Friday, November 12, 2010

සොනියාගේ සහය


හර්ෂි සි. පෙරේරා විසිනි






මිළ සරණාගත ප්‍රශ්නය විසදිමට ඉන්දිය සහය ලබා දෙන බව මාධ්‍යය වාර්තා කළේය. මෙි තත්වය දෙස අප ධනාත්මකව බැලිය යුතුය. සරණාගත කදවුරු වල දුක් විදින්නේ අපේම රටෙි අපේම සහෝදර ජනතාවය.
ඔවුන්ගේ ප්‍රශ්නය විසදිම මගින් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යයන්තරවද තිරණාත්මක වාසියක් රටට ලැබේ. සියලු දමිළ ජනතාව කොටින් බවට කරන හංවඩු ගැසිම අප එනමි සිංහලයින් දැන්වත් නතර කළ යුතුය. අපේ බුදු දහම අපට වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව කියා දෙයි . ඔබත් මමත් දමිළ ජනයාට මෛත්‍රී කළයුතුයැයි මෙයින් අදහස් නොවේ. නමුත් අපට පරණ තරහා අමතක කළ හැක. මෛත්‍රි කිරිම කෙසේවෙතත් පන්න පන්නා වෛර කිරිම නතර කළ හැක.

රට ගැන සිතිය යුතුය. රටේ සංවර්ධනය ගැන සිතිය යුතුය. එහෙත් තමන්ගේ රටෙ ජන කොටසක් කදවුරුවල දුක්විදිද්ද එවැනි සංවර්ධනයක් සමෘද්දියක් ගැන සිතිම කතා කිරිම ඔප්පු කරන්නේ දෙබිඩි පළිවෙතකි.
ජාතික හෝ ජත්‍යන්තර වශයෙන් හෝ වෙවා අපට ලැබෙන හොද දේවල් අප නොපිරිහෙලා ලබා ගත යුතුය. එහිදි ඒකේ අතිතය ගැන විමසිම යටගිය කුණුගොඩවල් හාරා ඇවිස්සිම අවාසිසහගත වන්නේ අපටමය. එබැවින් වර්තමානයේ ගතයුතු බුද්ධිමත්ම තිරණය දුරදිග බලා ධෛර්යෙන් යුතුව ගනිමු. අනාගතය ගැන එනමි එක් ජතියක් එක් දැක්මක් ඇති රටක් ආසියාවේ ආශ්චර්ය වු එම සුභ සිහිනය දකිමු.

ඉන්දියාව ඉතා වෙගයෙන් දියුණු වෙ. එවැන් රටක බුද්ධිය අත්දැකිමි සහ සමිපත් ප්‍රයෝජනයට ගෙන කදවුරුවල සිටින දමිළ ජනතාවට සහනයක් සලසාදිම ලැඡ්ඡාවට කරුණක් නොවේ.

No comments:

Post a Comment