Friday, July 4, 2014

මානව හිමිකම් කොමිෂම දූෂිතයින් රකියි. වින්දිතයින් ට යන එන මං නැති කරයි.


මානව හිමිකම් කොමිෂමේ මාතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අක්‍රමිකතා හෙළි කිරීම, පරික්ෂණ යට ගැසීමට හේතුවක් වෙලාද.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ප්‍රියන්ත පෙරේරා ට ලිපියකින් දැනුම් දෙන, කරන්දෙණීය පොලිසියේ වධහිංසාවට ලක්වුනු චන්දිල ගුරුසිංහ මහතා, පැමිණිල්ල ලියා පදිංචි කර වසරක් ඉකුත්වී ඇත්ත පරීක්ෂණ ආරම්භ කර නැති බවට චෝදනා කරයි.
කරන්දෙණීය පොලිසිය, තම කුලය ඉස්මතු කරමින් කෘෘර වධහිංසාවන්ට ලක් කළේ 2013.05.07 දීය.
ඉන් අනතුරුව බොරු චෝදනා නගා බන්ධණාගාරගත කරන ලදි. බන්ධණාගාරය විසින්ම ඔහුව, කරාපිටිය ශීක්ෂණ රෝහල ට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදෙන ලදි.
මානව හිමිකම් කොමිෂන් සභාව මේ පිළිබදව කරන ලද පැමිණිල්ල - විමර්ශණය සදහා මාතර ප්‍රාෙද්ශීය මධ්‍යස්ථානයට යොමු කරන ලදි.
මාතර ප්‍රාදේශීය මධ්‍යස්ථානය, ඔහුව දැඩි පීඩාවට පත් කළේය. එම පසුබිම තුල තම පැමිණිල්ල හා අදාල  පරික්ෂණ ප්‍රධාන කාර්යාලය මගින් පවත්වන ලෙසට ඔහු ඉල්ලා සිටියේය.
මාතර ප්‍රාදේශිය මධ්‍යස්ථානය භාර දිසානායක නැමැති නිලධාරියා හා අනෙකුත් විමර්ශණ නිලධාරීන් ප්‍රදේශයේ පොලිසිය හා එක්ව, වින්දිතයින් පාවා දෙන බවට චෝදනා රැසක් එල්ලවී තිබේ.
එපමණක් නොව, මෙම ප්‍රධාන නිලධාරියා රැකියාව ලබාගෙන ඇත්තේද, ව්‍යාජ සහතික ඉදිරිපත් කර බවට වන චෝදනාවන්ද එල්ලවී තිබෙන අයෙකි.
මෙම දූෂිත තත්වය තුලද, ඔවුන් රැකගනිමින් වින්දිතයින් දැඩි අපහසුතාවයට පත්කරන මෙම නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කර, අදාල විමර්ශණය ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලෙසට ඉල්ලා සිටියද, එය මගහරිමින්, වින්දිතයින් පීඩාවට පත් කරන වත්මන් කොමසාරිස්වරුන්ගේ ක්‍රියාකලාපය හෙළා දැකිය යුතු අතර, ඒ පිළිබදව හෙළිදරව් කල යුතුව තිබේ.


No comments:

Post a Comment