Friday, December 25, 2020

”ට‍්‍රම්ප්” යන්නේ කොරෝනාත් බිඳගෙන යුද්ධ අපරාධවලට වරදකරුවන් වූවන්ටත් සමාව දෙයි.

 


”ට‍්‍රම්ප්” තවමත් පරාජය පිළිගෙන නැත. එහෙත් එළඹෙන ජනවාරි 20, යන්නට සූදානම් වන්නේ, තමන්ට හිමි විධායක බලතල යටතේ, කරන්නට පු`ඵවන් හැම දෙයක්ම කරය.

ඒ අනුව, අපරාධවලට හා වෙනත් වැරදි වලට වරදකරුවන් බවට පත්ව සිටින, හිතවත් සියල්ලන්ටම ”රාජ ක්ෂමාව” ලබාදීමට පියවර ගෙන තිබේ.

අපරාධ වලට හා වැරදි වලට වරදකරුවන් වූ 15 කට පසුගියදා, සිය විධායක බලතල උපයෝගී කරගෙන ජනාධිපති ක්ෂමාව ලබාදී නිදහස් කරනු ලැබීය.

2007 ඉරාකයේදී, ”බැලැක්වෝටර්” නම් වූ ඇමෙරිකානු පුද්ගලික ආරක්ෂක සමාගම සෙබලූන් හතර දෙනෙක් නව හැවිරිදි දරුවෙකු ඇතු`ඵ සිවිල් වැසියන්14 ක් ඝාතනය කරනු ලැබීය.

එම අපරාධයට වරදකරුවන් වූ සිව් දෙනාටම ට‍්‍රම්ප් ක්ෂමාව දී නිදහස් කර ඇත.

මේ වන විට, ක්ෂමාව දිය යුතු පාක්ෂිකයින්ගේ ලේඛන, ධවල මන්දිරයේ පිළියෙල කරමින් සිටින බව එරට මාධ්‍යය වාර්තා කර ඇත.

රූපයේ දැක්වෙන්නේ ට‍්‍රම්ප් ගේ රාජ ක්ෂමාව යටතේ නිදහස ලැබූ ඝාතකයින් 4 දෙනා හා ඝාතනයට ලක් වූ අලි නම්, නව හැවිරිදි දරුවාය.

No comments:

Post a Comment