Friday, June 22, 2012

පානදුර පොලිස් සැරයන් මැරයෙක් වු වගයි---------


සැරයන් මැරයෙක් වු වගයි---------
වසන්ත නැමැති අයෙක් හා එක්ව පානදුර පොලිසියේ සරත් පෙරේරා නැමැති සාජන් වරයා පහර දි පොලිසියට බාරදුන් බව ප‍්‍රකාශකරන මහේෂ් එ් පිළිබඳව, සභාපති- මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, පානදුර- ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී  වෙත ලිඛිත පැමි’’ල්ලක් කරමින්, පානදුර පොලිසියේ සරත් පෙරේරා නැමැති සාජන් වරයාට එරෙහිව නීතිමය හා විනයානුකුල පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටි. .
මහේෂ් 2012.06.21 දාතමින් කරන ලද පැමිණිල්ල-
අබසිංහගෙදර මහේෂ් නිරෝෂන් පාලමකුඹුර, අවු: 19යි, අවිවාහක, යන්ත‍්‍ර ක‍්‍රියාකරු,
8/2, කොතලාවල පාර, කොළමැදිරිය, බණ්ඩාරගම.
2012 ජුනි 16 වන දින, රාත‍්‍රී 8.00 පමණ, මා බුලත්විටක් ගැනීමට අසල කඩයට යමින් සිටියදී, අසල වසන්ත නැමැති අයගේ වත්තේ සිට පැමිණී, වසන්ත හා තවත් අයෙක් මා අල්ලා, කෑගහන්න එපා යයි කියමින්, නිවස තුලට ඇදගෙන ගියා.
නිවසේ ෙදාර වසා, වසන්ත නැමැති අය මට අතින් පහරදුන්නා. මට පහර දුන්නේ කම්මුල් වලට. ඊලඟට මගේ කකුල් දෙක හා අත් දෙක බැඳ ඉන්පසු කට බැන්දා.
එයින් පසුව, වසන්ත දුරකථන පණිවුඩයක් දුන්නා සරත් නැමැති අයට. ඔහු කිව්වා හොරෙක් අල්ලා ගත්තා, එන්න කියා.
ඔහු විනාඩි 10කින් පමණ ඇවිත්, මට ගැහැව්වා. ඔහු පොල්ලකින් මගේ යටිපතුල්වලට ගැහැව්වා. ඉන්පසු ඔහු මේකට තුෂාර හා දමිත් සම්බන්ධයි කියන්න කියා, කට ලිහා, රෙකෝඞ් කලා. නොකිව්වොත් කකුල් කපන බවට තර්ජණය කොට ගස් කපන මැෂින් එක ස්ටාට් කරලා ලගින් තිබ්බා. ම මබය වී කිව්වා තුෂාර හා දමිත් සම්බන්ධ බව.
නැවත වසන්ත හා සරත් මුහුණට, ඔලූවට, යටිපතුල්වලට ගැහැව්වා. වසන්ත පයින් ඔලූවට ගැහුව්වා. මට ක්ලාන්ත ගතිය දැනුනා.
ඉන් පසු, පොලිසියට කතා කරලා, කිව්වා හොරෙක් අල්ලන් ඉන්නවා කියා.
පොලිසියෙන් ඇවිත් මගේ අත් හා කකුල් ලිහා, අත්දෙකෙන් අල්ලාගෙන ජීප් රථයට ගෙන ආවා.
එ් අතර, තුෂාර පැමිණීයා. ඔහු මාව අල්ලාගෙන ඉන්නේ ඇයි කියා රාළහාමිලාගෙන් ඇහුව්වා. එවිට සරත් පෙරේරා ඔහුවද පහරදී ජිප් රථයට නැග්ගුවා.
බණ්ඩාරගම පොලිසියේදී මාව කූඩුවට දැම්මා. පසුදා උදේ 10.00 ට පමණ මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. මම සිද්ධිය ප‍්‍රකාශ කලා. නැවත මාව කූඩුවට දැම්මා. සවස 2.00 ට පමණ හොරණ උසාවියට ඉදිරිපත්කර 19 දක්වා රිමාන්ඞ් භාරයට පත්කලා.
බන්ධනාගාරයේදී මගෙන් කාරණය ඇහුව්වා. එවිට එහි සිටි නිලධාරියා මට අතින් ගැහැව්වා. මම කිව්වා ඔලූව රිදෙනවා ගහන්න එපා කියා. ඊට පසුව මාව වාට්ටුවට දැම්මා.
2012 ජුනි 19 බණ්ඩාරගම මහේස්ත‍්‍රාත් අධීකරණයේදී මට ඇප ලබා දුන්නා. ඉන්පසු හොරණ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණීල්ලක් කලා.
එයින් පසුව බණ්ඩාරගම රෝහලට පැමිණ මට පහරදුන් බවත්, ඔලූව, යටිපතුල්, කම්මුල් රිදෙන බවත් ප‍්‍රකාශ කලා.
නමුත් පරීක්ෂාවක් කලේ නැහැ. වෛද්‍යවාර්තාවක් දිය නොහැකි බව ප‍්‍රකාශ කලා. 2012.06.21 දින උදේ ටිකට් කැපුවා.
මා ඉල්ලා සිටින්නේ,
1. පානදුර දකුණ පොලිසියේ සැරයන් සරත් පෙරේරා, වසන්ත නැමැති අය එක්ව මට අමානුෂික ලෙස  පහරදීම සම්බන්ධයෙන්, පානදුර දකුණ පොලිසියේ සැරයන් සරත් පෙරේරා යන අයට විරුද්ධව නීතිමය හා  විනයානුකූල පියවර ගන්නා ලෙසටද,
2. වසන්ත යන අයට එරෙහිව නීත්‍යෘනුකූල පියවර ගන්නා ලෙසටය.
ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි. අ.ක./ අබසිංහගෙදර මහේෂ් නිරෝෂන් පාලමකුඹුර

No comments:

Post a Comment