Showing posts with label janasansadaya. Show all posts
Showing posts with label janasansadaya. Show all posts

Friday, October 26, 2018

රු: 750,000/- ක් වටිනා, මාතෘ සායනයට සවිකරන්න ගෙනා, වායු සමීකරණ, පොහොට්ටුවේ හිටපු සභාපති ගෙදර ගෙනිහිල්ලා.


පානදුර ප‍්‍රාදේශීය සභාවට අයත් පානදුර තොටවත්ත මාතෘ සායනයට සවි කිරීම සඳහා රුපියල් හත්ලක්ෂ පනස් දාහක් වැයකර, ඇණවුම් කර තිබූ, වායු සමීකරණ යන්ත‍්‍ර 04, හිටපු සභාපති ඉෆාස් නබුහාන් ගෙදර ගෙනිහිල්ලා.

එම යන්ත‍්‍ර ඔහු ගෙදර ගෙන ගොස් ඇත්තේ පානදුර ප‍්‍රාදේශීය සභාවට අයත් අංක 251 - 3799 දරන කැබ් රථයෙනි.

මෙම හිටපු සභාපති, ඉෆාස් නබුහාන් නැමැත්තා පොහොට්ටු පක්ෂයේ ප‍්‍රබලයෙකි.

මෙම රජයේ දේපොළ සොරකම් කිරීම පිළිබඳව පානදුර උතුර පොලීසියට, පැමිණිලි කළ විට, ස්ථානාධිපතිවරයා කර ඇත්තේ, ඉෆාස් නබුහාන් ගේ ගෙදරට ගොස්, සොරාගත් වායු සමීකරණ යන්ත‍්‍ර 04, ආපසු පානදුර ප‍්‍රාදේශීය සභාවේ කෙසෙල්වත්ත උප කාර්යාලයට ගෙන එ්මය.

රජයේ දේපොළ සොරකම් කළ පොහොට්ටු නායක ඉෆාස් නබුහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වැළකී තිබේ.

මෙම රජයේ දේපොළ සොරකම් කිරීම පිළිබඳව හා එ් හා අදාලව පොලීසියේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව, වත්මන් විපක්ෂ නායක තාහීර් ෆාසි පැමිණිලි කර ඇත.

එමෙන්ම එ් හා අදාල සියලූ තොරතුරු හෙළි කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලීමක්, පානදුර ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර ඇත.

   

 


Wednesday, July 4, 2018

එදා මහින්ද ගේ පුත්තලම් හුරතලාෟ අද මෛත‍්‍රි නළවනවා !!!



මේ වෙන අයෙකු නොව වර්ථමාන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායක මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ පදවියෙන් පිදුම් ලබා තිබෙන බියන්විලගේ ඇන්ටන් වික්ටර් පෙරේරාය.

මහින්ද රාජපක්ෂ රෙජිමයේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරයාා ලෙසට පිදුම් ලබා සිටියදි විදේශ රැුකියා සපයන බවට පුද්ගලයින් රවටා ලක්ෂ ගණන් මුදල් වංචා කළාය. එම මුදල් වංචා ගැන පොලිසිවල පැමිණිලි කළ ද අඩුම වශයෙන් මොහුගෙන් ප‍්‍රකාශයක් වත් ලබා ගැනිමට රාජපක්ෂ ඉඩ තැබුවේ නැත. 

වික්ටර් පෙරේරාගේ වංචාවන්ට ගොදුරුව වින්දිතයින් වු බහුතරය රාපක්ෂ ගැත්තන් ගේ භිෂණය හමුවේ නිහඬ විය. එහෙත් වික්ටර් පෙරේරාගේ මුදල් වංචාවන්ට ගොදුරුව වින්දිතයෙකුවු වීරරත්න මහතා, වික්ටර් පෙරේරා ව හා පොලීසිය අභියෝග ලක් කිරිම නතර කළෙ නැත. 

එම තත්වය තුල වික්ටර් පෙරේරාව අධිකරණය ඉදිරියට ගෙන එ්මට පොලිසියට සිදුවිය. 

ඇප මත මුදාහැර තිබෙන මොහු තවමත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායක මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ වරයාය. 

දුෂණයට එරෙහිව කථා කරන ජනපති සිරිසේන හමුවට විරරත්න යන්නේ වික්ටර් පෙරේරා ගැන කියන්නටය. එහිදි ඔහුව යොමු කරන්නේ ජනපති මහජන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ   ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය ලඟටය. 

ඇය විරරත්න ට සියල්ල ලියා දෙන ලෙසට කියයි. එ් අනුව වීරරත්න මහතා ජනපති අමතන ලද ලිපිය පහත දක්වමු. 
  
‘ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක හා දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ නිලතල උපයෝගී කරගෙන මුදල් වංචාකරුවෙකු නීතියෙන් මිදීමට ගන්නා උත්සාහය.

දැනට හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින අංක 97965 දරන නඩුවේ චූදිත වන්නේ, හලාවත ජයබිම, පුත්තලම් පාර, අංක 152 හි පදිංචි බියන්විලගේ ඇන්ටන් වික්ටර් පෙරේරාය.

02. මොහු මාගේ රුපියල් ලක්ෂ 03 ක් 2014 ජනවාරි 30 ලබාගන්නා ලදි. එ් මා හට විදේශ රැුකියාවක් ලබාදෙන පොරොන්දු මතය.

03. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරයාය.

04. මොහු සිදු කළ මෙම වංචා ගැන 2015 නොවැම්බර් මස පැමිණිලි කරන ලදි.

05. එහෙත් මොහුගේ දේශපාලන බලය උපයෝගී කරගෙන අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම වළක්වාලන ලදි.

06. මා දිගින් දිගටම කරන ලද කරුණු දැක්වීම්වල ප‍්‍රතිඵලය වශයෙන් මොහුට විරුද්ධව 2017.09.18 වන දින, නාමිකව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඇප මත මුදාහරිණ ලදි.

07. 2017.12.12 වන දින ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 409 හා 3 වන වගන්තිය යටතේ චෝදනා නගනු ලැබීය.

08. ඔහු චෝදනාවලට නිවරුදිකරු බව ප‍්‍රකාශ කරන ලදි.

09. මෙම පසුබිම යටතේ මෙම මුදල් වංචාකරුව, ඔබතුමා විසින් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ පුත්තලම ආසන සංවිධායක ලෙසත්, පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබේ.

10. මෙම අධ්‍යක්ෂ තනතුරු මත ඔහුට රජයේ දීමනාවක් හා නිල රථයක් ලබා දී ඇත.

11. මේ ආකාරයට මොහු දරන දේශපාලන තනතුරු නිසා මොහු පොලීසියට බලපෑම් කිරීම දිගටම සිදුකරණු ලබයි.

12. එමගින් යුක්තිය ඉටුකර ගැනීම සිහිනයක් වන බව ඔබතුමාට අමුතුවෙන් කිවයුතු නැත.

13. මෙම කාරණය අදාලව, 2018 ජුනි මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක ඔබ මහජන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයට ගොස් ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය මුණ ගැසුනා.

14. එ් අවස්ථාවේ ඇය මාගෙන් කරන ලද ඉල්ලීම මත මෙම ලිපිය ඉදිරිපත් කරමි.

මා ඉල්ලා සිටින්නේ, 

ඔහු දරන දේශපාලන පත්වීම් අයුතු ලෙස උපයෝගී කර ගනිමින් මාගේ වංචා කරන ලද රුපියල් ලක්ෂ තුන හා වසර 4 1/2 ක් පුරා, සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් මට සිදුකළ පාඩුව වෙනුවෙන් එයට එකතු කළ පොලිය සමග ලබාදීමට මැදිහත්වන ලෙසටය.’’

අන් බොහෝ දෙනා මෙන් වීරරත්න මහතා විදේශගතවන්නට උත්සහා ගන්තේ වැඩිපුර යමක් හම්බකරගෙන දරුවන්ට දැනට වඩා හොඳ තත්වයක් උදාකර දෙන්නටය. එ්් සඳහා ණය වි සොයා දුන් මුදල හොරකම් කරපු වික්ටර් පෙරේරා ට තනතුරු සම්මාන ලබාදි නීතියට උඩින් ඔසවා තබා ඇත. 

මේ රටේ ආගම සොරකමයි!. සදාාචාරය සොරකමයි!!. සංස්කෘතිය සොරකමයි!!!. පවසන වීරරත්න මේ රට හදන්න බෑ යන තීරණයට එලඹ සිටි. 
  
බලා සිටිමු දින 14ක්. පිළිතුර ජනපතිගේ කුමක්ද කියා.  


Tuesday, February 13, 2018

වෛද්‍ය සභාවට විවෘත අභියෝගයක්


නවදල පදිංචි රම්‍යලතා මහත්මියගේ ඇසට දැමිමට වැරදි බෙහෙතක් දුන්න ෆාමසි කාරයෙක් බේරා ගැනීමට ක‍්‍රියාකළ රජයේ වෛද්‍ය නිලධාරි වරයෙකුට විරුද්ධව ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාව ආර්ම්භ කළ ප‍්‍රාථමික පරික්ෂණයේදි ඇයව දැඩි අපහසුවකට පත්කිරිම සම්බන්ධයෙන් නිහ`ඩව නොසිට, සිදුවිම විස්තර කරමින් වෛද්‍ය සභාවේ සභාපති හා ලේඛකාධිකාරි අමතන ලද ලිපිය පහ දක්වමු. 
මෙය ආදර්ශයට ගන්න.

රම්‍යලතා
නවදගල

2018. 02. 

01. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා
    සභාපති
    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව
    අංක 31
    නොරිස් කැනල් පාර
    කොළඹ 07

02. ලේඛකාධිකාරි
     ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව
     අංක 31
     නොරිස් කැනල් පාර
     කොළඹ 07

මහත්මයාණනි

2018.01.11 දින පැවැත්වූ, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ 
ප‍්‍රාථමික ක‍්‍රියාමාර්ග කමිටුව සම්බන්ධයෙනි.

(1) ප‍්‍රථමයෙන් මාගේ පැමිණිල්ල හා අදාලව විමර්ශන කමිටුව ඉදිරියට කැඳවීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. 

(2) නමුත් එදින, එනම්, 2018.01.11 දින ඔබ සැම විසින් මාව කොපමණ අසරණ කරන්න හැදුවාද යන්න සිතන විට මට හැෙඟන්නේ එම විමර්ශන කමිටුවේ වෛද්‍යවරුන් සියලූ දෙනා, වගඋත්තරකරු වෛද්‍ය සිරිසේනගෙන් පගාවක් අරගෙන ඇති බවයි.

(3) එසේ සිතන්නට පෙළඹුවේ, අද රටේ මුදලේ බලය ගැන මා හට කමිටු සාමාජික වෛද්‍යවරු විසින් පසක් කර දුන් නිසාවෙන් හා ඇත්ත ඇති සැටියෙන් පිළිනොගෙන එම අවස්ථාවේ ඔබලා ද රාජකාරි කළා යැයි මා හට හැඟුන බැවිනි.

(4) කමිටු සාමාජික වෛද්‍යවරු ‘‘සල්ලිවලට අද හැමදේම යටත් බවත්,  ඕනෑම දෙයක් කළ හැකි බවත්’ අවධාරණය කිරිම ගැන මා පුදුම නොවෙමි. 

(5) අපරාධකරුවන්ව ආරක්ෂා කිරීම ඔබ කමිටුව විසින්ද සිදු කරන බවක් මට හැඟුනි. නමුත් සියලූ දේ මුදලට කළ නොහැකි බවත්, යුක්තිය, සාධාරණය ඉටු විය යුතු බවත් මම විශ්වාස කරමි.

(6) ඔබ සියලූ දෙනා තරම් මා අධ්‍යාපනය ලබා නොතිබුණද, යුක්තිය, සාධාරණය පිළිබඳ හැඟීමක්, දැනීමක් මටද තිබෙන බව කිව යුතුමය.

(7) දැනටමත් වෛද්‍ය වෘත්තියේ යෙදෙමින්, රෝගීන් සුවපත් කරමින්, තවත් රෝගී අයෙක් දෙස බැලූ ආකාරය ඉතාමත් අයුක්ති සහගත බව පවසමි.

(8) වෛද්‍ය සිරිසේනගේ පඩියෙන් යැපෙන දරු පවුල පමණක් නොව, මාගෙන් යැපෙන දරු පවුලක් සිටින බවද පැවසිය යුතුයි.

(9) මාගේ රෝගී තත්ත්වය මත, අප පවුලද ඉතාමත් ආර්ථික මෙන්ම මානසික පීඩාවවන්ට මුහුණ දුන් බවද අවධාරණය කරමි.

(10) මහජන මුදලින්, එනම් නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රයෝජන ලැබූ ඔබ කමිටු සාමාජික  වෛද්‍යවරුන්ගෙන්  ‘‘නූගත් යැයි’’ ඔබ මණ්ඩලය සලකන සමාජයට සිදුවන මෙහෙවර කුමක්ද?ු

(11) වෛද්‍ය නොසැකිල්ල මත මරණයට පත්වූ පුද්ගලයෙකු මුලිකව ක`ඵතර දිසා අධිකරණයේ පවතින නඩුවක සාක්ෂි දීම ඔබ මණ්ඩලයේ කාර්යාල කාර්ය සහයෙකු යැවීමට තරම් පහත් මානසික තත්ත්වයට ඔබ මණ්ඩලය පත්ව තිබෙන බව මා දන්නා කරුණකි. 

මෙම ලිපිය, 2018.01.11 දින ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප‍්‍රාථමික ක‍්‍රියාමාර්ග කමිටුව නියෝජනය කළ සියලූම වෛද්‍යවරුන්ගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලමි.

කෙසේ වෙතත් මා ඉල්ලා සිටින්නේ, මාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් සිදුකර, යුක්තිය ඉටු කර දෙන ලෙසටය.

මෙයට, 

 රම්‍යලතා

  

Sunday, February 11, 2018

ගැණිට දරුවාට ගහණ,පොලිසියේ හුණු ගාපු එකා උසාවියෙත් හුණු ගාන වාලූ!

නීතිය නවන් පු`ථන් මහා එවන්ට පමණක් නොවෙන බව සනාථ කරන මේ කථාව ආරම්භ වන්නේ 2013දි. වයස 20 සම්පුර්ණ වුන ගමන් ඇයව දීග දිලා දෙමාපියන් නිදහස් වෙනවා. දීග ගිහිල්ලා සති දෙකකින් දියණිය ගෙදර එන්නේ දැවැද්ද ඉල්ලා මිනිහා ගහන බව කියාගෙන. මිනිහා ඇවිල්ලා ඇයව නැවත එක්කරගෙන යනවා අයෙත් ගහන්නේ නැ කියලා. මෙම ක‍්‍රියාව චක‍්‍රයක් වගේ. ඉස්පිරිතාලේ නවතින්න වෙන තරමටම ගැහැව්වාම පොලිසිය මැදිහත් වෙලා ඇයව නැවත ගෙදර යවනවා. පොලිසිය ඇයට කියනනේ්් මිනිහානේ ගහන්නේ-නැතිව වෙන අය ගහන්නේ නැ නේ එ් නිසා ගෙදර යන්න කියාලා. එක දවසක් ඇයට හොඳටම ගහලා කිරි සප්පයා සමග මහ පාරේ දාලා යනවා. අවට මිනිස්සු ඇයව රොහල් ගත කර දෙමාපියන්ට දැනුම් දෙනවා. එවර ද ඇයට පොලිසිය කියන්නේ මිනිහා එක්ක ගෙදර යන්න කියලා. ඇ ප‍්‍රතික්ෂේප කරනවා පොලිසියේ යොජනාව. පොලිසියේ යොජනාවට පිටුපාපු කරුමයට ඇයට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. පොලිසිය ‘‘ස්ති‍්‍ර’’ අයිතින් රකින්න සම්මත කරලා තියෙන ‘‘ගෘහස්ථ ප‍්‍රචණ්ඩයට එරෙහි නීතිය’’ නවලා ඇය මිනිහාට අඩන්තේට්ම් කරන බවට චොදනා කරලා නඩුදානවා. ඇය දැන් විත්තිකාරිය. ඇය නිතිඥ සහය පතනවා. නිතිඥයා කියනවා දැන් අපි මිනිහට විරුද්ධ නඩුවක් දාමු කියලා. කිසිත් වටහා ගත නොහැකි ඇය නිතිඥයා ගේ උපදෙස් අනුව මිනිහට විරුද්ධව ‘‘ගෘහස්ථ ප‍්‍රචණ්ඩයට එරෙහි නීතිය’’යටතේ නඩු දානවා. දැන් නඩු දෙකයි. ඇය එකක විතිතිකරු. අනෙකේ පැමිණිලිකරු. නඩුදෙකම එකම දවසේ ගන්නවා. එකට නෙවෙයි දෙපාරකට. හැම වාරයේදිම නිතිඥයෝ ඇයව නිනිදා අපහසයට ලක්කරුනු ලබනවා. මේ අතර ඇය පොලිසියට විරුද්ධව මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල් කරනවා. 

එම පැමිණිල්ල විමර්ශණය කිරිමේන් අනතුරුව නිකුත් කරන ලද නිර්දේශය සම්බන්දයෙන් ඇය මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඇමතු ලිපිය පහත දක්වමු. එය හා මෙම සිද්ධිය කථිකාවකට ලක්විය යුතුයි. කාන්තා අයිතිය ගැන කථාකරන අය සමග නොව ගමේ ගොඬේ ගැණු සමග. 

එමෙන්ම මෙම සිදිධය අදාලව 2013 දි අප පළකරන ලද විඩියෝව තව දුරටත් කරුණු පැහැදිලි කරනු ඇත.


කුමාරි 
2018.02.05

ආචාර්ය දීපිකා උඩගම මිය
සභාපතිනිය                
මානව හිමිකම් කොමිෂන් සභාව        
අංක 14, ආර්.එ්. ද මැල් මාවත
කොළඹ 04

පැමිණිලි අංක : HRC----රැ13

උක්ත පැමිණිල්ල අදාල ඔබගේ 2018.01.12 ලිපිය හා නිර්දේශය ලැබිණ.

01. ඔබ නිර්දේශයේ පරිවර්තනයක් මා වෙත ලබාදෙන ලෙසට ප‍්‍රථමයෙන් ඉල්ලා සිටිමි.

02. වසර පහකට පසුව ඔබගේ නිර්දේශය මා අතට පත්වන විට, සිද්ධිය අදාලව වර්ථමාන තත්ත්වය
    සැකෙවින් සඳහන් කිරීමට කැමැත්තෙමි.

1. පැමිණිල්ලේ සඳහන් කරන ලද පරිදි පොලීසියෙන්, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත උපයෝගී කරගෙන මට හා මාගේ සු`ඵ පියාට විරුද්ධව, -----යටතේ ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් උසාවියේ පවරණු ලැබීය.

2. එම නඩුවට පෙනී සිටීම සඳහා මා විසින් ඉදිරිපත් කළ නීතිඥ ලක්ෂ්මන් මයා, මාගේ සැමියාට විරුද්ධව ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත යටතේ ප‍්‍රති නඩුවක් පවරන ලෙසට  උපදෙස් දී, එ් අනුව, ------- නඩුව පවරණු ලැබීය.

3. මෙම නඩු දෙක එකම දිනයේ කැඳවනු ලැබු අතර, සෑම දිනයකදීම අපව පොලීසිය හා එක්ව අපහාසයට හා උපහාසයට ලක්කරණු ලැබීය.

4. පොලීසිය විසින් මා හා මාගේ සු`ඵ පියා වගඋත්තරකරු කරමින් පවරන ලද --- දරන නඩුව මට මාස දෙකක් වයසේදී, මා හා මාගේ මව සමග ඉතා යහපත් විවාහ දිවියක් ගතකරන මාගේ සු`ඵ පියාව, ”මවගේ අනියම් සැමියා ලෙසට” නම් කිරීමට තරම් පොලීසිය පහත් තත්ත්වයට පත්ව අප මානසික වධහිංසාවට පත් කරණු ලැබීය.

5. අප වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ලද නීතිඥවරුන් වන නීතිඥ ලක්ෂ්මන් මයා මාගේ සැමියා වෙනුවෙන් ඉදිරිපත් වූ පොලීසිය හා නීතිඥ පේ‍්‍රමසිරි අබේසූරිය මයා, මා හා මාගේ සු`ඵ පියාව අපහාසයට ලක්කිරීමට ඉඩ දී නිසොල්මන්ව සිටින ලදි.

6. එපමණක් නොව මාගේ සැමියා පොලීසිය හා අධිකරණ කාර්ය මණ්ඩලය සමග පවත්වාගෙන යන ලද අයුතු සම්බන්ධය මත සාක්ෂි ඉදිරිපත් කිරීමේදී අපගේ සාක්ෂි විකෘති කර, සටහන් කිරිමට පියවර ගෙන තිබීම.

7. මාගේ සු`ඵ පියා, ---- නඩුවේදී ලබාදෙන සාක්ෂිය විකෘති කර සටහන් කිරීම පිලිබඳව,  අධිකරණයට කරුණු දැක්වූ විට, එම වැරදි සටහන් නිවැරදි කිරීමට දිනයක්  ලබාදෙන ලදි. එම දිනයේදී, අපගෙන් මුදල් ලබා ගත්තද, අප නීතිඥවරුන් වන, නීතිඥ ලක්ෂ්මන් මහතා හා නීතිඥ සුමිත් පතිරණ මහතා අධිකරණයේ පෙනී නොසිට මග හරින ලදි.

8. මෙම පසුබිම යටතේ අපට ලැබුණ උපදෙස් මත සැමියාගෙන් දික්කසාද වීම සඳහා  නඩුවක් පවරන ලදි.

9. එම නඩුවේ තීන්දුව 2015.09.21 දින ප‍්‍රකාශයට පත්විය.

10. එයින් අනතුරුව, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව නඩු දෙක ඉවත් කරණු ලැබීය.

11. එවක මාගේ සැමියා වූ, පුංචිහේවා කුමාර, නිවාස, ගොඩනැගිලි පිංතාරු කිරීම ස`දහා කොන්ත‍්‍රාත් ගන්නා කෙනෙකි.

එම පසුබිම යටතේ ඔහු, පොලිස් නිලධාරීන්ගේ නිවාස පිංතාරු කිරිම් සිදුකරණු ලැබේ. එම සම්බන්ධතාවයන් උඩ අධිකරණයේ නිලධාරීන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන අධිකරණය ද පිංතාරු කිරීමට කොන්ත‍්‍රාත් ලබාගෙන තිබිණ.

මා විසින් දරුවා සඳහා නඩත්තු ඉල්ලා පවරන ලද, --- නඩු වාරයකදී, මා නීතිඥ මහතා මගින් අධිකරණයට මේ බව දැණුම් දෙන ලදි.

12. දියණියව සැමියාට බැලීමට ඉඩ දී තිබුණේ, අධිකරණ පරිශ‍්‍රය තුළදීය. එක් දිනක් සැමියා  ”ගුරුකම් කරන ලද” බව කියන තෙල් වර්ගයක් දරුවාගේ ඇඟ පුරාම ගාන ලදි. මෙය  මා, රෙජිස්ට‍්‍රාර්වරියට පැමිණිලි කළ විට, ඇය ‘‘දුවගේ ඇෙඟ් තෙල් ගාන්න තාත්තට  බැරිද’’     කියා මාගෙන් ප‍්‍රශ්න කිරීම තුළින් සැමියා අධිකරණ නිලධාරීන් සමග පැවැත්වූ  අයුතු සම්බන්ධය පැහැදිළි වේ.

13. මා මේ වනවිට එම පීඩාවන්ගෙන් මිදී ඇත. ඔබ කොමිෂමට පැමිණිලි කරන විට, මාගේ දියණියගේ වයස අවුරුද්දකි. මේ වන විට ඇය පාසල් යයි.

14. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත විකෘති කළ සහ මාහට පහරදි මහමගට ඇද දැමිම සම්බන්ධයෙන් මා කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගත් ඇඹිලිපිටිය  ලීසියේ සැමියාගේ කු`ඵපග මිතුරියක් වූ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති  කාන්තා පොලිස් සැරයන් 3329 සීතා රංජනී දැනට විශ‍්‍රාම ගොස් ඇත.

15. එවක ස්ථානාධිපති හා විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති - උප පොලිස් පරීක්ෂක පීටර්, කුමන පොලිස් ස්ථානයක සේවය කරනවාද කියා දන්නේ නැත.

03. ඔබ විසින් නිර්දේශයක් නිකුත් කිරීම ගැන මා ස්තුතිවන්ත වන අතරම, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත යටතේ නැවත නඩු පැවරිමට හැකියාවක් නොමැති නමුත්, පොලීසිය මෙම පනත උපයෝගී කරගෙන පීඩාවට පත් මා, නැවත නැවත පීඩාවට පත් කිරීමෙන් වැළකී, මෙම සිද්ධිය හා අදාලව  වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට පොලීසියට නියෝග කරන  ලෙසට සහා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළක්වීමේ පනත යටතේ පවරන ලද නඩුව අධිකරණයේදී 
 විභාග වීමේදී මා නැවත නැවත පීඩාවට පත් කිරීම හා නීතිඥවරුන් විසින් සිදුකරන ලද සූරා කෑම, කෙරෙහි අවධානය යොමු කර, අධිකරණ කි‍්‍රියාපටිපාටියේ ¥ෂිත ක‍්‍රියා හා නීතිඥවරුන්ගේ දුෂිත පිළිවෙත් අවම කිරිමට අවශ්‍යය නිර්දේශ රජයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි.

මා දැනට, සු`ඵ පරිමාණ ඇඟලූම් කම්හලක සේවය කරමි. දියණියගේ පූර්ණ භාරකාරත්වය ලබාගෙන සිටින බැවින් තවදුරටත් පරීක්ෂණ, විමර්ශන වලට ඉදිරිපත්වීමට හැකියාවක් නැති බව ප‍්‍රකාශ කරමි.

ස්තුතියි, 

මෙයට,
කුමාරි 
  


Sunday, November 26, 2017

චීවරධාරී මෘගයෙකුට පොලිස් රැකවරණ



වස්කඩුවේ ධම්මාරාම නැමති චීවරධාරියා, රාත‍්‍රී 9.30 ට පමණ, පොලූ මුගුරු අරන් නිවසකට පැන, එහි සිටි මානසික රෝගියෙකුට, පහරදීමට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ, අගමැති හා පොලීසිය බාර ඇමතිගේ උපදෙස් මතද?

ඉදිරි පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන්නේ මෙම චීවරධාරියාගේ සොහොයුරෙක් බව ප‍්‍රකශ වේ.

නීතිය මත පාලනය බිඳ වැටීම හා රටේ චීවරධාරීන්ගේ තත්ත්වය ද මෙම සිද්ධියෙන් මනාව පැහැදිළි වේ. 

මොහුගේ සොහොයුරිය නන්දාවතී:(අවු: 57), විසින්, පොලිස්පති ඇතුලූ බලධාරීන්ට කරන ලද ලිඛිත පැමිණිල්ල සියලූ කරුණු පැහැදිළි කරයි.
   
රංචු ගැසී, සංවිධානාත්මකව, ගෙට පැන, මරා දැමීමේ චේතනාවෙන් පහර දුන්න චීවරධාරියෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර ගැනීම සඳහා කරන ඉල්ලීම. 2017.11.25 වන දින දීය.

2017.11.23 වන දින, රාත‍්‍රී 11.30 ට පමණ, පනාපිටිය පාරේ, කවුඩුදුවද නාගරුක්කාරාමයේ, පදිංචි වස්කඩුවේ ධම්මාරාම යන චීවරධාරී පුද්ගලයා තවත් පස් දෙනෙක් සමග පැමිණ, මාගේ මල්ලී වන ගාමිණී පිටිගල ආරච්චි, (අවු: 47 යි )ට, ගාමිණී, ගාමිණී යනුවෙන් ෙදාරට ගසමින් කථා කළා. 

මාගේ මල්ලී ෙදාර ඇර, එන්න හාමුදුරුවනේ, ඇවිත් වාඩිවෙන්න යැයි, වඳිමින් වස්කඩුවේ ධම්මාරාම චීවරධාරියාට ආරාධනය කළා.

එම චීවරධාරියා, ”යකෝ මම වාඩිවෙන්න නෙවෙයි ආවේ” කියමින්, ඔහු අත තිබූ යකඩ පොල්ලකින් ගහගෙන ගහගෙන ගියා. මල්ලීව ඇදගෙන ඇවිත්, මල්ලීගේ සරමද කඩා දැමුවා. වටවී සිටි අය පහරදීමට උදව් කළා. එක් අයෙක් මල් පෝච්චියක් ඔසවාගෙන වැටී සිටි මල්ලීගේ ඔලූවට පහරදීමට බලා සිටියා. 

මා පහරදීම වැළැක්වීමට උත්සාහ ගන්නා විට, මෙම චීවරධාරියා එම පොල්ලෙන් මට පහර දුන්නා. මල්ලී සිහි නැති වූ විට, මෙම චීවරධාරියා, පිරිස සමග ඔවුන් පැමිණි ත‍්‍රී රෝද රථ දෙකෙන් යන්න ගියා.

ඔවුන් ගිය පසු, මම අපහසුවෙන් ඇඳ රෙද්දක් අන්දවාගෙන මල්ලීව මොරොන්තුඩුව පොලිසියට ගෙන ගියා. මොරොන්තුඩුව පොලීසියෙන් විස්තර අසා, ස්ථානාධිපති එනකම් පැමිණිල්ල බාරගන්න බෑ කියා රෝහල්ගත වෙන්න යැයි උපදෙස් දුන්නා.

මා මල්ලීව ගෝනවදු රජයේ රෝහලට ගෙන ගියා. රෝහලේදී මාගෙන් විමසුවා ටිකට් එකක් දුන්නද කියා. මා නැහැ කිව්වා. එවිට රෝහලේ වෛද්‍යවරයා විස්තර අසා ලියාගෙන ප‍්‍රතිකාර කළා.

මාගේ මල්ලී වසර 20 ක පමණ සිට මානසික රෝගයකට ප‍්‍රතිකාර ගන්නා කෙනෙක්. එම නිසා මොහුව රෝහලේ නතර කරවීම අපහසුයි. එම තත්ත්වය තුළ, ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන්න බැරි වුණා. 

මෙම චීවරධාරියා පහර දුන්නේ මානසික රෝගියෙකුට. පහර දුන්නේ මල්ලීව මරා දැමීමට. මෙම අපරාධය සිදුකළ චීවරධාරියා වන වස්කඩුවේ ධම්මාරාම පොලීසිය සමග කිට්ටු සම්බන්ධකම් පවත්වති. තවද මොහු සාමවිනිසුරුවරයෙක් ද වේ.

මොහුගේ මල්ලී කෙනෙකු වන සමරසේකර නැමැත්තා, එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රාදේශීය සංවිධායක වේ. 
මෙම පසුබිම යටතේ, මෙම අපරාධකාරයන් ව, පොලීසිය ආරක්ෂා කරති. 

2017.11.25 දින මා, යුක්තිට ඉටු කර ගැනීම සඳහා පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණියා. එම කාර්යාලයේදී විස්තර ඇසූ කාන්තා පොලිස් නිලධාරණියක්, දුරකතනයෙන් මොරොන්තුඩුව පොලීසියට කථා කර, නැවත පොලීසියට යන ලෙසට උපදෙස් දුන්නා.

නමුත් එහි ගොස් පලක් නොවන බව මා දන්නවා. 

මා ඉල්ලා සිටින්නේ, මාගේ නිවසට, රංචු ගැසී, සංවිධානාත්මකව පැමිණි, පනාපිටිය පාරේ, කවුඩුවදු නාගරුක්කාරාමයේ, පදිංචි වස්කඩුවේ ධම්මාරාම යන චීවරධාරී පුද්ගලයාට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසටය.’’

මෙයට,

අ.ක/ නන්දාවතී

පිටපත්:  
01. ලේකම්
    ජාතික පොලිස් කොමිෂන් සභාව                           
    අංක 09 ගොඩනැගිල්ල
     BMICHපරිශ‍්‍රය
    බෞද්ධාලෝක මාවත
    කොළඹ 07

02. ලේකම්
     නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
     13 මහල, 11
අදියර
     සෙත්සිරිපාය
     බත්තරමුල්ල






Friday, November 3, 2017

නිතිඥ සංගමය හොරාගේ වහේගෙන් පේන අසා තීන්දු දෙයි.



දරුවන් 9 දෙනෙකුගේ මවක්. වැන්දඹුවක් වන සිරියාවතී මහත්මිය රජයේ තක්සේරුව රු: ලක්ෂ හැටපන්දහසක්  වන, වෙළඳපොල වටිනාකම ලක්ෂ සියයකට වඩා වැඩි ගෙයක් සහිත ඉඩම, ලක්ෂ 7කට වංචා සහගතව ලියන ලද නීතිඥවරියක් ගැන නීතිඥ සංගමයට කරන ලද පැමිණිල්ලට ලැබුණ පිළිතුර :- 

‘‘ ඔබ විසින් ඉහත නම් සඳහන් (නීතිඥ ඉමල්කා විජේවීර) නීතිඥ මහත්මියට විරුද්ධව අප වෙත එවන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් එකී නීතිඥ මහත්මියගේ නිරීක්ෂණ, අප සංගමයේ වෘත්තීය විනය කමිටු සභාපතිතුමා විසින් තරයේ සලකා බැලීමෙන් අනතුරුව, ඔබගේ පැමිණිල්ලට අදාළ කාරණය සම්බන්ධයෙන් දැනටමත් ක`ඵතර ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයේ තීන්දුවක් ලබාදී ඇති බැවින් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අප සංගමයට කටයුතු කළ නොහැකි බව ඔබ වෙත දන්වා සිටින ලෙස මා වෙත දන්වා ඇත.”  අ/ක. සුරානි සමරසේකර ප.ලේ ....’’

මෙම ලිපියට පිළිතුරු ලිපියක් ඇය 2017.02. 13 දාතමින්  යවන ලදි. නමුත් පිළිතුරක් නැත. 

සියලූ තොරතුරු සොයා ගැනිමේන් අනතුරුව ඇය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වාට ලියන ලද ලිපිය පහත දක්වමු. මෙහි පිටපත නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ද යවා ඇත. සියලූ විස්තර අප සතුව ඇත. 


‘‘ඔබගේ අංකය : MISC/SEC/322/16 -  දිනය : 2017.01.04

එම්. සිරියාවති 
ක`ඵතර දකුණ

2017.11.01

නී. යූ.ආර්.ද. සිල්වා මයා
සභාපති
නිතිඥ සංගමය
153, මිහිදු මාවත
කොළඹ 02

මහත්මයාණනි

නීතිඥ ඉමල්කා විජේවීර ට විරුද්ධව කරන ලද පැමිණිල්ල.

උක්ත කාරණය අදාලව මා විසින් 2017.01.04 දාතමින් ඔබ අමතන ලද ලිපියට මේ දක්වාම පිළිතුරක් නැත. 

එයට පිලිතුරු නොඑවන ලද්දේ බරපතල වංචාවක් සිදුකළ නීතිඥ ඉමල්කා විජේවීර ආරක්ෂා කරගැනීමටය.

අවශ්‍ය තොරතුරු ඔබ විසින් මා වෙත නොඑවුවත්, නීතිඥ ඉමල්කා විජේවීර විසින් ඔබට දන්වා සිටි ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ අදාල නඩු වාර්තාව ලබාගැනීමට මට හැකිවූ බව දන්වමි.

එම වාර්තාවට අනුව මා විසින්, කරන ලද පැමිණිල්ල විමර්ශනය කළ, ක`ඵතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්. විජේකෝන් විසින්, අංක 63226 යටතේ, 2016.08.12 දින, නීතිඥ ඉමල්කා විජේවීරට, ද.නි.ස. 459, 454 යටතේ නඩු පවරා ඇත.

එම නඩුවට, එම පොලිස් නිලධාරියා විසින්ම, 2016.09.09 දාතමින් වැඩිදුර වාර්තාවක් මගින් නඩුව, ඉදිරියට පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව අධිකරණයට සැලකර, බී1 වශයෙන් අංක ගතකරන ලෙසට ඉල්ලා ඇත.

මහේස්ත‍්‍රාත් අධිකරණය, එම අධිකරණයේම වෘත්තීය කටයුතුවල නියැලෙන නීතිඥ ඉමල්කා විජේවීරට එරෙහිව ඇති නඩුව, පොලීසියේ ඉල්ලීමට ඉඩදී, බී1 ලෙස අංක ගතකර ඇත.

රජයේ තක්සේරුව අනුව රුපියල් ලක්ෂ හැටපන්දහසක් වන, වෙළඳපල වටිනාකම රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් නිවස හා ඉඩම රුපියල් ලක්ෂ 7 කට විකිණීම වංචාවක්, ¥ෂණයක් නොවන්නේ නම්, එ් බව තීරණය කළ යුතුව ඇත.

ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලද 63226 නඩුව වංචාවකි. මෙය නීතිඥ ඉමල්කා විජේවීර බේරා ගැනීම සඳහා සැලසුම්සහගතව කරන ලද කූඨ ක‍්‍රියාවකි.

නීතිඥ ඉමල්කා විජේවීරගේ පියා ආන්නද විජේවීර, හිටපු පොලිස් නිලධාරියෙකි. ඇයගේ සොහොයුරා අදටත් ක`ඵතර උතුර පොලීසියේ නිලධාරියෙකි.

ඔබ කර ඇත්තේ, දුෂිත, වංචාකාරී නීතිඥවරියක් වන ඉමල්කා විජේවීර ආරක්ෂා කිරීමය.

මෙයට,

එම්. සිරියාවතී

පිටපත :
01. රන්ජන් රාමනායක මහතා, ගරු නියෝජ්‍ය අමාත්‍ය
     සමාජ සවිබල ගැන්වීම, සුභසාධක හා උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය
     1 වන මහළ, සෙත්සිරිපාය (දෙවන අදියර), බත්තරමුල්ල

ඉල්ලීම : මෙම බරපතල වංචාව මගින්, මට හා මාගේ දරුවන්ට හිමි රුපියල් ලක්ෂ හැටපන්දහසක්, (රජයේ ඇස්තමේන්තුව) වටිනා ඉඩම හා ගෙය අහිමි කර ඇතිවා පමණක් නොව රජයට අය විය යුතු විශාල මුදලක් අහිමි කර ඇත.

තවද මෙම ඉඩමේ අයිතිය පිළිබඳව ප‍්‍රශ්න ඇත. එ් සියල්ල වසන් කර මෙම නීතිඥවරිය  වංචාසහගතව, කූඨ ලෙස ඔප්පු ලියා තිබේ. එය නීතිඥ සංගමය විසින් සාධාරණය කර  ඇත. පොලීසිය වංචාව යට ගසා ඇත. මේ සම්බන්ධ අනෙකුත් රාජ්‍ය ආයතන අද  දක්වාම නිසි පියවර ගෙන නැත.

මෙම කරුණු පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස හා අදාල ආයතනවලට ඉදිරිපත් කර  යුක්තිය ඉෂ්ඨකර දෙන මෙන්  ඉල්ලමි. සියලූ කරුණු සත්‍ය බවත්, අවශ්‍ය  ඕනෑම විටක එම කරුණු ඉදිරිපත් කිරීමට ඉදිරිපත්වන බවත් ප‍්‍රකාශ කරමි.   


සටහන:-
  අධිකරණ පද්ධතියේ දුෂණ ගැන කථා කිරිම ‘‘උසාවියට අපහස කිරමක් ලෙසට’’ හංවාඩු ගසා පිඩාවට පත්වන ජනතාව භිය වැද්දීමට දරන උත්සහය පරාජය කළ යුතුව තිබේ. ‘‘යහපාලනය’’ යනු නීතිය මත පාලනයයි. 

Wednesday, October 4, 2017

පාරිභෝගිකයාට හිමිවු වන්දිය වදුලි බල මණ්ඩලයෙන් මිලියනයයි, පොලිස් කාරයිගෙන්න් ලක්ෂයයි.



විදුලි මීටරය අනවසර වෙනස්කම් කල බවට චෝදනා කරමින්, පොලිසියද හවුල් කරගෙන අත්අඩංගුවට ගෙන නඩු පවරා පීඩාවට පත්කල පුද්ගලයකු රුපියල් ලක්ෂ එකොලහක් වන්දි වශයෙන් ගෙවීමට විදුලිබල මණ්ඩලයට හා පොලිසියට සිදුවීමේ ප‍්‍රවෘත්තියකි මේ.

2005 වසරේ, මොරටුව, කටුබැද්දේ ගාමිනී ද සිල්වා මහතාට අයත් ව්‍යාපාරික ස්ථානයක විදුලි මීටරය, වෙනස් කරන ලද බවට, විදුල් බල මණ්ඩලයේ සේවයකයින් පිළිය්නදල පොලිස් ස්ථානයේ ස්ථානාධීපති නිෂාන්ත ද සිල්වා සමග එක්ව, ඔහුව අත්අඩංගුවට ගෙන විසිහතර පැයකට වඩා කාලයක් රඳවාගෙන නඩු පවරනු ලැබීය.

අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හා නඩු පැවරීම, ව්‍යාජ තොරතුරු මත කරන ලද බවත්, එ් මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලමින් එ් මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනු ලැබීය.

ශාන්ත ජයවර්ධන හා සෙනුර අබේවර්ධන නීතිඥවරුන්ගේ උපදෙස් මත, ජනාධීපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා, 2005 වසරේදී ගොනු කල මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දු 2017.09.27 වන දින ප‍්‍රකාශයට පත්කරන ලදි.

මෙම නඩුවේ මගඋත්තරකරුවන් වූයේ පිළීයන්දල පොලිසියේ ස්ථානාධීපති නිශ්න්ත ද සිල්වා ප‍්‍රමුඛ පොලිස් නිලධාරියෙකු හා ලංකා විදුලි බල මණ්ඩලය් විශේෂ පරීක්ෂණ ශාඛෘවේ නිලධෘරීන්, ප‍්‍රෘදේශීය ඉංජිනේරු ඇතුලූ නිලධාරීන් පිරිසකි.

විදුලි පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් තහවුරු කරමින්ද, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම් වලින් ද යළිත් තහවුරු කරන ලද නඩු තීන්දුවකි මෙය. සිවිල් සමාජයේ කථීකාවකට බදුන් විය යුතුයි.

එමෙන්ම මෙම නඩු තීන්දුවෙන්, විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියනයක් වන්දි වශයෙන්, ගාමිණී ද සිල්වා මහතාට ගෙවීමට නියම කර තිබේ.

එමෙන්ම නීත විරෝධී අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම නිසා පිළීයන්දල පොලිසියේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා, රුපියල් ලක්ෂයක් ගාමිණී ද සිල්වා මයාට ගෙවිය යුතුව තිබේ.

මෙම වන්දි මුදල හිමිවීම මගින්, ගාමිණී ද සිල්වා මහතාට එක්තරා දුරකතට යුක්තිය ඉටු වී තිබේ.

විදුලි බල මණ්ඩලය – මෙම වන්දි මුදල ගෙවන්නේ, මහජන මුදලින්ය. එම මුදල වරදට සම්බන්ධ සියලූම නිලධාරීන්ගෙන් අයකර ගත යුතුව තිබේ. එසේ අය නොකරන්නේ විදුලිබල මණ්ඩල ලේකම්, සභාපති ඇතුලූ බලධාරින් සිදුකරන්නේ ද අපරාධයකි. මෙය විගණනකාධීපතිගේ සැලකිල්ලට බදුන් විය යුතුයි.

එමෙන්ම, පෙලිස් ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා ට ලක්ෂය ගෙවා, බේරා හැරීමට ඉඩ නොදිය යුතුයි.

පොලිස්පති ගේ, පොලිස් කොමිෂමේ වගකීම වන්නේ මොහුට විරුද්ධව දැඩි විනය පියවර ගැනීමය. එසේ නොකරන්නේ නම් මොවුන් ද අපරාධ ප‍්‍රවර්ධනයට හවුල් කරුවන්ය.

සියුලූම මානව හිමිකම් සංවිධාන මේ පිළිබඳව අවධානය යොමු කර ක‍්‍රියා මාර්ග ගත යුතුයි.

තීන්දුව ස`දහා යොමුව:-  http://www.janasansadaya.org/page.php?id=632&lang=en

Friday, July 28, 2017

31 ලක්ෂයේ MDK මංකොල්ලය ලක්ෂ 3 ක් අරන් නඩු භාණ්ඩවලට දාලා


තමාව පානදුර වැල්ලේ පොලීසියේ යුනිට් එකට ගෙන්වා, අත්අඩංගුවේ හිටිය පුතාව පෙන්නා, ලක්ෂ පහක් ඉල්ලා සිටියා. මා, මාගේ ඉඩම ඇපයට තියා ලක්ෂ තුනක් දුන්නා. එ් ලක්ෂ තුන නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කරලා. පුතා දැන් රිමාන්ඞ්. 
තම පුතා සමග හිටපු රණවිරුවෙක් ද MDK කොම්පැනියේ ගණකාධිවරයෙක්ද රිමාන්ඞ් බාරයේ  පසුවන බව පවසන මව, එ් හා අදාල සියලූ විස්තර පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ගක් වශයෙන් ඉදිරිපත් කර තිබේ. එම ලිඛි’ත පැමිණිල්ලෙන් ”පොලීසිය” අපරාධ විමර්ශනය පසෙක තබා ”නඩු හදන” අයුරු පැහැදිළි වේ.
 ඔම ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.                 

’‘ නීති විරෝධී රඳවා තබා ගැනීම, කප්පම් මුදල් ලබාගෙන ව්‍යාජ චෝදනා නැගීම ----
2017.07.28 වන දින දීය. එල්. ප‍්‍රනාන්දු, අවු: 58 යි, විවාහක, දරුවන් 04 යි, 
ලිපිනය : ----, හොරණ. 
චන්ද්‍රලාල්, අවු: 36 යි, විවාහක, රැුකියාව: ව්‍යාපාරික, මාගේ පුතා වේ.
2017 ජූලි 17 වන දින, දහවල් 10.00 ට පමණ මාගේ පුතාගේ ජංගම දුරකතනයෙන් මා අමතා, කියා සිටියා, "මම දැන් ඉන්නේ පානදුර වැල්ලෙ පොලීසියේ, අත්අඩංගුවට අරන් ඉන්නේ, ඉක්මනට එන්න කිව්වා.” 

මම එවෙලේම පිටත් වුණා. මා පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ආවා. එහි ගේට්ටුවේ සිටි නිලධාරියාට මම කාරණය කිව්වාම, මට යුනිට් එකට යන්න කියා පාර පෙන්නුවා. මම එතැනට ගියා. මට ටිකක් එළියෙන් ඉන්න කියා, පසුව ඇතුළට අරන් ගියා. මාගේ පුතා පුටුවක වාඩිවෙලා හිටියා. එතැන හිටිය සියලූ දෙනාම හිටියේ සිවිල් පිට. එ් අතර හොරණ පොලීසියේ හිටපු අසංක කියන මහතාද සිටියා. එතන සිටිය එක් අයෙක් මගෙන් ඇහුවා, පුතා මංකොල්ලයක් කාලා තියෙන්නේ පිළිගන්නවාද කියා. මම නැහැ කිව්වා. එවිට නිලධාරියෙක් පුතාට කිව්වා, මංකොල්ලා කාපු බව අම්මාට කියපන් කියලා. පුතා කිව්වා ලක්ෂ පහක් ගෙනත් දෙන්න කියා කිව්ව බව. අසංක කියල නිලධාරියා කිව්වා එ් සල්ලි නඩු භාණ්ඩවලට දාන්න  ඕන කියලා.මම අසංක කියන නිලධාරියාට කිව්වා, මහත්තයා රෝහලේ එ් නිසා, රුපියල් ලක්ෂ පහක් දැන්ම හොයන්න විදියක් නෑ කියලා. එවිට එතන හිටිය නිලධාරීන්, හෙට උදේ (2017.07.18 වන දින* උදේ 8.00 වන විට මුදල් ගේන්න යයි කිව්වා. මම එතනින් පිටවී රෝහලේ සිටින මගේ ස්වාමියාව දැණුවත් කර දැනට අප පදිංචි නිවස හා ඉඩමේ, ජන කිරුල ඉන්වෙස්ට්මන් ආයතනයේ එල්.එස්.පී. පෙරේරා මහතාට ඔප්පුව බාරදී රුපියල් ලක්ෂ පහක් ලබා ගත්තා. මා පසුදින, එනම් 2017.07.18 වන දින එයින් රුපියල් ලක්ෂ තුනක් රැුගෙන පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පිහිටි, යුනිට් එකට ගොස් මාගෙන් මුදල් ඉල්ලූ නිලධාරියාට රුපියල් ලක්ෂ තුන ලබාදුන්නා. එම නිලධාරියාව දුටුවොත් මට අඳුරන්න පු`ඵවන්. එදින සිට මාගේ පුතාව හැමදාම රාත‍්‍රියට හොරණ පොලීසියට ගෙන ගොස් කූඩුවට දමනවා. පසුදින උදේ නැවත, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකට ගෙන එනවා. මේ ආකාරයට 2017 ජූලි 21 දක්වාම පුතාව තියාගෙන හිටියා. 2017 ජූලි 22 හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබුවා.මාගේ පුතාව, 2017 ජූලි 16 වන දින අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වන, හොරණ කුඩා උඩුව, රෙස්ට්ටුරන්ට් එකේ සිටියදීය. දැනගන්නට ලැබුණ පරිදි මාගේ පුතාට, කුඩු, ගිනි අවි හා මංකොල්ල චෝදනා දමා ඇත. මේ ආකාරයට බොරු චෝදනා දැමීමට හා මුදල් ලබාගෙන, නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර සිදුකර තිබුණේ අපරාධයකි. පොලීසිය සිදුකර තිබෙන අපරාධය පිළිබඳව නිසි පරීක්ෂණ කරන මෙන් ඉල්ලමි. මෙයට, මව, එල් ප‍්‍රනාන්දු    


Monday, July 24, 2017

සමෘද්ධි වංචා වලට විරුද්ධ වුනොත් ණය නෑ



බුද්න්ගේ දේශය ලෙසට බොඞ් ගසාගෙන සිටින ශි‍්‍ර ලංකාවේ හොරකම දුෂණය වංචාව නැති තැනක් තිබේද? මේ පැනය අසන්නේ දිනපතාම ඇසෙන්නට දකින්නට අතිවිඳන්නට සිදුවන දේ නිසාය. අහංගම හැට දෙහැවරිදි සුනිතා රජයේ ඉඩමක ආවාසයක් හදාගෙන හිටිය චිවර ධාරියෙකු සමග තම පැල බේරාගන්නට නඩු කියන්නට සිදුවිය. බෞද්ධ පොලිස් කාරයෝ ඇගේ පුතුන්ව හිරේ විලංගුවේ දැම්මේ තක්කඩි චිවරධාරියා හා එක්වය.

ඇය වංචාවට හිස නමන්නේ නැත. එ් නිසා සමෘද්ධි නියාමකගේ වංචාවන් අභියෝගයට ලක්කළේය. එ් නිසාම ඇයට හිමි ණය අහිමි විය. පහත දැක්වෙන්නේ ඇය සමෘද්ධි නියාමකට ලියන ලද ලිපියයි. එය ආදර්ශයට ගනිමු.  

ලි.ප.තැ.

එල්. සිරිල් ගීගනගේ මයා
සමෘද්ධි නියාමක
164, නැගෙනහිර ග‍්‍රාමසේවා වසම
කත`ඵව
අහංගම

මහත්මයාණනි

සමෘද්ධි කුඩා කණ්ඩායම විසින් සිදුකරන ලද කූඨ වංචාවක් පිළිබඳව තොරතුරු ලබා ගැනීම හා මාගේ තැම්පත් මුදල් ආපසු ලබා දී, වගකීම් වලින් නිදහස් කරන ලෙස කරණු ලබන ඉල්ලීම.

නම :- ගල්බොක්ක හේවාගේ සුනීතා, අවු: 62 යි.
ලිපිනය :- නො: 42, මිරිහාන වත්ත, (කබලාන* කත`ඵව, අහංගම.
දු.අ. :- 077 6032785

2017.07.24 වන දින දීය.

මා, හබරා¥ව දිවිනැගුම ප‍්‍රජාමූල බැංකුවේ සාමාජිකාවකි. කොටස් ගිණුම් අංකය : 09/1973
මම 2006 සිට, සාමාජිකත්වය දරමි.මා සමෘද්ධි ලාභියෙකු නොවේ. එහෙත් මා, 9  - ෘ කුඩා කණ්ඩායමේ සමාජිකාවක් වශයෙන් 2006 සිටම ක‍්‍රියා කරමි. 
එහි අනෙකුත් සාමාජිකාවන් වන්නේ, 1. ජී.එච්. ධම්මිකා (නායිකාව) 2. එල්.එච්. සෝමවතී 3. එම්.බී. නයනා කාන්තා 4. එම්.බී. ගර්ටි  යන අය වේ.
2012.05.31 දින, මෙම කණ්ඩායමේ ගාස්තු වශයෙන් (සාමාජික මුදල්) රු: 4400/- ක් බැංකුව ලබාගන්නා ලදි. එ් හිඟ මුදල් වශයෙන් සඳහන් කරය. එයින් අනතුරුව මා, 2012.06.14 දින, රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාගත්තා. එම ණය මුදල මා, 2015.03.17 දින ගෙවා අවසන් කර තිබෙනවා.
එසේ තිබියදී, 2016 නොවැම්බර් මස මා, කණ්ඩායම් සාමාජිකයෙකු වශයෙන්, එම්.බී. ගර්ටි සාමාජිකාවට රුපියල් ලක්ෂයක ණය ලබාගැනීම සඳහා ඇපකාරිය වශයෙන් අත්සන් කළෙමි. එම අත්සන් කිරීම පිළිගෙන බැංකුව එම්.බී. ගර්ටි මියට, රුපියල් ලක්ෂයක් ලබාදෙන ලදි.
පසුව මා දැනගත්තා, එම්.බී. ගර්ටි විසින්, මෙම රුපියල් ලක්ෂයක ණය මුදල ලබාගෙන තිබෙන්නේ, සිය බෑනා, (දියණිය උදානි ගේ සැමියාට), ඇප මුදල් වශයෙන් තැන්පත් කිරීමටය. මොහු අපරාධ චෝදනාවකට සම්බන්ධ අයෙකි.
එයින් අනතුරුව, 2017 මැයි මස සු`ඵ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් ඉල්ලා සිටියෙමි. එවිට, ඔබ මා හට ප‍්‍රකාශ කර සිටියේ, මාව කණ්ඩායමේ අක‍්‍රිය සාමාජිකයෙකු කර ඇති හෙයින් ණය මුදල ලබාදිය නොහැකි බවයි.
මෙය ද්වේශසහගතව කරන ලද්දකි. මන්ද ඔබට මා, සාමාජික මුදල් ලබා නොදී, සෘජුව බැංකුවට දැමීම නිසාය. මා සෘජුව බැංකුවට මුදල් තැන්පත් කළේ ඔබ කරන වංචාවන් නිසාය. එය මා ඔබට ප‍්‍රකාශ කර ඇත.
මේ අසාධාරණය මා, දිවිනැගුම ප‍්‍රජා මූල බැංකුවේ කළමනාකාරිණියට හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශ ප‍්‍රධාන මොහාන් මහතාට ද ප‍්‍රකාශ කර සිටියෙමි. 
ඔහු මාගෙන් 2017.06.30 දින, ලිඛිතව මාගේ ඉල්ලීම ලබාගත්තා. එය ලබාගෙන 2017.07.05, 2017.07.12 හා 2017.07.14 ගෙන්වා ගත්තා. 2017.07.14 වන දින, මා අයත් කුඩා කණ්ඩායමේ (9  - D)සෙසු සාමාජිකාවන් අත්සන් නොකරන නිසා ඔහුට කරන්නට දෙයක් නැති බව පිළිතුර විය.
මෙම සාමාජිකාවන්ට බලපෑම් කරන්නේ, ඔබ හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන ඔබගේ බිරිඳ බව මා ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ, 
(1) 9  - D කුඩා කණ්ඩායමේ එම්.බී. ගර්ටි ට, රුපියල් ලක්ෂයේ ණය මුදල ලබාගැනීමට අක‍්‍රීය සාමාජිකයෙකු වූ මාගේ අත්සන පිළිගන්නේ කෙෙසේද යන්න පිළිබඳව පැහැදිළි කරන ලෙසට,
(2) ඔබ විසින් කූඨ ලෙස, අක‍්‍රීය සාමාජිකයෙකු බව දැන දැන මා, ඇපකාරියක් ලෙසට පිළිගෙන, එම්.බී. ගර්ටි මියට, දිවි නැගුම ප‍්‍රතිපත්ති උල්ලංඝණය කරමින්, ණය මුදල අනුමත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එම ඇපකාරීත්වයෙන්, අත්සන් කළ ගිවිසුමෙන් නොපමාව මා ඉවත් කරන ලෙසට,
(3) මාගේ තැන්පත් මුදල වන රු: 10,000/- හා ගෙවා ඇති සාමාජික මුදල් ආපසු ලබාදීමට පියවර ගන්නා ලෙසටය.
මෙයට,
ගල්බොක්ක හේවාගේ සුනීතා
පිටපත්:
(1)කළමනාකාරිණිය, දිවි නැගුම ප‍්‍රජාමූල බැංකුව, හබරාදු
(2) මොහාන් මයා, සමෘද්ධි අංශය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හබරාව
(3) ප‍්‍රාදේශීය ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හබරාදු

Saturday, March 11, 2017

පොලීසිවලට කප්පන් නොදුන්න නිසා බොරු නඩු දැම්මා. සුදු හඳුන් මංකොල්ල කෑවා.



මාතලේ හා රත්තොට පොලීසිය ඉහළ නිලධාරීන්ගේ පූර්ණ සහය හා ආවරණය යටතේ, උසාවිය දඩමීමා කරගෙන කරන ලද මංකොල්ල කෑම් පිළිබඳව ශ‍්‍රී රාජ් ගනේෂ්වර වික‍්‍රමසූරිය මහතා විසින් සියලූ බලධාරීන්ට ලියන ලද ලිපිය පහත දක්වමු.





01. සභාපතිනිය              
     මානව හිමිකම් කොමිෂන් සභාව        
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08

02. ලේකම්
     ජාතික පොලිස් කොමිෂන් සභාව                           
     අංක 09 ගොඩනැගිල්ල
      ඊඵෂක්‍්‍ය පරිශ‍්‍රය
    බෞද්ධාලෝක මාවත
    කොළඹ 07

03. පොලිස්පති                  
     පොලිස් මූලස්ථානය         
     කොළඹ 01


ව්‍යාජ චෝදනා නගා නඩු පවරා සිදුකරන පළි ගැනීම්.

ශ‍්‍රී රාජ් ගනේෂ්වර වික‍්‍රමසූරිය, අවු: 49 යි, ජා.හැ.අ. 672490537 ඪල විවාහක, දරුවන් 02 යි. රැුකියාව: ආයුර්වේද බෙහෙත් විකිණීම. ලිපිනය: 227/1, පල්ලේවේරගම, කයිකාවල, මාතලේ.
දු.අ. 077 5757178

2017.03.02 වන දින දීය.

මාතලේ සහ රත්තොට පොලීසිය විසින් ද්වේශ සහගතව, උසාවිය දඩමීමා කරගෙන සිදුකරණු ලබන මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳව පහත කරුණු ඉදිරි පත් කරමි.

01.
2003.09.08 දින, මාතලේ පොලීසිය විසින් අංක 58424 යටතේ, මා හට ව්‍යාජ චෝදන නගා නඩුවක් පවරණු ලැබීය. 

මෙම නඩුව වසර 13 කට ආසන්න කාලයක් පවත්වාගෙන යමින් ශාරීරික, මානසික සහ ආර්ථික පීඩාවන්ට පත්කරණු ලැබීය.

එක් නඩු වාරයකට ඉදිරිපත් වීමට නොහැකි වී මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ දින විවෘත අධිකරණයේ ඇප තබන ලෙසට නියෝග කරමින් මා දින 03 කට රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබීය.

වසර 13 කට පසුව මෙම නඩුවෙන් මා, අපරාධ නඩු විධි විධාන සංශෝධන පනතේ 188 (2* වගන්තිය ප‍්‍රකාරව මුදාහරිණු ලැබීය.

මට නගා තිබූ ව්‍යාජ චෝදනාව වන්නේ, රු: 18,000/- ක චෙක්පත් වංචාවක් කිරීම සම්බන්ධවයි.

මෙම නඩුව සිවිල් ආරවුලක් අදාල එකක් බව සඳහන් කරමි.

02.
2011.04.28 දින රත්තොට පොලීසිය විසින් අංක 97772 යටතේ, මා හට ව්‍යාජ චෝදනා නගා නඩුවක් පවරණු ලැබීය.

නගා තිබූ චෝදනාව වූයේ රු: 286/ ක් වටිනා කි.ග‍්‍රෑ. 1.430 ක් බර සුදු හඳුන් දැව කැබැල්ලක් ප‍්‍රවාහනය කිරීම, මෙම නඩුව වසර 05 ක් පැවති අතර, 2016.06.17 වන දින ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 88 වන වගන්තිය අනුව නඩුව පවත්වාගෙන නොයන බව ප‍්‍රකාශ කර මා නිදහස් කරන ලදි.

03.
2011.07. 27 දින මාතලේ පොලීසිය විසින් අංක 13889 යටතේ  මා හට ව්‍යාජ චෝදනා නගා නඩුවක් පවරණු ලැබීය.

එම නඩුව පවරන ලද්දේ නීත්‍යානුකූලව මා සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ තිස් පහකට වැඩි වටිනාකමකින් යුත් සුදු හඳුන් ඝණ මීටර් 02 ක් අත්අඩංගුවට ගෙන එකී සුදු හඳුන් අධිකරණයට ඉදිරිපත් නොකර වයාජ චෝදනාවක් නගාය.

චෝදනාවේ ස`දහන් වන්නේ සුදු හඳුන් ගසක් කපා එහි දැව කොටස් සන්තකයේ තබාගෙන ය.

‘බී’ වාර්තාවේ සඳහන් වන්නේ සඳුන් දැව කඳන් 06 ක් ළඟ තබා ගැනීමය. චෝදනාවේ හෝ බී වාර්තාවේ අත්අඩංගුවට ගත් සුදු හඳුන් ප‍්‍රමාණය සඳහන් කර නැත.

වසර 05 කට පසුව 2016.03.09 දින, චූදිතට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන යාම සිදු නොකර බව දැණුම් දීම මත මා මුදාහරිණු ලැබීය.

04.
2014.01.21 දින, අංක B/ැු1322/ැු14 යටතේ මට බොරු නඩුවක් පවරන ලදි.

‘බී’ වාර්තාවෙන් කියා සිටින්නේ රු: 28,400/- ක් වටිනා ටයර් දෙකක් ලබාගෙන අගරු චෙක්පතක් දී වංචා කළ බවය.

වසර 1 1/2 කට පසුව, චෝදනාව සිවිල් ආරවුලකට අදාල යැයි පවසමින් මා මුදා හරින ලෙසට අධිකරණයෙන් කළ ඉලල්ම මත මාව මුදා හරිණු ලැබීය.

05.
මේ ආකරයටම මා හට විරුද්ධව මා හට විරුද්ධ මුදල් වංචා කළ බවට වන ව්‍යාජ චෝදනාවක් මැදිරිගිරිය පොලීසිය විසින් මට එරෙහිව පවරා තිබේ.

එහි අංකය B 1201/ැු13 වේ. සිවිල් ආරවුලක් අපරාධයක් බවට අධිකරණයට පෙන්වා අධිකරණය භාවිතා කරමින් මා පීඩාවට පත් කිරීමකි.

06.
2012 වසර මා හට රුපියල් එක් ලක්ෂ හැට හත් දහස් තුන්සිය පහළොවක් (රු: 164,315/-)වටිනා, වසා ඇති ගිනුමක චෙක්පතක් දී කරන ලද වංචාව මවිසින් MCR42/ැු12; C 2 181/ැු206 යටතේ රත්තොට පොලීසියට කරන ලද පැමිණිල්ල අද දින දක්වාම යටපත් කරගෙන සිටී.

මෙම පැමිණිල්ල ට අදාලව වංචා නඩුවක් පැවරීමට තමන්ට නොහැකි බව රත්තොට පොලීසිය කියා සිටී. එසේ කියමින් මේ දක්වාම කිසිදු පියවරක් ගෙන නොමැත. 

07.
2010.11.09 වන දින, මාතලේ කයිකාවල, පල්ලේගම, වේරගම, 227/1 පිහිටි මාගේ නිවසට පිරිසක් විසින් ගිනි තබන ලදි. අලාභය රුපියල් ලක්ෂ හතරකි. මේ ගිනි තැබීම පිළිබඳව මා එදිනම එනම්, 2010.11.09 වන දින 2010රැු127 – CIBතේ පැමිණිලි කළෙමි. 

එයට මාසයකට පෙර මා හා ඉඩම් ආරවුලකට සම්බන්ධ ‘සමන්ත බේක් හවුස් ලොකු පුතා’ නැමති අය හා තවත් පිරිසක් සමග මා වෙත පැමිණ ඉඩමෙන් පිටවන ලෙස නියම කරන ලදි. එම තර්ජනය පිළිබඳ මා එ් අවස්ථාවේදීම රත්තොට පොලීසියට පැමිණිලි කළ ද එය බාරගත්තේ නැත. 

මෙම සියලූ කරුණු වලින් මනාව පැහැදිලි වන්නේ මෙම පොලිස් ස්ථාන දෙකේ ස්ථානාධිපතිවරුන්  හට මා විසින් කප්පම් නොදීම නිසා පළිගැනීමට,
1. බොරු නඩු දැමීමට හා
2. මාගේ පැමිණිලි බාර නොගැනීමට 
ක‍්‍රියා කළ බවයි. 

මා ඉල්ලා සිටින්නේ මා ඉහත සඳහන් කළ කරුණු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්ය.

මෙයට,

ශ‍්‍රී රාජ් ගනේෂ්වර වික‍්‍රමසූරිය

Saturday, January 7, 2017

සුදු අලි බවට පත්ව තිබෙන ජ.පො.කො. පළාත් කාර්යාල


Image result for national police commission


ජාතික පොලිස් කොමිෂම මහජන පැමිණිලි විමර්ශනය සඳහා පිහිටුවා තිබෙන ප‍්‍රාදේශීය කාර්යාල මහජන මුදල් කාබාසිනියා කරනවා මිස හජන පැමිණිලි විමර්ශනය සිදුවන්නේ නැත.

පොලිස් කොමිෂම වෙත එවනු ලබන පැමිණිලි, පළාත් කාර්යාලවලට යොමු කරණු ලබයි. මාසයක් පමණ ගෙන පැමිණිලිකරුට පෝරමයක් එවීම හා මොකක් හෝ පිළිතුරක් ලබාදීමට පියවර ගෙන විමර්ශන අවසන් කිරීම සිය පිළිවෙත කරගෙන තිබේ.

මෙම මහජනයා පීඩාවට පත්කරණු ලබන ඊනියා කාර්යාල ක‍්‍රමය ජා.පෙ.කො. ආරම්භයේ සිටම පවත්වාගෙන යන බවද එය වෙනස් කිරීමට තවමත් බැරිව තිබෙන බවද කිව යුතුයි. පළාත් අධ්‍යක්ෂවරුන්ට  අවම වශයෙන් එකී පැමිණිලි කියවා තේරුම් ගැනීමටවත් හැකියාව ඇද්ද යන ප‍්‍රශ්නය මේ වනවිට පැන නැගී තිබේ.

ඌරගස්මංහන්දිය පොලීසිය විසින් අපරාධයක් සිදුකළ පුද්ගලයකු බේරා ගැනීමට හා වින්දිතයාට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ජා.පො.කො. වෙත කරන ලදි. ජාතික පොලිස් කොමිෂම එකී පැමිණිල්ල කොමිෂමේ දකුණු පළාත් අධ්‍යක්ෂ වෙත යොමු කර තිබිණ. දකුණු පළාත් අධ්‍යක්ෂගේ පිළිතුර වී ඇත්තේ නඩුවක් පවතින හෙයින්, මැදිහත්විය නොහැකි බවයි.

පොලීසිය සිය ¥ෂිත ක‍්‍රියාවන් කිරීමට උසාවිය දඩමීමා කර ගනියි. එය තහවුරු කිරීමට ජාතික පොලිස් කොමිෂම ද ක‍්‍රියා කරන්නේ නම් මහජන පැමිණිලි විමර්ශනය කිරීමට පිහිටුවා තිබෙන පළාත් කාර්යාල මහජන මුදල් කාබාසිනියා කරන්නකි.

දකුණු පළාත් කාර්යාලයේ ක‍්‍රියාකලාපය හෙළා දකිමින් අපරාධ වින්දිත රම්‍යලතා මිය විසින් ලියන ලද ලිපියේ පිටපතක් ජාතික පොලිස් කොමිෂමේ ලේකම්ට ද යවා ඇත.

ගන්නා පියවර කුමක්ද? බලා සිටිමු.




Saturday, December 10, 2016

මුස්ලිම් නිතිඥයෝ උසාවියේ දි මට බැන්නා. අපහස කළා. අල්ලා දෙවියෝ බලා ගනීවී කියලා තර්ජනය කලා.

අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගි සිටිමු 

මුස්ලිම් පල්ලියක්, අනාචාරයේ හැසුරුනා කියලා කාන්තාවකට පොල්පිත්තෙන් පහර දිම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි තරුණ මුස්ලිම් නිතිඥවරියකට, එම උසාවියේ මුස්ලිම් නීතිඥ වරුන්ගෙන් එල්ල වු තර්ජන, නින්දා අපහාස විඳ දරාගෙන, භිය නොවී යුක්තිය ඉටු කිරිමට ක‍්‍රියා කළ ආකාරය හ`ඬ ගා කියා පෑමට, තරුණ මුස්ලිම් නිතිඥවරියට අවස්ථාව උදා කර දුන්නේ, ‘‘අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගි සිටිමු’’ තේමාව යටතේ, ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින්, සංවිධානය කරන ලද, 68වන ජගත් මානව හිමිකම් දින සමරු උත්සවයේ දිය. 
ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව අර්ථවත් ආකාරයට, පවත්වන ලද මෙම සමරු වැඩසටහන, අන් අයගේ ඔලූ ගැන, ක‍්‍රියාවන් ගැන ප‍්‍රශ්න කරන්නට පෙර තමන් කරන්නේ, අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෑගි සිටිනවාද?, එසේ නැති නම්, අන් අය අලෙවි කරමින්, තමන් නැගි සිටිනවාද යන්න? ගරුත්වයක් ඇති අයට සිතා බැලීමට අවසථාවක් උදා කර දීමක් ද විය.
එ්කීය ශ‍්‍රී ලංකාවේ ‘‘නීති’’ එකීය නොවේ. ආගම්, ජාති අනුව නීති වෙනස් වේ. එ් සියලූ නීති වලට පිටින්, සියලූ නීති උල්ලංඝණය කරමින්, ක‍්‍රියා කරන පිරිසක් සිටිති. එ් ආගම්  මුල් කරගෙන ජිවත්වන ‘‘නිල’’ ඇ`දුම් ඇඳගත් පිරිසය. 
මුස්ලිම් නීතිය යටතේ අනාචාරය යෙදුනාය යන චොදනාව යටතේ, මුස්ලිම් පල්ලියක් තුළ, පිරිමි සිය ගණනක් වට කරගෙන,  පොල්පිති පහරවලට ලක්වු කාන්තාවක් පිළ්බඳ 2010 වසරේ ජනසංසදය සිදුකළ මැදිහත් වීමක් අදාලව පළකරන ලද වීඩියෝව නැවත සිහියට කැඳවමු. එ් මෙවන් සිදුවීම් අප රටේ අහම්භයන් නොවෙන බව තහවුරු කිරීමටය.



Friday, December 2, 2016

මර්වින් සිල්වාගේ පාහර වැඩට වන්දිය රු: 550,000/- යි.


උපුටා ගනීම-chitrangi7.blogspot.

ත‍්‍රීවිල් කාරයන්ගේ වුවමනාවට තාප්පය කඩා විනාශ කළ මර්වින් සිල්වාට ලක්ෂ 4 යි, අපරාධය වසන් කළ පොලිස් ස්ථානාධිපතිට රු: 50,000/- යි, අපරාධයට වගකිව යුතු රජයට ලක්ෂ 01 යි.

රාජපක්ෂ රෙජිමයේ බලූකම් පාහරකම් කරමින් නීතියෙන් ගැලවී සිටි මර්වින් සිල්වාට පක්කලි කම් කරන ලද ත‍්‍රීවිල් රියදුරන් පිරිසක් කිරිබත්ගොඩ, නුවර පාරේ අසිත ලියනගේ මහතාට හා ඔහුගේ පවුලට කරන ලද අඩම්තේට්ටම් කෙළවර වූයේ 2010.09.18 එ් මහතාගේ ව්‍යාපාරික ස්ථානයේ තාප්පය හා වැසිකිලිය කැළණිය ප‍්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත‍්‍ර යොදවා මර්වින් සිල්වාගේ මෙහෙයවීමෙන් කඩා බිඳ විනාශ කර දැමීමෙන්ය.

මහින්ද රාජපක්ෂ රෙජිමයේ මර්වින් සිල්වා ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න පොලීසිය ද ඉදිරිපත් වූයේ නැත.

සමහර පොලිස් නිලධාරීන් මොහුගේ පාහර නීති විරෝධී කි‍්‍රයාවන්ට සහය දැක්වීය.

රාජපක්ෂගේ මිනීමරු පාලනය තුළද තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අසිත ලියනගේ ඉදිරිපත් විය. ඔහු මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙන යෑම සඳහා අවසර ලබාදුන්නේ 2010.11.22 දිනය. නියමිත දිනවලට මර්වින් සිල්වා ඇතු`ඵ වගඋත්තරකරුවන් පිළිතුරු ලබාදුන්නේ නැත. එයට 2013.01.16 වන දින දක්වාම විවිධ හේතු දක්වමින් ප‍්‍රමාද කරණු ලැබීය.

නඩුව පවරා වසර 06 කට පසුව එනම්, 2016.06.14 දින විභාගයට ගනු ලැබීය. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු එස්.ඊ. වනසුන්දර, විනිසුරු අනිල් ගුණරත්න හා විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව 2016.06.14 වන දින ප‍්‍රකාශයට පත්කරණු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අනිල් ගුණරත්න විසින් සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ එකඟතාවයෙන් ප‍්‍රකාශයට පත් කළ මෙම තීන්දුව මගින් රාජපක්ෂ රෙජිමයේ රාජ්‍ය ඇමති පදවියක් දැරූ මර්වින් සිල්වාට රු: ලක්ෂ හතරක් ද, මර්වින් සිල්වාගේ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොකළ කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ලෙසට කටයුතු කළ පොලිස් පරීක්ෂක එදිරිසූරිය පටබැඳිගේ චමින්ද එදිරිසූරියට රු: පනස්දාහක් ද, රජයට රුපියල් ලක්ෂයක් ද වන්දි වශයෙන් අසිත ලියනගේ මහතාට ගෙවීමට නියම කෙරණි.

මේ අනුව අසිත ලියනගේ මහතාට රුපියල් පන්ලක්ෂ පනස් දහසක වන්දියක් හිමි විය.

එ් මහතාට මර්වින් සිල්වා සිදු කළ අලාභය මිළියන දෙකකට වැඩි බව ප‍්‍රකාශ වේ.

මෙම නඩු තීන්දුව මගින්, අසිත ලියනගේ මහතාගේ දේපළවලට හානි කිරීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් කවරේද මෙම විනාශය සඳහා රාජ්‍ය දේපළ භාවිතා කර තිබේද යන්න, නීතියට අනුකූලව පරීක්ෂණ පවත්වා නීතිපති උපදෙස් අනුව නිසි පියවර ගන්නා ලෙසට පොලිස්පතිට නියම කර තිබේ.

පොලිස්පති පූජිත ජයසුන්දර, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව නීතිය ක‍්‍රියාත්මක කරයි ද? මර්වින් සිල්වාට අවශ්‍ය විදියට ක‍්‍රියා කරයිද? දන්නේ නැත.
මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලේ උදවියට මෙන්ම මර්වින් සිල්වා වැනි තවත් අපරාධකරුවන් රැසකට නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදී ආරක්ෂා කර ගන්නා ලදි.

පොලීසියද එයට පූර්ණ සහය ලබාදෙන ලදි.

2010.09.18 දින, බරපතල අපරාධ සම්බන්ධයෙන් අසිත ලියනගේ මහතා කිරිබත්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන්, අපරාධ ස්ථානය පරීක්ෂා කරණු ලැබුවාද, අවට සිටි පුද්ගලයන්ගේ ප‍්‍රකාශ සටහන් කරගනු ලැබුවාද, සිදුකර තිබූ අලාභ පිළිබඳ සටහන් තැබුවාද, මහේස්ත‍්‍රාත්වරයාට කරුණු වාර්තා කරණු ලැබුවාද, ආදාල දුරකතන පරීක්ෂාවට ලක් කළාද, යන ප‍්‍රශ්න මතුකරන ශ්‍රේෂ්ඨාධිකරණය සිද්ධිය අදාලව විධිමත් පරීක්ෂණයක් නොපැවැත් වූ බව පෙන්වා දී තිබේ.

දේශපාලන හෝ අල්ලසට හෝ යම් කෙනෙකුගේ පුද්ගලික  ඕනෑ එපා කමකට අදටත් පොලීසිය, සාක්ෂි වසන් කරමින් අපරාධකරුවන් අරාක්ෂා කිරීමේ නියැලෙති.

මෙම නඩු තීන්දුව ජාතික පොලිස් කොමිෂමේ අවධානයට අප යොමු කළෙමු.

මෙම පොලිස් නිලධාරියාට, එනම් පොලිස් පරීක්ෂක එදිරිසූරිය පටබැඳිගේ චමින්ද එදිරිසූරියට එරෙහිව නොපමාව විනය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමු.

මේ වන විටත් මොහුට උසස්වීම් ලබාදී ඇත්නම් පුදුම විය යුතු නැත. එසේ උසස්වීමක් ලබාදීමත් සිදුකර ඇත්නම් එය අවලංගු කළ යුතුය. නිසි දඬුවම් ලබාදිය යුතුයි. 

නැතිනම් යහපාලනය විගඩමක් වන බව ජාතික පොලිස් කොමිෂමට කියා සිටිමු.

මෙම නඩු තීන්දුව ජනතා අවධානයට යොමු කිරීම යහපාලනය හා සංහිඳියාව ගොඩ නැගීමට වැදගත් වනු ඇත.

Link:-

http://www.janasansadaya.org/page.php?id=621&lang=en



Tuesday, November 8, 2016

ඇල්පිිටිය ”එක-තුමා” ගේ මනමාලකම්, බයනැති කම්, යාලූකම් ......IGP ට කියයි.

.

ඇල්පිටිය ASP පුස්සැල්ල හෙවත් ”එකතුමා” හමුවන්නට, ර... මහත්මිය ගියේ, පාලිස්පතිට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාලව ලැබුන ආරාධනාවකටය.

සුපුරුදු පරිදි IGP ට ඉදිරිපත් කළ එම පැමිණිල්ල, ගාල්ලDIGට,ගාල්ල DIG්පිටිය පොලිස් අධිකාරීට ද එවා තිබිණ. එ් අනුව, ඇල්පිටිය ASP එම පැමිණිල්ල ගැන විමසීමට ඇය කැඳවා තිබින. එ් 2016.10.25 දිනය. නමුත්A්SP හෙවත් ”එක-තුමා” හිටියේ නැත. ඔහු වෙනුවට, කාර්යය මණ්ඩලයේ සේවකයෙක් ඇයගේ ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේය. එ් අවශ්‍යම කරුණු මගහරිමින්ය. එ් පිළිබඳව ඇය නැවත 2016.11.01 දින, IGPු ට කියන ලදි.

එහි ප‍්‍රථිඵලයකින් දෝ. ඇල්පිටිය ASP,1හෙවත්කඒකතුමා ඇයට ්අැරයුම් කෙළ්ය. ඒ් 2016.11.04 වන දිනය.

එ් අවස්ථාවේ, ඇල්පිටියෟ්ීීුASPහෙවත් ”එක-තුමා” හිටියේය. ඉදිරියෙන් ඉංග‍්‍රීසි නාම පුවරුවට අනුව, නම පුස්සැල්ල විය.

එහිදී ඇගේ ලස්සන ගැන, පූජිත සමග ඇති යාලූකම් ගැන, ලොකු ලොකු නෑදෑයින් ගැන, බයනැති කම් ගැන, අපරාධකරුවන් රකින බවට සහතික කරමින් කරන ලද  ”එක-තුමා” ගේ බණ රම්‍යලතාට අසන්නට සිදුවිය.

ඇය 2016.11.01 හා 2016.11.07 දාතමින් IGPු පූජිත ජයසුන්දර අමතන ලද ලිපි දෙක පහත දක්වමු.
1
ඔබගේ යොමු අංකය: Tell IGP 38/OCT/2016

පූජිත ජයසුන්දර මහතා
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

හිතවත් මහත්මයාණනි

ඌරගස්මංහංදිය ”ගුණවර්ධන ෆාමසිය” මගින් 
වැරදි බෙහෙතක් නිකුත් කිරීම නිසා අර්ධ අන්ධභාවයට පත්වීම

උක්ත පැමිණිල්ල ඔබ විසින් ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද බවට කළ දැණුම් දීම ගැන ස්තුතිවන්ත වෙමු.

ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එය ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී ෂ වෙත යොමු කර තිබිණ.

ඒ අනුව ඌරගස්මංහංදිය පොලිස් ස්ථානය බාරව කටයුතු කරන ස.පො.අ. ෂල 2016.10.25 දින, ඔහුගේ කාර්යාලයට පැමිණ හමුවන ලෙස දැණුම් දෙන ලදි.

එ් අනුව මා, නියමිත දින, නියමිත වේලාවට, ඔහුගේ කාර්යාලයට ගියෙමි. නමුත් ඔහු සිටියේ නැත.

එ් වෙනුවට එහි සිටි කාන්තා පොලිස් නිලධාරිණියක් නැවත වරක් සිද්ධිය මගෙන් අසා සටහන් කරගනු ලැබීය.

නමුත් ඇය, මා විසින් ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත් ප‍්‍රියන්ත නඩුව එ්කාන්තයෙන්ම පරදින බවට වූ සහතිකය ගැන, මෙම නඩුවට චූදිතයන් ලෙස අදාල ගුණවර්ධන ෆාමසියේ හිමිකරු ශාන්ත ගුණවර්ධන හා එම ෆාමසියේ ලියාපදිංචි ඖෂධවේදී නම් කළ යුතු බවට සහා නඩුවේ සාක්ෂිකරුවන් ලෙසට, ඌරගස්මංහංදිය ප‍්‍රාදේශීය රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ඞී.ආර්.කේ. සිරිසේන මහතා හා  ඕමත්ත බු`ඵගහ හංදියේ ඩිස්පැන්සරියේ වෛද්‍ය පී.ඩබ්.යූ. ජයලාල් මහතා නම් කරන ලෙස ඉල්ලා, එම කරුණු සටහන් කරන ලෙසට කරන ලද ඉල්ලීම තරයේ ප‍්‍රතික්ෂේප කර, අනෙක් කරුණු ගැන පමණක් ස`දහන් කරන ලද ප‍්‍රකාශයට මාගෙන් අත්සන් ගන්නා ලදි.

එම ප‍්‍රකාශය සටහන් කරගත් කාන්තා පොලිස් නිලධාරිණිය කියා සිටියේ ප‍්‍රකාශය ලියාගෙන එ් ගැන ඌරගස්මංහංදිය පොලීසියට දැණුම් දෙනවා හැරෙන්නට වෙනත් දෙයක්, ඇල්පිටිය සා.පො.අ.1ට කළ නොහැකි බවයි.

එ් අවස්ථාවේ මෙතැනින් ද වැඩක් නොවන බව ප‍්‍රකාශ කර මා පිටව ආවෙමි.

පූජිත ජයසුන්දර මහතාණෙනි,

ඔබ කළේ මා ඔබට යොමු කරන ලද පැමිණිල්ල, 

1*. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කිරීමය.

2*. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කළේ එය, ඇල්පිටිය ස.පො.අ. ෂ වෙත යොමු කිරීමය.

3*. ඇල්පිටිය ස.පො.අ. ෂ කළේ, ඔහුගේ කාර්ය මණ්ඩලයේ කා.පො. නිලධාරිණියකට බාර දීමය.

එම කා.පො. නිලධාරිණිය කළේ නැවත වරක් සිද්ධිය අසාගෙන සටහන් කර, අපරාධයට අදාල ඉතා වැදගත් කරුණ සටහන් කිරීම ප‍්‍රතික්ෂේප කර, එකී ප‍්‍රකාශය ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත් ප‍්‍රියන්තට යොමු කරන බව ප‍්‍රකාශ කිරීමය.

ඉදිරියේදී, ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත් ප‍්‍රියන්ත, ඇල්පිටිය ස.පො.අ. ෂ කියන දේ, ඇල්පිටිය ස.පො.අ. ෂල විසින් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ට යවනු ඇත. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති එය ඔබට එවනු ඇත.

ඔබ එය මට පවසනු ඇත.

මෙය, මා මෙන්ම රටේ ජනතාව ඔබගෙන් බලාපොරොත්තුවූ දෙය නොවන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරමි.

ඌරගස්මංහංදිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත් ප‍්‍රියන්ත අල්ලස් ගෙන සිදුකරන ලද අපරධයක් වසන් කිරීමට, පරදින ආකාරයට පවරන ලද නඩුව, එ් ආකාරයෙන්ම පවතිනු ඇත.  එයට ඉඩ නොතබන්න.

ස්තූතියි,
මෙයට,

අ.ක/ කේ. ර 

පිටපත්: 

01. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති   
02. ඇල්පිටිය ස.පො.අ. ෂ                දැන ගැනීම පිණිස

2
ඔබගේ යොමු අංකය :- Tell IGP 38/OCT/2016
2016.11.07

පූජිත ජයසුන්දර මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

මහත්මයාණෙනි,

”ඌරගස්මංහංදිය ගුණවර්ධන ෆාමසිය” මගින් වැරදි බෙහෙතක් නිකුත් කිරීම නිසා 
අර්ධ අන්ධභාවයට පත්වීම.

මෙම කාරණය අදාළව මා විසින්, 2016.10.21 හා 2016.11.01 දාතමින් - එවන ලද පැමිණිලි හා බැඳේ.

01. 2016.11.04 වන දින දුරකථනයෙන් මට දැනුම් දුන්නා 2011.11.05 දින පෙ:ව:9.30 ට, පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ ”එතුමා” හමුවන ලෙසට.

02. එ් අනුව මා නියමිත වේලාවට පොලිස් අධිකාරි කාර්යාලයට ගියා. එහිදී මාව සා.පො.අ.ෂ - පුස්සැල්ල වෙත යොමු කරනු ලැබුවා.

03. ඔහු පළමුවෙන්ම, මාගෙන් කාව හම්බුවෙන්නද කියා අසා සිටියා. ඉන්පසු මගේ පුද්ගලික තොරතුරු විමසා සිටියා. 

04. ඉන්පසු, ඇහැ සනීප නේද ? බුදුන්ගේ සරණයි කිව්වා.
  
     එසේ කිව්වේ මටද, ඌරගස්මංහංදිය ධෂක්‍ ටද, එසේ නැත්තම් ෆාමසි අයිතිකරුටද කියා මට
     වැටහුනේ නෑ.

05. මා ඔහුට පැහැදිලි කලා ඇහැ සනීප නෑ - කණ්නාඩි දාන්න වෙලා, සායනවලට යන්න වෙලා කියා.

06. ඔහු මට කිව්වා, කණ්නාඩි දැම්මාම ලස්සන නේද? කියා කියමින්, මට ලිංගික බලපෑමක් අනියම් 
     ආකාරයට සිදුකිරීමට උත්සාහ ගනු ලැබුවා. 

07. ඇස් නොපිනීමට කණ්නාඩි දැම්මාම ලස්සන වෙන්නේ කොහොමද කියා ප‍්‍රශ්ණ කල විට, කතාව වෙනස් 
     කර, මට නීතිපාඩිම් උගන්වන්න පටන් ගත්තා. ”බණ” කියන්න පටන් ගත්තා.

08. එම ”බණ” කියන අතර, පූජිත ජයසුන්දර මගේ හොඳම යාලූවෙක්, තාත්තාගේ ගෝලයෙක්, තම 
     සොහොයුරා ලොක්කෙක් කිව්වා. අපේ ෆැමිලි එකේ ගොඩක් පොලිසියේ ඉන්නවා කිව්වා. කිසි 
     කෙනෙකුට බය නෑ කිව්වා.

09. එම දේශණ අතර, ඔහු, ඌරගස්මංහංදිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සොයිසාට 
     කතාකර, ෆාමසි කේස් එකේ තත්වය ඇසුවා. නමුත් ඌරගංමංහංදිය පොලිසියේ පිළිතුර මට ඇසුනේ 
     නැහැ.

10. ඉන්පසු ඔහු මට, එ්ත්තු ගැන්වීමට උත්සාහ ගත්තා, ඌරගස්මංහංදිය පොලිසියේ ස්ථානාධිපති සුජිත් 
    ප‍්‍රියන්ත, අනිවාර්යයෙන් නඩුව පරදින බවත්, රුපියල් ලක්ෂ දෙක තුනක් අරගෙන සමථ වෙන්නට 
    කරන ලද බලපෑම, සු`ඵ දෙයක් බවත්, එම ප‍්‍රකාශ හිතාමතා කිව්ව දේ නොවන බව, එ්ත්තු ගැන්වීමට 
    දැඩි ප‍්‍රයත්නයක් ගනු ලැබුවා.

11. ඔහු එකම ප‍්‍රශ්ණය, විවිධ ආකාරයට අසමින්, මා පිළිතුරු දෙනවිට එයට බාධා කරමින්, මා පීඩාවකට 
    පත්කරනු ලැබුවා.

12. ඔහු, ඌරගස්මංහංදිය ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත - හොඳ කෙනෙක් බව, අවංක අයෙක් බව ප‍්‍රකාශ 
    කරමින්, මාගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කලා.

13. ඔහු ඌරගස්මංහංදිය පොලිසියේ ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත කරන ලද ප‍්‍රකාශය, ”සමථ කරමු නේද” 
    යන යෝජනවා ඉදිරිපත් කලා. දැඩි උත්සාහයක් ගත්තේ ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති සුජිත් 
    ප‍්‍රියන්ත ගේ ¥ෂණ, අල්ලස් වසා දැමීමටය.

14. මේ පිළිබඳව මා, ඔහුට ප‍්‍රකාශ කලා - නඩුව අනිවාර්යෙන්ම පරදින බව, රුපියල් ලක්ෂ දෙක තුනක් 
    ගෙන සමථ වන ලෙසට වන යෝජනවා කළේ කුමන පදනමක් මතද යන්න දැනගැනීමට අවශ්‍ය බව හා 
    එ් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අත්‍යාවශ්‍ය බව.

15. ඉන්පසු ඔහු මගෙන් ඇහුව්වා මොකද වෙන්න  ඕනි කියා. 

    මම ප‍්‍රකාශ කලා, නඩුවේ චූදිතයා වශයෙන්, ගුණවර්ධන ෆාමසිය අයිතිකරු, එම ෆාමසියේ ලියාපදිංචි 
    ඖෂධවේදී හා වෛද්‍ය සිරිසේන චූදිතයින් කළ යුතු බව.

    නිසි පරිදි සාක්ෂි සටහන් කල යුතු බව.

16. මේ සියල්ලම, ප‍්‍රතික්ෂේප කල සහකාර පොලිස් අධිකාරී 1 පුස්සැල්ල, විවිධ ආකාරයට ප‍්‍රශ්ණ අසමින්, 
    බොරු කියමින්, මා පීඩාවට පත් කරන ලදි.

17. මෙම අවස්ථාවේදී, ඔබ විසින්, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිට, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී 1,
    පුස්සැල්ල වෙත, මාගේ පැමිණිල්ල යොමු කලද, කිසිදු පරීක්ෂණයක්, විමර්ශනයක් , ප‍්‍රකාශයක් ගෙන,
    නොමැති බව පැහැදිලි විය.

18. අවසානයේදී, සා.පො.අ. 1, පුස්සැල්ල මට යෝජනා කළේ, නැවත වරක් ඌරගස්මංහංදිය පොලිස් 
    ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත සමග, සමථයකට කැඳවන බව.

    මා එයට තරයේ විරුද්ධව, ප‍්‍රතික්ෂේප කලා.

19. එ් අවස්ථාවේ, එම කැඳවීමට මා නොපැමිණියෙන්, මා පරීක්ෂණයට ඉදිරිපත් නොවූ බවට - 
    පොලිස්පතිට දන්වා, පරීක්ෂණය අවසන් කරන බවත්, මොන ලොක්කා ලඟට ගියත්, ඌරගස්මංහංදිය 
    පොලිසියේ ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත ව බේරන බවටත්, ඔහු සහතික වුනා.

මා ප‍්‍රකාශ කරන්නේ, මාගේ 2016.11.01 දින දරන, පැමිණිල්ලෙන් ප‍්‍රකාශ කරන ලද පරිදි,

ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත ගෙන් යැපෙන, ඇල්පිටිය සා.පො.අ. 1, පුස්සැල්ල ගෙන් යුක්තිය ඉටු නොවන බව ද, ඔහුද, ෆාමසි මාපියාවට හවුල් බව ය.

අපරාධ කරුවන් ආරක්ෂා කරන්නේ පොලිස් නිලධාරීන් බවට මෙය ඉතා හොඳ නිදසුනකි.
එම නිසා මා ඉල්ලා සිටින්නේ, 

අපරාධ වින්දිතයකු, එනම් අපරාධයකට ගොදුරු වූ මට, ඌරගස්මංහංදිය පොලිසියේ ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත හා ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී 1 පුස්සැල්ල විසින්, සිදුකර තිබෙන අපරාධය නිවැරදි කර, 
අපරාධකරු වූ ගුණවර්ධන ෆාමසියේ අයිතිකරු ශාන්ත ගුණවර්ධන, එම ෆාමසියේ ලියා පදිංචි ඖෂධවේදී, ඌරගස්මංහංදිය රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය සිරිසේන, යන අය චූදිතයින් කරන ලෙසටය.

එම කරුණ, සා.පො.අ.1 පුස්සැල්ල, අසල සිටි පොලිස් නිලධාරියෙකු ගේ ඉල්ලීමට, මට කොළයක් දී මාගේ ඉල්ලීම ලියා ගන්නා ලදි.

විධමත්ව මාගේ පැමිණිල්ල ගැන විමර්ශණයක් සිදුකර, නීතිපති උපදෙස් ලබාගෙන, ඇල්පිටිය ම/උ පවරා ඇති 93512 නඩුවේ චෝදනා සංශෝධනය කරන ලෙසට ඉල්ලමි.

මෙයට,
අ.ක/ කේ. ර.

පිටපත්:
1. ජා.පො.කොමිෂම
2. නි.පො. - ගාල්ල
3. ලේකම් - අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශය    අපරාධ වින්දිතයින් සුරැුකීම සඳහා 
4. ලේකම් - නීතිය හා සාමය අමාත්‍යංශය               පියවර ගැනීමට
5. ඇල්පිටය ස.පො.අ. 1 පුස්සැල්ල - දැ.ගැ.පි.
                                                           

සිවිල් සමාජ වගකීම දුිතයින් ආරක්ෂා කිරිම නොවේ. ¥ෂිතයින් නිසා පීඩා විඳින අසරණයින් වෙනුවෙන් පෙනී සිටීමය. විජයදාස රාජපක්ෂ හා සාගල රත්නායකගේ කාර්යය දුිත පොලිසිය රැුකීමය.