''President Rajapaksha continues his corrupted ruling without any challenge. He has been doing this throughout his regime, in order to bring all most all Sate Institutions under his control. However, the Sri Lankan Police have taken the maximum use from this point/corner. The story of Anusha Sudarshani, a victim of domestic violence, is a good example for this. Most people who had undergone these types of pressures, very often write to the president, because of the widespread myth they have that they could find relief from him. Still majority are strangled in this manner, because of the launching of massive publicity which says that he is a good person, however they do not understand the truth. Another thing that we cannot forget is that this corrupted situation gives ways and opens space to another group of people to fulfill their wish and enjoy the luck.''

Dailyvideo

මතුගම HQI පොල්ලකින් ගසාපියදාස ගේ අග කඩයි



තුවක්කුඉල්ලාපහරදිකසිප්පුවලටනඩුදමයි. කසිප්පුඇල්ලුබවපත්තරවලටදාන්න ‍ ‍‍ෙෆාටෝකාරයෙක්ගෙන්නලාරඟපාල...... මතුගමHQI තිතට මත තියන හැටි පෙන්වයි........
මිතුරුගම පාර, මලබොඩ, දොඩංගොඩ. පදිංචි කොළඹ ආරච්චිගේ පියදාස,57හැවරි දි ව්‍යපාරිකයෙකි. .යි, විවාහකයෙකි, දරුවන් 07කු ගේ පියෙක්.
පියදාස සිද්ධිය විස්තර කරන්නේ මෙසේය..
2010. 10. 15 දින උදේ 5.30ට, මාගේ නිවසේ ඉදිරිපස දොරට යමෙකු තට්ටුකලා. මා දොර ඇර බැලුවා.එවිට සිවිල් ඇදගත්තු තරුණයෙක්, මෙහාට එන්න කියා "ත්‍රීවිල් එකකට කෝල් එකක් දුන්නේ කවුද "කියා ඇසුවා. මම කිව්වා වැරදිලා වෙන්න ඇති කියා. එවිට පිටුපසින් පැමිණි දෙන්නෙක් "පොඩි පුතා මුදලාලි කියන්නේ තමුසෙද" කියා මගෙන් ඇසුවා.
මම "ඔව්" කිව්වා. "එහෙනම් මෙහෙ එනවා පොඩ්ඩක්" කියා අඩ ගැසුවා. ඒ සමගම "මම මතුගම පොලිසියෙන් " කිව්වා. මම ඉදිරියට ගියා. මට ඔවුන් පැමණ සිටි ත්‍රීවල් එකේ නගින්න කිව්වා. මම බියවී නැග්ගා. ත්‍රීවල් එක පදවපු ඩ්‍රයිවර් එක්ක හතරදෙනෙක් හිටියා. සිවිල් ඇදුමින් ඒ අය සිටියේ. මාව ගේ නොපෙනෙන දුරට ත්‍රීවිල් එක ගෙනත් නැවැත්වූවා. මට බැහැපන් කිව්වා. මම බහින කොටම පයින් ගැහුවා. මාව වැටුනා. වැටුනට පස්සේ මාව පෑගුවා. මාව පාගගෙන "උඹේ තුවක්කුව දියන්" කිව්වා. මම කිව්වා මා ලග තුවක්කු නෑ කියා. ඒ වෙලාවේ මගේ තුනටියට පයින් ගහගෙන ගහගෙන ගියා. පයින් වළලුකර පෑගුවා. එහෙම ගහනකොට "උඹ මාව දන්නවාද මම මතුගම HQI" කිව්වා. එහෙම ගහනකොට කෝල් එකක් ආවා. මට ආයිත් "නැගපන්" කියා නග්ගාගෙන - යටදොල අරගෙන ගියා. එසේ ගෙන ගියේ, මතුගම පොලිසියේ දහදෙනෙක් විතර හිටපු තැනකට. එම නිලධාරීන්කසිප්පු පෙරන මිනිහෙක්ව අල්ලාගෙන හිටියා. මතුගම පොලිසියේ HQI යන අය ඒ මිනිහාගෙන් ඇහුවා "උඹ මූව අදුරනවාද "කියා. ඒ මිනිහා "ඔව්" කිව්වා. මම එම පුද්ගලයාව අදුරනවා. ඔහුගේ නම මුනියන්ඩි සංකර්. ඒ සමගම පාරේ අයිනේ තිබුන පොල්ලක් රැගෙන මට ගහගෙන ගහගෙන ගියා. වැඩි පුරම ගැහුවේ තුනටියට. මට ගහනකොට දිගටම තුවක්කුවක් දියන් කිව්වා. මා ලග නැති බව කිව්වත් ඇහුවේ නැහැ. දිගටම ගැහුවා.�
ඒ අතර, මතුගම පොලිසියේ එතන සිටි නිලධාරීන් මුනියන්ඩි සංකර්ව රැගෙන කැලයට ගියා, කසිප්පු හොයන්න.HQI හා තවත් දෙන්නෙක් මාව පාරේ ත්‍රීවිල් එකක් ලග තියාගෙන හිටියා. මුනියන්ඩි සංකර්ව ගෙනගිය පොලිසියේ අය බැරල් 2ක්, ප්ලාස්ටික් කෑන් 03ක් ගෙන ආවා. HQI මහත්තයා මතුගම පොලිසියට කෝල් එකක් දීලා කිව්වා ‍‍පොටෝ කාරයෙක් ගේන්න කියා.
පොටෝ කාරයෙක් ආවාට පස්සේ බැරල් එකක් ගලකට ඇල කරලා තියලා - කොල රොඩු එකතු කරලා ගිණි තිබ්බා. මාව හා මුනියන්ඩි සංකර්ව දෙපැත්තෙන් තිබ්බා. එහෙම තියලා පොටෝ ගත්තා.�
මේ වන විට උදේ 8.30 පමණ වුනා. මාගේ පුතා තිලකරත්න, කොස්ගහකන්ද රජයේ වත්තේ කිරි එකතු කරන්න ට්‍රැක්ටරය පදවාගෙන ගියා. එය නවත්වලා අල්ලපු කසිප්පු බැරල්, කෑන් දාගන්න කිව්වා. ඔහු කිව්වා පරක්කු වුනොත් කිරි මිදෙනාව, ඒ නිසා බැහැ කියලා. එවිට HQI මහත්තයා ඔහුට සැරකර, ට්‍රැක්ටරය හරවා - බැරල්, කෑන් හා මාව මුනියන්ඩිව එයට නැග්ගුවා.
HQI මහත්තයා හා අනෙක් අය ජීප් එකේ හා ත්‍රීවිල් එකේ නැග්ගා.
මතුගම පොලසිය ගෙන ආවාට පස්සේ මාව හා මුනියන්ඩි සංකර්ව කූඩුවට දැම්මා.
මේ අතර, මාගේ බිරිද ඇතලු ගෙදර අය මාව බලන්න ආවා.
එදින රාත්‍රියේ පොලිස් කූඩුවේ හිටියා. ඊට පසුදා (16දා) සවස 4 වෙනතුරු කූඩුවේ සිටියා. එහෙම පොලිස් නිළධෘරීන් දෙන්නෙක් පැමිණ උඹට HQI මහත්තයා පාරවල් දෙකතුනක් ගහලා තියෙනවා. ඒක හිංදා, දොස්තර ‍කෙනෙක් ලගට දාලා උඹලට ඇප දෙන්න යවයි කිව්වා.
අපි දෙන්නාව ජීප් එකේ දාගෙන,වෑත්තෑව රෝහලට ගෙන යන්න ලැහැස්ති කලා. අපිව ගෙනගිය දෙන්නා කිව්වා ගහපු බව කියන්න එපා, සද්ද නැතුව හිටපන්දැන් ඇප දෙනවා කිව්වා.
වෑත්තෑව රෝහලට ගෙන ගිය පසුව, එහි දොස්තර මහත්තයා ලගට අපිව ගෙන ගියා. පොලිසියේ දෙන්නා දොස්තර මහත්තයා ලගට පෝරම දෙකක් ගෙන ගොස් එහි මොනවද ලියා ගත්තා. දොස්තර මහත්තයා අපිව බැලුවෙ නැහැ. අඩුතරමින් නමවත් ඇහුවේ නැහැ.
ඊ‍ට පස්සේ ආපහු පොලිසියට ගෙන ආවා. මුනියන්ඩි සංකර්ව නැවත කූඩුවට දැම්මා. මාව පාන්තියේ නඩුකාර උන්නන්සේගේ බංගලාවට ගෙන ගියා. මාව නඩුකාර උන්නාන්සේගේ බංගලාවට ගෙනයන කොට, මාගේ බිරිද හා පුතා නීතිඥ නල්ලපෙරුම මහතා සමග එහි සිටියා.
නීතිඥ නල්ලපෙරුම මහතා මට මතුගම පොලිසියෙන් ගහලා තියෙන බව කිව්වා. මාව ශරීර ඇප දෙකක් හා රැ:50,000/=ක ඇපයක් මත මුදාහැරියා.
මම ගෙදර ආවා. මාහට HQI මහත්තයා ගහපු පාරට මාගේ වම් අත ඉදිමී තිබුනා. පසුවදා (17 දින) මා තුඩුගල හංදියේ ආයුර්වේද වෛද්‍යඅබේරත්න රත්නායක වෙද මහතා ලගට ගියා.
ඒ මහතා, නාගොඩ ෆැමිලි කෙයාර් රෝහලෙන් x රේ එකක් ගන්න කිව්වා. x රේ එක අනුව මාගේ අත කැඩිලා බව එතනදී කිව්වා. වෙදමහත්තයා මට කියා තිබුනා අත කැඩිලා නම් නාගොඩ මහා රෝහලට යන්න කියා.
මම නීතිඥ නල්ලපෙරුම මහතාව හමුවෙලා කාරණය කිව්වා. ඒ මහතා මට උපදෙස් දුන්නා 18 වෙනිදා ඇප මුදල් බදින්න පොරොන්දු වෙලා තියෙන හින්දා පුලුවන්නම් ඉස්සෙල්ලා 18 වෙනිදා වෙනකම් ඉවසලා ඉන්න කියා.
මම වේදනාව නැතිවෙන්න ෆාමසියෙන් බෙහෙත් අරගෙන 18 වෙනිදා මතුගම උසාවියට ගියා. මතුගම පොලිසියෙන් ආවේ හවස් වෙලා. නීතිඥ නල්ලපෙරුම මහතා, මට මතුගම පොලිසියෙන් ගහලා තියෙන බව නඩුකාර උන්නාන්සෙට කිව්වා. මගේ අතද පෙන්වා සිටියා.
මට විරුද්ධව කසිප්පු ලග තබා ගැනීම, විකිණීම ආදී බොරු චෝදනා නගා තිබුනා.
ඇප මුදල් බැදීමෙන්පසුව, මා නාගොඩ මහා රෝහලට ආවා. මාව 11 වාට්ටුවට ඇතුලත් කලා. මා රෝහලේදී මට මතුගම පොලසියේ HQI පහරදුන් බව ප්‍රකාශ කලා. වාට්ටුවෙන් 20 වනදා සාත්තුසේවක මහතකු සමග රෝහල් පොලිසියට යැව්වා. රෝහල් පොලිසියෙන් මගෙන් ප්‍රකාශයක් ගත්තේ නැහැ. ඊට පස්සේ අධීකරණ වෛද්‍ය නිළධාරී මහතා මාව පරීක්ෂා කලා. ප්‍රකාශයක් ගත්තා. මගේ ටිකට් කපපු දිනය 2010.10.1 9 ලෙසට සදහන්වුවත්, මා රෝහලෙන් පිටවුනේ 2010. 10. 20දිනයි.
තමාට පහරදුන්නේ මතුගම පොලිසියේ HQIහෙවත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වන උදය කුමාර බව පවසන ඔහුනීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගැනීම, අමානුෂීක ලෙසට පහරදීම,බරපතල තුවාල සිදුකිරීම, අවමන් සහගත සැලකිලිවලට භාජණය කිරීම සහ ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම සම්බන්ධයෙන්උදය කුමාර යන අයට එරෙහිව නීත්‍යානුකූල හා විනයානුකල පියවර ගන්නා ලෙසටඉල්ලා සිටි.
පිසදාස සිද්ධිය ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිටසහ කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට ගිඛිතව පැමිණිලි කර ඇත. 



ජනසංසදය විසිනි 

Posted by janasansadaya on 2:46 PM. Filed under , , , . You can follow any responses to this entry through the RSS 2.0

2 ලිපිය පිලිබඳ අදහස් for මතුගම HQI පොල්ලකින් ගසාපියදාස ගේ අග කඩයි

  1. Anonymous

    හෙන ගහනවා ඔය තිරිසනුන්ට,ඔකුන් කරන්නෙම ඔය වගෙ පහාර වඩමයි

  2. බ්ලොග් එකක තියන තොරතුරු වලින් විතරක් අපිට හරි කවුද වැරදි කවුද කියලා තීරනය කරන්න බෑ. ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ කියලත් කියමනක් තියනවනෙ. පොලිසිය විසින් නීතිය අතට ගන්න එක සහ හොයා බැලීමකින් තොරව කාට හෝ පහර දෙන එක මම අනුමත කරන්නෙ නෑකිසිසේත්ම. මොකද ඊලඟට ඔය පහර දීමට ලක් වෙන්නෙ මම වෙන්න පුලුවන් බව මම දන්න නිසා. ඒත් කොහොම වුනත් කසිප්පු කාරයන්ට නම් ගැහුවත් කමක් නෑ කියල මට හිතෙනවා ඔවුන්ගෙන් සමාජයට වෙන හානියත් මම දන්න නිසා. සමහර විට උන්ට දඬුවම් ලැබෙන එකම ස්ථානය පොලිසිය විතරක් වෙන්න පුලුවන්. මේව ඉක්මන් තීරන වලට එලඹීමට පෙර ගැඹුරින් සිතා බැලිය යුතු දේවල්.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison