1989 නොවැම්බර් 12 දින උලපනේ ශාන්ත මේරි වත්තේදී සිවිල් ඇදුමින් සිටි හමුදා කණ්ඩායමක් විජේවීර අත්ඩංගුවට ගෙන, පසුදින එනම් 13 වන දින - කොළඹ කනත්තට රැගෙනවිත් වෙඩි තබා මරා, ආදාහනාගාරයට දමා සිරුර පුලුස්සා දමනු ලැබීය.
මෙම සිද්ධිය පිළීබදව අදටත් පරීක්ෂණයක් නැත. මේ ආකාරයට මරා දමන ලද අය දහස් ගණනකි.
71 දී ජනතා විමුක්ති පෙරමුණ දහස් ගණනක් අත්අඩංගුවට ගෙන මරා දමා සිරුර විනාශ කර දමන ලදි. එළි දරව්වූයේ කතරගම රූ රැජින ලෙසට නම් දැරූ මනම්පේරි ඝාතණය පමණි. එයද ජ.වි.පෙ. මැදිහත්වීමෙන් නොවේ.
වධහිංසා පැමිණවීම් ගැන, ස්ත්‍රී දූෂණ ගැන සෙවීමට බලකිරීමක් තබා ඉල්ලීමක්වත් විජේවීර ඇතුලු ජ.වි.පෙ.නායකයින් සූදානම් වූයේ නැත.
සිදු කළේ අප්‍රේල් විරුවන් සැමරීමේ ප්‍රචාරාත්මක උත්සව සංවිධානය කිරීමය. මිනිස් ඝාතන සිදු කළ පොලිසියට, හමුදාවට එරෙහිව වචනයක්වත් කතා කළේ නැත. ධනපති අධිරාජ්‍ය ගැති ආණ්ඩුවට බැනවදුනද, රාජ්‍යයට එරෙහිව කෙළ පිඩක් හෙලුවේ නැත. 88 – 89 සිද්ධිවලදී - 71 මෙන් සිව්ගුණයකටත් වඩා ජ.වි.පෙ ආධාරකරුවන්, නායකයින් පොලිසිය හා ත්‍රිවිධ හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ලැබුවන්, දින ගණනවාක් රදවා තබාගෙන, ඉතා කෲර වධහිංසාවට පත්කොට, මරා දමා සිරුරු පුලුස්සා බලු කපුටන්ට ආහාර පිණිස මහ පාරට දමන ලදි. ඇල දොල ගංගා වල පා කර හරිනු ලැබීය.
මේ සියල්ල ගැන වචනයක් කතා නොකල ජ.වි.පෙ.ඉතිරිවූ නායකයින්, ආධාරකරුවන්, සාමාජිකයින් - ආණ්ඩු බලයට හවුල් කරුවන්වූ විට, තම නායක විජේවීර ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටීමට තරම්වත් ශිෂ්ඨසම්පන්න වූයේ නැත. 71 දී නායක විජේවීර අනුගමනය කල පිළීවෙත , 88 – 89 දී නායක විජේවීර ගැනද අනුගමනය කිරීම එක අතකින් පුදුමයට හේතුවක් නොවේ. මෙය වත්මන් ජ.වි.පෙ කොතරම් නිවටද, බියගුලුද යන්න පමණක් නොව,කොතරම් ආත්මාර්ථකාමීද යන්න හා විරුවන් සමරමින් තම සගයින් රැවටීමද කොතරම් පිළීකුල් සහගතද ?
No comments:
Post a Comment