Friday, November 26, 2010

බංකරයේ බුදු පහන දැල්වූකොස්තාපල්ගේ කණ -පොලිස්පරීක්ෂක පලයි


බංකරයේ බුදු පහන දැල්වූපොලිස් කොස්තාපල් ගේ කණ පැලූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද අල්විස්, ඌව- සබරගමුව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ සහකාර තනතුරට පත්කරගෙන ඇත්තේඔහුට එරෙහිව වව්නියාව මහේස්ත්‍රාත් අධීකරණයේ අපරාධ නඩුව පවතීත් දිය. නඩුව පවරා ඇත්තේද වව්නියාවපොලිසිය මගින්ය. නඩු අංකය 56816/2009 වේ.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකල විමර්ශණයේ නිර්දේශයට අනුව - පො.ප.නිශාන්ත අල්විස් අපරාධය කල බවට නිගමනය කර තිබේ.එමෙන්ම
මානව හිමිකම් කොමිෂම, පොලිස් කොස්තාපල්ට රු: 10,000/= වන්දියක් ගෙවීමටද, ඔහුට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසටත් නියම කර තිබේ.
එසේ තිබියදී, ඌව- සබරගමුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, සිය සහකාර තනතුරට පො.ප.නිශාන්ත ද අල්විස්ව පත්කරගෙන ඇත.
සිද්ධිය සැකෙවින්:
පොලිස් කොස්තාපල් පී.ජී.ඩබ්.ජී.ජයරත්න, 37 හැවිරිදි විවාහකයෙකි. 2009.05.02 දින, වව්නියාව, මන්නාරම් පාරේ බංකරයක සේවය කර ඇත. සවස 6.00ට, සුපුරුදු පරිදි බංකරයේ බුදු පහණ පත්තු කරන විට, කැබ්රථයක් පැමිණ ඉදිරිපිට පාරේ නවතා තිබේ. ඔහු සිය ගිණී අවියද රැගෙන ඒ අසලටගොස් තිබේ.
එම රථයේ පො.ප.නිශාන්ත අල්විස් හා සහකාර පොලිස් අධිකාරී අතපත්තු සිට ඇත. පො.ප.නිශාන්ත අල්විස් වාහනයෙන් බැස පරක්කුවුනේ මොකදැයි අසා තිබේ. එවිට ඔහු බුදු පහන පත්තු කරමින් සිටිය නිසා යයි පවසා ඇත. එසැනින් පො.ප. නිශාන්ත අල්විස්, ජයරත්නගේ කණට වැරෙන් ගසා තිබේ.
මෙම අමානුෂික ක්‍රියාව ගැන පො.කො.ජයරත්න නිසි පරිදි තම ඉහළ නිළධාරීන්ට පැමිණිලි කලේය. මානව හිමිකම් කොමිෂමටද වාර්තා කලේය.
අධිකරණ වෛද්‍යවාර්තාව අනුව පො.කො.ජයරත්නගේ වම් කණේ පඨලය (Tympanic Membrane) පැලී තිබේ. එය දණ්ඩ නීති සංග්‍රහයට අනුව බරපතල තුවාල සිදුකිරීමකි.
මුලින් සදහන් කල පරිදි සිද්ධියට අදාලව පො.ප.නිශාන්ත අල්විස්ට එරෙහිව, වව්නියාව පොලිසිය,ව්විනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කරනු ලැබීය.
නඩු විභාගය ඇරඹී තිබේ. නඩුව මෙහෙයවන්නේ වව්නියාව පොලිසියයි. සිද්ධීය දුටු සාක්ෂිකරුවන් අධිකරණය මග හරින බවද පැවසේ.
අපරාධ චෝදනාවට ලක්ව ඇති පො.ප.නිශාන්ත අල්විස්, සිය නව තනතුරේ බලය උපයෝගී කරමින්, තමාට එරෙහිව පවතින අපරාධ නඩුව කඩා කප්පල් කිරීමට, පො.කො.ජයරත්නට බලපෑම් කරයි. ඔහුගේ දැනුමේ හැටියට වව්නියාව පොලිසිය නිසි පරිදි නඩුව මෙහෙයවන්නේද නැත.
මේ වන විට මානව හිමිකම් කොමිෂමේ නිර්දේශයවෙනස් කිරීමේ උත්සහායකද නිශාන්ත ද අල්විස් යෙදී තිබේ.
පොලිසියේ පහල නිළධාරීන්ට යුක්තිය ඉටු කරගන්න බැරි තත්වයක් පවතින බව පො.කො.ජයරත්න කියා සිටී.
මෙවන් සිද්ධියක් පහළ නිළධාරියෙකුගෙන් ඉහළ නිළධාරියෙකුට සිදුවූවානම් තත්වය කුමක්ද ? ඔහු විමසා සිටී.
රට ගොස් තිබෙන තැන අනුව - මේ නඩුව නීතිපති හෝ සොලිසිටර් ජනරාල්ගේ නිගමනයෙන්, වව්නියාව මහේස්ත්‍රාත් - චූදිත පො.ප.නිශාන්ත ද අල්විස් නිදොස්කොට නිදහස් නොකලොත් පුදුමයක් නොවේ.

No comments:

Post a Comment