Thursday, June 21, 2012

අධිකරණයට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, ව්යාුජ චෝදනා නගා රිමාන්ඞ් භාරයට පත් කිරීම


අධිකරණයට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා,
ව්‍යාජ චෝදනා නගා රිමාන්ඞ් භාරයට පත් කිරීම

උස්වත්ත ලියනගේ පද්මසිරි නොහොත් සමිත. අවු:30, විවාහක, දරුවන් 02යි,   392/3, කොස්ගහවත්ත, පමුණුගම, අලූබෝමුල්ල.
නීති විරෝධී මත්පැන් අළෙවිය සම්බන්ධයන් පැවති නඩු දෙකකට, ඉදිරිපත් නොවීම මත, නිකුත් කර තිබූ වරෙන්තු සම්බන්ධයෙන් අධිකරණයට ඉදරිපත්ව කරුණු දැක්වීමට, 2012 මැයි 25 දින ඔහු පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණියේය.
සිය නීතිඥවරයා මගින්, අධිකරණයට මෝසම ඉදිරිපත් කල ඔහු, දිවා ආහාර විවේකයේදී සිය බිරිඳ හා මව සමග අධිකරණ භූමියෙන් එළියට පැමිණියේ තේ කෝප්පයක් බීමටය.
අධිකරණ භූමියෙන් එළියට එනවාත් සමග පානදුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, පානදුර දකුණ පොලිසිය වෙත රැුගෙන විත් අමානුෂික ලෙසට පහරදී වධහිංසා පමුණුවනු ලැබීය. පසුදින වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළේ, ජීව බෝම්බයක් ලඟ තබා ගැනීමේ චෝදනාව ඇතුලත් කොටය. එම චේදනාවට මහේස්ත‍්‍රාත්වරයාට ඇප දිය නොහැකි නිසා, ඔහුව රිමාන්ඞ් භාරයට පත් කිරීමට සිදුවිය. දැනටත් මොහු රිමාන්ඞ් භාරයේ පසුවේ. සිද්ධිය අදාලව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ අංක 05254 නඩු වාර්තාවේ, සහතික කරන ලද පිටපතින් උපුටා ගන්නා ලද කරුණු අළලා පිළිලෙ කරන ලද පහත සටහන කෙරෙහි අවධානය යොමු කරමු.
1. 2012.05.26 දී, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමණි උක්වත්ත ලියනගෙ පද්මසිරි නොහොත් සමිත,
   සිය නීතිඥ අරුණ දීපාල් මගින්, මෝසම් දෙකක් ඉදිරිපත් කළේය.
2. එදින දිවා ආහාර විවේකයට අධිකරණ කටයුතු නතර කලවිට, ඔහු තම බිරිඳ හා මව සමග තේ එකක් බීම
   සඳහා අධිකරණ භූමියෙන් එළියට පැමිණෙනවාත් සමග පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් අත්
   අඩංගුවට ගෙන පානදුර පොලිසියට ගෙන ගොස් අමානුෂික වධහිංසා පැමිණවීමට පටන් ගත්තේය.
3. ඔහුගේ බිරිඳ, එ් බව, එම අවස්ථාවේදීම ෆැක්ස් මගින්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට
    දැනුම් දෙනු ලැබීය.
4. දිවා ආහාර වේලාවෙන් පසුව අධිකරණ කටයුතු ආරම්භ කල අවස්ථාවේ උක්වත්ත ලියනගේ පද්මසිරි
    නොහොත් සමිත ගේ නීතිඥ අරුණ දීපාල් මහතා, එ් පිළිබඳව අධිකරණයට වාර්තා කළේය. ඔහුගේ බිරිඳ
    මානව හිමිකම් කොමිෂම වෙත ෆැක්ස් මගින් යවන ලද ලිපියද අධිකරණයට ඉදිරිපත් කොට ගොනු
    කළේය.
5. පසුදින එනම්, 2012 මැයි 26 දින, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා වෙත, උක්වත්ත ලියනගේ පද්මසිරි
   නොහොත් සමිත - ඉදිරිපත් කල අවස්තාවේ, ඔහුගේ නීතිඥ අරුණ දීපාල් මහතාද අධිකරණයට පැමිණ
   තම සේවා දායකයාව පානදුර දකුණ පොලිසියෙන් නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන වධහිංසා
   පමුණුවා, ව්‍යාජ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව ප‍්‍රකාශ කර සිටියේය.

උක්වත්ත ලියනගේ පද්මසිරි නොහොත් සමිතද, තමාව පානදුර දකුණ පොලිසිය විසින්, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියෙන් එළියට එනවාත් සමග අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගොස්, වධහිංසා පැමිණවූූ බව ප‍්‍රකාශ කර සිටියේය.
අධිකරණය ඔහුට ප‍්‍රතිකාර ලබාදෙන ලෙසට, බන්ධනාගාරයට නියම කොට, 2012 මැයි 30 දක්වා රිමාන්ඞ් භාරයට පත් කළේය.
2012 මැයි 30 දින, අධිකරණයට ඉදිරිපත් කල වට, පානදුර දකුණ පොලිසිය තමාට වධහිංසා පැමිණවීම පිළිබඳව සම්පූර්ණ විස්තරයක් අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියේය.
2012.05.25 දින දහවල් 12.45ට පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණ ගේට්ටුවේ සේවය කල පොලිස් නිලධාරියා වන පො.කො.88705 චතුරංග, අධිකරණයට ප‍්‍රකාශ කරන ලද්දේ, මොහුව - උක්වත්ත ලියනගේ පද්මසිරි නොහොත් සමිතව , පානදුර පොලිසිය අත්අඩංගුවට ගන්නවා දුටු බවයි.
මේ අවස්ථාවේ - නීතිඥ සංගමයේ පානදුර ශාඛාවේ සභාපති නීතිඥ උපුල් මුණසිංහ මයා අධිකරණයට විශේෂ ප‍්‍රකාශයක් කරමින්, පොලිසියේ මෙම ක‍්‍රියා කළාපය නීතිඥවරුන්ට සිය සේවාව කිරීමට බාධාවක් බව ප‍්‍රකාශ කළේය.
මේ අවස්ථාවේ, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිටි සියලූම නීතිඤවරුන් පානදුර දකුණ පොලිසියට එරෙහිව නැගී සිටීම විශේෂයකි.
සියලු  කරුණු සැලකිල්ලට ගැනිමෙන් අනතුරුව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු සිය නිරීක්ෂණය සටහන් කළේය.
ඔහු පොලිසිය ඉදිරිපත් කල සියලූම කරුණු ව්‍යාජ එ්වා බවත්, සැකකරු උක්වත්ත ලියනගේ පද්මසිරි නොහොත් සමිතව අත්අඩංගුවට ගත්තේ පානදුර උසාවි භූමියේදී බවටත් නිගමනය කළේය.
පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණි පුද්ගලයකු, දහවල් 12.45ට උසාවිය භූමියෙන් එළියට එනවිට අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණූවා වෙනත් තැනක බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බවට , සම්පූර්ණ බොරු වාර්තාවක් අධිකරණයට ඉදරිපත් කල, පානදුර පොලිසියේ ස්ථානාධිපති, පොලිස් නිලධාරි නයනජිත්මිහිලාල්, රණවක .....ඇතුලූ නිලධාරීන් මේ දක්වාම කිසිදු නීතිමය පියවරකට හෝ විනයානුකූල පියවරකට යටත් නොවී, නිදැල්ලේ සිටීමට ඉඩ හැරීම මගින්, පෙන්නුම් කරන්නේ කුමක්ද ?
නඩු වාර්තාවේ සටහන් වලට අනුව මේ පිලිබඳව විමර්ශනයක් කිරීමට හා පහර දීමට අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගෙන, අධිකරනයට ඉදිරිපත් කිරීමට බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නියෝග කර ඇත.
උක්වත්ත ලියනගේ පද්මසිරි හෙවත් සමිතව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කර මේ වන විට දින 26ක් ගතව ඇතත්, පොලිසිය හෝ නීතිපති මේ පිළිබඳව කිසිඳු පියවරක් ගෙන නොමැත.


1 comment:

  1. munge ammalata ................. nna oni meawage balu sakkili haduwata, owata adikaranayen sadaranayak nolabunath, karapu unge pawul pitin mihipita kunuwela marenne, ehema nowunoth me loo dahama boru,

    ReplyDelete