Friday, July 18, 2014

පොලීසියට ගැති කම් කරන මා.හි.කො මාතර සම්බන්ධිකරන නිලධාරින් ගැන විශ්වාසයක් නෑ.

 




කරන්දෙනිය පොලිසියේදි දැඩි වධහිංසාවට ලක්වු චන්දිල පද්මකුමාර තමා මානව හිම්කම් කොමිසමේ මුලස්ථානයට කරන ලද පැමිණිල්ල, එම කාර්යාලයෙන්ම විමර්ශණය කළ යුතු බවට අවධාරණයෙන් කියා සිටි.

මේ සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිසමේ සභාපති වරයා අමතා තිබියදිත් නැවත වරක්  විමර්ශන කටයුතු සඳහා 2014. 07. 17 වන දින මාතර සම්බන්ධිකරණ කාර්යාලයට පැමිණෙන ලෙසට ඔහු ට දන්වා,  නොපැමිණියහොත් - උනන්දුවක් නොදැක්වීම යටතේ ගොනුවේ කටයුතු අවසන් කරන බව දන්වා ඇත.

මෙම ලිපියට, ප‍්‍රාදේශය සම්බන්ධිකරණ නිලධාරී ඞී.එම්.ආර්. දිසානායක ට ලිපියක් යවන චන්දිල පද්මකුමාර, තමාට අමානුෂික ලෙස පහරදබොරු නඩු පැවරම අදාලව යුක්තිය ඉටු කර ගැනීම  අපේක්ෂාව බවත් ඒ සඳහා සිය පැමිණිල්ල - ශ‍්‍රී ලංක මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රධාන කාර්යාලයෙන් ම පරක්ෂණ කටයුතු සිදු විය යුතු බවත් තචරයේ කියා සිටි.

මාතර සම්බන්ධි කාර්යාලයේ දි තමාව අපහසුතාවයට පත්කරමින් පොලීසියට පක්ෂපාතිව ක්‍රියා කිරිම අදාලව ඔහු  2014. 07. 02 දාතමින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මයා - අමතන ලදි ලිපියේ පිටපතක් - මාතර ප‍්‍රාදේශය සම්බන්ධිකරණ නිලධාරී ඞී.එම්.ආර්. දිසානායක වෙත යවා තිබේ.



No comments:

Post a Comment