Showing posts with label RuleofLaw. Show all posts
Showing posts with label RuleofLaw. Show all posts

Sunday, June 4, 2023

 

බරපතළ නිදන්ගත රෝගවලින් පෙළෙන ඉන්දිකා ව සවුදියේ ගෘහ සේවිකාවක් ලෙසට කූඨ ලේඛන යොදා ගෙන යවන ලද්දේ විදේශ සේවා කාර්යංශයේ අනුග්රවහය ඇතිව RADO MANPOWER SERVICE (PVT)LTD නැමැති ඒජන්සිය මගින්ය. සවුදියෙ හාම්පුතාගේ හා තානාපති කාර්යාලයට සම්බන්ද sultan නමැත්තා ගේ පහරකෑමට ලක්වූ බරපතලව රෝගීව සිටින ඇයව ගෙන්වා ගැනීම සඳහා ලක්ෂ 18ක් සැමියාගෙන් විදේශ සේවා කාර්යංශයේ පරිපාලන නිලධාරී එම්. ඩි. ආරියපාල හා ඒජන්සිය ඉල්ලා සිටි. ජිවිත හානියක් වීමට පෙර වහාම මැදිහත් වන ලෙසට ඇමති මනුෂගෙන් හා වගකිවයුතු සියලු දෙනාගෙන් දරුවන් 3වෙනුවෙන් සැමියා ඉල්ලා සිටී.

Wednesday, July 8, 2020

Facebook යොදාගෙන රු: ලක්ෂ 80 වැඩි මුදලක් වංචා කරලා. නැති වූ හැදුනුම්පතක් භාවිතා කරලා ලූ.




ඔන් ලයින් ක‍්‍රමයට භාණ්ඩ ගෙන්වා දෙන බවට - මුහුණු පොත උපයෝගී කරගන කරන ලද මහා පරිමාණ මුදල් වංචාවක් පිළීබදවයි මේ පුවත.





දැනට මොස්කව් නුවර Burger King  ක්ෂණික ආහාර වෙළද සැලක සේවය කරන, දර්ශණ නම් වූ අය ප‍්‍රකාශ කරන්නේ, තම නැතිවූ ජාතික හැදුනුම්පත උපයෝගී කරගෙන, APEX WORLD  නමින් Facebook  ගිණුමක් උපයෝගී කරගෙන මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි.

ඔහු ප‍්‍රකාශ කරන පරිදි, තම ජාතික හැදුනුම්පත උපයෝගී කරගෙන, හාලිඇළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ, ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

APEX WORLD නමින් කර තිබෙන මෙම ජාවාරම, සිදු කර ඇත්තේ ඉතා ඉහළ වටිනාකමක් ඇති ජංගම දුරකථන, ගෙදරටම ගෙනවිත් බාර දෙන බවට හා වාරික මගින් ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි.

උදාහරණයක් ලෙසට රු168 902ක් වටිනා දුරකථනයක් රු 143 565 කට මිල සදහන් කරයි.  රු: 56 800ක් වටිනා ජංගම දුරකථනයක් සදහා වාරික ක‍්‍රමයට ලබා ගැනීමට,මූලික ගෙවීම වශයෙන් ගෙවිය යුත්තේ රු:14 200 ක මුදලක් පමණි.දුරකථනයක් මිලදී ගැනීමට නම් එම මුදල් හාලි ඇළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 107518010820 දරණ  ගිණුමට බැර කිරීම පමණි.


එසේ මුදල් බැර කරන ලද කිසිවකුට ජංගම දුරකථන ලැබී නැත.
මෙම වංචාවට ගොදුරු වූ පිරිස්, මේ පිළිබදව පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිලි ඔස්සේ- පොලිසිය පන්නන්නේ රුසියාවේ සිටින තමාගේ මව පස්සේ බවද දර්ශන වැඩි දුරටත් කියා සිටී.

මෙම මුදල් වංචාව - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සයිබර් අපරාධ අංශයට බාරදිය යුතු බවද ඔහු කියා සිටී.

මාස 6කට ආසන්න කාලයක් පුරා සිදු කර ඇති මෙම වංචාව තනි පුද්ගලයෙකුට කළ හැක්කක් නොවන බවද ඔහුගේ මතයයි.

Thursday, June 11, 2020

පූසාට වස දැමූ පොලිස් කාරයා තවමත් නිදැල්ලේලූ !



කොරෝනා ඇඳිරිය අස්සේ කුණුවලට වන රංඩුව කෙළවර වුනේ පූසෙකුගෙන්.

කාන්ති දෙදරු මවක්. සැමියා විදෙස්ගතව සිටින රටවිරුවෙක්. අසල්වැසියා පොලිස් කාරයෙක්. ඔහු තමන්ගේ වත්ත මායිමට සීමා නොවී, කාන්තිගේ වත්තේ සීමාවටද පැමිණෙන්නේ පාරේ කුණු අතු ගාන්නටය.
ඔහු එම කුණු සියල්ල, කාන්තිගේ වත්තට තල්ලූ කරනවා පමණක් නොව, ඇගේ වැටට හානි වන අන්දමට ගිණි තබයි.

2020/04/13 වන දින, ගමගේ නම් මේ පොලිස් කාරයා සිය අතුගෑම ආරම්භ කර කාන්තිගේ වත්තේ මායිමටද අතුගාමින්, කුණු එකතු කරන විට එය නොකරන ලෙසට කීමත් සමග ඇතිවූ සංවාදය ශුද්ධ සිංහල විවාදයකට පෙරළින.

කාන්ති කියන්නේ, ගමගේ පොලිස් කාරයා ඔහු අත තිබූ ඉදලෙන් තමන්ට ඇන්න බවයි. කාන්ති ද නිකම් සිට නැත.

පසුදින අළුයම කාන්තිගේ පවුලේ සුරතලා වූ පූසා මැරී සිටිනු දකින්නට ලැබින.

නිවසේ cctv කැමරා පරීක්ෂා කිරීමේදී ගමගේ ගේ නිවස පැත්තෙන් තාප්පයට උඩින් යමක් වැටෙනවා පෙනෙන්නට තිබින.

අළුයම පූසා එම දෙය කන හැටිද දිස්වින.

ටික වේලාවකින් දඟලන්නට පටන් ගත් පූසා අවසන් හුස්ම හෙලන හැටිද දිස් විය.

මෙය අපරාධයකි. 

මෙම අපරාධය ගැන කොරෝනා ඇඳිරිය අතර පැමිණිලි කරන්නට, කාන්ති පානදුර පොලීසියට පැමිණියේය.

එතැන් පටන් සියලූ විස්තර ඇය විසින් පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. 

පොලීසිය, සිය සගයා ගමගේ පොලිස් කාරයාව බේරන්න කටයුතු කරන බව කාන්ති චෝදනා කරයි.

                              කියවන්න කාන්තිගේ පැමිණිල්ල.

 01. සභාපතිනිය                
    මානව හිමිකම් කොමිෂන් සභාව        
    අංක 14
    ආර්.එ්. ද මැල් මාවත
    කොළඹ 04
02. පොලිස්පති                  
    පොලිස් මූලස්ථානය         
    කොළඹ 01

පොලිස් නිලධාරියෙකු (විශ‍්‍රාමික) විසින්, පොලිස් බලය උපයෝගී කරගෙන අපරාධයක් වසන් කිරීමට ගන්නා උත්සාහය වලක්වා, යුක්තිය ඉටු කරන ලෙසට කරන ඉල්ලීම.

කාන්ති රත්නායක, අවු: 52, ජා.හැ.අ. 687570***V, විවාහක, දරුවන් 02 යි. ලිපිනය: ********** දු.අ. 076 700****

2020.06.09 වන දින දීය.

2020/04/13 වන දින, අපේ වත්තට, වස කලවම් කනර ලද මස් කැබලි, විසිකර තිබිනි. එම වස මිශ‍්‍ර මස් කැබලි අපගේ පූසා, 2020.04.14 වන දින කන ලදි. එම වස වලින් පූසා උදේ 7.30 ට පමණ මිය යන ලදි.

මේ සිදුවීම අපගේ නිවසේ, cctv කැමරාවල ඉතා පැහැදිළිව සටහන්ව තිබින. 

ඒ අනුව, 2020.04.13 වන දින රාත‍්‍රී 7.20 ට පමණ, අපගේ නිවසට යාබද නිවසේ පුද්ගලයකු, තාප්පයට උඩින්, වත්තට විසි කරනවා සටහන්ව තිබේ.

එම විසි කළ දේ, පසු දින, 2020.04.14 අළුයම 5.15 ට පමණ, අපගේ පූසා කන අයුරු සහ ඉන් අනතුරුව, එම වස ශරීරගත වීම නිසා, එදින උදේ 7.30 වන තෙක් පණ ඇද මිය යන අයුරුද සටහන්ව තිබේ.

මෙම වස මිශ‍්‍ර මස් කැබැල්ල අප වත්තට විසිකරන ලද්දේ, අප නිවසට යාබද නිවසේ පදිංචි නෙවිල් ගමගේ නැමැත්තා බව ප‍්‍රකාශ කරමි.

එසේ ප‍්‍රකාශ කරන්නේ, 2020.04.17 වන දින, උදේ 7.15 ට පමණ, මෙම නෙවිල් ගමගේ නැමැත්තා අප නිවස ඉදිරිපිට පාරේ, අප වැට දිගටම අතුගාමින් කුණු, වැටට හේත්තු වන අන්දමට එකතු කරමින් සිටියා.

මීට පෙරද, මොහු මෙසේ අතුගා වැට අයිනට එකතු කරන කුණු රොඩු රාත‍්‍රියේ ගිනි තබන හෙයින්ද, එ් නිසා අපගේ වැටට හානි වන නිසාද, මා ඔහුට කිව්වා, ඔය ආකාරයට පාරේ අපට හිමි සීමාවේ අතුගෑම නොකරන ලෙසට.

එයට උරන වූ ඔහු, අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කරමින්, නොහොබිනා ආකාරයට හැසිරෙන්නට පටන් ගන්නා ලදි. එ් අතර, ඔහුගේ බිරිඳ පැමිණ, එතැනින් ඔහුව ඉවත් කර ගනු ලැබීය.

එදිනම හවස 3.30 ට පමණ, මෙම නෙවිල් ගමගේ, අප නිවස ඉදිරිපිටින් යතුරුපැදියෙන් යන අතර, කාන්ති බලා ගනින්, ඉස්සෙල්ලා ගස් වලට වස දාපු විදියට, උඹලාට කරනවා කියමින් යන්න ගියා.

මෙම පුද්ගලයා කාලයක සිට අපට හිරිහැර වන අන්දමට, නොහොබිනා ආකාරයට හැසිරෙන අතර, අප නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට මූලික හේතුව වූයේ, ඔහු විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙකු නිසාය.

පවතින වාතාවරණය තුළ, මොහු සිදුකළ අපරාධය ගැන නිහඬව නොසිටය යුතුය යන පදනම යටතේ, 2020.04.14 දින පානදුර දකුණ පොලීසියේ පැමිණිලි කරන ලදි. පැමිණිලි අංකය: CIB-4/103/4J වේ.

මෙම පැමිණිල්ලට, එදින ප.ව. 2.30 ට පමණ, පානදුර පොලීසියේ, උ.පො.ප. ප‍්‍රනාන්දු පැමිණියා. ඔහු ස්ථානගත පරීක්ෂණය කර, පශු වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණය ලබාගත යුතු බව පවසා, පූසාව වල නොදමන ලෙසට උපදෙස් දී, යන ලදි.

එදින සවස 5.00 ට, උ.පො.ප. ප‍්‍රනාන්දු දුරකථනයෙන් අපට කථා කර, කොරෝනා වසංගත තත්ත්වය තුළ, පශු වෛද්‍ය සහය ගන්නට නොහැකි බව ප‍්‍රකාශ කර, පූසාව වල දමන ලෙසට කියා සිටියා.

ඔහු කිව්වා, පූසාට වස දී ඇති බවට, නිරීක්ෂණ සටහන් ලියා තිබෙන නිසා, ගැටළුක් නැති බව.
එම උපදෙස් අනුව, අප පූසාව වල දැමුවා.

ඇඳිරි නීතිය පැවති සමය අවසන් වූ, 2020.05.11 වන දින පොලීසියට ගොස් අපගේ පැමිණිල්ල ගැන විමසා සිටියද, එහිදී අගේ ඉල්ලීමට ප‍්‍රතිචාර ලැබුනේ නෑ. අපට තර්ජනාත්මකව, යන ලෙසට නියම කළා.

ඊට පසුව, 2020.05.28 දින, පොලීසියට ගොස් විමසූ විට, පසුදින, 2020.05.29 දින උදේ 10.00 ට එන ලෙසට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදීම, නෙවිල් ගමගේට දුරකථනයෙන් පොලීසියට එන ලෙසට දැනුම් දුන්නා.

පොලීසියේ උපදෙසු අනුව, 2020.05.29 නියමිත වේලාවට ගියා. නෙවිල් ගමගේ පැමිණ සිටියේ නැහැ.

අපට, 2020.05.30 දින එන ලෙසට දැන්නුවා. නෙවිල් ගමගේට පැමිණෙන ලෙසට දැනුම් දෙන බව කිව්වා.

2020.05.30 දන අප ගියා. නෙවිල් ගමගේ පැමිණ සිටියේ නෑ.

2020.05.31 පොලීසියට ගියද, නෙවිල් ගමගේ පැමිණ සිටියේ නැති නිසා, උ.පො.ප. ප‍්‍රනාන්දු, පොලිස් කොස්තාපල් වරයෙකු, නෙවිල් ගමගේ ගේ, නිවසට යවා, 2020.06.05 දින විමර්ශනයට එකඟ කරවා ගනු ලැබුවා.

නමුත් නෙවිල් ගමගේ, 2020.06.05 ද, පැමිණියේ නෑ.

එයින් පසුව, 2020.06.07 දින ඔහුව ගෙන්වා ගැනීමට පොලීසිය සමත් වුනා.

මේ දිනයේදී, උ.පො.ප. ප‍්‍රනාන්දු, ඉදිරියට පැමිණි, නෙවිල් ගමගේ, අපගේ පැමිණිල්ල ලබාගෙන කියවා, ”මම මේවා පිළිගන්නේ නෑ” කියා අප නිවසේ cctv කැමරාවල, සටහන් ඇතුළත් CD තැටියක් ලබාදෙන ලෙසට ඉල්ලූවා.

උ.පො.ප. ප‍්‍රනාන්දු ඉදිරියේදීම, මෙම නෙවිල් ගමගේ අපට, තර්ජනය කරමින්, විවිධ අවලාද නගමින් දොස් පවරන විට, පොලිස් නිලධාරීන් නිහඬව සිටියා.

ඉන්පසුව උ.පො.ප. ප‍්‍රනාන්දු, රතු අකුරෙන් ලියන ලද ප‍්‍රකාශයට, අපට කියවන්නට ඉඩ නොදී අත්සන් ගෙන, පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරන බව කියා සිටියා. අපගේ cctv කැමරාවල CD තැටියක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා.

මා ප‍්‍රකාශ කරන්නේ, නෙවිල් ගමගේ ගේ, පොලීසිය හා පවත්නා සම්බන්ධය මත මාගේ පැමිණිල්ල යටපත් කිරීමේ උත්සාහයක් ඇති බවයි.

අපගේ පූසාව, සැලසුම් සහගතව වස ලබාදී, මරා දැමීම පිළිබඳව, නෙවිල් ගමගේ එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙම අපරාධය ගරු අධිකරණයට වාර්තා කර, අප සතුව පවතින සියලු සාක්ෂි ලබාගෙන නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මෙයින් පසුවද, මෙම පුද්ගලයා අප ඉඩමේ සීමාව අතුගාමින්, කුණු රොඩු එකතු කිරීම සිදුකර අප ප‍්‍රකෝප කිරීමටට කි‍්‍රයා කරයි.

පොලීසියේදී, අපට තර්ජනය කිරීමද සිදු කරයි.

පොලීසිය පූසාගේ මරණය පිළිබඳව පශු වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමට ක‍්‍රියා නොකළ නිසා අධිකරණය මගින් නියෝගයක් ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කරවීමට පියවර ගන්නා ලෙසත්,

අපගේ පූසාගේ මරණය සම්බන්ධ සියලු ම cctv කැමරාවල දර්ශණ, අධිකරණ නියෝග මත ලබාගැනීමට පියවර ගන්නා මෙන්ද වැඩිදුරටත් ඉල්ලා සිටමි.

මෙයට,

කාන්ති රත්නායක

පිටපත: ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
            ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
            පානදුර













Saturday, June 23, 2012

නඩුවෙන් නිදොස් කොට නිදහස් .... එහෙත්!


Nandani Kumari

නඩුවෙන් නිදොස් කොට නිදහස් .... එහෙත්!

වෙනත් පුද්ගලයින්ගේ අවශ්‍යතාවයට, අසරණයින් අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා නගා, වධහිංසා, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි හා දඬුවම් වලට පාත‍්‍ර කරවීම -  ශ‍්‍රී ලංකා පොලිසියට ආවේනිකවූද, නිදන්ගතවූද ක‍්‍රමවේදයක්. එ් පොලිසියේ පැවැත්ම සඳහා ආණ්ඩුවේ, ඉහළයින්ගේ අවශ්‍යතාවය සඳහා.
මාතලේ - නන්දනී කුමාරිව, රත්තොට පොලිසිය අත්අඩංගුවට ගන්නේ 2008 ජූනි 26 වෙනිදා.
එ් බන්ධනාගාර නිලධාරියෙකු වූ මාතලේ බන්ධනාගාර සිරමැදිරියේ ස්ථානාධීපති එම්.එච්.එ්කනායක ගේ අවශ්‍යතාවයට ගොතන ලද චෝදනාවකටඅනුව.
අත්අඩංගුවට ගන්නා ඇයට, රත්තොට පොලිසිය සලකන්නේ - තිරිසන් ආකාරයට. මේ පොලිසියේ පොලිස් කාන්තාවෝ කියාද පිරිසක් ඇත.
පසුදින අධිකරණයට ඉදිරිපත් කරන ඇයව රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. ඇයව ගෙනියන්නේ මහනුවර බන්ධනාගාරයේ කාන්තා අංශයට.
එහෙත් ඇයට පහර දෙන්නේ බන්ධනාගාරයේ ගැහැණු නියාමකයින්. එම පහර දීමෙන් ඇය බරපතල ලෙස රොගාතුරු වෙනවා.
ඇයව 2008.06.30 දින අධිකරණයට ඉදිරිපත් කල විට ඇප ලබා දුන්නා. නමුත් නීතිඥවරිය ඇයට බන්ධනාගාරයේදී පහරදුන් බව ප‍්‍රකාශ කරන්න කිව්වත් එසේ කළේ නැහැ. (නීතිඥවරියගේ නම දර්ශනී ගුණසේකර*
අධිකරණයෙන් පිටවූ ඇය, මාතලේ මහා රෝහලට ඇතුලත් වුනා. ප‍්‍රතිකාර ගැනීම සඳහා.
ඇයට විරුද්ධව නගා තිබූ චෝදනාව නම්, පද්මා කුමාරි නැමැත්තියකට පිහියකින් කපා තුවාල සිදුකිරීම, බැණ තර්ජණය කිරීම හා සාපරාධී බියගැන්වීමයි.
2008.10.17 වන දින නඩුවාරයේදී, ඇය විවෘත අධිකරණයේදී, තමාට සිදුවූ සියලූ දේ ප‍්‍රකාශ කර සිටිනවා.
බන්ධනාගාරයේ පහරදීම පිළිබඳව, පරීක්ෂණය පවත්වන්නට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග නිකුත් කරයි.
එ් අනුව - බන්ධනාගාර නියාමකවරියන් සිව් දෙනෙකුට එරෙහිව මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගනී.
එම නඩුව - මේ දක්වාම බහා තබා ඇත්තේ නීතිපති උපදෙස් තවමත් ලැබී නැති හෙයින්ය.
මේ අතර, නන්දනී කුමාරිට එරෙහිව පිහියකින් කෙටීම හා සාපරාධී බියවැද්දවීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව - මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරනයේදී විභාගයට ගන්නවා.
එම නඩුවේ තීන්දුව - 2012.06.08 දින, එනම් වසර 4කට පසුව ප‍්‍රකාශයට පත් කෙරින. එ් අනුව සියලූ චෝදනා වලින් නන්දනී කුමාරිව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඇය 2008 දීම, රත්තොට පොලිසියට හා බන්ධනාගාරයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරන අතර, එයද තවම ඉවර නෑ.

2008.10.17 වන දින නඩුවාරයේදී, ඇය විවෘත අධිකරණයේදී කල ප‍්‍රකාශය
ගලපිට හේනේ ගෙදර නන්දනී කුමාරි
ගරු ස්වාමීනී මා මේ සිද්ධිය කලේ නැහැ. පොලිසියෙන් මාව රැුගෙන ගියා. 28 වෙනිදා 06 වෙනි මාසේ අරන් ආවා. උදේ පාන්දර මම අරන් ආවේ. මට ගොඩක් ගැහුවා. උදේ පාන්දර මාස් ශුද්ධිය ඇතිවුනා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මාව පොලිසියට අරන් ආවා.
පොලිසිය මට පහුවදා වෙනකම් එන්න දුන්නේ නැහැ. මම මේ පත්මා කුමාරිට ගැහුවා කියලා බලෙන්ම මාගෙන් කටඋත්තරයක් ගත්තා. එ රාලහාමිලාට යන්න වෙලා යනවා කියලා මට අත්සන් කරන්න කිව්වා. කියවලා බලන්න මම ඉල්ලූවා. ඊට පස්සේ මම එ්කට අත්සන් කලා. නැවත මම පාරට ගෙනල්ලා කැඩිච්චි බංකුවක් දාලා තිබුනා. එහි වාඩිවෙන්න කිව්වා.
ගරු ස්වාමීනී මම වාඩි වුනා. ආරක්ෂක මාතාවක් ගෙනත් තිබුනා. මට මෙන්සස් හැදුනා පාන්දර මම කෙනෙකුට කථා කරලා මට බඬේ කැක්කුම කියලා කිව්වා. දෙතුන් සැරයක් ඉල්ලූවා පැනඩොල් දෙකක් මට දුන්නේ නැහැ. මාව උසාවි දානවා කිව්වා. ඇයි කියලා මම ඇහුවා. ඊට පස්සේ කිව්වා ඇප දෙන්නේ නැහැ. උසාවියෙන් ඇප අරන් දෙනවා කිව්වා පත්මා කුමාරි කියන අයගේ ගැන සාමදාන කරන්න බැහැ එයාට ගොඩාක් අමාරුයි. කිව්වා. පොලිසියෙන් කෝල් එකක් ආවා. ලොකු මහත්තයා කෝල් කරනවා ඇහුනා. උසාවි ගෙනාපු රාලහාමි මහත්තයා එලියට එන්න කිව්වා. උසාවි දවසක් නොවේ සෙනසුරාදා දිනයක් කතාකරලා දෙන්නද කියලා ඇහුවා නීතිඥ මහතෙක්. ඊට පස්සේ මම හා කිව්වා. මාගේ පෝන් එකේ රු: 20/= ක් තියෙන්නේ. රු: 100/=     රී ලෝඞ් එකක් දාලා දෙන්න කිව්වා. මහත්තයා එ් වෙලාවේ ඇවිත් සිටියා ලෙඩා ගාව සිට. අපි ජීප් එකට නැග්ගා පිරිමි කෙනෙක් ආවා. ආරක්ෂක මාතාව සිටියා. පොලිසියේ රාලහාමි සිටියා. තෙල් ගහන්න සල්ලි නැහැ තෙල් ගහන්න සල්ලි දෙන්න කිව්වා. ඊට පස්සේ මහත්තයා දෙන්න ලැහැස්ති වුනා රු: 500/=ක් මම කිව්වා දෙන්න එපා කියලා. එ් ගමන තව ටිකක් දුර ඇවිත් තෙල් නැහ කිව්වා. අපිට ලොකු මහත්තයා තෙල් ගහන්න සල්ලි දුන්නේ නැහැ කිව්වා. තෙල් ගහන්න නැත්නම් කියලා වාහනය නතර කලා. සල්ලි දුන්නේ නැති නිසා වාහනය අරන් යන්න කියලා ඩයිවර් මහතාට කිව්වා. උසාවියට ආවාම මාගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුනා. ආරක්ෂක මාතාව කිව්වා සෝද ගන්න යමු කියලා. එයා කිව්වා මේ පැත්ත ගැන දන්නේ නැහැ කියලා. එයාගෙන් හැට්ට කටු දෙකක් ඉල්ලගෙන එ්වා වැහෙන්න ගහ ගත්තා සායේ. පස්සේ එ් රාලහාමි මහත්තයා කිව්වා ලෝය එනවා අලවතු ගොඩින් සල්ලි තියෙනවද කියලා ඇහුවා. අපි කිව්වා සල්ලි තියෙන්නේ රු: 500/= ක් කියලා එ් ගමන කිව්වා. රුපියල් පන්සීය මොනවා කරන්න කියලා සාජන් මහතා ඇහුවා. මගේ කරේ තිබුන රන් මාලය ගලවලා දුන්නා. පස්සේ මහත්තයා ලග තැනක තියන්න කියලා සාජන් මහතා කිව්වා නීතිඥ නෝනා ලඟ එනවා කියලා. ඊට පස්සේ රු. දෙදහාක් මාලයට අරන් තිබුනා. මහත්තයා. නීතිඥ නෝනා එන්න පොඞ්ඩකට කලින් මහත්තයා ආවා. එ් එක්කම නීතිඥ නෝනාත් ආවා. ඊට පස්සේ රාලහාමි මහත්තයා කිව්වා අර සද වාගේ බැබලි බැලි ඉන්න නෝනා තව ඉන්නවද නඩුකථා කරලා දෙන්න කියලා එයා අල්ලලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ ගරු ස්වාමීනී රාලහාමි මහතා එ් නීතිඥ නෝනා ඇවිල්ලා කථා කරලා මොන මොනවදෝ අහලා එන්න කිව්වා කතාකරන්න. පස්සේ මාගේ මහත්තයා සහ මා නෝනාට කථා කලා ඊට පසු එ් නෝනාට කෙටියෙන් විස්තර කියන්න මට තව එකක් කථා කරන්න තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මා කිව්වා මෙහෙම දෙයක් මා කරේ නැහැ. පොලිසියෙන් ගෙනල්ලා මාව හිරකරලා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මුදල් කීයක් තියෙනවාද කියලා ඇහුවා. පොලිසියටත් එක්ක ගෙවන්න රුපියල් හාරදහසක් ගෙවන්න කිව්වා. මහත්තයා කිව්වා එ් ගමන දැනට තියෙන්නේ රුපියල් දෙදහස් පන්සියක් පමනයි. ඊට පස්සේ එ් නෝනා කිව්වා දෙදහස් පන්සිය මොනවා කරන්නද දැන් පොලිසියටත් දෙන්න තියෙනවා. කවුරු හරි කෙනෙක් ලඟ ඉන්නවානම් අත මාරුවක් අරගෙන ඉතුරු ටික දැන් දෙන්න පුලූවන්ද කියලා ඇහුවා මහත්තයා කිව්වා මම විතරයි ඉන්නේ කවුරුත් නැහැ කිව්වා. ඊලඟ නඩු වාරයේදී ඉතිරි එක්දහස් පන්සිය ගෙවන්න කියලා දෙදහස් පන්සිය අර ගත්තා. ඊට පස්සේ අපි එලියට ආවා. එක් මොහොතක් වුනා පස්සේ එහා පැත්ත කාමරයට මහේස්ත‍්‍රාත් තුමා ආවා. මම පෝලිමේ දෙවනියට සිටියේ. වෙන පොලිසියේ ආපු රාලහාමි කෙනෙක් ඇහුවා. ඇයි මෙයා ගෙනල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ එ් රාලහාමි මහත්තයා කිව්වා එ් අපේ මාතලේ බන්ධනාගාර  ඕ.අයි.සී මහතාගේ නෝනාගේ අත දෙකට යන්න කොටලා මෙයා කියලා ගරු ස්වාමීනී එතනදී මම හරියට බය වුනා. මා නොකරපු දෙයක් නිසා මා භය වුනා. පස්සේ මාව ඇතුලට අරන් ගියා. මහේස්ත‍්‍රාත් තුමා , මාගේ සම්පූර්ණ නම ඇහුවා. වයස කියන්න කිව්ව, ඊට පස්සේ මම එ්වා කිව්වා. මෙයා මහා රෝහලේ ඉන්න කෙනෙක් මෙයා එහෙම දෙයක් කරලා නැහැ කියලා කිව්වා. පස්සේ පොලිසියේ රාළහාමි මහත්තයා කිව්වා ලෙඩාට ගොඩාක් අමාරුයි රජවීදිය බන්ධනාගාර ගත කරනවා කිව්වා. මාව අරන් ගියා මාතලේ බන්ධනාගාරයට එහෙට ගියාම රාලහාමි මහමත්තයා බන්ධනාගාරයේ ඉන්න මහත්තයා අතට අත ගහ ගත්තා. ඔන්න මචන් අපේ වැඬේ හරි කිව්වා. පස්සේ  ඕ.අයි.සී මහත්තයා ඇහුවා ලෝය කවුද කියලා. අරයාම තමයි කිව්වා. අපට සලකයි නේද කියලා ඇහුවා. හරි හරි කිව්වා. එ් ගමන මට එහි නතර කරලා එ් මහත්වරු ආවා. මම කූඩුවට දැම්මා. ඊට පස්සේ සවස පහ මාරට විතර වාගේ බන්ධනාගාරයට කථා කලා බස් එකක් එවන්න කියලා රජ වීදියට. ඊට පස්සේ  ඕ.අයි.සී මහතා තවත් නම්බර් එකක් කථා කරලා, එ් කරලා මම පස්සේ කතා කරලා කිය න්නම් කිව්වා. ඊට පස්සේ ගරු ස්වාමීනී මම බිම නිදාගෙන සිටියේ. තවත් මහත්තයෙක් ඇහුවා ඇයි ඔයා බිම ඉන්නේ පැදුරක් නැද්ද කියලා ඇහුවා මම නැහැ කිව්වා. කවුද ඇවිත් ඉන්නේ කියලා ඇහුවා. මම ඔව් කිව්වා. කවුරු එක්කද රන්ඩු වුනේ කියලා ඇහුවා. මම නැහැ කිව්වා. ඇයි ඇඳුම් ඔච්චර විනාශ වෙලා කියලා ඇහුවා. පස්සේ මම කිව්වා මට සනීප නැහැ කියලා. නියාමක මහත්තයා එ්ව අහලා ගියා. ඊට පසු තව කෙනෙක් ආවා. ඇවිත් මට කතා කලා. පස්සේ මම අනේ මිස් කරුණා කරලා මට පෑඞ් එකක් ගෙනත් දෙන්න කියලා ඉල්ලා සිටියා. ඊට පස්සේ එ් මිස් කිව්වා  ඕ.අයි.සී මහතා ගියාට පස්සේ මම ඔයාට ගෙනත් දෙන්නම් කියලා. ටික වෙලාවකට පස්සේ මට පෑඞ් එක ගෙනත් දුන්නා. පහ මාරට විතර ඇති. බස් එකක් ආවා. එලියට අරගෙන තව පිරිමි අය. ගොඩක් සිටියා. එ් අයත් නුවර රජවීදියට අරනෙ ගියා. රජ වීදියේදී මාලිගාව ලග. නතර කරලා යන් කියලා මගෙන් අතින් අල්ලා ගත්තා. මම එතනදී දලදා වහන්සේට වැද්ලා සිද්ධිය කරුනා කරලා දෙන්න කියලා කිව්වා. ඇතුලට එක්කරන් ගියා රජ වීදියේ. එතන සිටිය මහත්තුරු මගේ නම ගම ලියා ගත්තා. ඊට පස්සේ අර මිස් ලා ඉන්න කාමර වලට එක්කරන් ගියා. එතනදී මා එක්කරන් ගිය මිස් කිව්වා, මේ මාතලේ බන්ධනාගාරයේ  ඕ.අයි.සී. ගේ එකක් කියලා මාව බාර දුන්නා. ඊට පස්සේ රජවීදියේ මිස්ලා තුන් දෙනෙක් සිටියා. එ් මිස්ලා කිව්වා, හරි හරි අපට ආරංචි වුනා 2.30 ට විතර කොක්ල් එකක් දුන්නා. මෙයා එනවා කියලා, අර මිස් ආවා. පස්සේ මගෙන් ඇහුවා, ඔයා බැදලද ඉන්නේ කියලා මම ඔව් කිව්වා. දරුවන් කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. තුන් දෙනෙක් ඉන්නවා කිව්වා, රක්ෂාවක් කරනවද කියලා ඇහුවා. නැහැ කතිව්වා. මහත්තයා රක්ෂාවක් කරනවාද කියලා ඇහුවා. ගරු ස්වාමීනී එ් අය කිව්වා අපි නම් ගහන්නේ නැහැ හෙට ඉන්න අය ගහයි කියලා කිව්වා. මට කෑම දුන්නා. එතන බාත් රූම් එකට එක්කරන් ගියා මාව එ් අයට කිව්වා කියපු කෙනා මේ. ගහන්න එපා කිව්වා මට. පහුවදා උදේ නමයට විතර එහි සංගීත සංදර්ශ නයක් තිබුනා. හිරගත වෙලා ඉන්න අය එ් ශාලාවට අරන් ගියා. උදේ ආපු අය ඉන්න කිව්වා. මමයි දෙතුන් දෙනෙකුයි නතර වුනා. එක මිස් කෙනෙක් ඇවිල්ලා මට කිව්වා, ඔයා හෙට උසාවි දානවා නාමු කියලා. පස්සේ මම මාගේ ඇද සිටි ඇදුම් සෝදලා දැම්මා. මාව එතනින් එක්කරන් ගියා. මාගෙන් ඇහුවා මාතලෙන්ද ආවේ කියලා ඇහුවා. ආපු කාරනය ඇයි කියලා කිව්වා. මම කිව්වා රන්ඩුවක් වෙලා කියලා කාට විරුද්ධවද කියා ඇහුවා. ගාඞ් අය්යා කෙනෙක්ගේ කියකලා කිව්වා. ගාඞ් අය්යා කිව්වම මට ගහන්න කපටන් ගත්තා. ඔතන ඉන්න අය ඇතුලට එවන්න ක්වා. පඩි දෙකක් බහින්න තියෙනවා මට ගහන්න එපා කිව්වා. මාව තල්ලූ කලා මාව වැටුනා. වැටුනම මට ගැහුවා. ඔලූව උසෘසලාක මාව නැගිට්ටුවා මාව, මාගේ ඔලූව බිත්තියේ හප්පලා මාගේ කන් වලට ගැහුවා. මට කලන්තය වගේ හැදුනා.  ඕ.අයි.සී මහත්තයා කිව්වා මාව බාගයට මරලා එවන්න කියලා. කිව්වා කියලාක මාව එව්වා. මාගේ මුත‍්‍රා පිහලා යන් කියලා රෙදි කෑල්ලක්දුන්නා. එ් රෙදි කෑල්ල අරන් ගිහින් ඩසෘපින් එකට දාන්න කිව්වා.පස්සේ මම ආවා. මට වමනය යනවා නැවත මාව එක්කරන් ගියා පස්සේමාව ඩොක්ට ලගට අරන් ගියා. එතන තවත් මිසෘ කෙනෙක් සිටියා. එයා මගෙන් ඇහුවා නම ඩොක්ට මගෙන් අතින් අල්ලලා අඩන්නේ ඇයි කියලා ඇහුවා. කලූපාට කෑල්ලක් පෙන්වා එ්ක කිව්වොත් ගහනවා කිව්වා. මම කිව්වේ නැහැ. අමාරු නම් කියන්න කිව්වා. බන්ධනාගාර නෝනා මොකද වුනේ කියලා ඇහුවා. මට වමනය යනවා කිව්වා. කාලද ඉන්නේ කිව්වා. නැහැ කිව්වා මොනවා හරි කාලා බෙහෙත් බොන්න කිව්වා මගෙන් අතේ කැලල් තියෙනවද කියලා අහලා ලියා ගත්තා. පහුවදා උදේ මාව එලියට ගත්තා. උසාවි ගේන්න කියලා. එතනදී මට කිව්වා ගහපුබවක් කියන්න එපා කියලා. පස්සේ මාව බන්ධනාගාරයෙන් ගෙනාවා. මාතලේට. මාතලේදී ඇහුවා හොදයිද. කියලා මහත්තයා මට කථා කරන්න ආවා. මට කෑම එකක් ගෙනත් තිබුනා. ඔයාට ගහලා නේද කියලා ඇහුවා. මම ඔලූවෙන් ඔව් කිව්වා බන්ධනාගාර  ඕ.අයි.සී මහතා ඇවිත් කිව්වා නඩු කාර තුමා එක්ක කථා කරන්න බැහැ. ලෝය එක්ක කථා කරන්න එපා ගෙදර අයත් එකක් කථා කරන්න එපා තමන්ට අද ඇප ලැබෙයිද දන්නේ නැහැ. තමා නිසා එ්ව වුනා කිව්වා. මා හොදටම බය වුනා. අය්යට කථා කරලා කිව්වා අය්යා අද සමාදාන වෙමුද කියලා කිව්වා. උසාවියේදී මට ඇප ලැබුනා. ඇප ලැබුනට පසු මා ගිහින් නැවතබන්ධනාගාරයට මගේ බඩු අරන් ආවා. මා රෝහල නතර කරන්න කිව්වා. මාතලේ පොලිසියේ පැමිණිලි කරලා රෝහලේ නතර වුනා. එ් කාරනා සේරම මා ඩොක්ටට කිව්වා. මාව 9 යේ වාට්ටුවේ නතර කලා. මට කථා කරන්න බැහැ. ඔලූව කැක්කුම , කන් රිදෙනවා.
ප‍්‍රකාශය සාක්ෂිකාරියට කියවා දී අත්සන් කරයි.
අ.කලේ/සාක්ෂිකාරිය.....................
මෙම විත්තිකාරිය අධිකරණයේ ප‍්‍රකාශ කරන්නට යෙදුන ඉහත කරුනු අධිකරණයේ අවධානයට ට ලක් කර මෙම විත්තිකාරිය රෙජිස්ට‍්‍රාර් මහතා බාරයේ උසාවි කාන්තා පොලිස් නිලධාරි බාරයේ මාතලේ රෝහලේ අධි. වෛද්‍ය නිලධාරී වෙත යොමුකර වාර්තාවක් කැදවීමට නියම කරමි. ඊට අමතරව මෙම විත්තිකාරියගේ සම්පූර්ණ ප‍්‍රකාශයක් මාතලේ පො.අධිකාරී කාර්යාලයේදී වාර්තා ගත කල යුතු බවත් මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන ලෙසට මාතලේ ජ්‍යෙ.පො.අධි.නියම කරමි. මේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය සහ බන්.දෙපාර්තමේන්තුවේ සිදුවූයේ යයි කියනු ලබන අක‍්‍රමිකතා අසධාරණය සම්බන්ධව සත්‍ය අසථ්‍ය තාවය ගැන වහාම පරීක්ෂණයක් පවත්වා මීලග දින එකී වාර්තාව සමග බන්.අධිකාරී මෙම අධිකරණයේ පෙනී සිටිය යුතු බවට නියම කරමි.
අත්.කලේ/මහේස්ත‍්‍රාත් මාතලේ.
2008.10.17

------------------------------------------------------