Saturday, February 10, 2018

ස්ත‍්‍රී දුෂකයෙකුව රැකගැනීමට පොලීසිය ගත් පියවර සාධාරණීය කිරීමට පොලිස් අධිකරිවරයෙක් ගන්න උත්සහය පිළිදබ`ද හෙළි දරව්වක්.


ලලිත් අනුරාධපුරයේ ගොවියෙක්. තම දියණියව පැහර ගෙන ගොස් දුෂණය කළ පොලිසියට ඥති සම්බන්ධකම් දක්වන ලද පුද්ගලයෙකු රැුක ගැනිමට පොලිසිය දරන ලද උත්සහය ගැන කරන ලද පැමිණිල්ලකට පුත්තලම  පොලිස් අධිකරිවරයා විසින් පරික්ෂණයක් කර, එවන ලද ලිපියට නිහඬ නොසිට යවන ලද පිළිතුර පහත දක්වන්නේ මෙරටේ උගත් යයි සම්මත ගණයට වැටෙන පොලිස් අධිකරවරයෙකුට යුක්තිය අහිමි කිරිමට ඉඩ දීමට සුදානම් නැති බොහෝ ‘‘නුගත්’’ යයි සම්මත ගණයට අයත් පුද්ගලයින් සිටින බව ඔපුපු කරමින්ය. 
සිද්ධිය අදලා පුවත සඳහා යොමුව:

ලලිත් ගොවි මහතාගේ පිළිතරු ලිපිය:-
‘‘ ව්‍යාජ නඩුවක් පවරා අසාධාරණයට ලක් ‘කිරීම සම්බන්ධයෙන් සාලියවැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම. 

1. 2016.04.23 වන දින, සවස 7.00 ට පමණ, නිවස ඉදිරිපිට කඩයට ගිය මගේ දියණිය ආපසු නොපැමිණීම පිළිබඳව සොයා බැලීමේදී, දියණියව, අසල්වැසි තරුණයෙකු වූ සංඛ යන අය විසින් රැුගෙන ගිය බව දැනගන්නට ලැබී තිබුණා. එම තොරතුරු මත, මාගේ බිරිඳ පොලීසියට පැමිණිල්ලක් කිරීමට ගියද, එය ලියා ගැනීම ප‍්‍රතික්ෂේප කර, ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් කිහිප දෙනෙක් අප නිවස අසලට පැමිණි බව පිළිගනිමි. එහිදී සංඛ යන අයගේ දුරකථනයට, ස්ථානාධිපති කථා කර, සිද්ධිය ගැන විමසීමේදී දියණිය ඔහු සමග සිටින බව පිළිගත් නමුත්, අප ඉල්ලා සිටියද, ඇයට කථා කිරීමට මධුසංඛ ඉඩ දී නැත. ස්ථානාධිපතිවරයා, ඇයට කථා කිරීමට ඉඩ ලබාදෙන ලෙසට බලපෑමක්, ඉල්ලීමක් ද කළේ නැත. සංඛට පොලීසියට පැමිණීමට දැණුම් දුන් විට, ඔහු, මාගේ දියණිය සමග සිටින්නේ ජාඇල බව පවසා සිටින ලදි. ස්ථානාධිපතිවරයා එය පිළිගන්නා ලදි. රාත‍්‍රී 7.00 ට පමණ දියණිය රැුගෙන අනුරාධපුරයේන් පිට වූ මොහු, රාත‍්‍රී 8.00 වන විට ජාඇලට ගියේ කෙසේද යන්න වත්, ප‍්‍රශ්න කිරීමට තරම් මොළයක් ස්ථානාධිපතිට නොතිබුණා නොවේ. ඔහු කළේ ඔහු සමග අයුතු සම්බන්ධකම් පවත්වන සංඛව බේරා ගෙන  මාගේ දියණියව බිල්ලට ගැනීමට ඉඩ දීමය.

මේ හා අදාල සියලූ විස්තර ඉතා පැහැදිළිව මාගේ පැමිණිල්ලෙන්/පෙත්සමෙන් ඉදිරිපත් කර ඇත. එම නිසා එම කරුණු යළි මෙහි සඳහන් කිරීමට අවශ්‍ය නැත. විමර්ශනය කළ බව කියන පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා කර ඇත්තේ විමර්ශනයක් නොව, ස්ථානාධිපතිවරයා විසින් අපරාධකරුවකු ආරක්ෂා කිරීමට ගත් සියලූම උත්සාහයන් වසන් කර දැමීමට හා අපරාධකරුවාට නීතියෙන් ගැලවී සිටීමට ඉඩ ලබාදීමය. පේ‍්‍රම සම්බන්ධයක් තිබූ බව සත්‍යයකි. පේ‍්‍රම සම්බන්ධයක් තිබූ පමණින්, සිහිය නැති කර, කැලයකට ගෙන ගොස් දුෂණය කිරීමට තිබෙන අයිතිය කුමක්ද? සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප‍්‍රකාශය මත පිහිටා, එහි කරුණු ගෙනහැර පාමින් වරදකරුවන් අප බව පෙන්වීමට ඔබ ගත් උත්සාහය ලැජ්ජා සහගතය.

මාගේ දියණියව පසුදින ඇයව පැහැරගෙන ගොස් දුෂණය කළ සංඛව හා ඔහුගේ ඥති පරපුර, පොලීසියට ගෙන්වා තබාගෙන, බිය ගන්නවා, බලපෑම් කර, එකඟ කරවාගෙන, ඉන් අනතුරුව අපව පොලීසියට ගෙන්වා, අප ඉදිරියේ කැමැත්තෙන් ගිය බවට ප‍්‍රකාශ කරවා, අපගේ සිත් බිඳවා අප තුළ අප දියණිය කෙරෙහි වෛරයක් ගොඩනැංවීමට තරම් පහත් නීච තත්ත්වයට, පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් ක‍්‍රියා කර ඇති බව වටහා නොගෙන පොලීසියේ දුෂණ අක‍්‍රමිකතා වසන් කර, දුෂිත නිලධාරින් ආරක්ෂා කිරීමට ගත් උත්සාහය හෙළා දැකීම හැර වෙන කිරීමට දෙයක් නැත.

වසර හතරක් පුරා පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා, විවාහ වීමට සිය කැමැත්තෙන් ගෙදරින් පිටව, දින 14 කට වැඩි කාලයක් අඹු සැමියන් වශයෙන් සිට, නිවසට පැමිණි අවස්ථාවේ ”මව”ගේ කීමට ආපසු සැමියා ළඟට යෑම ප‍්‍රතික්ෂේප කර සිටීමට දියණිය තීරණය කරන ලද බවට, ඔබගේ නිගමනය දරුවන් සිටින, විශේෂයෙන් දියණියන් සිටින මවකට පියෙකුට ගත හැකි තීරණයක් නම් නොවන්නේය.

මේ ආකාරයට දීර්ඝව වචන පාවිච්චි කරමින්, ඔබ කරන්නට උත්සාහ ගෙන ඇත්තේ ස්ථානාධිපතිව ආරක්ෂා කිරීමය. ස්ත‍්‍රී දුෂකයෙකුව රැුකගැනීමට පොලීසිය ගත් පියවර සාධාරණීය කිරීමටය. 

දියණිය පැහැරගෙන ගිය සංඛ හා පොලීසිය අතර පවතින සම්බන්ධය වසන් කිරීමටය. එම සම්බන්ධය මාගේ පැමිණිල්ලේ පැහැදිළිව සටහන් කර තිබේ. 

අවසාන වශයෙන් මේ වන විට, අධිකරණය හමුවේ පවතින මෙම නඩුව, නිර්මානය කරන ලද්දක් බවට අවධාරණය කිරීමට තරම් ඔබ පහත් තත්ත්වයට පත්ව ඇත.

මේ මගින් ගම්‍ය වන්නේ නීතිපතිතුමා විසින් මහාධිකරණයට යොමු කර තිබෙන ස්ත‍්‍රී දුෂණ නඩුව බොරු නඩුවක් බවය.

මෙය පොලීසියට කිව හැකිය. මන්ද පොලීසිය විසින් පවරන නඩුවලින් සියයට 90 ක් බොරු නඩු බව පිළිගෙන තිබීමය.

තවද මෙම සිද්ධියට අදාලව කිසිදු පරීක්ෂණයක් පොලීසිය සිදු කළේ නැත. පොලීසිය, පාසල් ශිෂ්‍යාවක් සිහි නැති කර, පැහැරගෙන ගොස් අසල කැලයක තබාගෙන දුෂණය කර, පොලීසිය හා එක්ව දුෂණයට ලක් වූ දැරියව දුෂකයාට විවාහ කර දීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව කෙසේ හෝ අප පවුලෙන් පළිගැනීම සඳහා, මා විසින් සංඛට පහරදුන් බවට පොලීසිය විසින්ම පොලීසියේ පැමිණිල්ලක් දම්මවා, මා අත්අඩංගුවට ගෙන පීඩාවට පත්කිරීමට ගත් උත්සාහය ඔබ පොලීසියේ ප‍්‍රඥගෝචර ක‍්‍රියාවක් ලෙසට හඳුන්වා දීමට තරම් පහත් තත්ත්වයකට පත්වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට කිසිදු අපහසුවක් නැත.

මේ නඩුව ඉවර නැත. එ් නිසා එ් ගැන මා කථා කිරීමෙන් වැළකී සිටිමි.

2. ඔබගේ දෙවන ලිපිය මගින්, මා සංඛට පහරදුන් බවට වන බොරු නඩුව අදාලව ඉදිරිපත් කර තිබෙන කරුණුවලින් ඔබගේ පළමු ලිපිය නිශේධනය කර ඇති බව මා පෙන්වා දීමට කැමැත්තෙමි. 
එම ලිපිය අනුව, ඔබ, ස්ථානාධිපතිවරයා වගකීමෙන් මුදාහැර ඇත. මෙයද දුෂිත පියවරකි. 

ස්තුතියි. 
මෙයට,
ලලිත් 

සටහන: 
සාක්ෂි සටහන් කළේ නැත. ස්ථාන පරීක්ෂාවක් කළේ ද නැත. එ් අනුව, මෙම අපරාධකරුවා ද, වසර හත අටකට පසුව අවසන් වන නඩුවෙන් නිදහස් වන බවට පූර්ව නිගමනයට ඔබ පැමිණ සිටීම ගැන මා පුදුමයට පත්වන්නේ නැත.

පිටපත්: 

01. පොලිස්පති                  
     පොලිස් මූලස්ථානය         
     කොළඹ 01

02. ලේකම්
    ජාතික පොලිස් කොමිෂන් සභාව                           
    අංක 09 ගොඩනැගිල්ල, ඊඵෂක්‍්‍ය පරිශ‍්‍රය
    බෞද්ධාලෝක මාවත
    කොළඹ 07

මෙම සිද්ධිය අදාල බ්ලොග් සටහන බලන්න







No comments:

Post a Comment