Friday, June 1, 2012

සුදු කොඩි තීන්දු‍ව ෆොන්සේකා පිළීගනී.

සුදු කොඩි  තීන්දු‍ව
ෆොන්සේකා පිළීගනී.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, සුදු කොඩි නඩුවේ වරදකරු කරමින් නියම කල රුපියල් පන්දහසේ දඩය ගෙවූ බව වාර්තාවේ.

විනිසුරු  මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සරත් ෆොන්සේකාට එරෙහිව පැවැති සුදුකොඩි නඩුවේ ඔහු වරදකරු කරනු ලැබීය.

දෙස් විදෙස් ආණ්දෝලනයක්  ඇතිකල එම නඩු තීන්දුව, බෙදුණු එකක් විය.

විනිසුරු  දීපාලි විජේසුන්දර මහත්මිය ලියන ලද තීන්දුවට විනිසුරු එම්.එස්.රසීම් මහතා පක්ෂ වූ අතර එම තීන්දුවට, හාත්පසින් පටහැනි නඩු තීන්දුවක් දුන් විනිසුරු ඩබ්.ටී.එම්.ඊ.පී.වරාපිටිය මහතා, සරත් ෆොන්සේකාව නිදොස් කොට නිදහස් කළේය. සියලු චොදනා වලට වරද කරුවු  
සරත් ෆොන්සේකා, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේය.

විනිසුරු  දීපාලි විජේසුන්දර මහත්මියට උසස්වීමක් ලැබුනු අතර, විනිසුරු වරාපිටිය මහතාට සේවා දිගුවක් ලබා නොදීම හේතුවෙන් විශ්‍රාම ගත්තේය.

ජනාධිපති රාජපක්ෂ, සරත් ෆොන්සේකාව නිදහස් කළේය. එම නිදොස් කිරීම ගණුදෙනුවක ප්‍රතිඵලයකි. නිදහස් කිරීමේ එක් කොන්දේසියකි, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔහු ගොනුකල අභීයාචනය ඉල්ලා අස්කර ගැනීම.

එම කොන්දේසිය ෆොන්සේකා ඉටු කළේය. ඒ සමගම ඔහු විසින්  විනිසුරු  දීපාලි විජේසුන්දර මහත්මිය ලියන ලද, විනිසුරු එම්.එස්.රසීම් මහතා අනුමත කල තීන්දුව නිවැරදි බව ද පිළිගත්තේය. ඒ පිළිගැනීම තුල නියම කල දඩය ද ගෙවන ලදි.

සරත් ෆොන්සේකාට එල්ල කල චෝදනා සුදුකොඩි සම්බන්ධයෙනි. ඇත්ත නැත්ත කුමක් වුවත්, නීති ලේඛන වලට අනුව, ෆොන්සේකා චෝදනාවලට වරදකරැවූවා පමණක් නොව, අභීයාචනය ඉල්ලා අස්කරගැනීම තුල එකී තීන්දුව නිවැරදි බවට ෆොන්සේකා පිළිගෙන තිබේ.

ජනාධිපති රාජපක්ෂ, ෆොන්සේකා නිදහස් කිරීම කළේ කුමන ගණුදෙනුවක ප්‍රථිඵලයක්ද යයි කියන්නට ජනතාව නොදනී. ඇත්තේ - ගොසිප්- පමණකි.

පුද්ගලික රෝහලකම සිට ප්‍රතිකාර ගත යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත රටේ ඉහළම අධීකරණයේද නියම‍ෙයන් නවලෝක පුද්ගලික රෝහලේ නේවාසිකව සිටි ෆොන්සේකාට, ජනාධිපති රාජපක්ෂ නිදහස් කල දිනම සුවපත්වීම නම් ආශ්චර්යයකි.

නැගිටගන්නට බැරි තරමටම අසාධ්‍ය බව මාධ්‍ය ඔස්සේ අපට හැගීමක් ලබාදුන් සියල්ලටම පින්.

මීට පෙරද මේ රටේ  මැති ඇමති වරැන්ට පමණක් නොව රේස් ඔට්ටු  කාරයින්ටද හිරගෙදර නොසිටින්නට වෛද්‍ය සහතික නිකුත් කර තිබුනු බව අමතක නැත.

මේ ෆොන්සේකාගේ නිදහස ගැන නොවේ. ෆොන්සේකාව සියලුම චෝදනා වලින් නිදහස් කරමින් තීන්දුවක් ලබාදුන් විනිසුරු වරාපිටිය මහතා ගැනය.

ඔහුව අධීකරණයේ යෙන් සමුගැනීමට සිදුවිය. ෆොන්සේකා නිදහස්ය.

මෙය දෛවයේ සරදමක්ද ? අහෝ යුක්තිය

No comments:

Post a Comment