Monday, November 22, 2010

රාජ්‍ය සේවකයින්ට හුළං. මර්වින්ලාට ජගුවාර්.



මධ්‍යය වාර්තා කළ ආකාරයට පසුගිය බදාදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී රජයේ සේවකයිනට අපේක්ෂිත වැටුප් වැඩි කිරීමට නොහැකි බව ජනාධිපති සෘජුවම ප්‍රකාශ කොට තිබේ. ජනාධිපතිවරයා පවසා තිඛෙන්නේ රජයේ සේවකයිනට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් කළ හොත් මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති අත්හැර දමන්නට සිදුවන බවයි. රජයේ සේවකයකුට මසකට රුපියල් 100 ක වැටුප් වැඩිවීමක් ලබාදුනහොත් ඒ සඳහා වසරකට රුපියල් කෝටි 140 ක් රජයට වැය කරන්නට සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහා මැතිවරණයේදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුනේ රජයේ සේවකයිනට රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි.

සියල්ල මෙසේ සිදුවෙද්දි අමාත්‍යවරුන්ට කොටි ගණන් වාහන ලැඛෙන බවටද අසන්නට ලැබේ. මේ එබන්දකි. මොහොතක් සිතන්න. මෙන්න මේ රටේ සාමාන්‍ය මිනිසුන් වන අපේ සෑබැ සුභ අනාගතය.

(ලංකා ඊ නිව්ස් 2010 නොවැ.20, ප.ව.7.00) මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා රුපියල් මිලියන 18.4 ක් (18,418,969.00) වටිනාකමකින් යුත් නවීනතම ජගුවාර් එක්ස් ජේ මෝටර් රථයක් මහාමාර්ග අමාත්‍යංශයේ මුදලින් ආනයනය කර ඇත. සෙත්සිරිපාය, බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යංශය නමින් ආනයනය කර තිඛෙන මෙම වාහනය තීරු බදු රහිතව ආනයනය කර ඇති නිසා අමාත්‍යංශයට වැයවී ඇත්තේ රුපියල් මිලියන 11.2 කි. (රු. 11,284,208.00)

No comments:

Post a Comment