Friday, July 4, 2014

පුතා කුඩුබොන බවට අම්මාගෙන් සහතිකයක් ගන්න හදයි.


තම සැමියාට, බොරු නඩු දැමීමට දරන උත්සාහය පිළිබදව - පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් කරන 21 හැවිරිදි, එක් දරු මවක් වන මධුෂානි මහත්මිය-මේ ආකාරයට පයාගල පොලිසියේ ස්ථානාධීපති වරයා ක්‍රියා කරන්නේ, යම් යම් පුද්ගලයින්ගේ බලපෑම්වලට යටත්ව බවද, කියා සිටී.
මෙම ස්ථානාධිපතිවරයා, තම සැමියාව පොලිසියට ගෙන්වා, උඹ කුඩු ගහනවා නේද යයි බැණ තරජණය කරමින් අසා ඇත. ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කල විට එහෙනම් ගංජා ගහනවා නේද යයි ප්‍රකාශ කරමින් තර්ජනය කර තිබේ.
උඹ ඉන්නේ හිරගෙදර උලුවස්ස ලග, උඹේ අවසානය ලගයි කියමින් තර්ජණය කර, ඔහුගේ මවගෙන් - පුතා කුඩුබොන අයෙකු බවට ප්‍රකාශයක් ගැනීමට උත්සාහ ගෙන ඇත.
විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ - රාජ්‍ය දෙපාර්තමේන්තුව බවට පත්ව සිටින පොලිසිය, අසරණයකු අල්ලා වධ දී, බොරු චෝදනා නගා, බන්ධණාගාරගත කිරවීමේ පුරුද්ද, මේ වන විට කුඩු දමා පුනරුත්තාපන කදවුරු වලට ගාල් කරවීමට, අධිකරණය බළල් අතක් කරගෙන තිබේ.

රාජපක්ෂ පාලනයේ අවශ්‍යතාවය මත, පිස්තෝල ඉනේ ගසාගෙන, අසරණයින් මරා දැමීමටද, බොරු නඩු දමා හිරගෙවල්වලට ගාල් කිරීමද සිදුකරන, පොලිසිය පිළිබදව තමන්ට වරදින තුරු බලා නොසිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලමු.

No comments:

Post a Comment