Wednesday, November 17, 2010

යු. ඒ. සෝමාවති අවුරුදු 07ක් තිස්සේ රිමාන්ඩි. වගකිවයුත්තන් බුදි.



මොරටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය සෝමාවති අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ 2003.02.28 වැනි දිනය. පොලිසියේ චෝදනාව හෙරොයින් මිලි ග්රැමි 1100ක් ලග තබා ගැනිම හා හෙරොයින් මිලිග්‍රෑම් 100ක් මුදලට විකිණිමය. මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තවමත් ඇසෙමින් පවතින මෙම නඩුවේ අංකය 51443 වේ. ඇය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තවමත් රිමාන්ඩි සැකකාරියකි. සිර අංකය 333ය.


2003. 06. 27 දින අධිකරණය විසින් රස පරීක්ෂක වාර්තා කැදවිමට නොතිසි නිකුත්කර ඇත. අධිකරණයට එම වාර්ථාව ලැබිි ඇත්තේ 2004.12.13 වැනි දිනය. එයට අනුව පළවන පැකටිටුවේ කුඩු මිලි ග්රැමි 25ක්ද දෙවන පැකටිටුවේ මිලි ග්රැමි 228ක්ද තිබි ඇත.



ඊළගට මොකද වුනේ? 2004.12.27 දින නඩුව නිතිපති උපදෙස් සදහා තබා ඇත. 2010.11.16 දිනට 64 වාරයක් නිතිපති උපදෙස් සදහා නඩුව කල්ගොස් ඇත. එයට එනමි නිතිපතිගේ ඇදහිය නොහැකි නඩු පමාව අවුරුදු 06කට ආසන්නය.2006.01.23 දින සෝමාවති වැලිකඩ බන්ධනාගාරය මගින් ආයාචනයක් ඉදිරිපත් කරමින් ඇයට සහනයක් ලබා දෙන ලෙස ආයාචනයක්ද කර ඇත.



අපේ රට මහ ලොකුවට කතා කරන ජනප්‍රීය මාතෘකා නමි එල් ටි ටි ඊ සැකකරුවන් හා ෆොන්සේකා මහතාය. ඊට අමතරව අද දින ජනාධිපතිගේ විශේෂ සමාවක් ලැබ මිනිමැරුමි චොදනාවකට වරදකරුව ජිවිතාන්තය දක්වා සිරදඩුවමි විදිමින් සිටි රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ නිදහස ලැබිය. මේ දෑස් කන් සහ හදවත් සෝමාවතිලා දෙසට යොමු නොවන්නේ ඇයි?



ඊළගට පිටරටින් කොටි ගණන් උපයන මාතෘකාව නඩු පමාවයි. එයින් එක් අයෙක් පිඩා විදිනවිට බෝහෝ දෙනෙක් යැපෙති.කෙසේනමුත් වසර 07කට වැඩිය රිමාන්ඩි එකේ සිටින සෝමාවතිට අනිවාර්යෙන් යුක්තිය ඉටුවිය යුතුය




හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.


No comments:

Post a Comment