Monday, July 7, 2014

Face book, twitter සදහා මෝඩිගේ උපරිම සහය හිමිවේ.



ශ්‍රී ලංකාව ඇතුලු, ප්‍රජාත්නත්‍ර විරෝධී රටවල් Face book, twitter ප්‍රමුඛ නව මාධ්‍යයන්ට එරෙහි නිති ගෙන ඒමට උත්සාහ දරන අතර, ඉන්දියාවේ නව අගමැති ඒ සදහා දිරිදිමට ඉදිරිපත්වීම, මෙරට නායකයින්ද ආදර්යට ගත යුතුයි.

සිය මැතිවරණ ව්‍යාපාරය සදහා Face book, twitter ඇතුලු අන්තර්ජාල තාක්ෂණ යොදා ගත් මෝඩි ඒ තුලින් සිට ජනප්‍රියත්වය අසිමිතව වැඩි කර ගත්තේය.

මේ වන විට මෝඩිගේ Face book එකට ලැබි තිබෙන ප්‍රතිචාර, ලොව සිව්වන ස්ථානය ගනි. එය මිලියන 18.8කි.

සිය ආණ්ඩුවේ ක්‍රියාවන් පිළිබදව Face book හා twitter භාවිතා කරන ලෙසට සිය ඇමතිවරුන්ට දන්වා ඇති අගමැති මෝඩි, අන්තර්ජාල පහසුකම් වර්ධනයට, එම සමාගම්වලට ඇරයුම්කර ද තිබේ.

පසුගියදා Face book ප්‍රධාන විධායක නිලධාරිනිය ෂර්ලි සැන්ඩ්බර්ග් අගමැති මෝඩි හමුවි - තම සමාගමේ කටයුතු ඉන්දියාව තුල පුලුල් කිරීම පිළිබදව අදහස් හුවමාරු කරගෙන තිබේ.



No comments:

Post a Comment