Tuesday, June 26, 2012

පොලිස් සැරයන්ට පහර දුන්න පොලිස් පරීක්ෂක බේරාගන්න - ලොක්කෝ වලිකයි


පොලිස් සැරයන්ට පහර දුන්න පොලිස් පරීක්ෂක බේරාගන්න - ලොක්කෝ වලිකයි
මේ මස 18 වන දින, ඉඟිනියාගල පොලිස් ස්ථානයේ සාජන් වරයෙකුට පහර දුන් එහි ස්ථානාධිපති, පොලස් පරීක්ෂක ඩයස්ට එරෙහිව නීතිමය හෝ විනය හෝ ක‍්‍රියා මාර්ග නොගන්නේ -  පොලිසියේ ලොක්කන්ගේ අවශ්‍යතාවයකටද?
2012 ජුනි මස 18 වන දින සවස 5.00 ට පමණ, ඉඟිනියාගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, පොලස් පරීක්ෂක ඩයස් ගේ පහර දීමට ලක් වූයේ එම පොලිස් ස්ථානයේම සේවය කරන සාජන්ට් වරයෙකු වන ජයරත්න නැමැත්තෙකි.
තමාට ලැබී තිබුන ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේ දී, පහර දීම සිදුව ඇත්තේ පොලිස් ස්ථානාධිපති නිල කාමරය තුළය. පහර දීම සමග අමු තිත්ත කුණුහරුපයෙන් පොලිස් පරීක්ෂක ඩයස් -   සාජන්ට් වරයාට බැන වැදී ඇති බවද ප‍්‍රකාශ වේ.
පහර කෑමෙන් දැඩි ලෙස තුවාල ලැබූ පොලිස් සාජන්ට් වරයා එදිනම අම්පාර මහා රෝහලට ඇතුළත්ව ඇත.
රෝහලේ දින 07 ක් නේවාසික ප‍්‍රතිකාර ලැබූ අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලට යොමු කර ඇතැයිද වාර්තා වේ.
මෙම පහර දීම සම්බන්ධයෙන් අම්පාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
එ් අතර පොලීසියේ , ීධඣ, -  විශේෂ එ්කකය මගින් සාජන්ට් වරයාගේ ප‍්‍රකාශ සටහන් කරගෙන, තුවාල සියල්ල ඡුායාරූප ගත කර, ඔහු ඉරී, ලේ තැවරුණු නිල ඇඳුම ද බාරගෙන තිබේ.
නමුත් දින 07 ක් ගතව තිබියදීත් මෙම අපරාධය ප‍්‍රදේශයේ මහේස්ත‍්‍රාත් වරයාට වාර්තා කර නොමැති බවද, පොලිස් පරීක්ෂක ඩයස්ව බේරා ගැනීමට ඉහළ පොලිස් නිලධාරීන් කරුණු විකෘති කිරීමේ උත්සාහයක යෙදී තිබෙන බවද වාර්තා වේ.
ඉහළ පොලිස් නිලධාරීන්, කනිෂ්ඨ නිලධාරීන්ට එරෙහිව දියත් කරන හිංසාකාරී ක‍්‍රියාවන් වර්ධනය වෙමින් පවතින බවත්, එ් අතර -  වධ හිංසාවට පත් කිරීමට ද පෙළඹී ඇති බවත් මෙම සිද්ධියෙන් මොනවට පැහැදිලි කරයි.
පොලීසියේ සැරයන්වරුන්ව වධ හිංසාවට පාත‍්‍ර කරන පොලිස් ස්ථාන වල -  සාමාන්‍ය  ජනතාවට අත් විඳින්නට සිදු වන දේ ගැන සිතා ගන්නට  බැරි පිරිසක් තවමත් අපේ රටේ ඉතිරිව සිටීම පාලකයින්ට නම් සැනසීමකි.

No comments:

Post a Comment