Sunday, July 6, 2014

කුණු බිත්තරය ගහපු එකා හොයන්න උදෙන්ම ආපු සේවකයා අල්ලා බඩ මිරිකයි.


.ලංකා රබර් තාක්ෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ කාමරයට එල්ලවූ කුණු බිත්තරය ගහපු එකා හොයන්න ගල්කිස්ස පොලිසිය දියත් කළ මෙහෙයුම සාර්ථකව නිම කළේ  - උදෙන්ම ආපු සොවකයාව අල්ලාගෙන ගොස් බඩ මිරිකා දැමිමෙන්ය.

එයට අමතරව මෙම සේවකයාට බැණ තර්ජණය කරමින්, බිත්තරය ගහපු බව පිළිගන්නා ලෙසට බල කළ ද, ඔහු තමා නොකල දෙයක් පිළිගැනීම තරයේ ප්‍රතික්ෂේපකර සිටියේය.

රත්මලාන, තෙලවල, රබර් තාක්ෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයට පත්විම ලැබ පැමිණී   සුසන්ත සිරිවර්ධන නැමැති නිලධාරියාව සාදරයෙන්  පිළිගැනිමට මෙම බිත්තරය, ඔහුගේ කාර්යාල බිත්තියට එල්ලකර තිබිණ.

වහාම ගල්කිස්ස පොලිසිය කැදවූ එහි අධ්‍යක්ෂවරයා බිත්තරය ගහපු තැනැත්තාව සොයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස පොලිසියෙන් ඉල්ලා සිටියේය.

පොලිස් නිලධාරීන් හයදෙනෙකු ගෙන් පමණ සමන්මිත කණ්ඩායමක් පරික්ෂණ පවත්වා, කිසිදු සැකකරුවෙකු සොයා ගැනිමට නොහැකිව, එදින උදේ ම තම කාර්යාලයට පැමිණි රසායනාගාර සහායක පියතිස්ස මයාව අල්ලාගෙන ගොස්, බිත්තර ගැසූ බවට පිළිගන්නා ලෙසට, බලකළේ බැණ තර්ජණය කරමින්ය. අසිමිත වේදනාවක් ගෙන දෙන පරිදි බඩ මිරිකා දැමිමෙන්ය.

උදේ, ආරක්ෂක නිලධාරිනිය සමග තමා සේවය කරන රසායනාගාරයට පැමිණ, එහි පවිත්‍රතා කටයුතු කිරිමේ යෙදුන, මෙම සේවකයාව , සුපුරුදු පරිදි පොලිසිය අභූත චෝදනා නැගීමට උත්සාහ ගෙන ඇත්තේ කුණු බිත්තර ප්‍රහාරයට ලක්වූ සුසන්ත සිරිවර්ධන නැමැති නිලධාරියා පිනවන්නටය.

මෙම අසාධාරණ සිද්ධියට මුහුණ දුන් - මෙම ආයතනයේ වසර විස්සකට ආස්න්න කාලයක් මෙම ආයතනයේ සේවය කල පියතිස්ස මයා, තමාට ගල්කිස්ස පොලිසිය සිදුකල අපරාධය ගැන, අදාල බලධාරින්ට පැමිණිලි කර සාධාරණයක් ඉටුවේය යන අපේක්ෂාවෙන් සිටි.


No comments:

Post a Comment