගික අපයෝජනයට ලක් කළ අයර්ලන්තයේ, බ්‍රිතාන්‍යය හා ජර්ම්න ජාතිකයින් හයදෙනෙකු සමග, වතිකානුවේදී මෙම දේව මෙහෙය පැවැත්වීමෙන පසුව, මේ හය දෙනාගේ ළමාවිය කටුක අත්දැකීම් ගැනද ප්‍රැන්සිස් පාප්වහන්සේ විමසා තිබේ.

මෙම හමුවේදී පාපයේ යෙදුන කතෝලික පූජකවරුන් වෙනුවෙන් සමාව දෙන ලෙසට ඔහු අයැද තිබේ.

නමුත්, දශක ගණනාවක් පුරා, ළමා ලිංගික අපයෝජයේ යෙදුන පූජකයින්ට වාරැදුධව පියවර ගැනීම කතෝලික සභාව ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙන, විචාරකයින්, ප්‍රැන්සිස් පාප්වහන්සේගේ සමාව අයැදීම ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරයි.

පාප්වහන්සේ සමග මෙම සාකච්ඡාවට එක්වූ දැනට, 43 වන වියෙහි පසුවන අයර්ලන්ත ජාතික මරියා කේන් තම ළමා වියේදී වසර තුනක් පුරා කාලෝලික පුජකයෙකු තමාව අපයෝජනයට ලක් වූ බව කියා සිටි අතර, අයර්ලන්ත කාදිනල් සීන් බ්‍රැඩ්ව ධූරයෙන් ඉවත් කරන ලෙසට ද  ප්‍රැන්සිස් පාප්වහන්සේ ගෙන් ඉල්ලා ඇත.

සෑම බිෂොප්වරයෙකුම, ළමුන් ගේ ආරක්ෂාව සහා කටයුතු කළ යුතු බවද හේ මෙහිදී ප්‍රකාශ කර ඇත.

ප්‍රැන්සිස් පාප්වහන්සේ  - ස්පාඤ්ඤ භාෂාවෙන්කරන ලද මෙම සාකච්ඡාවට ළමා විය අපයෝජනයට ලක් වූ හය දෙනා සමග සිය ඥාතීන් හා භාෂා පරිවර්ථකයින් ද සහභාගී වී තිබේ.









No comments:

Post a Comment