Tuesday, February 13, 2018

වෛද්‍ය සභාවට විවෘත අභියෝගයක්


නවදල පදිංචි රම්‍යලතා මහත්මියගේ ඇසට දැමිමට වැරදි බෙහෙතක් දුන්න ෆාමසි කාරයෙක් බේරා ගැනීමට ක‍්‍රියාකළ රජයේ වෛද්‍ය නිලධාරි වරයෙකුට විරුද්ධව ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාව ආර්ම්භ කළ ප‍්‍රාථමික පරික්ෂණයේදි ඇයව දැඩි අපහසුවකට පත්කිරිම සම්බන්ධයෙන් නිහ`ඩව නොසිට, සිදුවිම විස්තර කරමින් වෛද්‍ය සභාවේ සභාපති හා ලේඛකාධිකාරි අමතන ලද ලිපිය පහ දක්වමු. 
මෙය ආදර්ශයට ගන්න.

රම්‍යලතා
නවදගල

2018. 02. 

01. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා
    සභාපති
    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව
    අංක 31
    නොරිස් කැනල් පාර
    කොළඹ 07

02. ලේඛකාධිකාරි
     ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව
     අංක 31
     නොරිස් කැනල් පාර
     කොළඹ 07

මහත්මයාණනි

2018.01.11 දින පැවැත්වූ, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ 
ප‍්‍රාථමික ක‍්‍රියාමාර්ග කමිටුව සම්බන්ධයෙනි.

(1) ප‍්‍රථමයෙන් මාගේ පැමිණිල්ල හා අදාලව විමර්ශන කමිටුව ඉදිරියට කැඳවීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. 

(2) නමුත් එදින, එනම්, 2018.01.11 දින ඔබ සැම විසින් මාව කොපමණ අසරණ කරන්න හැදුවාද යන්න සිතන විට මට හැෙඟන්නේ එම විමර්ශන කමිටුවේ වෛද්‍යවරුන් සියලූ දෙනා, වගඋත්තරකරු වෛද්‍ය සිරිසේනගෙන් පගාවක් අරගෙන ඇති බවයි.

(3) එසේ සිතන්නට පෙළඹුවේ, අද රටේ මුදලේ බලය ගැන මා හට කමිටු සාමාජික වෛද්‍යවරු විසින් පසක් කර දුන් නිසාවෙන් හා ඇත්ත ඇති සැටියෙන් පිළිනොගෙන එම අවස්ථාවේ ඔබලා ද රාජකාරි කළා යැයි මා හට හැඟුන බැවිනි.

(4) කමිටු සාමාජික වෛද්‍යවරු ‘‘සල්ලිවලට අද හැමදේම යටත් බවත්,  ඕනෑම දෙයක් කළ හැකි බවත්’ අවධාරණය කිරිම ගැන මා පුදුම නොවෙමි. 

(5) අපරාධකරුවන්ව ආරක්ෂා කිරීම ඔබ කමිටුව විසින්ද සිදු කරන බවක් මට හැඟුනි. නමුත් සියලූ දේ මුදලට කළ නොහැකි බවත්, යුක්තිය, සාධාරණය ඉටු විය යුතු බවත් මම විශ්වාස කරමි.

(6) ඔබ සියලූ දෙනා තරම් මා අධ්‍යාපනය ලබා නොතිබුණද, යුක්තිය, සාධාරණය පිළිබඳ හැඟීමක්, දැනීමක් මටද තිබෙන බව කිව යුතුමය.

(7) දැනටමත් වෛද්‍ය වෘත්තියේ යෙදෙමින්, රෝගීන් සුවපත් කරමින්, තවත් රෝගී අයෙක් දෙස බැලූ ආකාරය ඉතාමත් අයුක්ති සහගත බව පවසමි.

(8) වෛද්‍ය සිරිසේනගේ පඩියෙන් යැපෙන දරු පවුල පමණක් නොව, මාගෙන් යැපෙන දරු පවුලක් සිටින බවද පැවසිය යුතුයි.

(9) මාගේ රෝගී තත්ත්වය මත, අප පවුලද ඉතාමත් ආර්ථික මෙන්ම මානසික පීඩාවවන්ට මුහුණ දුන් බවද අවධාරණය කරමි.

(10) මහජන මුදලින්, එනම් නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රයෝජන ලැබූ ඔබ කමිටු සාමාජික  වෛද්‍යවරුන්ගෙන්  ‘‘නූගත් යැයි’’ ඔබ මණ්ඩලය සලකන සමාජයට සිදුවන මෙහෙවර කුමක්ද?ු

(11) වෛද්‍ය නොසැකිල්ල මත මරණයට පත්වූ පුද්ගලයෙකු මුලිකව ක`ඵතර දිසා අධිකරණයේ පවතින නඩුවක සාක්ෂි දීම ඔබ මණ්ඩලයේ කාර්යාල කාර්ය සහයෙකු යැවීමට තරම් පහත් මානසික තත්ත්වයට ඔබ මණ්ඩලය පත්ව තිබෙන බව මා දන්නා කරුණකි. 

මෙම ලිපිය, 2018.01.11 දින ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප‍්‍රාථමික ක‍්‍රියාමාර්ග කමිටුව නියෝජනය කළ සියලූම වෛද්‍යවරුන්ගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලමි.

කෙසේ වෙතත් මා ඉල්ලා සිටින්නේ, මාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් සිදුකර, යුක්තිය ඉටු කර දෙන ලෙසටය.

මෙයට, 

 රම්‍යලතා

  

No comments:

Post a Comment