Thursday, December 30, 2010

දැන් පෙන්වනවා රූකඩ

මෙන්න අපේ ගුරුවරු ( නරුම ගුරුවරු 3 )



මේ කිරි දරුවට නොකල වරදකට තම පසලේ විදුහල් පති කනට ගසා, විදුහලේ කබඩ් එකක්ක් අස්සට දාලා හිරකරා. මේ විදුහල්පති තවමත් පාසලේ වැඩ, මොහුට බලධාරීන්ගේ සහය නොවඩුව ලැබෙයි, මෙන්න වීඩියෝ පටය නිකුත් උනා. මෙවන් විදුහල්පති වරුන් සිටිනා තෙක්, අධ්‍යාපනයට දෙවි පිහිටයි...

Wednesday, December 29, 2010

මෙන්න අපේ ගුරුවරු ( නරුම ගුරුවරු 2 )

මේ රංජිත්, රන්ජිත් පාසලේ පන්තිකමරය තුලදි යාලුවන් එක්ක පෑන් බට සෙල්ලම කරල තියනව. එතනට පැමිනි මේ නරුම ගුරුවරයා ඔලුවට ගැසූ පාරට මෙසයේ වැදුනු නහය බරපතල ලෙස තුවා‍ල උනා . මෙන්න ඒ වීඩියෝ පටය


Sunday, December 26, 2010

මෙන්න අපේ ගුරුවරු ( නරුම ගුරුවරු 1 )



මීහරක්ට ගහන්න වගේ ළමයිට තලන නරුම ගුරුවරයකුගේ කතාවක්. රත්නපුර ශාන්ත ලූප් විද්‍යාලයේ ටෙහාන් නිපුනනම් දරුවාට එම පාසලේ විද්‍යා විෂය උගන්වන සරත් නැමති ගුරුවරයා ඉතා අමානුෂික ලෙස පහරදීලා. මෙන්න ඒ කතාව........


Thursday, December 23, 2010

දේශිය සංස්කෘතියට හානිවන —ඇදුම—












ලංකාවේ පුරවැසියන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට දේශීය සංස්කෘතියට හානිවන ඇඳුම් ඇඳීම ලබන වසරේ සිට තහනම් කෙරෙන නීති පනවන බව සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමති ටී බී ඒකනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ගොසිප් ලංකා වෙබි අඩවිය මේ පලකර ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුව කරන්නට යන තවත් ගොසිප් වැඩකි. ඔවුන්ට ( බලධාරීන්ට ) අනුව ලංකාවේ අද පවතින බරපතලද සංස්කෘතික ගැටලුව ඇග පෙන්න ඇදුමි ඇදිමය. ලංකාවේ උතුරේ සිට දකුණටත් ඉහළ සිට පහළට ව්‍යාප්තව ඇති නීතිය නොමැතිකම, මානව හිමිකමි උල්ලංඝනය සහ අල්ලෂ හා දුෂණය නැමති සංස්කෘතිය මේ ගොසිප් බළධාරින්ට පෙනෙන නමුත් කරබාගෙන සිටිති. නැතිනමි ඇදුම නැමති සංස්තෘතික අංගය පෙරට දමා සාමන්‍යය ජනතාවගේ අවධානය වෙනතකට හරවයි.

ඇදුම සිමාකිරිම යනු නිදහස සිමා කිරිමයි. නිදහස සිමාකිරිම යනු වහල්බාවයට අවශ්‍යය පසුබිම නිර්මාණය කිරිමකි. එවිට මිනිසා තවදුරටත් සජිවි සත්වයෙක් නොව මළ සත්වයෙකි. මිනිසා තුළ නිදහස්ව සිතන්නට ඇත්ත ඇති සැටියෙන් දකින්නට නිර්මාණශිලිත්වය යන සියල්ල මෙමගින් මොට කිරිමක් නොව මරා දැමිමක් සිදුවේ.

ඇත්තටම අපේ සංස්කෘතිය කුමක්ද?

අපට ළමයෙකු පාසලට ඇතුලත් කිරිමට අධ්‍යාපන බළධාරින්ට අල්ලසක් දිමට සිදුවේ. එසේ නොවන්නේ ඉතාමත් කළාතුරකිනි. පාසල් වලදි හංසනය භාවිතයට ගැනේ. ප්‍රධාන විභාග වළදි බළධාරින්ගේ නොසැලකිල්ල ඉහවහා ගොසිනි. පොලිසියට පැමිණිල්ලක් දැමිමට ගියවිට පොලිස්කාරයාගේ ජංගම දුරකථනයට රිලෝඩි දැමිමට බෝහො අවස්ථා වලදි සිදුවේ. පොලිසිය අපරාධ විමර්ශනයට භාවිතා කරන්නේ වධහිංසාව නැමති සංස්කෘතියයි. අමිමලා කෝපයට පත්වුවිට දරුවන් පොලේ ගසති. මහදවල් නාරාහේන්පිට සර්පන්ටයින් හංදියේ වැන්රථයක ගමන් කරමින් සිටි මිනිසුන් දෙදෙනෙකු මරා දැමිමේ හරියටම ත්‍රාසජනක චිත්‍රපටි ජවනිකාවක් ලෙසිනි.

මෙන්න අපේ රටේ වෘත්තිකයින්ගේ සංස්කෘතිය ගැන ඇසිමට හා දැකිමට ලැබෙන දේ.

ප්‍රතිකාර ගැනීමට ආ පාසල් දැරියන් නිරුවත් කැර වීඩියෝ ගත කළැයි කියන වෛද්‍යවරයෙක් ජනවාරි පස්වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් එස්.යු.බී. කරල්ලියද්ද මහතා අද (2010. 12. 22) නියෝග කෙළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකසා මහේස්ත්‍රාත් අත්සන ද හොරට ගැසී යැයි කියන නීතිඥවරියක රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාල අනෙක් සැකකරු රු. ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කෙළේය (ලංකාදීප)

ඇදුම නැමති සංස්කෘතික අංගයට මුවාවි ඉහත අමානුෂික එමෙන්ම බරපතල තත්වයන් අමතක කිරිම හා නොසලකා හැරිම බරපතල ෙඛදවාචකයකි. මෝඩකමකි. විහිලුවකි.





හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Monday, December 20, 2010

බුලත්සිංහල පොලිසි‍ය නඩු හදයි. සාක්ෂිත් හදයි.

























සැරයන්චිත‍්‍රානන්ද රබර් හෝසයකින් බටයකින් විජේකුමාරට පහර දි කොළවලට අත්සන් අරන් පයින් ගසා පන්නා දමයි.
සිද්ධිය අදාලව විජේකුමාර, මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පති හා කළුතර පොලිස් අධිකාරී වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.
"වෙට්ටුවෙල් විජේකුමාර වයස අවු: 28 යිවිවාහකදරුවන් 02යිරැුකියාව: කුළී වැඩලිපිනය බුලත්සිංහල.2010. 12. 13 වන දින දීය.
2010. 12. 11 වන දින උදේ 11.00 ට පමණ මා විජේරාජ් සමග කොණ්ඩය කැපීම සඳහා බුලත්සිංහල නගරයේ තිබෙන සැලූන් එකකට ගියා.
විජේරාජ්ගේ කොණ්ඩය කපනතුරු මා සැලූන් එක ඇතුළේ වාඩිවී සිටියා. එවිට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු සැලූන් එක ඇතුළට පැමිණ. මාගේ අතින් අල්ලා මා නැගිට්ටවාමගේ බෙල්ලෙන් අල්ලා බෙල්ලට පහරක් ගසාඅපි පොලිිසියෙන්උඹ සින්නයිදඋඹට තව නමක් තියෙනවනේදඋඹේ ඇත්ත නම කියපන් කියා කිව්වා. මා මගේ නම විජේ කුමාර බව කිව්වා.
මාව අතින් ඇදගෙන සැලූන් එකෙන් එළියට අරගෙන ආවා. එතන නවතා තිබුණු යතුරුපැදියේ මාව වාඩිකරගෙන ඔවුන් දෙදෙනා මාව බුලත්සිංහල පොලිසියට එක්කගෙන ගියා. පසුව පොලිසියේ තිබුණු පුටුවක් පෙන්වා එහි වාඩිවී සිටින ලෙස කිව්වා. ඒ අසල තිබුණු මේසයක් ළඟ වාඩිවී මාව ගැනීමට ගිය නිලධාරියෙකු කොල දෙකකම මොනවද ලිව්වා. ඒ ලියන ගමන් ඔහු මාගේ නමලිපිනයදුරකථන අංකය විමසා සිටියා. විවාහවෙලා සිටින්නේ කොහේද කියලා ඇහුවා. මම ඒ තොරතුරු කිව්වා. මට දුරකථන අංකයක් නොමැති නිසාමාගේ මස්සිනා වන රවී යන අයගේ දුරකථන අංකය කිව්වා.
ඔහුගේ නම චිත‍්‍රානන්ද බවත් ඔහු පොලිස් සැරයන්වරයෙකු බවත්ඔහුට අනිත් පොලිස් නිලධාරින් කතා කිරීමේදී දැනගත්තා. ඔහු මට එම කොල දීලා අත්සන් කරන්න කිව්වා. මම හේතුව ඇහුවා මොකටද කියලා. එවිට තමුන්ට ඒකෙන් වැඩක් නෑතමුන්ට හානියක් වෙන්නේ නෑ මේකේ අත්සන් කරපන් කිව්වා. මම බෑ කිව්වා. ඔහු පුටුවෙන් නැගිටලා ඇවිත් මට පයින් ගැහුවා� එම පහර මගේ පපුවට වැදුණා.
ඒ් සමගම අනිත්් ගිය නිලධාරියා ඇවිත් මගේ බෙල්ල ප‍්‍රදේශයට අතින් ගැහුවා. ඊට පසු නැවතත් අත්සන් කරපන් කියා චිත‍්‍රානන්ද නිලධාරියා කිව්වා. මම බැහැම කිව්වා. එවිට චිත‍්‍රානන්ද නිලධාරියා අනෙක් නිලධාරියාට මූව නැගිට්ටවගෙන අල්ලා ගෙන හිටපන් කියාකාමරයකට ගියා� අනෙක් නිලධාරියා මාව නැගිට්ටවාගෙන අල්ලාගෙන හිටියා.
චිත‍්‍රානන්ද නමැති නිලධාරියා ගිහින් එහි තිබුණු රබර් හෝස් බටයක් ගෙන මට පහරදුන්නා. අනෙක් නිලධාරියා මාව අතහැර ටිකක් එහාට වෙලා බලාගෙන හිටියා. තවත් නිලධාරියෙකු ඇවිල්ලා ඇයි මේ ගහන්නේ කියලා ඇහුවා. එවිට චිත‍්‍රානන්ද නිලධාරියා කිව්වා වැලි සම්බන්ධව ගත්තා කියලා.
චිත‍්‍රානන්ද නිලධාරියාඇහුවා දැන් මොකද කියන්නේ කියලා. මම අත්සන් කරන්න බෑ කිව්වා. ඔහු නැවතත් මට පහරදුන්නා. මට වේදනාව දරාගන්න බැරුව මම කෑ ගැහුවාඅනේ සර් ගහන්න එපාමම කරපු වැරැුද්දක් නෑමට ගහන්න එපා කියලා මම වැන්දා. නමුත් ඔහු මට ගැහුවා.
එසේ ගහන විට මා වැඩ කරන තැන කොන්ත‍්‍රාත්කරු වන රේණුක නමැති අය එතැනට එනවා මම දැක්කා. එවිට චිත‍්‍රානන්ද නමැති නිලධාරියා රේණුක ඔයා යන්න යන්නමම ඉන්ක්වයර් එකක ඉන්නේ කියා කිව්වා. එවිට රේණුකමගේ ගාව වැඩ කරන සේවකයෙක් ඒකයි බලන්න ආවේ කියා කිව්වා. එවිට චිත‍්‍රානන්ද නිලධාරියාඋඹ ගියේ නැත්නම් උඹලා දෙන්නවම අල්ලලා කූඩුවට දානවා කියා කිව්වා. එවිට රේණුක ගියා.
ඒ වෙලාවේ මම ටී ෂර්ට් එකක් ඇඳලා හිටියේ. නමුත් වැදුණු පහරවල් වලට තදින් වේදනා දුන්නා. මම කෑ ගහනකොට ඔහු මගේ අතට පෑන දීලා දැන්වත් අත්සන් කරපන් කිව්වා. මම කිව්වා මම වැරැුද්දක් කරලා නෑ කියා. මම පෑන ගත්තේ නෑ. එවිට ඔහු පෑන ගනින් කියලා මගේ අතට ගැහුවා. මට ආයෙත් ගහයි කියන බයට මම පෑන අරගෙන අත්සන් කළා.
නමුත් එහි තිබුණු දේවල් සිංහලෙන් ලියලා තිබුණේ. මට සිංහල ලිවීමට හෝ කියවීමට බැහැ. එහි ලියා තිබුණු දේවල් මොනවද කියලා මම දන්නේ නෑ. ඔහු මට කියවා තේරුම්කර දුන්නෙත් නැහැ. ඔහු දැන් උඹව මම දොට්ට දානවාඋඹ සිරියාවතීලගේ ගෙදර යන්න බැහැසිරියාවතීලාගේ ගෙදර ගිහින් අහුවුණොත් උඹේ අතපය කඩනවාමම මේ අත්සන් ගත්තේ සිරියාවතීගේ වැලි නඩුව ඔප්පු කරන්න� කියා ඔහු මගේ පිටිපස පැත්තට පයින් පහරක් ගසා පලයං කිව්වා. මම පොලිසියෙන් පිටවී ආවා. ඒ වන විට මගේ ඇඟ හැම තැනම තුවාලවී තිබුණා. එම තුවාල වේදනා දුන්නා.
මම ගෙදර එන්න ටවුන් එකට එනවිටරේණුකගේ මාමා වන විජේරත්න හමුවුණා. ඒ වන විට වෙලාව දහවල් 12.00 පමණ විය. මම ඔහුට සිදුවූ සිද්ධිය කිව්වා. මට චිත‍්‍රානන්ද නමැති නිලධාරියා පහරදීමෙන් ඇතිවූ තුවාලද ඔහුට පෙන්නුවා. ඔහු මාව ත‍්‍රීවිල් එකක නංවාගෙන සිරියාවතීගේ ගෙදරට එක්කගෙන ගියා. මම සිරියාවතීගෙන් ඇහුවාමොකක්ද ඔයාට දාපු නඩුවමට මෙහෙට එන්න එපා කියලා පොලිසියෙන් කිව්වා. මට ගහලා කොලයකට අත්සන් අරගත්තා කියලා කිව්වා.
පසුව සිරියාවතී පොලිසියට යනවා කියලා ගියා� විජේරත්න මාව රේණුකගේ ගෙදරට එක්කගෙන ගියා. යනවිට රේණුක ගෙදර සිටියා� ඔහුට මම මගේ තුවාල පෙන්නුවා. ඔහු කිව්වා මට ගහනවා ඔහු දැක්ක බව. පසුව එතැනට සිරියාවතීත් ආවා. සිරියාවතී කිව්වා 2010. 12. 01 වෙනිදා ඇයගේ ගෙදර තිබුණු වැලිපොලිසිය ඇය ගෙදර නැති වෙලාවේ රැුගෙන ගොස් ඇති බවත්ඇය ඒ පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවත්චිත‍්‍රානන්ද නිලධාරියාව දැන් හමුවී විමසූ බවත්එහිදී ඇගේ නඩුව ඔප්පු කිරීමට මාව අත්අඩංගුවට ගෙන අත්සන් ගෙන ඇති බව කිව්වා.
පසුව මමත් සිරියාවතීත් රේණුකගේ මාමාත් මතුගම සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කිරීමට ගියා. ඒ වන විට වේලාව සවස 4.00 පමණ ඇති. සහකාර පොලිස් අධිකාරිවරයාට පැමිණිල්ල කියා සිටියා. තුවාලද පෙන්නුවා. එවිට ඔහු කිව්වාදැනට පැමිණිල්ල ලියාගන්න කව්රුත් නෑමිස්ලා ගෙදර ගිහිල්ලාහෙට උදේට එන්න සිරියාවතීගේ සිද්ධියට නඩු දාලා තියෙන්නේපොලිස්පතිවරයාට පැමිණිලි කරලා තියෙද්දීත් මෙයාව අත්අඩංගුවට අරගෙන ගහපු එක ගැන තමයි මට විභාග කරන්න තියෙන්නේමෙයාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙන්න කියලා කිව්වා.
පසුව මම පිඹුර රජයේ රෝහලට ගියා. වෛද්‍යවරියට කිව්වාපොලිසියෙන් පහරදී තුවාල සිදුවී ඇති බව. ඇය මාව පරික්ෂාකර බලා නාගොඩ රෝහලට යවන බව කියා මාව රෝහලේ නතරකර ගත්තා. එදිනම රාත‍්‍රියේ මාව නාගොඩ රෝහලට මාරුකර යැව්වා. නාගොඩ රෝහලේ 5 බී වාට්ටුවේ මා ප‍්‍රතිකාර ලැබුවා. රෝහල් පොලිසිය මගෙන් ප‍්‍රකාශ සටහන් කරගත්තා. අධිකරණ වෛද්‍යවරයාද මා පරික්ෂාකර බලා සටහන් කරගත්තා. 2010. 12. 12 වන දින සවස රෝහලෙන් මාව නිදහස් කළා.
�2010. 12. 13 වන දින මා මේ පිළිබඳව නැවත පැමිණිලි කිරීමට මතුගම සහකාර පොලිස් අධිකාරිවරයා හමුවීමට ගියා. ඔහු සිටියේ නැත. පසුව සිරියාවතී සමග ඇයට පොලිස් මූලස්ථානයෙන් නිකුත් කරන ලද ලිපියද රැුගෙන කළුතර පොලිස් අධිකාරීවරයා හමුවීමට ගියා� ඔහුට මේ පිළිබඳව කියා සිටියා. එහිදී ඔහු මතුගම සහකාර පොලිස් අධිකාරිවරයා හමුවන ලෙසසිරියාවතී විසින් දෙන ලද ලිපියේම සටහනක් යොදා දුන් බව ප‍්‍රකාශකර සිටිමි.
චිත‍්‍රානන්ද නමැති පොලිස් සැරයන්වරයා පහරදීමෙන් ඇතිවූ තුවාල කැළැල් මේ දක්වාම මගේ ශරීරය පුරාම පවතින බවද ප‍්‍රකාශකර සිටිමි."

නිළධාරි හිගය

නො 33, චිනමිනි නිවාස, වැලිමතුගොඩ, බලපිටිය පදිංචි සුමිත්‍රා ද සිල්වා වයස අවුරුදු 40ක අවිවාහක කාන්තාවකි.

ඇයව වරෙන්තුවකට කියා අහුංගල්ල පොලිසියට ගෙනවිත් ඇත. එහිදි උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇගේ හිසට සහ කකුල් වලට පහර දෙන ලදි. ඇයව 2010.10.10 දින බලපිටිය රිමාන්ඩි සිර මැදිරියට ගෙනවිත් ඇත. ඇයට විරුද්ධව පොලිසිය විසින් ව්‍යාජ චෝදනා මත ගොනුකර ඇති නඩුවේ අංකය 72316 වේ.

රිමාණ්ඩි සිරමැදිරියේ 12 දෙනෙකු සිටියත් එහි ඉඩකඩ 12 දෙනෙකුට ප්‍රමාණවත් නැත. තදබදය අධිකය. වැසිකිලි ඇත්තේ එකකි. නාන්න භාවිතා කරන පයිප්පය තිබෙන්නේ වැසිකිලිය අසලය. මේ නිසා සුමිත්‍රා එහි සිටි දවස් කිහිපයේදිම ස්නානය කර නැත. ඇයට කැම බිම සපයා ඇත්තේ ඇගේ ඥාතින් විසිනි. අනිත් අය සිරගෙදරින් සපයන කෑම ආහාරයට ගත නොහැකි බවට නිළධාරින්ටද පැමිණිලි කරති.

ඇයව සිරගෙදරට රැගෙන ආ දින කුඩා දරුවකුද සමග රිමාන්ඩි සැකකාරියක් සිට ඇත. එම කාන්තාවගේ කන ඇතුලට කුඩා සතෙක් ගොස් ඇත. එම කාන්තාව මහ හඩින් කෑගසමින් නිළධාරින් ගෙන් ඉල්ලා සිටියේ තමාව රෝහලකට ගෙන යන ලෙයසි. කෙසේනමුත් මුලින් නිළධාරින් අඩු බව ප්‍රකාශ කළද පසුව ඇයව රෝහලට ගෙන යන ලදි. 



හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

බැන්කි මුන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව


ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනිහිර යුද්ධයේ අවසන් අදියරෙදි සිදු වුයේ යැයි කියන යුධ අපරාධ සෙවිමට එක්සත් ජාතින්ගේ සංවිධානය කමිටුවක් පත් කළහ. නමුත් එහිලා ලංකා රජයත් දකුණු ලක බහුතර ජනතාවත් පලකලේ දැඩි විරෝධයකි. විමල් විරවංශ අමාත්‍යයවරයාට විහිලුවංශ නැමති නාමය පටබැදමේහිලා ඔහු මිට විරුද්ධව ක්‍රියාත්මක කළ අසාර්ථක සත්‍යයග්‍රහය හේතු විය. ඔහු මාරාන්තික උපවාසයක් කළද එය දින තුනකින් අහවර කිරීමට සිදු වූයේ ලංකාව පමණක නොව මුළු ලෝකයේම හාස්‍යට ලක් වෙමිනි.

නමුත් දැන් එක්සත් ජාතින්ගේ මහලේකමි බැන්කි මුන් මහතාගේ කමිටුවට ලංකාවට පැමිණිමෙහිලා අවසර දිමට බලධාරින් සුදානමි වන බව අද පුවත් පත් වාර්තා කොට ඇත. මෙය හොද ප්‍රවණතාවයකි. ශිෂ්ට සමිපන්න ජාතියක් විසින් අනවාර්යෙන්ම කළ යුත්තකි. යුධ අපරාධ චෝදනා විහාගයට අනිවාර්යෙන්ම ස්වාධීන මැදිහත්කරුවකු පත්කළ යුතුව ඇත. තමන වරදක් නොකලේනම් බිය වන්නේ කුමකටද?

ජනාධිපතිවරයාගේ ඔක්ස්ෆඩි සංචාරය අසාර්ථකවිමත් බ්‍රතාන්‍ය ආරක්ෂක ලේකමි ලියමි ෆෝක්ස් මහතාගේ ලංකා සංචාරය අත්හිටුවමත් යන කරුණු මෙරට විදේශ ප්‍රතිපත්තිය හා ජාත්‍යයන්තර සමිබන්ධතා පිළිබද කරුණු වලදි එතරමි සතුටුදායක නැත. ජාත්‍යන්තරව ලබන අපකිර්තිය හා පසුබෑම නිසා අවසානයේ පීඩාවට පත් වන්නේ මෙරට ආණ්ඩු කරවන්නන් නොව සාමාන්‍යය මහ ජනතාවය. මෙහිලා විශේෂයෙන්ම කබලෙන් ලිපට වැටෙන්නේ උතුරු නැගෙනහිර ජනතාවයි.

උතුරු නැගෙනහිර ජනතාවට විශාල වශයෙන් ජාත්‍යයන්තර ආධාර අවශ්‍යයව ඇත. සියල්ල සදහා ඉන්දියාව හෝ චිනය මත පමණක් යෑපිම ප්‍රමාණවත් නැත. උතුරු නැගෙනහිර ජනතාවට මේ අවස්ථාවේ ක්ෂණික දේශපාලන විසදුමකටත් වඩා අවශ්‍යයව ඇත්තේ ආර්ථික හා සාමාජිය ආධාරය.

මෙවැනි යථාර්තයක් තුළ ආණ්ඩුව බැන්ක මුන්ගේ කමිටුවට අවසරදිම මගිින් එක්සත් ජාතින්ගේ හොද හිත දිනා ගැනිම මෙන්ම බටහිර රටවල් සමග චිනය හා ඉන්දියාව හා සමානව සබදතා දියුණු කර ගැනිම මෙරට සාමාන්‍යය ජනතාවගේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාවගේ ජිවත සුඛිත මුදිත කර ගැනිමට
හේතුවන්නකි.


හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Monday, December 13, 2010

තලංගම පොලිසියට ලක්ෂ තුනක් නොදුන් නිසා හදවත් රෝගි කත වසර 21/2 වැඩි කාලයක් බන්ධනාගාරයේ

ඇය නමින් කේ ආර් මල්ලිකාය. වයස අවුරුදු 55කි. කලින් කුඩු විකිණිමේ නිරතව සිට ඇත. පසුව අසනිපවිම නිසා මෙය නැවැත්තුවාය.


ස්පිරිතාලේ සිට ගෙදර පැමිණ විට තලංගම පොලිසිය ඇවිත් ලක්ෂ තුනක් ඉල්ලා ඇත. ඇය එයදිම ප්‍රතික්ෂේප කළ විට පොලිසිය ගේ සෝදිසි කිරිමට පටන් ගෙන තිඛෙි. දර ලිප අවුස්සු එක් නිළධරයෙක් හමිබවුනා හමිබවුනා යනුවෙන් කෑගසා ඇත. ඔහු රෝස පාට බෑග් එකක තිබු කුඩු පැකටි දෙකක්ද පෙන්වන ලදි. පසුව ඇයව කටඋත්තරයක් ගැනිමට යයි පවසා තලංගම පොලිසියට රැගෙන ගොස් ඇත. බැටන් එකක් අතේ ඇතිව සිටි නිළධාරියෙකුගේ බල කිරිම නිසා ඇයට ලාකඩ වලට ඇගිලි සලකුණ තැබිමට සිදුවිය.

පාදුක්ක මහතායි කියන නිළධාරියා දාන්න පුලුවන් තරමි දාපන් යැයි පවසා ඔහු රුපියල් 100ක්ද උපුල් නැමති පොලිස් නිළධරයා රුපියල් 100ක්ද වශයෙන් රුපියල් 200ක් දමා ඇත. ඇයව 2008.06.06 දින රිමාණ්ඩි කර ඇත. එදින සිට අද දක්වාම ඇය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රිමාණ්ඩි සැකකාරියකි.

ඇයගේ හදවතේ සිදුරක් ඇත. මේ බව 2008.06.19 දින බන්ධනාගාර රෝහල මගින් නිකුත් කර ඇති යොමු වාර්තාවෙ සදහන් වෙ. ශල්‍යයකර්මයට යන වියදම රුපියල් 175000කි. ඇගේ සැක අංකය 1110වෙ. කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියේ ඇයට එරෙහිව පවත්නා නඩුවේ අංකය 2303 වේ.



හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

තවත් නාකොටික් අපරාධයක්



ආර්. මංගලිකා වයස අවුරුදු 30ක් වන එක් දරු මවකි. හාඩිවෙයාර් එකක වැඩකළ සිය දමිළ ජාතික සැමියා ඇය රිමිණ්ඩි බන්ධනාගාරයේ පසුවෙද්දි ඇයව අතහැර ගොස් ඇත. ඇගේ වයස අවුරුදු 05ක් වන දියණියව ඇගේ මව විසින් බලාගනු ලැබේ.

ඇය සිය යෙහෙළියකට රුපියල් 50000ක් ණයට දී ඇත. දිනක් එම යෙහෙළිය එම ණය මුදල ආපසු දෙන්නට තම නිවසට එන්නැයි පවසා ඇත. එම නිවසට ගියවිට මද්‍රවය නිවාරණ අංශය හෙවත් නාකොටික් එක එහි පැමිණ සිටි අතර යෙහෙළිය එහි තිබු හෙරොයින් මංගලකාට අයත් බව පවසා ඇත.

ඇයට කුඩු ග්රැමි 106ක්ද සිය මල්ලිට කුඩු ග්රැමි 70ක්ද යෙහෙළියට කුඩු ග්රැමි 36ක්ද දමිමද පසුව සිය මල්ලි සහ යෙහෙළිය නිදහස් විය.

මංගලිකා අවුරුදු 02 මාස 03ක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රිමාණ්ඩි සිරකාරියකි. ඇගේ නඩුව මාළිගාකන්ද උසාවියේ ඇසෙමින් පවති. නිවරැදිකරයි කිමට සිටින ඇයටද නීති ආධාර අවශ්‍යයව ඇත.



හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

මුදල් ඇපය රුපියල් 2500යි. මාස 10කට වැඩි කාලයක් බන්ධනාගාරයේ.


ඇය නමින් ජෝමාල අමිමාය. වයස අවුරුදු 28කි. මාගස්තොට උඩකොටස අංක 13 රුවන්එළිය නුවරඑළිය පදිංචිකාරියකි. ගමිපහ බන්ධනාගාරයේ සැකකාරියකි. අධිකරණයෙන් ඇප ලැබි ඇත. එය මුදලින් රුපියල් 2500කි. නමුත් එය ගෙවා ගැනිමට නොහැකිවිිම නිසා දැනට මාස 10කට වඩා වැඩිකාලයක් සිරගෙදරය.

මෙන්න ඇගේ කතාව.

ඇයට සැමියා අහිමිය. දියණියන් දෙදෙනා සමග දැඩි ආර්ථික දුෂ්කරතා සමග ජිවත් විය. ඇය සියල්ලට විසදුම ලෙස ගාල්ලේ නිවසක මෙහෙකාරකමට ගිියාය. එසේ එම නිවසේ වැඩ කරමින් සිටියදි හාමිපුතා අතින් දුෂණය විය. ඉන් මාස කිහිපයකට පසුව තමාට බඛෙක් ලැඛෙන්නට සිටින බව ඇය දැන ගත්තාය.

එවිට ඇය ඩෙටොල් සමග බුමිතෙල් කලවමිකර බි ඇත. මෙනිසා ඇයට රොහල් ගතවන්නට සිදුවිය. මුලින් ගාල්ලේ රෝහලකට ඇතුල් කල නමුත් පසුව ගමිපහ රෝහලකට මාරු කෙරිණි. ඇය එහිදි සිය කතන්දරය වෛද්‍යයවරයාට කිවාය. පසුව එම රෝහල් බළධාරින් මෙි බව ගමිපහ පොලීසියට දන්වා ඇත. පොලිසිය ඇගෙන් කටඋත්තරයක් ගෙන දිනයක් දි එදිනට පොලිසයට එන ලෙස දැනුමි දෙන ලදි. මෙසේ දෙවතාවක් දැනුමි දි ඇතත් ඇයට පොලීසියට යාමට නොහැකි විය.

පොලිසිිය අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇයව අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඇයව අධිකරණයට ඉදිිරිපත් කරන ලදි. රුපියල් 2500ක මුදල් ඇපයක් මත ඇයව නිදහස් කළද එය ගෙවිමට නොහැකිවිම නිසා දැනට ඇය මාස 10කට වැඩි කාලයක් ගමිපහ බන්ධනාගාරයේ සිටින්නිය.

ඇගේ මහලු මව විසින් දරු දෙදෙනාව බලා ගන්නිය.



හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Tuesday, December 7, 2010

අනුලාවති නඩු තින්දුව සහ අභාවයට පත් ශ්‍රි ලංකාවේ නීතිය

අනුලාවති නඩුව අනුලාවතිට සහ ඇගේ පවුලේ උදවියට ඉමහත් පීඩාවක් සහ අසාධාරණයක් විය. නමුත් එය අභාවයට ගිය නීති පද්ධතියේ බලධරයන්ට සහ කොටස්කරුවන්ට ඉමහත් ආශිර්වාදයකි. ඔවුන්ගේ බඩ කට පිරෙන්නේ අනුලාවතිලා නිසාය.
අනුලාවති සිය සැමියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිම නිසා පොලිස් ස්ථානයට ගියාය. එහිදි ඇය පොලිස් නිළධාරින්ව අභියෝගයට ලක්කරමින් කතා කිරිම නිසා ඔවුන් ඈ ගැන බලා ගන්නා බව කිවාය. ඉන්පසුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ වු උද්ධෟතය පහතින් දක්වා ඇත.

—2008.09.16 වන දින පිලිය්නදල පොලිස් ස්ථානයේ උ.පො.ප. සුජිත් සිල්වා ඇතුලු නිළධාරින් කණ්ඩායමක් වසමෙි දුෂණ මර්ධන රාජකාරියේ යෙදි සිිටියදි නිවන්තිඩියදි සැක සහිත කාන්තාවක් පරික්ෂා කිරිමේ දි ඇය සන්තකයේ තිබි හෙරොයින් මිලි ග්‍රැමිස් 30 බැගින් අඩංගු පැකටි 20ක් හමු වු අතර ප්‍රශ්න කිරිමෙිදි සැකකාරිය අංක 10 නිවන්තිඩිය පාසැල් මාවත පිලිය්නදල පදිංචි නැකැත්දුර ගේ අනුලාවතී බවට හදුනාගෙන ඇත.—(බී වාර්තාව)

අනුලාවතිිව 2008.09.17 දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. ඇයව 2008. 09. 29 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. 2008.09.29 දින සිට 2008.12.15 දක්වාම නඩු වාර සයක් මුලික සාක්ෂි ඉදිරිපත් කිරිම සදහා දින ඉල්ලිමට වැය කර ඇත. 2008.12.15 දින මුලික සාක්ෂි ගොනු කර ඇත.

එදිනම රස පරික්ෂක වාර්තා කැදවිිමට නියෝග කර ඇත. රස පරික්ෂකවරායට වාර 54කදි රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත. ඒ 2008. 12. 15 සිට 2010. 10. 15 දක්වාය. රස පරීක්ෂක නිසා නඩු පමාව අවුරුද්දයි මාස දහයකි. මෙය රස පරීක්ෂක විසින් අනුලාවතිට දුන් දඩුවමයි.

2010. 10. 29 දින රස පරීකAෂක වාර්තාව කෑස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ලැබි ඇත. පොලිිසියේ චෝදනාව හෙරොයින් මිලිග්‍රෑමි 600කි. අංක 1 ලෙස සටහන් මිලිග්‍රැමි 30 පැකටි 10ක් සහ අංක 2 ලෙස සටහන් වු මිලිග්‍රැමි 30 පැකටි 10ක් රස පරීක්ෂකගේ පර්යේෂණාගාරයේදි පරීක්ෂාවට බදුන් විය.

මෙන්න රස පරීක්ෂකගේ සොයා ගැනිම. අංක 01 ලෙස සටහන් පැකටිටුවෙි හෙරොයින් තිබු බවට හදුනාගෙන ඇත. නමුත් කොපමණ ප්‍රමාණයක්දැයි සටහන් කර නැත. මින් හැග් යන්නේ එහි මැනිය නොහැකි තරමි සුලු ප්‍රමාණයක් හෙරොයින් අඩංගු වු බවය. මෙම රස පරීක්ෂකවරයා අංක 02 ලෙස සටහන් වු පැකැටිටුව ගැන කියන්නේ කුමක්ද? එහි හෙරොයින්, මොෆින් හෝ විෂ අබිං හා අන්තරාදායක ඖෂධ ආඥා පනතේ සදහන් කිසිදු අන්තරාදායක ඹෟෂධයක් තිබු බවට හදුනාගෙන නැත.

2010. 10. 29 දින අනුලාවති ව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. දැන් අධිකරණ නියෝග 54ක ප්‍රතිඵලයක් ලෙස රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබි ඇත. හෙරොයින් මිලිග්‍රෑමි 600ක් ජවාරමි කිරිමට තමන් වරදකරුද එහෙම නැත්නමි නිවරැදිකරුදැයි අධිකරණය අනුලාවති ගෙන් ඇසුවේය. අනුලාවති තමන් වැරදිකරු බව කිවාය. දඩය රුපියල් 5000ක් බව අධිකරණ නියමය විය.

ඇයි අනුලාවති වරද පිළිගත්තේ? දුප්පත්කම ප්‍රධාන විය. නිවරැදිකරුයි කිවේ නමි දිගටම නඩුව විභාග වේ. ඇපය ගෙවිමට විශාල මුදලක් වැය වේ. සෑම නඩු වාරයකදිම ඇය වෙනුවෙන් පෙනි සිටින නීතිඥයාට මුදල් ගෙවිමටද සිදුවෙි. ඉළගට බලපෑ කරුණ මේ රටේ පවතින දුෂිත නීති පද්ධතියයි. පවතින නඩු පමාව දුප්පත් අනුලාවතිට තියා යමක් කමක් ඇති පුද්ගලයකුටත් දරාගත නොහැක.

අනුලාවති නඩුව අනුලාවතිට සහ ඇගේ පවුලේ උදවියට ඉමහත් පීඩාවක් සහ අසාධාරණයක් විය. නමුත් එය අභාවයට ගිය නීති පද්ධතියේ බලධරයන්ට සහ කොටස්කරුවන්ට ඉමහත් ආශිර්වාදයකි. ඔවුන්ගේ බඩ කට පිරෙන්නේ අනුලාවතිලා නිසාය.






හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

ඉන්ද්‍රානිගේ කතාව : පොලිස් වධහිංසාව සහ බොරු නඩු දැමිම







ඇය නමින් ඉන්ද්‍රානි මල්ලිකාය. ඉදිගස්තුඩුව ගමේ අය බෝහො දෙනෙක් ඇයව හදුනන්නේ නොනා ලෙසය. ඇයට වයස අවුරුදු 38කි. දරු දෙදෙනෙකුගේ මවකි.

වැලිපැන්න පොලිසියේ සිවිල් ඇදුමින් සිටි නිළධාරින් 2010.10.11 දින සවස 5.30 ට පමණ ඇයව අත්අඩංගුවට ගත්හ. ඒ ඇය පන්සලේ කඨින පිංකමට සහ සිය මව බැලිමට පාරේ යමින් සිටියදිය. වැලිපැන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂක වර්ණකුලසුරිය ඇයව කොන්ඩෙන් අල්ලා ගෙන ලාඩප්පා පොල්ලකින් ඔලුවට ගසා ඇත. ඇය එය වැලැක්විමට අත ඇල්ලුවිට අතද තුවාල විය. පසුව ඇයව පොලිසියට රැගෙන ගොස් කුඩුවෙි සිටි පුද්ගලයාව එළියට ගෙන ඇයව ඇතුලට දමා ඇත.

ඇයව අත්අඩංගුවට ගැනිමට සමිබන්ධ වු වැලිපැන්න පොලිසියේ පොලිස් නිළධාරින්ගේ නමි හා අංක පහත පරිදිය.

1. උප පොලිස් පරික්ෂක වර්ණකුලසුරිය
2. පො කො පේමසිරි 33383
3.කාන්තා සි ආ කුමුදිනි 4101
4. පො කො ප්‍රියන්ත 1851
5. පො කො රාජපක්ෂ 82092

පසු දින දහවල් 12ට පමණ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. ඇය වෙනුවෙන් පෙනි සිටි නීතිඥයාට පොලීසිය කතා කිරිමට පවා ඉඩදුන්නේ නැත. මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරය මගින් ප්‍රතිකාර ලබා දිමට නියෝග කර ඇයව දවස් 11කට රිමාණ්ඩි කරන ලදි.

ඇය සිටියේ කලුතර බන්ධනාගාරයේ 01 වාටිටුවෙිය. එහි නිදා ගැනිමෙි ඉඩ පහසුකමි ඉතාම සිමාසහිත විය. නිදා ගැනිමෙිදි හැරෙන්නට කරන්නට බැරිය. බන්ධනාගාර නිළධාරිනියන් රිමාණ්ඩි කාන්තාවන් ගෙන් වැඩ ගනිති. ඔවුන්ට සුලබව ලැඛෙන වැඩ රාජකාරිය වන්නේ ටොයිලටි සේදිමය. ඇගේ අතේ තුවාලය නිසා ඇයට වැඩ කිරිමට පවසා නැත. අනිත් පහසුකමි හොදය. නෑමට ප්‍රමාණවත් වතුර ලැඛෙි. කෑම පොලිම පැන්නයි කියා නිළධාරින් ගහන්නේ හෝ බනින්නේ නැත. 2010.10.23 දින ඇය ඇප මත නිදහස් වුවාය.

බන්ධනාගාරයේදි එක් නිළධාරිනියක් කිවේ පොලිසිය සමග හරි අල්ලන්න යන්න එපා කියාය. ඇය සිය ඇදුමි සහ කරාබු දෙක ගන්නට ගිය විට තවත් නිළධාරිනියක් පවසා ඇත්තේ ප්‍රවෙිශමෙන් ඉන්නා ලෙසත් නැතිනමි පොලිසීය කුඩු පැකටි එකක් හෝ දමා නැවත මෙහාට එවන බවයි. ඇය වැඩිදුරටත් ඉන්ද්‍රානිට කියා ඇත්තේ බන්ධනාගාරයේ වැඩිපුර සිටින්නේ එහෙම අය බවයි.

ඉන්ද්‍රානි මල්ලිකාට පෙර වැරදි ඇත. ඇය කසිප්පු විකිණිමේද නිරතව සිට ඇත. ඇයට කසිප්පු බිස්නස් කරන අවධියේදි පොලිසියට මුදල් දෙන්නටත් නඩු දෙන්නටත් සිදුවිය. ඇය කසිප්පු විකිණිමෙි නිරත වුයේ 2008 වර්ෂයට පෙරය. ඉට පසුව ඇය මෙම නිති විරෝධි මත්පැන් අලෙවිය නතර කළාය.

2009.12.15 දින කසිප්පු පෙරිමට උපයෝගි කර ගන්නා ගෝඩා ඩ්‍රැමිස් 5888 ලග තබා ගැනිම යන ව්‍යාජ වොදනා නගමින් පොලිසිය ඉන්ද්‍රානිට විරුද්ධව නඩු පවරන ලදි. නඩු අංකය 48862/09 වේ. නඩුව තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යානොහැකි බවත් චුදිත වරදකරු කිරිමෙි හැකියාවක් නොමැති බවත් පවසා අධිකරණය ඇයව නිදොස් කොට නිදහස් කරන ලදි. 2010 වසරේදි අංක 245/10 යනුවෙන් පොලිසි තවත් බොරු නඩුවක් පවරන ලදි. එම නඩුව තව දුරටත් විභාග වන අතර ඇයට ඇප ලැබිණි. ඒ රුපියල් 100000ක් වටිනා ශරීර ඇපයක් සහ රුපියල් 1000ක මුදල් ඇපයක් වශයෙනි.






හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Saturday, December 4, 2010

21 හැවිරිදි දෙමළ තරුණියට පොලිසිය එල්ලා පහර දෙයි





සදාශිවමි ක්‍රීෂ්ණමේනි කොළඹ පැමිණියාය. ඒ යමක් කමක් හරිහමිබ කර තම දෙමාපියන්ගේ ජිවන බරට යමි දායකත්වයක් සැපයිමටය. ඇය සීදුවේ ගෙදරක මෙහෙකාරකමට නතර වුවාය. එම නිවසේ ස්වාමියා කටුනායක ගුවන් තොටුපලලෙත් ස්වාමිදුව ගුවන් හමුදාවෙත් සේවය කළහ.

ක්‍රීෂ්ණමේනිට වැඩ කළහැකි වුයේ සතියක් පමණි. සිදුව පොලිසයේ නිළධාරින් එම ගෙදරට පැමිණ ඇගේ හැදුනමිපත පරික්ෂාකර දවස් දෙකකින් පොලීසියට කටඋත්තරයක් ගැනිමට එන්නැයි පවසා පිටව ගියහ. නිවසේ ස්වාමින් ඇය කැටුව පොළිසියට ගියහ. කටඋත්තරය ගැනිම කෙසේවෙතත් පොලිසිය ඇයව නතර කරගන්නා ලදි. සමිපුර්ණ කාලය මාස දෙකකි. ඇගේ ජංගම දුරකතනයට නිතරම කොල් එන නිසා ඇය එල්. ටි. ටි යට සමිබන්ධ බවට තමන්ට සැක බව ප්‍රකාශ කර ඇත්තේද සිය හාමිපුතාලා විසින්මය.

පොලිසිය තුළ ඇගේ අත් වලට මාංචු දමන ලදි. ඇයට මුලු දවසම පුටුවක හිදගෙන සිටිමට සිදුවු අතර නිදා ගැනිමට පැදුරු කැබැල්ලක්වත් ලැබුනේ නැත. දිනක් ඇය මැරෙන්නට ඔනෙයි කියා පැනගියාය. එදින ඇගේ අත් වලට මාංචු දමා තිබුණේ නැත. නමුත් ඇය නැවතවාරයක් පොලිස් අත්අඩංගුවටම පත්විය. ප්‍රතිඵලය වුයේ පොලිස්කාරයින් සිය අත්වලින් ඇගේ කමිමුලට හා පිටට පහරදිමයි.

එම සිද්ධියෙන් දින දෙකකට පසුව ඇයව බුස්සේ හමුදා කදවුරට රැගෙන යන ලදි. එහිදි හමුදාව ඇයට මාපට ඇගිලි දෙකෙන් එල්ලා ඉතා අමානුෂික ආකාරයට පහරදි ඇත. තර්ජනය කිරීම් වැඩිවිය . ඇයව නිරුවත්කර පහර දෙන බවට තර්ජනය කිරිමෙන් පසුව එයින් බේරිමට ඇය බොරුකිවාය. එනමි බදුල්ල, ග්‍රනල්ඩි පින් වත්තේ පදිංචිව සිටි කුලි වැඩ කරන පියෙකුට සහ තේ දලු නෙලන මවකට දාව උපන් ක්‍රීෂ්ණමේනි තමන් කොටි කතක් බව කිවාය. බුස්සේ ගත කල කාලය වසර දෙකකි.

දැන් සාදාශිවමි ක්‍රිෂ්ණමෙනි නැතිනමි සැක අංක 2248 පසුවන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේය. ඇයව රිමාණ්ඩි කළේ 2010.10.02 වන දිනය. අංක 4483 දරන නඩුව අලුත් කඩේ අංක 08 දරන මහේස්ත්‍රාත් උසාවියේ ඇසෙමින් පවති.






හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Thursday, December 2, 2010

නාකොටික් අපරාධ

එචි. එමි චන්ද්‍රලතා සැට හැවිරිදි සිවිදරු මවකි. සිය ස්වාමිපුරුෂයා බෝහො කලකට පෙර මිය ගොසිනි.

මිට වසර එක හාමාරකට පෙර නාකොටික් ( මත්ද්‍රව්‍ය නිරාකරණ ඒකකය ) එක ඇගේ නිවසට පැමිණ ඇත. සිය බාල සොහොයුරා කුඩු බිමට ඇබිබැහි වු අයෙකි. ඔහු බිමට ගෙනවිත් තිබුණ කුඩු පැකට් දෙකක් නාකොටික් එකට හසුවිණි.

නාකොටික් එක ඇයට අපුරු යොජනාවක් කළාය. එනමි මල්ලි කුඩු මිළදි ගන්නා ස්ථානයට ගොස් කුඩු මිලි ග්‍රෑම් 1000ක් හෝ 500ක් ගෙන එන ලෙසයි. චන්ද්‍රලතා එයට එකග වුයේ නැත.

එවිට පැකටි 02ක් නොව 10ක් දමා ඇයව රිමාණ්ඩි කරන ලදි. ඇගේ අංක 1877 දරන නඩුව ගල්කිස්ස උසාවියේ තවමත් විභාග වේ. ඇය දැනට වසර එක හාමාරක කාලයක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රිමාන්ඩි සැකකාරියකි. නිවරැදිකරුයි කිමට බලාපොරොත්තුවෙන් සිටන ඇයට නීති ආධාර අවශ්‍යයව ඇත.



හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

මෙන්න වෘත්තිකයින්!

ප්‍රතිකාර ගැනීමට ආ කාන්තාවක් නිරුවත් කොට ඡායාරූප අරන්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකසා මහේස්ත්‍රාත් අත්සන ද හොරට ගැසී යැයි කියන නීතිඥවරියක්
පුවතක්

ප්‍රතිකාර ගැනීමට ආ කාන්තාවගේ නිරුවත් ඡායාරූප වීඩියෝ පටයකට ගත්තැයි සැකපිට හෙම්මාවතගම රෝහලේ වෛද්‍ය උපුල් හැන්දලගේ මාවනැල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එන්.ඩී.ඩී. කරල්ලියද්ද මහතා විසින් දෙසැම්බර් 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

කොළඹ ළමා හා කාන්තා කාර්යංශය අද ඔහු අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙළේය. විශේෂඥ වාර්තාවක් ලබා ගැනීමට සඳහා ඔහුගේ වීඩියේ පටය හා ඡංගම දුරකතනය කොළඹ සරසවියේ තොරතුරු තාක්ෂණ අංශයට යවන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කෙළේය.


තවත් පුවතක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකසා මහේස්ත්‍රාත් අත්සන ද හොරට ගැසී යැයි කියන නීතිඥවරියක රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා, අනෙක් සැකකරු රු. ලඬය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කෙළේය.

මෙලෙස ඇප මත මුදාහැරුනේ කළුතොට මූල්‍ය සමාගමේ නීති උපදේශිකාව ලෙස කටයුතු කළ සමිතා සමන්මලී තෙන්නකෝන් හා මොහොමඩ් ඉම්රාන් සාලිප් යන දෙදෙනාය.

මදක් නතරවන්න. සිිතන්න. ආපසු හැරි බලන්න. ඉදිරියට යන්න .... මනුස්සකම සදහා " ධාර්මික, සත්ජන සුභාෂිත සමාජයක් සදහා "



හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

නීතිය නොමැතිකල රජයන මිලේචිඡත්වය

lankadeepa.lk අඩවියෙන් ලබා ගන්නා ලද ඡායාරූපයකි
 
මාධ්‍යය වාර්තා අනුව බිස්කට් පහක් කෑවේ යැයි 14 හැවිරිදි දැරියකගේ අල්ලේ කපුරු පිළිස්සූ බව කියන ඇඟළුම් කම්හල් හිමියෙක් හා තවත් අයෙක් මොරගහහේන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ව්‍යාපාරිකයා හා බිරිය උපන් දින සාදයකට ගොස් සිටියදී ඇය බිස්කට් කා ඇත.

මෙිවා ගැන එක් අතකින් පුදුම වියයුතුද නැත. මක්නිසාද මේ රටේ රජයේ සේවකයින් ගස් බදින ඇමතිවරු ඉන්න නිසාය. එවැනි ඇමතිවරු සහිත ආණ්ඩුවක් රට පාලනය කරන නසාය.

එහෙත් මේ තත්වය ගැන අප කණගාටු වියයුතුව ඇත. මේ ප්‍රශ්න දෙස අප බැලිය යුත්තේ අපේම ප්‍රශ්න දෙස බලන ආකාරයටය. දැන් අපේකම ප්‍රදර්ශනයවිමටත් ක්‍රීයාත්මකවිමටත් සුදුසුම කාලයයි. තවදුරටත් පමාවිම අපටද අප අහිමිවිමකි.

සියලු දෙනාම තමන්ගේ අයිතිවාසිකමි වෙනුවෙනුත් තම දරුවන්ගේ අයිතිවාසිකමි වෙනුවෙනුත් නීතිය අතට ගන්නා සියල්ලනට එරෙහිවත් හඩක් නැගිය යුතු අවස්ථාව දැන් එළඹ ඇත. කෑලෑ නීතියට වැඩිමට කිසිදු අවකාශයක් ලබා නොදිය යුතුය. මේ දේවල් සමිබන්ධයෙන් මුනිවත රකින විශේෂයින්ම උගතුන් රටට සෞභාග්‍යයක් නොව අභාග්‍යයකි



හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

පොලිස් ගුටි...



ඇය නමින් අයිරාංගනිය. වයස අවුරුදු 45ක් වන ඇය තිදරු මවකි. දැනට අවුරුදු 01 මාස 04ක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රිමාණ්ඩි සිරකාරියකි. ඇයට එරෙහි චෝදනාව හෙරෙයින් ජවාරමිකිරිමය.

2009.07.03 දින ඇයව වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය කොළඹ 10 ලොගේටි ලේන්හි වැටලිමක් කර ඇත. කූඩු ජාවරමිකරන නෑනා අත්අඩංගුවට ගනිතියි බිය වු ඇය වහා වැටලිම ගැන කිමට සිය නෑන්ඩිය සොයා ගෙන ගියාය. නමුත් අයියාගේ නිවස සෝදිසි කළ පොලීසිය නෑනා පමණක් නොව අයිරාංගනිවද අත්අඩංගුවට ගනු ලැබිණි. අයිරංගනිව අත්අඩංගුවට ගැනිමට විරුද්ධව ඇගේ පුතුන් දෙදෙනා බලවත් ලෙස විරෝධය පලකල නමුත් ඉන් වැඩක් වුයේ නැත.

ඇගේ නිවසේ තිබි පොලීසියට කිසිවක් සොයා ගැනිමට නොහැකි විය. සියල්ල තිබුණේ නෑනාගේ නිවසේය. නමුත් අයිරංගනිට කුඩු මිලිග්‍රැමි 21 දමා ව්‍යාජ චෝදනා ගොනු කර ඇත. නැනාට කුඩු පැකටි දෙකක් දමා ඇත. නමුත් ඇය දවස් 14ක් රිමාණ්ඩිව සිට දඩයක් ගෙවා නිදහස්ව ගොස් ඇත.

පොලිස් ස්ථානයේදි ඇයට ලියුමි කවරයක ලාකඩ තියනලෙස පවසා ඇත. නමුත් එය ප්‍රතික්ෂේප කළවිට පොලිස්කාරයින් ඇගේ අත් වලට සහ පිටට පොල්ලකින් පහර දෙන ලදි. බන්ධනාගාර ඩිස්පැන්සරියෙන් ඛෙහෙත් ගත්ත නමුත් තවමත් හිසේ කැක්කුම පවතින බව ඇය පැමිණිලි කරන්නීය.



හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

පොලිසිය සුල්තාන්ගේ රෙද්ද ගලවයි..


 කාන්තා පොලිස් නිලධාරිනියන් ඉදිරියේ, නිරුවත් කොට, කුණු හරපයෙන් බැන, එම නිලධාරිනියන් සතු‍ටු කල අපේ පොලිස්මහත්වරු. මේන්න වීඩියෝ පටය නිකුත් උනා..

Friday, November 26, 2010

බංකරයේ බුදු පහන දැල්වූකොස්තාපල්ගේ කණ -පොලිස්පරීක්ෂක පලයි


බංකරයේ බුදු පහන දැල්වූපොලිස් කොස්තාපල් ගේ කණ පැලූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද අල්විස්, ඌව- සබරගමුව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ සහකාර තනතුරට පත්කරගෙන ඇත්තේඔහුට එරෙහිව වව්නියාව මහේස්ත්‍රාත් අධීකරණයේ අපරාධ නඩුව පවතීත් දිය. නඩුව පවරා ඇත්තේද වව්නියාවපොලිසිය මගින්ය. නඩු අංකය 56816/2009 වේ.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකල විමර්ශණයේ නිර්දේශයට අනුව - පො.ප.නිශාන්ත අල්විස් අපරාධය කල බවට නිගමනය කර තිබේ.එමෙන්ම
මානව හිමිකම් කොමිෂම, පොලිස් කොස්තාපල්ට රු: 10,000/= වන්දියක් ගෙවීමටද, ඔහුට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසටත් නියම කර තිබේ.
එසේ තිබියදී, ඌව- සබරගමුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, සිය සහකාර තනතුරට පො.ප.නිශාන්ත ද අල්විස්ව පත්කරගෙන ඇත.
සිද්ධිය සැකෙවින්:
පොලිස් කොස්තාපල් පී.ජී.ඩබ්.ජී.ජයරත්න, 37 හැවිරිදි විවාහකයෙකි. 2009.05.02 දින, වව්නියාව, මන්නාරම් පාරේ බංකරයක සේවය කර ඇත. සවස 6.00ට, සුපුරුදු පරිදි බංකරයේ බුදු පහණ පත්තු කරන විට, කැබ්රථයක් පැමිණ ඉදිරිපිට පාරේ නවතා තිබේ. ඔහු සිය ගිණී අවියද රැගෙන ඒ අසලටගොස් තිබේ.
එම රථයේ පො.ප.නිශාන්ත අල්විස් හා සහකාර පොලිස් අධිකාරී අතපත්තු සිට ඇත. පො.ප.නිශාන්ත අල්විස් වාහනයෙන් බැස පරක්කුවුනේ මොකදැයි අසා තිබේ. එවිට ඔහු බුදු පහන පත්තු කරමින් සිටිය නිසා යයි පවසා ඇත. එසැනින් පො.ප. නිශාන්ත අල්විස්, ජයරත්නගේ කණට වැරෙන් ගසා තිබේ.
මෙම අමානුෂික ක්‍රියාව ගැන පො.කො.ජයරත්න නිසි පරිදි තම ඉහළ නිළධාරීන්ට පැමිණිලි කලේය. මානව හිමිකම් කොමිෂමටද වාර්තා කලේය.
අධිකරණ වෛද්‍යවාර්තාව අනුව පො.කො.ජයරත්නගේ වම් කණේ පඨලය (Tympanic Membrane) පැලී තිබේ. එය දණ්ඩ නීති සංග්‍රහයට අනුව බරපතල තුවාල සිදුකිරීමකි.
මුලින් සදහන් කල පරිදි සිද්ධියට අදාලව පො.ප.නිශාන්ත අල්විස්ට එරෙහිව, වව්නියාව පොලිසිය,ව්විනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කරනු ලැබීය.
නඩු විභාගය ඇරඹී තිබේ. නඩුව මෙහෙයවන්නේ වව්නියාව පොලිසියයි. සිද්ධීය දුටු සාක්ෂිකරුවන් අධිකරණය මග හරින බවද පැවසේ.
අපරාධ චෝදනාවට ලක්ව ඇති පො.ප.නිශාන්ත අල්විස්, සිය නව තනතුරේ බලය උපයෝගී කරමින්, තමාට එරෙහිව පවතින අපරාධ නඩුව කඩා කප්පල් කිරීමට, පො.කො.ජයරත්නට බලපෑම් කරයි. ඔහුගේ දැනුමේ හැටියට වව්නියාව පොලිසිය නිසි පරිදි නඩුව මෙහෙයවන්නේද නැත.
මේ වන විට මානව හිමිකම් කොමිෂමේ නිර්දේශයවෙනස් කිරීමේ උත්සහායකද නිශාන්ත ද අල්විස් යෙදී තිබේ.
පොලිසියේ පහල නිළධාරීන්ට යුක්තිය ඉටු කරගන්න බැරි තත්වයක් පවතින බව පො.කො.ජයරත්න කියා සිටී.
මෙවන් සිද්ධියක් පහළ නිළධාරියෙකුගෙන් ඉහළ නිළධාරියෙකුට සිදුවූවානම් තත්වය කුමක්ද ? ඔහු විමසා සිටී.
රට ගොස් තිබෙන තැන අනුව - මේ නඩුව නීතිපති හෝ සොලිසිටර් ජනරාල්ගේ නිගමනයෙන්, වව්නියාව මහේස්ත්‍රාත් - චූදිත පො.ප.නිශාන්ත ද අල්විස් නිදොස්කොට නිදහස් නොකලොත් පුදුමයක් නොවේ.

නිල්මිණීගේ කතාව


 පහත කතාවද මත්ද්‍රව්‍ය නිසාම බිහිවුවකි. නිල්මිණි 23 හැවිරිදි එක් දරු මවක් වන අතර ගමිපහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. හෙරොයින් විකිණිම හේතුවෙන් ඇය පොලිස් අත්අඩංගුවට පත් විය. ඇය සිය අවුරුදු එක හාමාරක් පමණ වන දියණියද සමග සිරගෙදර මාස අටක පමණ කාලයක් ගත කළාය. දැන් ඇයට ඇප ලැබි ඇත.මේ ඇයගේ කතාවයි.

Wednesday, November 24, 2010

යු. ඒ සෝමාවති නඩුව සහ උසාවිය


වසර 07ක් තිස්සේ රිමාන්ඩි එකේ සිටින වසර 06ක් තිස්සේ නිදියන නීතිපතිත් ඉන්න නඩුව දැන් ඔබට මතක ඇතැයි සිතමි. අංකය 51443 වු මෙම නඩුවේ අවසානයට කතා කර ඇති දිනය 2010. 11. 16 දිනය. එදා නීතපති උපදෙස් සදහාත් රිමාණ්ඩි දිර්ඝ කිරිමත් සිදුව ඇත. නීතිපතිට යළි සිහිකැදවිමක් යැවිමටද නියෝග කෙරේ. ඊළග නඩු දිනය 2010. 11. 30 දිනය.

නඩුවේ කාර්ය සටහන් ගැනිමට මෝෂන් දැමිය යුතුය. ඒ සදහා 2010. 11. 18 දින යන්නට සිදුවිය. මොෂන් දැමිමෙන් අනතුරුව ඊළග දිනයේ එනමි 2010. 11. 19 දින සල්ලි බැදිමට එන ලෙස දන්වන ලදි. 19 දින උදේ දහයට සිල්ලි බැදිමට ගියෙමි. එහෙත් නඩු වාර්තාව පහල කාර්යාලයට ගෙන විත් නැති නිසා පැය භාගයක් පමණ බලා සිටින්නට සිදුවිය. එහෙත් අවසානයේ රෙජිස්ටාර් කිවේ පසුව එන ලෙසය. එවිට නැවත සවස එන බව දන්වා ආපසු පැමිණියෙමිි.

වැවේ කරගත යුතු බැවින් නැවත සවස 2.15ට උසාවියට ගියෙමි. එවිට සේවිකාවක් ප්‍රකාශ කළේ නඩු වාර්තාව අත්සනට යැවු බවයි. සල්ලි බදින කොට වෙිලාව සවස 3.45යි. කාර්ය සටහන් දෙන්න බදාදාට එනමි අද 2010. 11. 24 එන්න කිවිවා.

මෝෂන් එකෙන් සියලු වැඩිදුර වාර්තා, මුලික සාක්ෂි, සංදේශය, වෙනත් වාර්තා සහ 2006. 01. 23 දින කාර්ය සටහන් වලට අදාල චුදිත තැනැත්තිය බන්ධනාගාරය හරහා යොමු කළ ලිඛිත ආයාචනය සහ 2010. 11. 04 දිනෙන් පසු සියලුම කාර්යසටහන් වල ඡායාස්ත පිටපත් ඉල්ලුවත් ෆොටෝකොපි යන්ත්‍රය කැඩි ඇති බව ප්‍රකාශ විය. එවිට මෝෂමේ ඡයා පිටපත් යන්න සහතික කළ සත්‍යය පිටපතක් ලෙස වෙනස් කිරිමට සිදුවිය. තවද ඉල්ලා ඇති ලේඛන වලින් නඩු පොතේ ඇත්තේ 2010. 11. 04 දිනෙන් පසු කාර්ය සටහන් පමණක් බවද ප්‍රකාශ විණි.

අද දහවල් 2.30ට පමණ කාර්ය සටහන් ගන්නට ගියා. යන කොට ටයිප් කරලා නැහැ. පස්සේ බලන් ඉදලා හවස 3. 05ට පමණ එය ලබා ගත්තා.

සියල්ල සදහා දින තුනක් කාලයත් මුදලුත් වැය කිරිමට සිදුවිය.


හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.


දත් කුඩු හෙරොයින් කර උසාවියට දෙයි



වයලටි ද සිල්වා වයස අවුරුදු 58ක කාන්තාවකි. මාස 09ක පමණ කාලයක් තිස්සේ වැලිකඩ කාන්තා අංශයේ රිමාන්ඩි සිරකාරියකි. විවාහක කාන්තාවක් වන වයලටිගේ සැමියා මිට වසර 20කට පමණ පෙර මියගොස් ඇත.

ඇය රැකියාව ලෙස බෙලෙක් කඩේ පොලේ එළවලු වෙළදාමේ නිරත වුවාය. ඇය දිනක් කුලියට ගැනිම පිණිස කාමරයක් බැලිමට ගොස් ඇත. පාර මාරුවිමට ගියවිට ත්‍රිවිලරයක හැපි ඇත. එම ත්‍රිවිලරයේ පොලිස් රාළහාමිලා තිදෙනෙක් සිවිල් ඇදුමින් සිට ඇත.

එක් රාළහාමි කෙනෙක් එයිින් බැස කොහේද නාකිචිචියේ යන්නේ කියා අසමින් ඇයට කමිමුල් පාරක් ගසා ඇත. එවිට ඇයට ඉඛෙිටම මෙන් කියවුනේ මටත් ඔයා වගේ පුතෙක් ඉන්නවා යනුවෙනි. හොදටම මත්පැන් බි සිටි පොලිස් නිළධාරින් ඇයට කුනුහරුපෙන් බනින ලදි.

ඉන්පසුව ජිප් රථයක් ගෙන්වාගත් පොලිස් නිළධාරින් ඇයව එහි දමාගෙන අගුලානේ චෙක් පොයින්ටි එකට ගෙන යන ලදි. මෙම නිළධාරින් ඉතා නින්දිත ආකාරයට ඇයව සෝදිසි කර ඇත්තේ ආවරනයක්ද නොමැතිව ජිප් රථය තුළදිය. ඉළගට ඇයව රැගෙන යන ලද්දේ ගල්කිස්ස පොලිස් ස්ථානයටය. පොලිසියට යන අතරමගදි පොලිස්කාරයින් දත් කුඩු පැකටි එකක් ගෙන එය මිලිග්රැමි 18ක හෙරොයින් පැකටි එකක් ලෙස දමා එයට ඇගේ ඇගිලි සළකුණ ගෙන ඇත.

නිවරැදිකරුයි කිමට දැඩිව අධිටන් කරගෙන සිටින වයලටි ද සිල්වා මහත්මියට කිසිවකුගේ සහායක් මේ දක්වා ලැබි නොමැත. 






හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.