Tuesday, December 29, 2020

ලක්ෂ දෙකක පගාව ඉල්ලූ සුරාබද්දෝ උසාවියටත් බොරු කරලා

තම පුතා මත්ද්‍රව්‍යය භාවිතා නොකරන්නෙකු බවට සහතික වන බව විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර එහි ඇත්ත නැත්ත සොයා ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සුරාබදු නිලධාරීන් තම පුතාව අත්අඩංගුවට ගැනීම නිත්‍යානුකූලව නිවැසියන්ට දැනුම් දිය යුතුව තිබුණත්  එය සිදු නොකර වධහිංසා පමුණුවා අධිකරණය පාවිච්චි කර රිමාන්ඩ් කරවූයේ රුපියල් ලක්ෂ දෙකක වගාව නොදුන් නිසා බව ප්‍රකාශ කරන ඇයල එය පලිගැනීම සඳහාත් ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීම සඳහා කරන ලද්දක් ලෙස ද හඳුන්වයි.

ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙත අමතන ලද ලිපියේ මෙසේද සඳහන් කර තිබේග මෙම සුරාබදු නිලධාරීන් උසාවියට වංචා කර ඇතග ඒ පිළිබඳව අධිකරණයේ හෙළිදරව් වී තිබේග එයට අමතරව මොවුන් ව්‍යාජ දිවුරුම් ප්‍රකාශයක් ද උසාවියට ඉදිරිපත් කර ඇත.

සුරාබදු නිලධාරීන්ගේ මෙම දූෂිත ක්‍රියාවන්ට එහි උසස්ම නිලධාරියා සිට පහළම නිලධාරියා ද හවුල්යග එසේ නොවන්නේ නම් තම පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව තිබූ ලේඛන හා මුදල් පිළිබඳව කරන ලද පැමිණිල්ලට අඩුම වශයෙන් පිළිතුරු ලබා දීමක් වත් කිරීමට සදාචාරයක් තිබිය යුතුය.

මේ වන විට සුරාබදු නිලධාරීන් විශාල වශයෙන් වංචා දූෂණ සිදුකරන බව හෙළිව තිබේග සුරාබදු නිලධාරීන් සිදුකරන ලද මෙම අපරාධය නිසා මේ වන විට අපටත් පුතාටත් රටටත් ගෙවන්නට සිදුව තිබෙන වන්දිය මිනිය නොහැකග බන්ධනාගාරයේදී පුතාට කොරෝනා වැළඳි ඇත. ඔහු දැන් රෝගියෙක්.

ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද ලිපිය පහත දක්වමු එහි බොහෝ කරුණු හෙළිදරව් කර ඇත.

   .............................................................................................................................................................        

සුරාබදු නිලධාරීන් විසින්ල අත්අඩංගුවට ගෙනල වධ හිංසා පමුණුවාල

ව්‍යාජ චෝදනා නගාල උසාවිය උපයෝගී කරගෙනල රක්ෂිත බන්ධනාගාරගත කිරීමග


රංගල අවු ; 29 යි, මාගේ පුතා වේ

නඩු අංකය - ............................

අධිකරණය - ම/උ ගල්කිස්ස

බන්ධනාගාරය - මැගසින් බන්ධනාගාරය

සිර අංකය - .............................

දැනට - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයල කොරෝනා රෝගය වැලඳීම හේතුවෙන්,

1) 2020.11.18 වන දිනල ප.ව. 2.00 ට පමණල නැදිමාලේල කඩවත පාරේල සිරිසේන දහනායක ක‍්‍රීඩා පිට්ටනියේදීල කැස්බෑව සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

2) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවල පුතාට වධ හිංසා පමුණුවන ලදි.

3) 2020.11.19 වන දිනල අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේල හෙරොයින් මි.ග‍්‍රෑ 2000 කට වැඩි ප‍්‍රමාණයක් සන්තකයේ තිබූ බවට ගරු අධිකරණයට ව්‍යාජ වාර්තාවක් ඉදරිපත් කරමින්ය.

4) මෙම චෝදනාවටල ගරු මහේස්ත‍්‍රාත්තුමාට ඇප දීමට නොහැකි නිසාල ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

5) මේ වන විටල පහත සදහන් කරුණුල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී හෙළිව තිබේ.

         (අ) නඩු භාණ්ඩ වශයෙන්ල සන්තකයේ තිබූ බවට ප‍්‍රකාශ කරන ලද ”හෙරොයින්” ඉදිරිපත් 

             කර නොමැති බවල

(ආ) පසුව ඒ ගැන විමසීමේදී අධිකරණයේ යම් නිලධාරීන් ද හවුල් කරගෙන ව්‍යාජ වාර්තා

              ඉදිරිපත් කර තිබෙන බවල

(ඇ) මේ වන විටල සිද්ධිය අදාළව ගරු අධිකරණයටල ව්‍යාජ දිව්රුම් ප‍්‍රකාශයක්ල සුරාබදු

              නිලධාරීන් ඉදිරිපත් කර තිබෙන බවල

(ඈ) වධ හිංසා පැමිණවීම අදාළ කරුණු සම්බන්ධයෙන්ල පුතාව අධිකරණ වෛද්‍ය

              නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමට නියෝග කළදල එය ඉටුකර නොමැති බවල

(ඉ) මැගසින් බන්ධනාගාරයේදීල පුතාට කොවිඞ් 19 වැළඳී තිබෙන බවත්ල ඒ නිසා ඔහු

             කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති බවල

මා ප‍්‍රකාශ කර සිටින්නේ,

මේ ආකාරයට මාගේ පුතාටල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ගැනීමටද නොහැකි වන පරිදිල පළි ගැනීමට ව්‍යාජ චෝදනා නගාල අනියම් ආකාරයට දඬුවම් කිරීමටල කැස්බෑව සුරාබදු නිලධාරීන් කි‍්‍රයා කරන ලද්දේ,

මීට පෙරල මත්ද්‍රව්‍යය අදාළව ව්‍යාජ චෝදනාවකට ”ගොඩින් බේරීමට” වැරදි උපදෙස් මතල  ”වැරදිකරු” බවටල ගරු අධිකරණයට බොරු කියාල දඩයක් ගෙවාල නඩුව අවසන් කර ගැනීම පදනම් කරගෙනල ඔවුන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිල රුපියල් ලක්ෂ දෙකක කප්පම දීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා බවයි.

මේ නිසාම, දැනට මාසයකට අධික කාලයක් රිමාන්ඞ් භාරයට පත්වල කොරෝනා රෝගියෙකු බවට පත්ව ඇත.

මාගේ පුතාල මත්ද්‍රව්‍යය භාවිතා කරන්නෙක් නොවන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි,

ඒ බව වෛද්‍ය පරීක්ෂණයෙන් ඔප්පු කිරීමට පුඵවන.

මෙම පසුබිම යටතේ මා ඉල්ලා සිටින්නේල

1) මාගේ පුතාවල මත්ද්‍රව්‍යය භාවිතය ගැන හා වධ හිංසා පැමිණවීම ගැන විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වාර්තා ලබා ගන්නා ලෙසත්ල

2) මාගේ පුතා ළඟ තිබූ බවට සුරාබදු නිලධාරීන් ප‍්‍රකාශ කරනල ”හෙරොයින්” පිළිබඳව කඩිනමින් රස පරීක්ෂක වාර්තාව ලබා ගැනීමට පියවර ගන්නා ලෙසටත්ල

3) ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයටල ව්‍යාජ වාර්තාල ව්‍යාජ දිව්රුම් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම අදාළව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසටත්ල

4) මාගේ පුතාටල තවදුරටත් ප‍්‍රමාද නොකර ඇප ලබා ගැනීමට අවශ්‍යය නීතිමය පියවර ගන්නා ලෙසටත්ල

5) මෙම නීති විරෝධීල අපරාධය සිදුකළ සුරාබදු නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසටත්යග


මෙයට,

ශීලා

 





Sunday, December 27, 2020

රස පරික්ෂක වාර්තාව තවම නැහැලු! මාස 06 ක් තිස්සේ රිමාන්ඩ් එකේ. මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමට මුවා වී කරන අපරාධ.අරක්කු බොකවා! මත්ද්‍රව්‍යය භාවිතා කරන්නේ නැහැ. මත්ද්‍රව්‍යය හෝ නීති විරෝධී මත්පැන් ජාවාරමට කිසිදු සම්බන්ධයක් නැහැ.

 


අශෝකා පෙරේරා, 48 හැවරිදි තිදරු ඇඟලූම් සේවිකාවක්. පොල් කැඞීම, වතු සුද්ද කිරීම, අත් වැඩ දී දවසේ වියදම සොයන තම 49 හැවරිදි සැමියා  මාස 06 ක් තිස්සේ ඉන්නේ ක`ඵතර රක්ෂිත බන්ධනාගාරයේ. මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමට මුවා වී, නිර්දෝශී සැමියාව, උසාවිය උපයෝගී කරගෙන, බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ඇය,  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පති  අමතන ලද ලිපියේ මෙසේ සහන්වේ.    

    ‘‘2020.06.28 වන දින, මම සුපුරුදු පරිදි, උදේ 7.00 ට රැකියාවට ගියා. මා, රාත‍්‍රී 7.00 ට වැඩ ඉවර වී, ගෙදර ආ විට, දැන ගත්තා, සැමියාව උදේ 10.00 ට විතර පොලීසියෙන් අල්ලන් ගිහින් බව.

රාත‍්‍රී 8.30 ට විතර, පානදුර දකුණ පොලීසියට ආවා. සැමියා කූඩුවේ හිටියා. ගෙනාපු කෑම එක විතරක් දීලා යන්න යයි කිව්වා. ඒ නිසා විස්තර දැනගන්න බැරි වුනා.

මාගේ ඥති දියණියක් වන, රෝහිනී කුමාරි, මාගේ සැමියා, මහවිල ඔවුන්ගේ ගෙදර ඉදිරිපිට සිටින විට, පානදුර වැල්ලේ පොලීසිය (පොලිස් අධිකාරී කාර්යලයේ පිහිටි කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කළා.

ඔහු ළඟ හෙරොයින් ම.ග‍්‍රෑ. 5675 ක් තිබූ බවට, බොරු චෝදනාවක් දමා, බන්ධනාගාරගත කර තිබෙනවා. නඩු අංකය : 75563/2020. උසාවිය: පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය.

 ඔහු මත්පැන් පානය කරනවා. නමුත් මත්ද්‍රව්‍යය භාවිතා කරන්නේ නැත. මත්ද්‍රව්‍යය ජාවාරමට හෝ නීති විරෝධී මත්පැන් ජාවාරමට කිසිදු සම්බන්ධයක් නැහැ.

මා හා මාගේ සැමියා, දහඩිය මහන්සියෙන් උපයා ගන්නා දෙයින්, 11 හැවිරිදි දරුවා හා මාගේ මව ජීවත් වනවා. අපට, අපගේ කියා ඉන්න තැනක් නැහැ. මහ ගෙදර සහෝදරයා හා පවුල ජීවත් වනවා.

පොලීසිය සිදු කළේ අපරාධයක්. බන්ධනාගාරයේ කැන්ටිමට ගෙවන්න  ඕන මුදල ගෙවන්න වෙන්නෙත් නැහැ.

බන්ධනාගාරගත කරලා දැනට මාස 06 ක් වෙනවා. තවම රස පරීක්ෂක වාර්තාව ඇවිල්ලා නෑ. මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගන්න විදියක් නෑ.

මහාධිකරණයෙන් ඇප ලබා ගන්න විශාල මුදලක් නීතිඥවරුන් ඉල්ලනවා.

දුප්පත්, නිර්දෝෂී පුද්ගලයින් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍යය ආදේශ කර, උසාවිය යොදාගෙන රිමාන්ඞ් කරවීම අපරාධයක්.

මෙම අපරාධය කළේ ජනාධිපති තුමාගේ මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලට මුවා වෙලා. අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ රාජකාරි කරනු ලබන, පො.ප. නිශාන්ත, පො.කො. 86282 සම්පත්, පො.කො. 95643 ජයසිංහ, පො.කො. 16888 කනිශ්ක ඇතුලූ නිලධාරීන් ය.

මාගේ සැමියා, මත්ද්‍රව්‍යය ජාවාරම් කරන හෝ භාවිතා කරන අයෙකු ද යන්න, බුද්ධි අංශ යොදවා සොයන ලෙසටද, කඩිනමින් රස පරීක්ෂක වාර්තාව ගෙන්වා දෙන ලෙසටද,

බන්ධනාගාර කොවිඞ් 19 රැල්ල යටතේ, තවදුරටත් ප‍්‍රමාද නොකර, මාගේ සැමියාගේ ජීවිතාරක්ෂාව සැලසීමට, ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට ද ඉල්ලා සිටිමි.

මෙයට, අශෝකා පෙරේරා (බිරි)

 

 

Friday, December 25, 2020

”ට‍්‍රම්ප්” යන්නේ කොරෝනාත් බිඳගෙන යුද්ධ අපරාධවලට වරදකරුවන් වූවන්ටත් සමාව දෙයි.

 


”ට‍්‍රම්ප්” තවමත් පරාජය පිළිගෙන නැත. එහෙත් එළඹෙන ජනවාරි 20, යන්නට සූදානම් වන්නේ, තමන්ට හිමි විධායක බලතල යටතේ, කරන්නට පු`ඵවන් හැම දෙයක්ම කරය.

ඒ අනුව, අපරාධවලට හා වෙනත් වැරදි වලට වරදකරුවන් බවට පත්ව සිටින, හිතවත් සියල්ලන්ටම ”රාජ ක්ෂමාව” ලබාදීමට පියවර ගෙන තිබේ.

අපරාධ වලට හා වැරදි වලට වරදකරුවන් වූ 15 කට පසුගියදා, සිය විධායක බලතල උපයෝගී කරගෙන ජනාධිපති ක්ෂමාව ලබාදී නිදහස් කරනු ලැබීය.

2007 ඉරාකයේදී, ”බැලැක්වෝටර්” නම් වූ ඇමෙරිකානු පුද්ගලික ආරක්ෂක සමාගම සෙබලූන් හතර දෙනෙක් නව හැවිරිදි දරුවෙකු ඇතු`ඵ සිවිල් වැසියන්14 ක් ඝාතනය කරනු ලැබීය.

එම අපරාධයට වරදකරුවන් වූ සිව් දෙනාටම ට‍්‍රම්ප් ක්ෂමාව දී නිදහස් කර ඇත.

මේ වන විට, ක්ෂමාව දිය යුතු පාක්ෂිකයින්ගේ ලේඛන, ධවල මන්දිරයේ පිළියෙල කරමින් සිටින බව එරට මාධ්‍යය වාර්තා කර ඇත.

රූපයේ දැක්වෙන්නේ ට‍්‍රම්ප් ගේ රාජ ක්ෂමාව යටතේ නිදහස ලැබූ ඝාතකයින් 4 දෙනා හා ඝාතනයට ලක් වූ අලි නම්, නව හැවිරිදි දරුවාය.

Thursday, December 24, 2020

තොග මුදලාලිට නිරෝධායන නීති නැතිලූ ! නෑනලා කියයි !!


 
රංචු ගැසී පහර දීමක් සිදුකළ බවට වන පැමිණිල්ලක් පසුගියදා, පානදුර දකුණ පොලීසියේ විභාග කරන ලදි.

ඒ අවස්ථාවේ, ගහපු, ගුටි කාපු යන පාර්ශව දෙකම අත්අඩංගුවට ගත් පොලීසිය, පැමිණිලි සමථ මණ්ඩලයට යොමු කිරීමට තීරණය කර, සියල්ලන්වම, පොලිස් ඇප මත මුදාහරින ලදි.

අතෘප්තියට පත්වූ, ගුටි කාපු පාර්ශවය, පොලීසිය පහර දුන්න අයට පක්ෂපාතීව, ක‍්‍රියා කළා පමණක් නොව, ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ "තොග වෙළෙන්දෙකු", පොලීසිය තුළ හැසිරුණ ආකාරය ද ප‍්‍රශ්න කරයි.

ගුටි කන ලද්දේ නෑනලා දෙදෙනෙකි. ඔවුන් පොලිස්පති කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.

පොලිස්පති                 
පොලිස් මූලස්ථානය        
කොළඹ

රංචු ගැසී පහර දී, තුවාල සිදු කිරීම හා අපරාධකරුවන් බේරීමට ක‍්‍රියා කිරීම.




මාලී සේනාරත්න වර්ණකුල, අවු: 50 යි, ජා.හැ.අ. 698622385 ඪල විවාහක, දරුවන් 02 යි. දු.අ. 071 97338668, ලිපිනය: 55/්ල පිරිවෙන පාර, හික්ගහ වත්ත, පිංවත්ත, පානදුර.

සහ,





රේණුකා 47 යි, ජා.හැ.අ. 197266702504, විවාහක, දරුවන් 03 යි. දු.අ. 076 --------, ලිපිනය: ------ පානදුර.

2020.12.19 වන දින දීය.

මෙසේ ප‍්‍රකාශ කර සිටිමු.

2020.12.14 වන දින, පොලීසිය කරන ලද දැනුම් දීම මත, අප දෙදෙනා, පානදුර දකුණ පොලීසියට ගියා.

එවිට වේලාව, පෙ.ව. 10.00 පමණ වේ.

අප දෙදෙනාව පොලීසියට කැඳවන ලද්දේ, 2020.11.24 වන දින, අප දෙදෙනාට, පානදුර පිංවත්තේ,

(1) උපුල් (2) අනුර (3) කුමාරි (සඳා) යන අය විසින්, එදින රාත‍්‍රී 7.30 ට පමණ, පානදුර ප‍්‍රසිද්ධ වෙළඳපොල අසලදී, සිදුකරන ලද පහරදීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලටය.

අප දෙදෙනා, පහරදීම නිසා පානදුර මූලික රෝහලේ සිටින විට, අපට පහර දුන්න අනුර අශෝක නැමති අයද, රෝහලට ඇතුල් වුනා. ඔහු, අප පහර දුන්න බවට, බොරු පැමිණිල්ලක් කර තිබුනා.

අපට පහරදීම අදාළව, සිය`ඵ විස්තර, පානදුර මූලික රෝහලේ රෝහල් පොලීසියට 2020.12.24 වන දින රාත‍්‍රියේ ලබා දුන්නද, ඒ හා අදාළව කිසිදු විමර්ශනයක්, පානදුර දකුණ පොලීසිය සිදුකළේ නැත.

විශේෂයෙන් මෙම පහරදීමට, පොලූ මුගුරු සහ ආධාර අනුබල දුන්න ශ‍්‍රී ලාල් පීරිස් හා ශෂික යන අය පොලීසියට කැඳවා තිබුනේ නෑ.

2020.12.14 වන දින, අපගෙන් කරුණු විමසා, විමර්ශනය කළ නිලධාරියා, අප දෙදෙනාව සහ අපට පහරදීම අදාළව,  අවස්ථාවේ පොලීසියට ගොස් මුල් පැමිණිල්ල කළ සමන් කුමාර සිල්වා, පොලීසිය අත්අඩංගුවට ගෙන සිර මැදිරියට දමනු ලැබුවා.

ඊට පසුව, උපුල් , අනුර,  සඳා යන අයවද අත්අඩංගුවට ගෙන, සිර මැදිරියට දමනු ලැබුවා.

ප.ව. 2.30 ට පමණ, උපුල් , අනුර  හා සඳා පොලිස් ඇප මත මුදා හැරියා.

අප දෙදෙනාව හා සිල්වාව, පොලිස් ඇප මත මුදා හැරියේ ප.ව. 3.00 පමණය.

අප තිදෙනා, පොලිස් සිර මැදිරියේ සිටින කාලය තුළ, අපට කිරි පැකට් එකක් වත් ලබා ගැනීමට ඉඩ දුන්නේ නෑ. අප වතුරවත් නැතිව සිටියේ.

නමුත්, උපුල් , අනුර , සඳා යන අය වෙනුවෙන් ඉදිරිපත්වූ, පානදුර තොග වෙළඳපොලේ, තොග වෙළෙන්ඳෙකු වූ දුමින්ද නැමැත්තා පොලීසිය තුළ මුඛ ආවරණයක් ද නැතිව සැරිසරමින්, එම තිදෙනාට පමණක් නොව, පොලිස් නිලධාරීන්ට බුලත් විට, සිගරැුට්, බීම බෝතල් ගෙනවිත් දෙමින් සංග‍්‍රහ කරනු ලැබුවා.

මේ ආකාරයට, සැලසුම් සහගතව, ප‍්‍රසිද්ධියේ අපට පහරදීම අදාළව, පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කර අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ ලබා දීම පිළිබඳව, පානදුර දකුණ පොලීසියේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්,

අපට පහරදීම අදාළ, වෛද්‍යය වාර්තා ලබාගෙන, ගරු අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට පියවර ගන්නා ලෙසටත් ඉල්ලා සිටිමු.

මෙයට,

අ/ක:-


01. මාලී 

 02. රේණුකා  

 

Wednesday, December 23, 2020

අඹු කමට ගන්න හදන - පිනට දහමට ලැදි පියාට විරුද්ධව නීතියේ පිහිට නැද්ද.



තම පියාට විරුද්ධව, එක් දරු මවක් උසාවි ගියේ, තමාව අඹු කමට ගන්න හදනවා යයි චෝදනා කරමින්.

ඒ අතර, පියාගේ මිතුරන්, තම එකම පිරිමි දරුවාව අපයෝජනයට ලක් කිරීමට උත්සාහ ගන්නා බවටද ඇය චෝදනා කරයි.

ඇය පවසන අන්දමට, තම පියා, රාජ්‍යය අනුබද්ධ සමාගමක රැඑකියාවක් කර, විශ‍්‍රාම ගත් අයෙකි.

දනට පිනට බොහෝ ලැදි බව ලෝකයාට ප‍්‍රදර්ශනය කරන මොහු, ප‍්‍රදේශවාසීන්ගේ මෙන්ම පොලීසියේද හොඳ නම දිනාගත් අයෙකි.

මේ නිසාම, ඇයගේ කථාවට සවන් නොදෙනවා පමණක් නොව, නීතියද නමන බවට චෝදනා කරයි.

ඇය තමා විසින්, පානදුර දකුණ පොලීසියට කරන ලද පැමිණිලි සම්බන්ධයෙන්, නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසට ඔක්තෝබර් මස, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අමතන ලද ලිපියට මේ දක්වාම ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද කියා සිටී.




Saturday, December 19, 2020

මානව හිමිකම් කොමිෂමේ මුහුණ වෙනස් වෙයි.

පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ඇතිව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට, නව සාමාජිකයින් පත් කර ඇත. වත්මන් සභාපති ජගත් බාලසූරිය වේ.

හිටපු සභාපතිනිය, ආචාර්ය දීපිකා උඩගම මිය, ප‍්‍රබල ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලෙක්ම්වරයෙකු වූ ආචාර්ය පේ‍්‍රමදාස උඩගම මහතාගේ දියණියයි.

වත්මන් සභාපති ජගත් බාලසූරිය, ප‍්‍රබල ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු මෙන්ම, වත්මන් රාජ්‍යය අමාත්‍යවරයෙකු වන තාරක බාලසූරියගේ පියාය.

 

Saturday, December 12, 2020

ආදාහනය පාපයක් වුනත් කුඩු බීම, බෙදා හැරීම පාපයක් නොවෙයි.


කුඩු ජාවාරම් මැඩලන බවට, වත්මන් රජය ප‍්‍රතිඥා දී ඇත. මේ ප‍්‍රතිඥාව දීලා දැනට අවුරුද්දක් ගත වෙලා. තවත් අවුරුදු 04 යි තියෙන්නනේ. කුඩු චෝදනාවට  දවස් 133 ක් රිමාන්ඞ් බාරයේ සිටි සෆ්රාස් ගේ කතාව.

සෆ්රාස් විවාහ වුනේ, නිෂාමා එක්ක. නිෂාමාගේ පියා කුඩු ජාවාරම් කාරයෙක්. මව ඊට අනුබල දුන්න කෙනෙක්. සෆ්රාස් ද කුඩු බීමට පුරුදු වුනා. දෙවෙනි දරුවා ලැබෙන්න ඉන්න කොට ඔහු බෙහෙත් බීලා, කුඩු බීම නතරකර ගෙන ඩුබායි ගියා.

ඩුබායි වල සුපිරි වෙළ`ද සැලක වසර එකහමාරක් වැඩ කරලා ආවේ ඔහු නැති අතර මොලොව එළිය දුටු දියණිය බලන්න.

සෆ්රාස් ටික දවසකින් පරණ මිත‍්‍රයෝ එක්ක එකතු වෙලා කුඩු බොන්න පටන් ගත්තා. දවසේ කුළියට වැඩ කරන්න පටන් ගත්තා.

2020.07.19 දින, ඔහුට කුඩු දෙන මොහොමඞ් ෆස්මින් පැමිණ එක්ක ගෙන ගියා, ගමනක් යන්න.

මගදී පොලිසිය නැවැත්වූවා. මොහොමඞ් ෆස්මින් ව පොලිසිය දන්නවා. ඔහු කුඩු බොනවා. කුඩු බෙදා හරිනවා. පොලිසියට ඔත්තු දෙනවා.

දහවල් සෆ්රාස් ගෙදර ඇවිත් කෑම කනකොට පොලිසියෙන් ගෙට පැනලා සෝදිසි කරලා යන්න ගියා. කෑම අරගෙන වැඩට ගිහිල්ලා, නැවත ගෙදර එනවිට, තොටවත්ත මුස්ලිම් පල්ලිය අසලදී, පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නවා.

පානදුර උතුර පොලිසියේ - බැරැක්කයට ගෙනහිල්ලා ‘වෝටර් බෝඩිං‘. ක‍්‍රමය පාවිච්චි කරලා වධ දුන්නා.බෙල්ට් වලින් පහර දුන්නා.

ඊට පස්සේ, සුපුරුදු පරිදි, කුඩු හෙවත් හෙරොයින් මි.ග‍්‍රෑම් 1100 ක් දාලා, උසාවියට ඉදිරිපත් කරලා, රිමාන්ඞ් බාරයට පත් කෙරෙව්කවා. 

රස පරීක්ෂක කියනවා, පොලිිසිය දාන හෙරොයින් ග‍්‍රෑම් 02 ක් තියෙන්නේ, මි.ග‍්‍රෑම් 5 කට වඩා අඩු ප‍්‍රමාණයක් කියලා. 

කොවිඞ් 19 වසන්ගතය හමුවේ, ඔහුට රජයේ නව නියමයන්ට අනුව  ඇප ලබා ගැනීමට හැකි වෙනවා. 

රස පරික්ෂක වාර්තාව අනුව - සෆ්රාස් ළ`ග තිබූ බවට පොලිසිය කියන හෙරොයින් ප‍්‍රමාණය මි.ග‍්‍රෑම් 1100 මි.ග‍්‍රෑම් 5 -1 පමණ දක්වා අඩු වෙනවා. ඔහුට වරද පිළිගන්න යයි බලකරනවා. ඒ නඩුව ඉක්මනින් ඉවර කරගන්න. ඒකට සෆ්රාස් සූදානම්ද ? තීරණය සෆ්රාස් අතේ. 

අද දක්වාම රස පරික්ෂක වාර්තාව නැ. අධිකරණ අමාත්‍යංශය රස පරික්ෂක ගේ අවධානය යොමු කරලා මාස 02යි.

ආදාහනය පාපයක් වුනාට කුඩු බෙදීම පාපයක් නොවන නිසා - සෆ්රාස් ගේ තීරණය දෙවියන්ට බාර කරනු ඇත.


Monday, November 16, 2020

තාම කුඩු තියෙනවා. තවත් ජාති තියෙනවා. හිර ගෙදරිනුත් කථා කරනවා. අම්මා කියයි.

 

කොළඹ සුප‍්‍රකට පුද්ගලික පාසලක ඉගෙනුම ලැබූ තම පුතුන් දෙන්නාම මත් ද්‍රව්‍යය වලට ඇබ්බැහි වෙලා. මීට තෙමසකට උඩදී වැඩිමහල් පුතාව, පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඔහු ළඟ තිබුනේ කුඩු වලින් ගැලවීම සඳහා වෛද්‍යවරයෙකු ලබාදුන්න බෙහෙත්.

පොලීසිය සමග පුතා වාද කළා. අරන් ගිහිල්ලා හෙරොයින් මි.ග‍්‍රෑ. 1100 ක් තිබුනා කියලා නඩු දැම්මා.

කොරෝනා නිසා බලන්න යන්න බෑ. ටෙලිෆෝන් නෑ කිව්වට ඉඳලා හිටලා කථා කරනවා.

දෙවන පුතා හෙරොයින් නැති විට, වෙනත් දේ අරගෙන ඇවිත් පාවිච්චි කරනවා. ගල්කිස්ස පැත්තේ තියෙනවා කියනවා.

දෙන්නාටම හෙරොයින් වලින් මිදෙන්න  ඕනැකම තියෙනවා. ඉගෙන ගෙන තියෙනවා. හැකියාවන් තියෙනවා. 

පොලීසියට පළිගන්න වැරදි වැඩ කරන්න ඉඩ තියන්න එපා මාස තුනක් ගිහල්ලත් රජය රස පරීක්ෂක වාර්තාව නැහැ කියමින් ඇප දෙන්නේ නෑ.

ඉහළ උසාවියේ නඩු දාන්න සල්ලි නෑ. ඇය පසුගියදා මෙම තත්ත්වය ගැන බලධාරීන්ට ලිඛිතව කරුණු ඉදිරිපත් කළා. මෙය පොදු තත්ත්වයක්. පොලීසිය මහෙස්ත‍්‍රාත්වරයා විසින් ඇප දීම වැළැක්වීමට ‘බී’ වාර්තාව සාවද්‍ය ලෙස සැකසීම පිළිබඳව නීතිමය පියවර ගැනීම අධිකරණයේ මෙන්ම රජයේ ද වගකීම බව ඇය කියා සිටි.

ඇය පසුගියදා පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අමතන ලද ලිපිය පහත දැක්වේ.

ව්‍යාජ නඩු පවරා රක්ෂිත බන්ධනාගාරගත කිරීම.


ආරක්ෂක ලේකම් තුමාගේ, අංක ------ සහ -------- දින දරන ලිපිය හා බැඳේ.

පානදුර ම/උ නඩු අංක: 77--- /2020 දරන නඩුවේ, සැකකරු මාගේ පුතා ඔහුව අත්අඩංගුවට ගෙන, හෙරොයින් මි.ග‍්‍රෑ. 1100 ක් සන්තකයේ තබාගෙන සිටි බවට නගා ඇති චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

දැනට මාස 03 ක් ඉකුත්ව ගොස්ය. ද්වේශ සහගතව හෙරොයින් මි.ග‍්‍රෑ. 1100 ක් තිබූ බවට චෝදනා කරන ලද්දේ මාගේ පුතාට, ඇප ලබා ගැනීමට නොහැකි වීමටය.

මේ පිළිබඳව, විමර්ශනයක් කරනු ඇතැයි මා සිතමි. මීළඟ නඩු දිනය මා දන්නා තරමින් 2020 නොවැම්බර් 18 වේ.

පවත්නා, කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ, මාගේ පුතාගේ ජීවිතයට අනතුරක් වීම වැළැක්වීම ඔබගේ වගකීම වේ.

එම නිසා, නොපමාව මැදිහත්ව මාගේ පුතාට ඇප ලබාදීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

මෙයට, 

මව ------- 


පිටපත්:


01. අමල් එදිරිමාන්න මයා/  පොලිස් අධිකාරී,  ආරක්ෂක ලේකම්ගේ සම්බන්ධීකරණ නිලධාරි 

02.කොළඹ 12 මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා,  ආරක්ෂක අමාත්‍යාංශය, 15/5, බාලදක්ෂ මාවත, කොළඹ 03    

03. නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, උපරිමාධිකරණ සංකීර්ණය    අ`ඵත් කඬේ

    

75 දී මිය යෑම ඛේදවාචකයක් නොවේ.

 

ජෝ බයිඩන්ගේ -  කොවිඞ් 19 කාර්ය සාදක බලකාය ට පත් කළ වෛද්‍ය එමැනුවෙල් කියයි.

ඇමෙරිකා ජනාධිපති වශයෙන් තේරී පත්ව සිටින ජෝ බයිඩන් විසින්, එරට කොවිඞ් 19 වසංගතය මර්දනයට පත් කරන ලද කාර්ය සාධක බලකායට අවු: 75 ට වඩා ජීවත් විය යුතු නැත බවට ප‍්‍රකාශ කරන වෛද්‍ය එමැනුවෙල් ව පත් කර තිබේ.

අවු: 75 ට වඩා ජීවත් වීම නිසා සමාජ ආර්ථික ගැට`ඵ රැුසක් ඇතිවන බව ප‍්‍රකාශ කරන වෛද්‍ය එමැනුවෙල් ව කාර්ය සාධක බලකායට පත් කිරීම, තුලින් එරට වයස්ගතවූවන්ගේ ඉරණම ගැන ප‍්‍රශ්න මතුකර ඇත.

අද දක්වාම කොවිඞ් 19 වසංගතයට ගොදුරුවන හා වැඩිම මරණ ගණන සිදුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වේ.



කොවිඞ් -- 19 ලෝකයේ තවමත් 01, ඇමෙරිකාව. ලංකාව 100

 

කොරෝනා වසංගතයේ ආසාදිත සංඛ්‍යාව, සෑම රටකම ඉහළ යමින් පවතී. 

ඇමෙරිකාව තවමත් පසුවන්නේ පළමු තැනය.  ආසාදිත සංඛ්‍යාව 11,367,214 කි. ඉන්දියාව, දෙවන තැන පසුවේ.

බ‍්‍රසීලය, ප‍්‍රංශය, රුසියාව තෙවන, සිව්වන හා පස් වන තැන ගනී.

බි‍්‍රතාන්‍යය පසුවන්නේ, 7 වන ස්ථානයේය. එහි ආසාදිත සංඛ්‍යාව  1,369,318 ක් වන අතර මරණ ගණන  51,934 කි.

51 වන ස්ථානයේ පසුවන ජපානයේ ආසාදියින් 116,677 ක් වන අතර මරණ  1,883 කි.

කොරෝනාවේ ආරම්භකයා වූ චීනය පසුවන්නේ 62 වන ස්ථානයේය. ආසාදිතයින් 86,346 ක් වන අතර මරණ 4,634 කි.

91 වන ස්ථානයේ පසුවන දකුණු කොරියාවේ ආසාදිතයන් ගේ ගණන 28,769 කි. මරණ 495 කි.

100 වන ස්ථානයට පත්ව ඇති ලංකාවේ ආසාදිතයින්  17,287ක් වන අතර මරණ 58 කි.

ආසාදිතයින් 5,459 ක් වාර්තා වන හොංකොං වල මරණ 108 කි. 137 වන ස්ථානයේ පසුවේ.

 ඕස්ටේ‍්‍රලියාවේ ආසාදිත සංඛ්‍යාව 27,745 ක් වන අතර මිය ගිය ගණන 908 කි. 93 වන ස්ථානයේ පසුවේ.

මෙම සංඛ්‍යා ලේඛණ සෑම මොහොතකදිම ඉහළ යනු ලබයි.

Friday, November 13, 2020

ජෝ බයිඩන් ට ලැබෙන ලෝක නායක සුභ පැතුම් - ට‍්‍රම්ප් හිර කරගෙන

 

ජෝ බයිඩන්ගේ මැතිවරණ ජයග‍්‍රණය පිළිබඳව, ලෝක නායකයින් මෙතෙක් එවා තිබෙන, සිය`ඵම සුභ පැතුම් රාජ්‍යය දෙපාර්තමේන්තුව සිරකරගෙන සිටී.

ඇමෙරිකාවේ සම්ප‍්‍රදාය අනුව, තේරී පත්වූ, ජනාධිපතිට එවන සුභ පැතුම් ඔහු අතට, රාජ්‍යය දෙපාර්තමේන්තුව පත් කරනු ලබයි.

ජෝ බයිඩන්ගේ තේරී පත්වීම පිළිනොගන්නා බව ප‍්‍රකාශ කරන ට‍්‍රම්ප්, එම තේරී පත්වීම, අභියෝගයට ලක් කර සිටී. ඔහුගේ නියෝගයෙන් රාජ්‍යය දෙපාර්තමේන්තුව ජෝ බයිඩන්ට ලැබෙන සුභ පැතුම් ඔහු අතට පත්වීම වළක්වා තිබේ.

 


Tuesday, November 10, 2020

නිල ප්‍රතිඵල නිකුත් කරන තෙක් බයිඩන්ට ට සුබ පතන්නේ නෑ! ලෝක බලවතුන් කියති.

 

රුසියාවචිනය, බ්‍රසිලය, මෙන්ම තුර්කියද - ජනාධිපති මැතිවරණයෙන් ජයගත් ජෝ. බයිඩන්ට සුබ පැතිමට ඉදිරිපත්ව නැත.

රුසියාව ඇතුලු එම රටවල් ප්‍රකාශ කර ඇත්තේ නිල ප්‍රකාශනය නිකුත් කරන තෙක් තමන් බලා සිටින බවයි.

 මිට පෙර අවස්ථාවල දි මෙන් නොව මෙවර පරාජිත අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඵල නීතිමය වශයෙන් අභියෝගයට ලක් කර ඇති බවද පෙන්වා දි තිබේ.

 මැතිවරණයේදි කවරෙකු ජයග්‍රහණය කළද ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් නොවන බව මිට පෙර රුසියාව පෙන්වා දෙන ලදි. ට්‍රම්ප් පාලනය ඇති කරන ලද ‘සිතල යුද්ධය’- ඉදිරියට ගෙනයනු ලබන බව රුසියානු මතය වි තිබේ.

 

Sunday, November 8, 2020

තෙල් කෝච්චියට ගේට්ටුව වහපු හින්දා STF එකට අහුවුණා. ඇප ගැනිමට දුප්පත්කම හරස් වෙලා.

 


මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ මාස පහක් තිස්සේ පසුවන තම සැමියා කිසි දිනෙක මත්ද්‍රව්‍යය පාවිච්චි කරන හෝ ජාවාරමට හෝ  සම්බන්ධ නැති කෙනෙක් බව පවසන, බරපතළ හෘද රෝගයකින් පෙළෙන බිරිඳක්,  ඉල්ලා සිටින්නේ සැමියාව කොරෝනාවට බිළි නොදි ඇප ලබා දෙන ලෙසටය.

 ජුනි මස 30 වන දින සවස රුපියල් දෙදහක් අරගෙන ජා-ඇළ නගරයට තම සැමියා ගියේ පසුදින දියණියගේ උපන්දිනයට කෙක් ගෙඩියක් රැගෙන ඒමට  බවත්, එසේ යන අතර ප්‍රදේශයේ "චබී" නැමැති පුද්ගලයා, ඔහුව නවතා තමාවද ජලයට ගිහින් දාන ලෙසට ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඔහු  "චබී"  නැමැත්තාව ද නංවාගෙන  යන අතර  රේල් ගේට්ටුව, තෙල් කොච්චියට වසා තිබු බවත්, එතන නතර කරගෙන සිටින විට, පැමිණි STF  නිලධාරින් "චබී"  ව පරික්ෂා කළ විට ඔහු සන්තකයේ "හෙරොයින්"  තිබී ඇති බවත් කියා සිටි.

 "චබී"  සමග තම සැමියාව අත්අඩංගුවට ගත් STF නිලධාරීන්, සැමියා සතුව හෙරොයින් මිලිග්‍රෑම් තුන් දහසකට වැඩි ප්‍රමාණයක් තිබූ බවට හා ඔහු ප්‍රවාහනයට ආධාර කඝ බවට ව්‍යාජ චෝදනා කරමින්, අධිකරණයට ඉදිරිපත් කර තිබේන බවත් කියා සිටි.

 මාස පහක් ගතව තිබියදීත් ඔහුට අප ලබා ගැනීමට නොහැකිව පසුවන බව ඇය කියා සිටී.  දමා තිබෙන චෝදනාව අනුව අප ලබා ගැනීමට මහාධිකරණයට යා යුතු බව නීතිඥයන් කියන අතර, ඒ සඳහා විශාල මුදලක් වශ්‍ය ඇති බවද ඇය කියා සිටී.

 තමාට හා දරුවන්ට මේ වන විට ජීවත් වීමට නොහැකිව සිටින අතර අැප ලබා ගැනීම සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද කියා සිටි.

 චෝදනාව ඇත්තද බොරු ද යන්න පිළිබද ප්‍රශ්නය මෙහිදී සැලකිල්ලට නොගත යුත්තේ, පවතින නීති රාමුව තුළ මෙවන් චෝදනා වලට අප ලබාගෙන එළියට ඒමට හැක්කේ විශාල මුදලක් වැය කර කිරීමට හැකි පුද්ගලයන්ට පමණක් වීමය. එම නිසා මෙම ක්‍රමය වෙනස් විය යුතුයි. කෙටි කාලය තුළ නඩු අසා තීරණ ලබාදීමට වහා පියවර ගත යුතුය. පවතින කොවිඩ්-19 වසංගත යටතේ මේ වන විට බන්ධනාගාර වල සිරවී සිටින, ඇප ලබා ගැනීමට නොහැකි සැකකරුවන් සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය ද යොමුවිය යුතුයි.