Saturday, June 23, 2012

නඩුවෙන් නිදොස් කොට නිදහස් .... එහෙත්!


Nandani Kumari

නඩුවෙන් නිදොස් කොට නිදහස් .... එහෙත්!

වෙනත් පුද්ගලයින්ගේ අවශ්‍යතාවයට, අසරණයින් අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා නගා, වධහිංසා, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි හා දඬුවම් වලට පාත‍්‍ර කරවීම -  ශ‍්‍රී ලංකා පොලිසියට ආවේනිකවූද, නිදන්ගතවූද ක‍්‍රමවේදයක්. එ් පොලිසියේ පැවැත්ම සඳහා ආණ්ඩුවේ, ඉහළයින්ගේ අවශ්‍යතාවය සඳහා.
මාතලේ - නන්දනී කුමාරිව, රත්තොට පොලිසිය අත්අඩංගුවට ගන්නේ 2008 ජූනි 26 වෙනිදා.
එ් බන්ධනාගාර නිලධාරියෙකු වූ මාතලේ බන්ධනාගාර සිරමැදිරියේ ස්ථානාධීපති එම්.එච්.එ්කනායක ගේ අවශ්‍යතාවයට ගොතන ලද චෝදනාවකටඅනුව.
අත්අඩංගුවට ගන්නා ඇයට, රත්තොට පොලිසිය සලකන්නේ - තිරිසන් ආකාරයට. මේ පොලිසියේ පොලිස් කාන්තාවෝ කියාද පිරිසක් ඇත.
පසුදින අධිකරණයට ඉදිරිපත් කරන ඇයව රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. ඇයව ගෙනියන්නේ මහනුවර බන්ධනාගාරයේ කාන්තා අංශයට.
එහෙත් ඇයට පහර දෙන්නේ බන්ධනාගාරයේ ගැහැණු නියාමකයින්. එම පහර දීමෙන් ඇය බරපතල ලෙස රොගාතුරු වෙනවා.
ඇයව 2008.06.30 දින අධිකරණයට ඉදිරිපත් කල විට ඇප ලබා දුන්නා. නමුත් නීතිඥවරිය ඇයට බන්ධනාගාරයේදී පහරදුන් බව ප‍්‍රකාශ කරන්න කිව්වත් එසේ කළේ නැහැ. (නීතිඥවරියගේ නම දර්ශනී ගුණසේකර*
අධිකරණයෙන් පිටවූ ඇය, මාතලේ මහා රෝහලට ඇතුලත් වුනා. ප‍්‍රතිකාර ගැනීම සඳහා.
ඇයට විරුද්ධව නගා තිබූ චෝදනාව නම්, පද්මා කුමාරි නැමැත්තියකට පිහියකින් කපා තුවාල සිදුකිරීම, බැණ තර්ජණය කිරීම හා සාපරාධී බියගැන්වීමයි.
2008.10.17 වන දින නඩුවාරයේදී, ඇය විවෘත අධිකරණයේදී, තමාට සිදුවූ සියලූ දේ ප‍්‍රකාශ කර සිටිනවා.
බන්ධනාගාරයේ පහරදීම පිළිබඳව, පරීක්ෂණය පවත්වන්නට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග නිකුත් කරයි.
එ් අනුව - බන්ධනාගාර නියාමකවරියන් සිව් දෙනෙකුට එරෙහිව මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගනී.
එම නඩුව - මේ දක්වාම බහා තබා ඇත්තේ නීතිපති උපදෙස් තවමත් ලැබී නැති හෙයින්ය.
මේ අතර, නන්දනී කුමාරිට එරෙහිව පිහියකින් කෙටීම හා සාපරාධී බියවැද්දවීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව - මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරනයේදී විභාගයට ගන්නවා.
එම නඩුවේ තීන්දුව - 2012.06.08 දින, එනම් වසර 4කට පසුව ප‍්‍රකාශයට පත් කෙරින. එ් අනුව සියලූ චෝදනා වලින් නන්දනී කුමාරිව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඇය 2008 දීම, රත්තොට පොලිසියට හා බන්ධනාගාරයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරන අතර, එයද තවම ඉවර නෑ.

2008.10.17 වන දින නඩුවාරයේදී, ඇය විවෘත අධිකරණයේදී කල ප‍්‍රකාශය
ගලපිට හේනේ ගෙදර නන්දනී කුමාරි
ගරු ස්වාමීනී මා මේ සිද්ධිය කලේ නැහැ. පොලිසියෙන් මාව රැුගෙන ගියා. 28 වෙනිදා 06 වෙනි මාසේ අරන් ආවා. උදේ පාන්දර මම අරන් ආවේ. මට ගොඩක් ගැහුවා. උදේ පාන්දර මාස් ශුද්ධිය ඇතිවුනා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මාව පොලිසියට අරන් ආවා.
පොලිසිය මට පහුවදා වෙනකම් එන්න දුන්නේ නැහැ. මම මේ පත්මා කුමාරිට ගැහුවා කියලා බලෙන්ම මාගෙන් කටඋත්තරයක් ගත්තා. එ රාලහාමිලාට යන්න වෙලා යනවා කියලා මට අත්සන් කරන්න කිව්වා. කියවලා බලන්න මම ඉල්ලූවා. ඊට පස්සේ මම එ්කට අත්සන් කලා. නැවත මම පාරට ගෙනල්ලා කැඩිච්චි බංකුවක් දාලා තිබුනා. එහි වාඩිවෙන්න කිව්වා.
ගරු ස්වාමීනී මම වාඩි වුනා. ආරක්ෂක මාතාවක් ගෙනත් තිබුනා. මට මෙන්සස් හැදුනා පාන්දර මම කෙනෙකුට කථා කරලා මට බඬේ කැක්කුම කියලා කිව්වා. දෙතුන් සැරයක් ඉල්ලූවා පැනඩොල් දෙකක් මට දුන්නේ නැහැ. මාව උසාවි දානවා කිව්වා. ඇයි කියලා මම ඇහුවා. ඊට පස්සේ කිව්වා ඇප දෙන්නේ නැහැ. උසාවියෙන් ඇප අරන් දෙනවා කිව්වා පත්මා කුමාරි කියන අයගේ ගැන සාමදාන කරන්න බැහැ එයාට ගොඩාක් අමාරුයි. කිව්වා. පොලිසියෙන් කෝල් එකක් ආවා. ලොකු මහත්තයා කෝල් කරනවා ඇහුනා. උසාවි ගෙනාපු රාලහාමි මහත්තයා එලියට එන්න කිව්වා. උසාවි දවසක් නොවේ සෙනසුරාදා දිනයක් කතාකරලා දෙන්නද කියලා ඇහුවා නීතිඥ මහතෙක්. ඊට පස්සේ මම හා කිව්වා. මාගේ පෝන් එකේ රු: 20/= ක් තියෙන්නේ. රු: 100/=     රී ලෝඞ් එකක් දාලා දෙන්න කිව්වා. මහත්තයා එ් වෙලාවේ ඇවිත් සිටියා ලෙඩා ගාව සිට. අපි ජීප් එකට නැග්ගා පිරිමි කෙනෙක් ආවා. ආරක්ෂක මාතාව සිටියා. පොලිසියේ රාලහාමි සිටියා. තෙල් ගහන්න සල්ලි නැහැ තෙල් ගහන්න සල්ලි දෙන්න කිව්වා. ඊට පස්සේ මහත්තයා දෙන්න ලැහැස්ති වුනා රු: 500/=ක් මම කිව්වා දෙන්න එපා කියලා. එ් ගමන තව ටිකක් දුර ඇවිත් තෙල් නැහ කිව්වා. අපිට ලොකු මහත්තයා තෙල් ගහන්න සල්ලි දුන්නේ නැහැ කිව්වා. තෙල් ගහන්න නැත්නම් කියලා වාහනය නතර කලා. සල්ලි දුන්නේ නැති නිසා වාහනය අරන් යන්න කියලා ඩයිවර් මහතාට කිව්වා. උසාවියට ආවාම මාගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුනා. ආරක්ෂක මාතාව කිව්වා සෝද ගන්න යමු කියලා. එයා කිව්වා මේ පැත්ත ගැන දන්නේ නැහැ කියලා. එයාගෙන් හැට්ට කටු දෙකක් ඉල්ලගෙන එ්වා වැහෙන්න ගහ ගත්තා සායේ. පස්සේ එ් රාලහාමි මහත්තයා කිව්වා ලෝය එනවා අලවතු ගොඩින් සල්ලි තියෙනවද කියලා ඇහුවා. අපි කිව්වා සල්ලි තියෙන්නේ රු: 500/= ක් කියලා එ් ගමන කිව්වා. රුපියල් පන්සීය මොනවා කරන්න කියලා සාජන් මහතා ඇහුවා. මගේ කරේ තිබුන රන් මාලය ගලවලා දුන්නා. පස්සේ මහත්තයා ලග තැනක තියන්න කියලා සාජන් මහතා කිව්වා නීතිඥ නෝනා ලඟ එනවා කියලා. ඊට පස්සේ රු. දෙදහාක් මාලයට අරන් තිබුනා. මහත්තයා. නීතිඥ නෝනා එන්න පොඞ්ඩකට කලින් මහත්තයා ආවා. එ් එක්කම නීතිඥ නෝනාත් ආවා. ඊට පස්සේ රාලහාමි මහත්තයා කිව්වා අර සද වාගේ බැබලි බැලි ඉන්න නෝනා තව ඉන්නවද නඩුකථා කරලා දෙන්න කියලා එයා අල්ලලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ ගරු ස්වාමීනී රාලහාමි මහතා එ් නීතිඥ නෝනා ඇවිල්ලා කථා කරලා මොන මොනවදෝ අහලා එන්න කිව්වා කතාකරන්න. පස්සේ මාගේ මහත්තයා සහ මා නෝනාට කථා කලා ඊට පසු එ් නෝනාට කෙටියෙන් විස්තර කියන්න මට තව එකක් කථා කරන්න තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මා කිව්වා මෙහෙම දෙයක් මා කරේ නැහැ. පොලිසියෙන් ගෙනල්ලා මාව හිරකරලා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මුදල් කීයක් තියෙනවාද කියලා ඇහුවා. පොලිසියටත් එක්ක ගෙවන්න රුපියල් හාරදහසක් ගෙවන්න කිව්වා. මහත්තයා කිව්වා එ් ගමන දැනට තියෙන්නේ රුපියල් දෙදහස් පන්සියක් පමනයි. ඊට පස්සේ එ් නෝනා කිව්වා දෙදහස් පන්සිය මොනවා කරන්නද දැන් පොලිසියටත් දෙන්න තියෙනවා. කවුරු හරි කෙනෙක් ලඟ ඉන්නවානම් අත මාරුවක් අරගෙන ඉතුරු ටික දැන් දෙන්න පුලූවන්ද කියලා ඇහුවා මහත්තයා කිව්වා මම විතරයි ඉන්නේ කවුරුත් නැහැ කිව්වා. ඊලඟ නඩු වාරයේදී ඉතිරි එක්දහස් පන්සිය ගෙවන්න කියලා දෙදහස් පන්සිය අර ගත්තා. ඊට පස්සේ අපි එලියට ආවා. එක් මොහොතක් වුනා පස්සේ එහා පැත්ත කාමරයට මහේස්ත‍්‍රාත් තුමා ආවා. මම පෝලිමේ දෙවනියට සිටියේ. වෙන පොලිසියේ ආපු රාලහාමි කෙනෙක් ඇහුවා. ඇයි මෙයා ගෙනල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ එ් රාලහාමි මහත්තයා කිව්වා එ් අපේ මාතලේ බන්ධනාගාර  ඕ.අයි.සී මහතාගේ නෝනාගේ අත දෙකට යන්න කොටලා මෙයා කියලා ගරු ස්වාමීනී එතනදී මම හරියට බය වුනා. මා නොකරපු දෙයක් නිසා මා භය වුනා. පස්සේ මාව ඇතුලට අරන් ගියා. මහේස්ත‍්‍රාත් තුමා , මාගේ සම්පූර්ණ නම ඇහුවා. වයස කියන්න කිව්ව, ඊට පස්සේ මම එ්වා කිව්වා. මෙයා මහා රෝහලේ ඉන්න කෙනෙක් මෙයා එහෙම දෙයක් කරලා නැහැ කියලා කිව්වා. පස්සේ පොලිසියේ රාළහාමි මහත්තයා කිව්වා ලෙඩාට ගොඩාක් අමාරුයි රජවීදිය බන්ධනාගාර ගත කරනවා කිව්වා. මාව අරන් ගියා මාතලේ බන්ධනාගාරයට එහෙට ගියාම රාලහාමි මහමත්තයා බන්ධනාගාරයේ ඉන්න මහත්තයා අතට අත ගහ ගත්තා. ඔන්න මචන් අපේ වැඬේ හරි කිව්වා. පස්සේ  ඕ.අයි.සී මහත්තයා ඇහුවා ලෝය කවුද කියලා. අරයාම තමයි කිව්වා. අපට සලකයි නේද කියලා ඇහුවා. හරි හරි කිව්වා. එ් ගමන මට එහි නතර කරලා එ් මහත්වරු ආවා. මම කූඩුවට දැම්මා. ඊට පස්සේ සවස පහ මාරට විතර වාගේ බන්ධනාගාරයට කථා කලා බස් එකක් එවන්න කියලා රජ වීදියට. ඊට පස්සේ  ඕ.අයි.සී මහතා තවත් නම්බර් එකක් කථා කරලා, එ් කරලා මම පස්සේ කතා කරලා කිය න්නම් කිව්වා. ඊට පස්සේ ගරු ස්වාමීනී මම බිම නිදාගෙන සිටියේ. තවත් මහත්තයෙක් ඇහුවා ඇයි ඔයා බිම ඉන්නේ පැදුරක් නැද්ද කියලා ඇහුවා මම නැහැ කිව්වා. කවුද ඇවිත් ඉන්නේ කියලා ඇහුවා. මම ඔව් කිව්වා. කවුරු එක්කද රන්ඩු වුනේ කියලා ඇහුවා. මම නැහැ කිව්වා. ඇයි ඇඳුම් ඔච්චර විනාශ වෙලා කියලා ඇහුවා. පස්සේ මම කිව්වා මට සනීප නැහැ කියලා. නියාමක මහත්තයා එ්ව අහලා ගියා. ඊට පසු තව කෙනෙක් ආවා. ඇවිත් මට කතා කලා. පස්සේ මම අනේ මිස් කරුණා කරලා මට පෑඞ් එකක් ගෙනත් දෙන්න කියලා ඉල්ලා සිටියා. ඊට පස්සේ එ් මිස් කිව්වා  ඕ.අයි.සී මහතා ගියාට පස්සේ මම ඔයාට ගෙනත් දෙන්නම් කියලා. ටික වෙලාවකට පස්සේ මට පෑඞ් එක ගෙනත් දුන්නා. පහ මාරට විතර ඇති. බස් එකක් ආවා. එලියට අරගෙන තව පිරිමි අය. ගොඩක් සිටියා. එ් අයත් නුවර රජවීදියට අරනෙ ගියා. රජ වීදියේදී මාලිගාව ලග. නතර කරලා යන් කියලා මගෙන් අතින් අල්ලා ගත්තා. මම එතනදී දලදා වහන්සේට වැද්ලා සිද්ධිය කරුනා කරලා දෙන්න කියලා කිව්වා. ඇතුලට එක්කරන් ගියා රජ වීදියේ. එතන සිටිය මහත්තුරු මගේ නම ගම ලියා ගත්තා. ඊට පස්සේ අර මිස් ලා ඉන්න කාමර වලට එක්කරන් ගියා. එතනදී මා එක්කරන් ගිය මිස් කිව්වා, මේ මාතලේ බන්ධනාගාරයේ  ඕ.අයි.සී. ගේ එකක් කියලා මාව බාර දුන්නා. ඊට පස්සේ රජවීදියේ මිස්ලා තුන් දෙනෙක් සිටියා. එ් මිස්ලා කිව්වා, හරි හරි අපට ආරංචි වුනා 2.30 ට විතර කොක්ල් එකක් දුන්නා. මෙයා එනවා කියලා, අර මිස් ආවා. පස්සේ මගෙන් ඇහුවා, ඔයා බැදලද ඉන්නේ කියලා මම ඔව් කිව්වා. දරුවන් කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. තුන් දෙනෙක් ඉන්නවා කිව්වා, රක්ෂාවක් කරනවද කියලා ඇහුවා. නැහැ කතිව්වා. මහත්තයා රක්ෂාවක් කරනවාද කියලා ඇහුවා. ගරු ස්වාමීනී එ් අය කිව්වා අපි නම් ගහන්නේ නැහැ හෙට ඉන්න අය ගහයි කියලා කිව්වා. මට කෑම දුන්නා. එතන බාත් රූම් එකට එක්කරන් ගියා මාව එ් අයට කිව්වා කියපු කෙනා මේ. ගහන්න එපා කිව්වා මට. පහුවදා උදේ නමයට විතර එහි සංගීත සංදර්ශ නයක් තිබුනා. හිරගත වෙලා ඉන්න අය එ් ශාලාවට අරන් ගියා. උදේ ආපු අය ඉන්න කිව්වා. මමයි දෙතුන් දෙනෙකුයි නතර වුනා. එක මිස් කෙනෙක් ඇවිල්ලා මට කිව්වා, ඔයා හෙට උසාවි දානවා නාමු කියලා. පස්සේ මම මාගේ ඇද සිටි ඇදුම් සෝදලා දැම්මා. මාව එතනින් එක්කරන් ගියා. මාගෙන් ඇහුවා මාතලෙන්ද ආවේ කියලා ඇහුවා. ආපු කාරනය ඇයි කියලා කිව්වා. මම කිව්වා රන්ඩුවක් වෙලා කියලා කාට විරුද්ධවද කියා ඇහුවා. ගාඞ් අය්යා කෙනෙක්ගේ කියකලා කිව්වා. ගාඞ් අය්යා කිව්වම මට ගහන්න කපටන් ගත්තා. ඔතන ඉන්න අය ඇතුලට එවන්න ක්වා. පඩි දෙකක් බහින්න තියෙනවා මට ගහන්න එපා කිව්වා. මාව තල්ලූ කලා මාව වැටුනා. වැටුනම මට ගැහුවා. ඔලූව උසෘසලාක මාව නැගිට්ටුවා මාව, මාගේ ඔලූව බිත්තියේ හප්පලා මාගේ කන් වලට ගැහුවා. මට කලන්තය වගේ හැදුනා.  ඕ.අයි.සී මහත්තයා කිව්වා මාව බාගයට මරලා එවන්න කියලා. කිව්වා කියලාක මාව එව්වා. මාගේ මුත‍්‍රා පිහලා යන් කියලා රෙදි කෑල්ලක්දුන්නා. එ් රෙදි කෑල්ල අරන් ගිහින් ඩසෘපින් එකට දාන්න කිව්වා.පස්සේ මම ආවා. මට වමනය යනවා නැවත මාව එක්කරන් ගියා පස්සේමාව ඩොක්ට ලගට අරන් ගියා. එතන තවත් මිසෘ කෙනෙක් සිටියා. එයා මගෙන් ඇහුවා නම ඩොක්ට මගෙන් අතින් අල්ලලා අඩන්නේ ඇයි කියලා ඇහුවා. කලූපාට කෑල්ලක් පෙන්වා එ්ක කිව්වොත් ගහනවා කිව්වා. මම කිව්වේ නැහැ. අමාරු නම් කියන්න කිව්වා. බන්ධනාගාර නෝනා මොකද වුනේ කියලා ඇහුවා. මට වමනය යනවා කිව්වා. කාලද ඉන්නේ කිව්වා. නැහැ කිව්වා මොනවා හරි කාලා බෙහෙත් බොන්න කිව්වා මගෙන් අතේ කැලල් තියෙනවද කියලා අහලා ලියා ගත්තා. පහුවදා උදේ මාව එලියට ගත්තා. උසාවි ගේන්න කියලා. එතනදී මට කිව්වා ගහපුබවක් කියන්න එපා කියලා. පස්සේ මාව බන්ධනාගාරයෙන් ගෙනාවා. මාතලේට. මාතලේදී ඇහුවා හොදයිද. කියලා මහත්තයා මට කථා කරන්න ආවා. මට කෑම එකක් ගෙනත් තිබුනා. ඔයාට ගහලා නේද කියලා ඇහුවා. මම ඔලූවෙන් ඔව් කිව්වා බන්ධනාගාර  ඕ.අයි.සී මහතා ඇවිත් කිව්වා නඩු කාර තුමා එක්ක කථා කරන්න බැහැ. ලෝය එක්ක කථා කරන්න එපා ගෙදර අයත් එකක් කථා කරන්න එපා තමන්ට අද ඇප ලැබෙයිද දන්නේ නැහැ. තමා නිසා එ්ව වුනා කිව්වා. මා හොදටම බය වුනා. අය්යට කථා කරලා කිව්වා අය්යා අද සමාදාන වෙමුද කියලා කිව්වා. උසාවියේදී මට ඇප ලැබුනා. ඇප ලැබුනට පසු මා ගිහින් නැවතබන්ධනාගාරයට මගේ බඩු අරන් ආවා. මා රෝහල නතර කරන්න කිව්වා. මාතලේ පොලිසියේ පැමිණිලි කරලා රෝහලේ නතර වුනා. එ් කාරනා සේරම මා ඩොක්ටට කිව්වා. මාව 9 යේ වාට්ටුවේ නතර කලා. මට කථා කරන්න බැහැ. ඔලූව කැක්කුම , කන් රිදෙනවා.
ප‍්‍රකාශය සාක්ෂිකාරියට කියවා දී අත්සන් කරයි.
අ.කලේ/සාක්ෂිකාරිය.....................
මෙම විත්තිකාරිය අධිකරණයේ ප‍්‍රකාශ කරන්නට යෙදුන ඉහත කරුනු අධිකරණයේ අවධානයට ට ලක් කර මෙම විත්තිකාරිය රෙජිස්ට‍්‍රාර් මහතා බාරයේ උසාවි කාන්තා පොලිස් නිලධාරි බාරයේ මාතලේ රෝහලේ අධි. වෛද්‍ය නිලධාරී වෙත යොමුකර වාර්තාවක් කැදවීමට නියම කරමි. ඊට අමතරව මෙම විත්තිකාරියගේ සම්පූර්ණ ප‍්‍රකාශයක් මාතලේ පො.අධිකාරී කාර්යාලයේදී වාර්තා ගත කල යුතු බවත් මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන ලෙසට මාතලේ ජ්‍යෙ.පො.අධි.නියම කරමි. මේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය සහ බන්.දෙපාර්තමේන්තුවේ සිදුවූයේ යයි කියනු ලබන අක‍්‍රමිකතා අසධාරණය සම්බන්ධව සත්‍ය අසථ්‍ය තාවය ගැන වහාම පරීක්ෂණයක් පවත්වා මීලග දින එකී වාර්තාව සමග බන්.අධිකාරී මෙම අධිකරණයේ පෙනී සිටිය යුතු බවට නියම කරමි.
අත්.කලේ/මහේස්ත‍්‍රාත් මාතලේ.
2008.10.17

------------------------------------------------------

No comments:

Post a Comment