Tuesday, July 22, 2014

Kool සිගරට් බීලා, මිය ගිය අයගේ බිරිදට ඩොලර් බිලියන 23ක වන්දියක්.


වසර විස්සක් සිගරට් බීපු මයිකල් ජොන්සන් - වයස 36 දී මිය ගියා. ඒ පෙනහඵ පිළිකාවකින්ය. දවසකට සිගරට් 60ක් පානය කිරීමට තරම් මොහු සිගරට් වලට ඇබ්බැහි වී තිබින.

ඔහු පානය කළේ ලොව දෙවන විශාලතම සිගරට් සමාගම වන, ලෝ ප්‍රකට කැමල් - සිගරට් අළෙවි කරන, ඇමෙරිකාවේ රොනෝල්ඩ් සමාගම නිපදවන කූල් නම් වූ - මෙන්තෝල් අඩංගු සිගරට්ය. ඔහු මිය ගියේ 1996 දී. 2008 වසරේදී ඔහුගේ බිරිද සින්තියා රොබින්සන් - රෙනෝල්ඩ් සමාගමට එරෙහිව නඩු පැවරුවා.

නඩුව පැවරුමේ සමාගම තම සැමියා පානල කල Kool සිගරට් වල අන්තර්ගත නිකටින් ඇතුලු පිළිකා ඇතිකරන කාරක පිළිබදව නිසි දැනුම්දීමක් හා දැනුවත් කිරීමක් කර නොමැතිවීම මතය. ඒ නිසා තම සැමියා ගේ මරණයට රෙනෝල්ඩ් සමාගම වගකිවයුතු බව කියා සිටියා. ඒ වෙනුවෙන් වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

මොහු සිගරට් පානය ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 16 දීය. ඇමෙරිකානු නීතිය අනුව, මෙවන් නඩුවකදී ඔප්පු කළ යුත්තේ ඇබ්බැහිවීම හා රෝගයට හේතුව සිගරට් පානය බව ඔප්පු කිරීම පමණකි.

ඇමෙරිකාවේ, ප්ලොරීඩා නුවර අධිකරණය ජූරි සභාවක් ඉදිරියේ මෙම නඩුව විභාග කරන ලදි.
අධිකරණය, බිරිදට හා දරුවන්ට ඩොලර් බිලියන 23ක වන්දියක් ගෙවන ලෙසට රෙනෝල්ඩ් සමාගමට නියම කළේය.

පසුගියදා මෙම අති විශාල වන්දි මුදල ගෙවීමට ජූරිය නියම කළේ, බාල පරම්පරාව දුම්පානයෙන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බැවින්ය.


කෙසේවෙතත් වන්දි මුදල් ප්‍රමාණය අඩුකර ගැනීම සදහා - සමාගම, තින්දුවට එරෙහිව අභීයාචනා කිරීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment