Wednesday, November 17, 2010

කණ සපා කෑ ග්‍රාම නිලධාරීවරයා බේරාගැනීමට ප්‍රාදේශීය ලේකම්වරිය උත්සහා කරයි



2010. 11. 02 දින රාත්‍රී 9.30 පමණ එගොඩ උයන දකුණ, 555 කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී අරුණසිරි පීරිස් තමාගේ දකුණු කණ සපා කාකනේ කෑල්ලක්ම කඩා දමන ලද බවටපවසන 23යි හැවරිදි අතුරුගිරියගේ දොන් කුෂාන්ත දිනේෂ් කුමාරඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරිමට ගිය තම මව හා පියාව ප්‍රාදේශිය ලේකම්වරිය බැන පන්නා ගත් බව ප්‍රකාශ කරයි




දිනේෂ් කුමාර ප්‍රකාශ කරන පරිදි තම නිවස පිටුපස පදිංචිග්‍රාම නිලධාරී අරුණසිරි පීරිස්2010. 11. 02 දින ,රාත්‍රී 9.30 පමණ තමා හා පවුලේ උදවිය සමග ඇතිකරගත් ගැටුමක් ඇති වු බවත්ඒ අවස්ථාවේ ඔහු තමාගේ දකුණු කණ සපා කාකනේ කෑල්ලක්ම කඩා දමන ලද බව හාවම් අතේ ඇගිල්ලක්ද සපා කා තුවාල කරන ලද පව කියා සිටි.

ඔහු එදිනම (2 දිනරාත්‍රියේ පානදුර මූලික රෝහලට ඇතුලත්ව, 06 වාට්ටුවේ, 12 දින දහවල් දක්වා දින10ක් ප්‍රතිකාර ලැබ තිබේ.
මේ අතරඔහුගේ පියා හා මව සිද්ධිය අදාලව ලිඛිත පැමිණීල්ලක් ද සමග 2010. 11. 08 දින මොරටුව ප්‍රාදේශීය‍ ලේකම්වරිය මුණ ගැසී ඇයට එම ලිඛීත පැමිණීල්ල බාරදී ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලා ඇත.
ඔහු ප්‍රකාශ කරන පරිදි
� ප්‍රාදේශීය ලේකම්වරිය එය(ලිඛීත පැමිණීල්ල )කියවා බලාඅප සම්පූර්ණයෙන්ම වැරදි බවත්අප ග්‍රාම නිලධාරීවරයාට තුවාලකර ඇති බවත්ඇය ඔහුව බැලීමට ගිය බවත් පවසා මාගේ පියාට හා මවට චෝදනාකර බැණවැදී තිබේ.
ඒ අවස්තාවේ මාගේ පියා එම ග්‍රාම නිළධාරීවරයාගේ ක්‍රියාකලාපයත්ඔහු සේවය කර ඇති සෑම ස්ථානයකම ප්‍රශ්ණ ඇතිකරගෙන තිබෙන්නෙකු බවත්,එලෙසින්ම අප සමගද ප්‍රශ්ණ ඇති කරගන්නා බවත් පවසා සිටියදීප්‍රාදේශීය ලේකම්වරිය පවසා ඇත්තේ "හැම තැනම ප්‍රශ්ණ ඇතිවෙලා තියෙද්දි ඕගොල්ලොත් එහෙම කරන එක හරිද" යනුවෙනිඑමෙන්ම "ඕගොල්ලො පොලිසි ගිහින්නේ තියෙන්නේ පොලිසියෙන් පරීක්ෂණ කරයිනේ,ඕගොල්ලො දැන් යන්න" යනුවෙන් පවසා මාගේ මව හා පියාව එතැනින් පිටත්කර ඇතමේ සම්බන්ධයෙන් මැදිහත්ව රාජ්‍ය නිලධාරියෙකට නුසුදුසු අයුරින්,නීති විරෝධී ලෙස කටයතු කරනු ලැබූ එගොඩ උයන දකුණ 555 ,කොට්ඨා කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී අරුණසිරිපීරිස් නැමැත්තාට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත්,
එකී ග්‍රාම නිළධාරීවරයාට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රති‍ක්ෂේප කරමින්අපටම චෝදනා කරමින්එකී ග්‍රාම නිළධාරීවරයාව බේරා ගැනීමට කටයුතු කරන මොරටුව ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසටත්
අතුරුගිරියගේ දොන් කුෂාන්ත දිනේෂ් කුමාර ලිඛිතව රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු පිළීබද අමාත්‍යංශ‍යේලේකම්අධ්‍යක්ෂ ජෙනරාල් (ආයතන) ,අධ්‍යක්ෂ ජෙනරාල් (ඒකාබද්ධ සේවාහාදිසා ලේකම් වරයාගෙන් ඉල්ලා ඇත. ,

No comments:

Post a Comment