Wednesday, December 23, 2020

අඹු කමට ගන්න හදන - පිනට දහමට ලැදි පියාට විරුද්ධව නීතියේ පිහිට නැද්ද.



තම පියාට විරුද්ධව, එක් දරු මවක් උසාවි ගියේ, තමාව අඹු කමට ගන්න හදනවා යයි චෝදනා කරමින්.

ඒ අතර, පියාගේ මිතුරන්, තම එකම පිරිමි දරුවාව අපයෝජනයට ලක් කිරීමට උත්සාහ ගන්නා බවටද ඇය චෝදනා කරයි.

ඇය පවසන අන්දමට, තම පියා, රාජ්‍යය අනුබද්ධ සමාගමක රැඑකියාවක් කර, විශ‍්‍රාම ගත් අයෙකි.

දනට පිනට බොහෝ ලැදි බව ලෝකයාට ප‍්‍රදර්ශනය කරන මොහු, ප‍්‍රදේශවාසීන්ගේ මෙන්ම පොලීසියේද හොඳ නම දිනාගත් අයෙකි.

මේ නිසාම, ඇයගේ කථාවට සවන් නොදෙනවා පමණක් නොව, නීතියද නමන බවට චෝදනා කරයි.

ඇය තමා විසින්, පානදුර දකුණ පොලීසියට කරන ලද පැමිණිලි සම්බන්ධයෙන්, නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසට ඔක්තෝබර් මස, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අමතන ලද ලිපියට මේ දක්වාම ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද කියා සිටී.




No comments:

Post a Comment