Monday, July 21, 2014

එස්.ටි.එෆ් නිලධාරින් මරන්න ගත්තු කොන්ත‍්‍රාත්තුව අවලංගු කරන්න ලක්ෂ තුනක් ඉල්ලයි.

මේ ගැන පැමිණිලි කිරිමෙන් පසුව පොලීසිය හිරිහැර කරන්න පටන් අරන්. ව්‍යාපාරික යෙකුවු දර්ශණ සිද්ධිය අදාලව පොලිස්පති හා මානව හිමිකම් කොමිසමට කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

 ර්‍ණවිශේෂ කාර්ය බලකායේ අජිත් හා මහේෂ් යන දෙන්නා, මා මුණ ගැසීමට අවශ්‍ය බව පවසා, එ් අනුව මා මුණගැසුනු විට, ඔවුන් මට කියා සිටියා අපේ ලොකු මහත්තයාට සුමේධ රුපියල් ලක්ෂ තුනක් දීලා තියෙනවා මාව මරා දමන්න නැතිනම් මත්ද්‍රව්‍ය හෝ බෝම්බයක් දමා රිමාන්ඞ් කරන්න කියා.

මා ඔවුන් දෙන්නාට කිව්වා මට එ් තරම් මුදලක් නැති බව. එවිට ඔවුන් රුපියල් පනස්දාහක් ඉල්ලූවා. මා එය දුන්නා. එ් 2014.03.06 වන දින. ඊට දින දෙකකට පස්සෙ රුපියල් එක් ලක්ෂ විසිදාහක් ඉල්ලූවා.

එයින් පසුව මා, රාජගිරිය විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ගොස් එහි පොලිස් පරීක්ෂක නදීක සිල්වාට පැමිණිලි කළා.

මුදල් ඉල්ලූ අජිත් හා මහේෂ් යන අය මට කතා කළ දුරකතන අංකය ලබා ගත්තා. එම දුරකතන අංකයට අනුව ඔවුන් මහේෂ් යන අයගේ තොරතුරු ලබා ගත්තා. ඔහුගේ ඡුායාරූපයක් ද ගෙන මට පෙන්වා තහවුරු කර ගත්තා.

පොලිස් පරීක්ෂක නදීක සිල්වා මට කියා සිටියා මේ ගැන පරීක්ෂණ කරනවා. මට භිය නොවී සිටින ලෙසට.”


මාසයකට පමණ පසුව පාදුක්ක පොලීසියේ නිලධාරින් දෙදෙනෙක් පැමිණ මොහුගේ නිවස සෝදිසි කර ඇත. එයින් අන්තුරුව, 2014.05.20 වන දින පාදුක්ක පොලීසියෙන් ද හා 2014.07.06 වන දින, වලාන ¥ෂණ මර්ධන එ්කකයේන් ද  නිලධාරීන් විශාල පිරිසක් පැමිණ, !මොහුගේ නිවස සම්පූර්ණයෙන්ම සෝදිසි කර ගොස් ඇත.

නිවස සොදිසි කරන්නේ පොලිස්පති නියෝගයකට අනුව බව බවසා ඇති අතර, සොයන්නේ ගිනි අවි, කුඩු බව පවසා තිබේ.

පදනම් විරහිතව තමා පසු පස පොලීසිය යොදවා අභූත චෝදනා නගා යම් අපරාධ චෝදනාවක්  නැගීමට පොලීසිය යෙදවීමේ උත්සාහය පිටු පසු, කලකට පෙර තමා සමග ව්‍යාපාරික කටයුතු වල නියැලූනු සුමේධ නැමැත්තා සිටින බවට සැක කරන ඔහු මේ තැනැත්තා පොලීසිය සමග සමීප සම්බන්ධතාවයන් පවත්වන අයෙකු බව ප‍්‍රකාශ කරයි.

එමෙන්ම එස්.ටි.එෆ් නිලධාරින්ට එරෙහිව කරන ලද පැමිණිල්ල ද ප‍්‍රබල හේතුවක් ලෙසට ඔහු දකියි.

ඔහු සිය ලිඛිත පැමිණිල්ලෙන් පොලිස්පති හා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ පරික්ෂණ කර තම ආරක්ෂාව ෂලසන ලෙසට හා ව්‍යාජ පැමිණිලි කරන්නන්ට එහෙිව නීකතිමය පියවර ගන්නා ලෙසටය.





No comments:

Post a Comment