Saturday, July 19, 2014

පොලීසියයි පන්සලයි එකතුවෙලා පහරදි බොරු නඩු දායි. ස්ථානාධිපති පහරදීමට මැරයින් යොදවයි.

බදුරලිය පොලිසියේ ස්ථානාධිපති උයද කුමාර  හා කහපොල විජිත නැමැති චිවරධාරියා එකතුවි, 51 හැවරිදි ව්‍යාපාරිකයෙකු වු සෝමචන්ද්‍ර නැමැත්තාට පහරදි බොරු නඩු දැමිම ගැන සහ ස්ථානාධිපති තමාට පහරදීමට මැරයින් යොදවිම ගැන නොපමාව නීතිමය පියවර ගන්නා ලෙසට ඔහු බලධාරින් ගෙන් ඉල්ලා සිටි.

රට පුරා දියත්වෙන පෙලිස් ත‍්‍රස්තවාදයට මේ වන විට නිති විරෝධි ක‍්‍රියාවන් හි නියැලෙන චිවර ධාරින්ද එක්ව සිටි. එ් පිළිබඳ තවත් උදාහරණයකි, පොලීසියයි පන්සලයි එක්ව සංවිධානාත්මකව, සෝමචන්ද්‍ර නැමැත්තාට පහරදිම හා බොරු නඩු දැමිමේ සිද්ධිය.

2014.07.07 වන දින පාන්දර බදුරලිය පොලීසියේ ස්ථානාධිපති උදය කුමාර, කොස්තාපල් චින්තක  හා තවත් නිලධාරියෙක් ගේ ඇතුළට පැමිණ, නිදා සිටි සෝමචන්ද්‍රව ඇඳෙන් ඇදලා අරගෙන බඩු දීපන් බඩු දීපන් යනුවෙන් කෑගසා, පහර දි  කහපොල විජිත චිවරධාරියා සිටින පන්සලට ගෙන ගොස් තිබේ. ස්ථානාධිපති හා කහපොල විජිත චිවරධාරියා පැය බාගයක් පමණ කථා කරමින් සිට, පොලීසයට රැගෙන ගොස් කිබේ. එසේ ගෙනයන අතර ඔහුට නැවත පහර දි ඇත.

තුවාල ලැබ සිටි සෝමචන්ද්‍රව පොලීසය විසින් බදුරලිය රජයේ රොහලට ගෙන ගියද එහි වෛද්‍යවරයා ඔහුව පරික්ෂා නොකර පොලීසයට රැගෙන යැමට ඉඩ දි ඇත. පසුදින උදේ 2014.07.08 වන දින  මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන ගොස් පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල කිරීම සහ රාජකාරියට බාධා කිරීම යටතේ බොරු නඩු පවරනු ලැබීය. එදින අධිකරණය ඔහුව ඇප මත මුදාහරිනු ලැබීය.

එදින කහපොල විජිත සමග ආරවුලක් ඇතිකරගෙන තිබූ ක`ඵවා හෙවත් මනෝජ් වසන්තව ඇල්ලීමට පොලිස් නිලධාරීන් විශාල කණ්ඩායමක් ගමට ඇවිත් තිබුන අතර, එයට ගමේ මිනිසුන් වද එකතු කරගෙන මෙහෙයුමක් දියත් කරන බවට ආරංචි පැතිරන. මෙම ආරංචියට සවස 3.00 ට පමණ සිය නිවසයට පැමිණි චන්ද්‍රසෝම නැමති අය සමග සෝදචන්ද්‍ර පන්සලට යන ලදි.

පන්සල දෙසට යන විට ඉදිරියට ආ  කහපොල විජිත  ”උඹ කොහෙද යන්නෙ” කියා ප‍්‍රශණ කර ඇත. කාරණය කී විට ”උඹ කසිප්පු කාරයෙක් උඹ පන්සලට එන්න එපා, දැන්මම පන්සල් භූමියෙන් පිටවෙලා පලයන්” කියා කහපොල විජිත අණ කර ඇත. එ් අනුව පිටව යැමට සුදානම් වන විට ”මූව මෙහෙම යවලා හරියන්නේ නෑ, මූට ගහපල්ලා” කියා එතන සිටි කාන්තාවන්ට කහපොල විජිත  අණ කර තිබේ.

එ් අවස්ථාවේ පන්සලේ ගල්වැටිය ළඟ සිටි ගැහැණුන් අතුරින් 20 ක් විතර සෝමචන්ද්‍රට පොලූ වලින්, ගල් වලින්, අතින් පයින් පහර දෙන්නට විය. එතන හිටපු බුලත්සිංහල පොලීසියේ නිලධාරීන් ”තව ගහපල්ලා, තව ගහපල්ලා” යනුවෙන් ඔවුන් ව දිරිමත් කර තිබේ.

මෙම පහර දිම අතර එතන්ට ආපු බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයා, ”ගහන්න එපා, ගහන්න එපා” කියා ඔහුව බේරා ගෙන ජීප් එකට දාගෙන පොලීසයට ගෙනවිත් කූඩුවට දමා තිබේ. සිද්ධිය ආරංචිවි බදුරලිය පොලීයට පැමිණි මොහුගේ බිරිඳ තම සැමියාට පහර දිම ගැන පැමිණිල්ලක් දාන්න  ඕනෑ යැයි ප‍්‍රකාශ කර ඇත. නමුත් එයට ඉඩ ලබාදි නැත.

නමුත් මොහුට පහරදීම සැලසුම් කල පන්සලේ සිටි යසපාල නැමැත්තාගෙන් හා කහපොල විජිත ගෙන් ගහන්න ආවා, පන්සල ගිනි තියන්න ආවා කියා පැමිණිලි ලියා ගත් බදුරලිය පොලීසිය එදින රාත‍්‍රියේ  පොලීසියේ රඳවාගෙන කිසිදු ප‍්‍රතිකාරයක් ලබා නොදි පසුදින එනම්, 2014.07.09 වන දින සවස 3.30 ට පමණ,  හාමුදුරුවන්ට ගහන්න ගිය බවට හා පන්සල ගිනි තියන්න ගිය බවට”  චෝදනා කොට මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලැබීය. සියලූ කරුණු සලකා බැලූ අධිකරණය ඔහුව ඇප මත මුදා හරිණු ලැබීන.

දින දෙකකට පසුව එනම් 2014.07.11 වන දින මොහු ගේ නිවසට යතුරුපැදි දෙකකින් පැමිණ පුද්ගලයන් හතර දෙනෙක් පවුලම මරා දමන බවට හා දේපළ විනාශ කර දමන බවට තර්ජනය කර ගොස් ඇත.

මෙම සිද්ධිය හා අදාල පැමිණිල්ල විභාගයට 2014.07.16 වන දින අදාල පුද්ගලයන් සමග මොවුන්ව  කැඳවූ බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයා  මෙම පුද්ගලයන් ගියේ මගේ කීමට්, මම තමයි උන්ව යැව්වේ” යැයි ප‍්‍රකාශ කර ඔවුන් හා එක්ව ඔහුවත්, බිරිවත් මරණ බවට තර්ජනය කොට  ස්ථානාධිපතිවරයා බිරිඳගෙන් බලහත්කාරයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගෙන තිබේ.

පොලීසියෙන් පිටවු අවස්ථාවේ දීම ඔහුගේ බිරිඳ බදුරලිය පොලිස් ස්ථානාධිපතිගේ ක‍්‍රියාකලාපය ගැන සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කිරීමට යන ලදි. නිවස බලා යමින් සිටි මොහුට මග රැක සිටි ඉහත පිරිස අමානුෂික ලෙස පහර දෙන ලදි.

මෙයින් පැහැදිලි වන්නේ මේ වනවිට චිවරධාරින් සහ පොලීසිය එක්ව සිදුකරන අපරාධ පැතිර යන බවයි.


















No comments:

Post a Comment