Friday, November 19, 2010

ශරීර ඇප නැතුව අවුරුදු 04යි.





බාදුරකඩ විමල් වයස අවුරුදු 47යි. පදිංචිය හිරලුගොඩ බටදුව. ඔහුව සේවා ස්ථානයේ ඇති වු ආරවුලක් මත 2010 මැයි මස දිනක ගාල්ල බන්ධනාගාර ගත කරන ලදි.

ඔහු එචි වාටිටුවේ සිටියේ. ඒ ශාලාවේ ඉන්න පුලුවන් 150කට විතරයි. ඒ වුනාට 205ක් ඒ ශාලාවේ හිටියා. එක වැසිකිලියක් විතරයි තිබුනේ. ඒක හරිම අපිරිසිදුයි. ගොඩක් හිටියේ ශරිර ඇප ගෙවා ගන්න බැරි වු අයයි. විශාල වශයෙන් චර්ම රෝග වැලදුන අය හිටියා. හතිය හැදුන අයත් හිටියා. කොචිචර අමාරුවුනත් ලෙඩෙකුට දෙන්නේ පැනඩෝල් විතරයි. ඒකත් ගොඩක් සැරයක් ඉල්ලුවහම තමයි දෙන්නේ.

ඔහු ප්‍රකාශ කරන ආකාරයට ඉන්න සිරකරුවන්ට නිදා ගන්න ඉඩමදි. කටිටියක් නිදාගන්නකොට අනික්අය ඇහැරගෙන ඉන්නවා. නිදාගත්ත අය නැගිටිටාම නිදාගත්තේ නැති අය නිදාගන්නවා. නිදාගන්න පැදුරු ටිකයි තියෙන්නේ. වෙසක් පෝය දවසේ සිරකරුවන් සිල්ගන්නා ශාලාවෙි හරියට හිටියේ නැහැ කියලා නිළධාරියෙක් පොල්ලෙන් ඒ අයට ගැහුවා. පස්සේ අවිවේ පැයක් විතර දණගස්සලා තිබිබා. දෙන කෑම කන්න බැහැ. කෑම පෝලිමේ හරිියට හිටියේ නැති වුනත් නිළධාරින් පහර දෙනවා. රාත්‍රීයේ ඉන්න අය ගංජා බොනවා.

රිමාන්ඩි එකේ අයගෙන් වැඩ ගන්නවා. විමල්ද පිරුනු වැසිකිලි වලක් සුද්ද කර ඇත. අවුරුදු 04ක කාලයක සිට කෙනෙක් ඉන්නවා ශරීර ඇපයක් තියාගන්න බැරිව. 
ඔහු මෑතකදි රිමාණ්ඩි එකේ ඉන්න හිතවත් කෙනෙක් බලන්න ගියා. බලන්න තිබුන තැන ඉන්නේ නැතුව වෙන තැනක හිටගෙන හිටියා කියලා නළධාරියෙක් ඔහුට අඩගහලා බැන ඇත. පලයං බංකුවෙි වාඩිවෙලා හිටපන් නැත්නමි උඔවත් ඇතුලට දානවා කියලා නිළධාරියා ඔහුට තර්ජනයද කර ඇත.





හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

No comments:

Post a Comment