Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

එල්. ටි. ටි. ඊ සැකකරුවන් පමණක් නොවේ.


 බි. බි. සි සිංහල සේවාව වාර්තා කරන ආකාරයට එල්. ටි. ටි. ඊ සැකකරුවන් රැසක් වසර ගණනාවක සිට රිමාණ්ඩි එකේ සිටිති. මෙය දමිළයින්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවන අතර එසේ හුවාදැක්විමද සමාජය නොමග යැවිමකි.දිර්ඝ කාලයක් රිමාණ්ඩි කර සිටින සැකකරුවන් දිවයිනේ සැම බන්ධනාගාරයකින්ම පාහේ සොයා ගැනිම ඉතා අපහසු කරුණක් නොවෙි. ජේමිස්ව වසර 50ක් රිමාණ්ඩි එකේ සිටිම ඔබටත් මටත් අමතක කළ නොහැක. එමෙන්ම අපි එමිස් ගැනද දනිමු.

පහත දැක්වෙන උදාහරණ මගින් මෙය යමි ජාතියකට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවන බවත් එය පොදුවෙි නැති බැරි පිරිසකට බලපාන දෙයක් බවත් පෙනි යයි.යු. ඒ සෝමාවති 2003 ජුනි 26 සිට අද දක්වාම වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සැකකාරියකි. නඩු අංකය 51443 වේ. නඩු වාර්තාව අනුව රස පරික්ෂක වාර්තාව 1984දි නිකුත් කර ඇත. නඩුව නීතිපති උපදෙස් සදහා තබා ඇත. චෝදනාව හෙරොයින් විකිණිමය.

කේ. ආර් මල්ලිකා වයස අවුරුදු 55ක් වන හදවත් රෝගයකින් පෙලෙන වැලිකඩ බන්ධනාගාරයේ රිමාණ්ඩි සැකකාරියකි. වෝදනා හෙරොයින් අලෙවි කිරිමය. 2008.06.06 දින රිමාණ්ඩි කර ඇත. නඩු අංකය 2303 වෙි. අධිකරණය රස පරික්ෂක වාර්තා කැදවා ඇති නමුත් තවම ලැබි නැත.එමි. එචි ප්‍රේමවති මහත්මියගේ පුතා අවුරුදු 01යි මාස 10 ක් පුරා ගාල්ල බන්ධනාගාරයේ රිමාණ්ඩි කර ඇති සැකකරුවෙකි. ඔහු බරපතල මානසික ආබාධයකින් පෙලේ. චොදනාව හෙරොයින් විකිණිමය. නඩුව රස පරික්ෂක වාර්තා සදහා තබා ඇත.

එන්. ඩි අනුලාවති මාස 26ක් වැලිකඩ බන්ධනාගාරයේ රිමානිඩි කර සිට මිට ටිකකලකට පෙර නිදහස් විය. ඇගේ නඩු වාර්තාවට අනුව රස පරික්ෂක වාර්තා ගෙන්වා ගැනිමට අධිකරණයට 18 වතාවක් සිහිකැදවිමි කිරිමට සිදුවිය.මෙයට ප්‍රධාන හේතුව නඩු පමාවයි. එයට රාජ්‍යය ආයතන ගණනාවක අකාර්යක්ෂමබාවය හේතු වෙි. නමුත් මේ ඛෙදවාචකය ඇතැමි පිරිසකට ආශිර්වාදයක් වන බවද අප අමතක නොකල යුතුය.

එල්. ටි. ටි. ඊ සැකකරුවන් රැසැක් වසර ගණනාවක් රිමාන්ඩි බන්ධනාගාර ගතව සිටිම පිළිබදව අදහස් දක්වන අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ ඔවුන් ශ්‍රි ලංකාවේ ජාතික අභිලාශයට විරුද්ධව ක්‍රීයා කළ අය බවයි. එසේනමි ආතාවුද සෙනෙවිරත්න ගරු ඇමතිතුමනි ඔබ සොමවතිලා මල්ලිකාලා අනුලාවතිලා ගැන මෙකද කියන්නේ?


හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Posted by janasansadaya on 10:24 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for එල්. ටි. ටි. ඊ සැකකරුවන් පමණක් නොවේ.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison