Heading Buddhist Monks in front, President Rajapaksha spends people's money on conducting arms givings and suppresses people using police.In order to rescue criminals who are needed for them and to convert innocents as criminals, they use police. When a crime has taken place anyone could be arrested and tortured and charges could be fabricated; this is the procedure in Rajapaksha rule. Jude who went to Payagala police was striped, hanged and beaten. They tortured him using darmachakra method; they put kochchi/chillie juice into his eyes and made him eat kochchi/chillie. Listen to Jude

Dailyvideo

විසි හත් හැවරිදි තරුණයෙකුට පානදුර දකුණ පොලිසියේ සැරයන් “swimming” පෙරේරා පහරදෙයි.


විසි හත් හැවරිදි තරුණයෙකුට පානදුර දකුණ පොලිසියේ සැරයන්   swimming”   පෙරේරා පහරදෙයි. 
ගල්ලලගම ආරච්චිගේ තිලංක නිරෝෂන් ගමආරච්චි මහතා ( අවු: 27, අවිවාහක, අළෙවි නිළධාරී. 8/2, කොතලාවල පාර, කොළමැදිරිය, බණ්ඩාරගම, පදිංචි,*  2012.06.21 දාතමින් සභාපති- මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලිඛිතව පැමිල්ලක් කරමින්, 2012 ජුනි 16 සෙනසුරාදා, රාත‍්‍රී 8.45 ට පමණ තමාට බණ්ඩාරගම පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු ඉදිරිපාටදි පහර දුන් බවත් එයින් අනතුරුව අවමන් සහගත සැලකිලිවලට භාජනය කර ව්‍යාජ චෝදනාවක් මත නඩු පැවරු බවත් කියා සිටි.
ඔහු ගේ ප‍්‍රකාශය:-
2012 ජුනි 16 සෙනසුරාදා, රාත‍්‍රී 8.45 ට පමණ, මට දුරකථන පණිවුඩයක් ලැබුනා, මගේ මල්ලී වන මහේෂ්ව, පොලිසියෙන් අල්ලන් ඉන්නවා ඇවිත් බලන්න කියා. එම පණිවුඩය දුන්නේ දමිත් දුෂ්මන්ත යන අය.
මම එ් වේලාවේම, මගේ මව හා ඥති සොහොයුරියක් සමග කොළමැදිරිය, පන්සල ලඟට ආවා.
අපි එන විට, පොලිස් නිලධාරීන් දෙන්නෙක් මහේෂ්ව අල්ලාගෙන යනවා මා දුටුවා. මා එම පොලිස් නිලධාරීන් දෙන්නාගෙන් ඇහුව්වා රාළහාමි ඇයි මල්ලීව අල්ලාගෙන ඉන්නේ කියා. එවිටම, එ් අසල සිටි සරත් පෙරේරා නැමැති පානදුර දකුණ පොලිසියේ සේවය කරන සැරයන්වරයා, මට අතින් කණට මුහුණට හා ඔලූවට පහර දුන්නා. එ් අසල සිටි මුදිත නැමැති අයද මගේ කණට වැරෙන් පහර දුන්නා.
ඉන්පසු, පානදුර දකුණ පොලිසියේ සැරයන් සරත් පෙරේරා මට ජීප් රථයට නැගපන් කියා කිව්වා. මාව ජීප් රථයට ඔහු තල්ලූ කළා.
මාවත්, මහේෂ්වත් බණ්ඩාරගම පොලිසියට ගෙන ගියා. පොලිසියෙන් මහේෂ්ව කූඩුවට දැම්මා. ටික වේලාවකට පසුව සැරයන් සරත් පෙරේරා යතුරු පැදියකින් බණ්ඩාරගම පොලිසියට ආවා.ඔහු එහි සිටි පොලිස් නිලධාරීවරයෙකුට කිව්වා මාවත් කූඩුවට දාන්න කියා. එවිට මාවද කූඩුවට දැම්මා. එවිට රාත‍්‍රී 9.30 පමණ ඇති.
පසුදින (17 දින) උදේ 6.00 ට පමණ, කූඩුවෙන් එළියට අරගෙන මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. එයින් පසු නැවත කූඩුවට දැම්මා. සවස 2.00 පමණ, මාවත්, මහේෂ්වත් හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා.
පොලිසියෙන් මාව අරගෙන තියෙන්නේ සැකපිට බව ප‍්‍රකාශ කලා. එ් අනුව මාව ඇප මත නිදහස් කොට, 2012.06.19 වන දින අධිකරණයට ඉදිරිපත් වන ලෙසට නියම කලා.
එයින් පසුව මා නිවසට පැමිණ, පහරදීමෙන් ඇතිවූ වේදනාව නිසා බණ්ඩාරගම රජයේ රෝහලට ඇතුලත් වුනා. රෝහලේදී මා, මට පානදුර දකුණ පොලිසියේ සරත් පෙරේරා හා මුදිත යන අය පහරදුන් බව ප‍්‍රකාශ කලා. 2012 ජුනි 19 වන දින උදේ මගේ ටිකට් කැපුවා. රෝහලෙන් කිව්වා, බණ්ඩාරගම පොලිසියට ගොස් අධිකරණ වෛද්‍ය පෝරමය අරගෙන එන්න කියා.
මා ටිකට් කැපූ ගමන්ම, බණ්ඩාරගම මහේස්ත‍්‍රාත් උසාවියට පැමිණ ඉදිරිපත් වුනා. එහිදී නැවත මට
රු: 2500/= ක මුදල් ඇප හා ශරීර ඇප දෙකක් මත මුදා හැරියා. මීලඟ නඩු දිනය අගෝස්තු 28 වේ.
ඉන් පසු මා බණ්ඩාරගම පොලිසියට ගොස් අධිකරණ වෛද්‍ය පෝරමය ලබාගෙන, එය රෝහලට බාර දුන්නා.
2012.06.19 දින මා මේ සම්බන්ධයෙන් හොරණ සහකාර පොලිස් අධිකාරී වෙත පැමිණිල්ලක් කරනු ලැබුවා.
2012.06.20 වන දින, මට පොලිසියට එන ලෙසට දැනුම් දුන්නා. එ් අනුව අද දින (21)උදේ 9.00 ට පොලිසියට ගියා. එහිදී සමථයකට පත්කරන්නට කියා, පැමණල්ල සමථ මණ්ඩලයට යොමු කරන බව කිව්වා. 2012.06.23 වන දින සමථ මණ්ඩලය පැවැත්වෙන බව ප‍්‍රකාශ කලා.
අද දින බණ්ඩාරගම පොලිසියේ පැවති විභාගයට පානදුර පොලිසියේ සැරයන් සරත් පෙරේරා යන අය පැමිණ සිටියා.
මා ඉල්ලා සිටින්නේ,
1. මට පහරදී, තුවාල සිදු කිරීම,
2. නීති විරෝධීව අත්අඩංගුට ගැනීම,
3. ව්‍යාජ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීම
සම්බන්ධයෙන්, පානදුර දකුණ පොලිසියේ සේවය කරන සැරයන් සරත් පෙරේරා ට එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසටය.
ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි. අ.ක. / තිලංක නිරෝෂන් ගමආරච්චි

Posted by janasansadaya on 9:33 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for විසි හත් හැවරිදි තරුණයෙකුට පානදුර දකුණ පොලිසියේ සැරයන් “swimming” පෙරේරා පහරදෙයි.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison