Sunday, December 27, 2020

රස පරික්ෂක වාර්තාව තවම නැහැලු! මාස 06 ක් තිස්සේ රිමාන්ඩ් එකේ. මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමට මුවා වී කරන අපරාධ.අරක්කු බොකවා! මත්ද්‍රව්‍යය භාවිතා කරන්නේ නැහැ. මත්ද්‍රව්‍යය හෝ නීති විරෝධී මත්පැන් ජාවාරමට කිසිදු සම්බන්ධයක් නැහැ.

 


අශෝකා පෙරේරා, 48 හැවරිදි තිදරු ඇඟලූම් සේවිකාවක්. පොල් කැඞීම, වතු සුද්ද කිරීම, අත් වැඩ දී දවසේ වියදම සොයන තම 49 හැවරිදි සැමියා  මාස 06 ක් තිස්සේ ඉන්නේ ක`ඵතර රක්ෂිත බන්ධනාගාරයේ. මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමට මුවා වී, නිර්දෝශී සැමියාව, උසාවිය උපයෝගී කරගෙන, බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ඇය,  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පති  අමතන ලද ලිපියේ මෙසේ සහන්වේ.    

    ‘‘2020.06.28 වන දින, මම සුපුරුදු පරිදි, උදේ 7.00 ට රැකියාවට ගියා. මා, රාත‍්‍රී 7.00 ට වැඩ ඉවර වී, ගෙදර ආ විට, දැන ගත්තා, සැමියාව උදේ 10.00 ට විතර පොලීසියෙන් අල්ලන් ගිහින් බව.

රාත‍්‍රී 8.30 ට විතර, පානදුර දකුණ පොලීසියට ආවා. සැමියා කූඩුවේ හිටියා. ගෙනාපු කෑම එක විතරක් දීලා යන්න යයි කිව්වා. ඒ නිසා විස්තර දැනගන්න බැරි වුනා.

මාගේ ඥති දියණියක් වන, රෝහිනී කුමාරි, මාගේ සැමියා, මහවිල ඔවුන්ගේ ගෙදර ඉදිරිපිට සිටින විට, පානදුර වැල්ලේ පොලීසිය (පොලිස් අධිකාරී කාර්යලයේ පිහිටි කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කළා.

ඔහු ළඟ හෙරොයින් ම.ග‍්‍රෑ. 5675 ක් තිබූ බවට, බොරු චෝදනාවක් දමා, බන්ධනාගාරගත කර තිබෙනවා. නඩු අංකය : 75563/2020. උසාවිය: පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය.

 ඔහු මත්පැන් පානය කරනවා. නමුත් මත්ද්‍රව්‍යය භාවිතා කරන්නේ නැත. මත්ද්‍රව්‍යය ජාවාරමට හෝ නීති විරෝධී මත්පැන් ජාවාරමට කිසිදු සම්බන්ධයක් නැහැ.

මා හා මාගේ සැමියා, දහඩිය මහන්සියෙන් උපයා ගන්නා දෙයින්, 11 හැවිරිදි දරුවා හා මාගේ මව ජීවත් වනවා. අපට, අපගේ කියා ඉන්න තැනක් නැහැ. මහ ගෙදර සහෝදරයා හා පවුල ජීවත් වනවා.

පොලීසිය සිදු කළේ අපරාධයක්. බන්ධනාගාරයේ කැන්ටිමට ගෙවන්න  ඕන මුදල ගෙවන්න වෙන්නෙත් නැහැ.

බන්ධනාගාරගත කරලා දැනට මාස 06 ක් වෙනවා. තවම රස පරීක්ෂක වාර්තාව ඇවිල්ලා නෑ. මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගන්න විදියක් නෑ.

මහාධිකරණයෙන් ඇප ලබා ගන්න විශාල මුදලක් නීතිඥවරුන් ඉල්ලනවා.

දුප්පත්, නිර්දෝෂී පුද්ගලයින් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍යය ආදේශ කර, උසාවිය යොදාගෙන රිමාන්ඞ් කරවීම අපරාධයක්.

මෙම අපරාධය කළේ ජනාධිපති තුමාගේ මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලට මුවා වෙලා. අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ රාජකාරි කරනු ලබන, පො.ප. නිශාන්ත, පො.කො. 86282 සම්පත්, පො.කො. 95643 ජයසිංහ, පො.කො. 16888 කනිශ්ක ඇතුලූ නිලධාරීන් ය.

මාගේ සැමියා, මත්ද්‍රව්‍යය ජාවාරම් කරන හෝ භාවිතා කරන අයෙකු ද යන්න, බුද්ධි අංශ යොදවා සොයන ලෙසටද, කඩිනමින් රස පරීක්ෂක වාර්තාව ගෙන්වා දෙන ලෙසටද,

බන්ධනාගාර කොවිඞ් 19 රැල්ල යටතේ, තවදුරටත් ප‍්‍රමාද නොකර, මාගේ සැමියාගේ ජීවිතාරක්ෂාව සැලසීමට, ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට ද ඉල්ලා සිටිමි.

මෙයට, අශෝකා පෙරේරා (බිරි)

 

 

No comments:

Post a Comment