Monday, November 12, 2018

ළමා අපයෝජක ගුරෙක් රකින්නට දැරියක් බිල්ලට ගනී.



විකෘති ආශාවන්ගෙන් පෙළෙන ගුරෙක් රැක ගන්නට 15 හැවිරිදි දැරියකගේ ජීවිතය විනාශ කළ ගුරුවරු, විදුහල්පතිවරු ප‍්‍රමුඛ ළමා ආරක්ෂකයින් පිළිබඳ කථාව.

ඇය රත්නපුර කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ දහවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී, ඇගේ පාසල් දිවිය අහිමි කර, ඉන් අනතුරුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂකයින් යොදවාගෙන, පොලීසිය ද, හවුල් කරගෙන, ඇගේ චරිතය ඝාතනය කර, මේ වන විට මහ මගට ඇද දමා තිබේ.

අද බහුතරයක් දරුවන් අපයෝජනයට ලක් කරන්නේ, ගුරුවරු, හාමුදුරුවරු හා පූජකයයින් ය.

නමුත් මෙම සැබෑ තත්ත්වය යටපත් කර, "ළමා අපයෝජන” ගැන කථා කරමින්, දේශන තබමින්, තම බඩගෝස්තරය රැක ගන්නා ඊනියා සිවිල් සමාජය නියෝජනය කරන බවට පෙනී සිටින කුලී කරුවන් නිදි වදින්නේ පාසැලේ නම රැක දීමටය.

කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ 6 වසර සිට ඉගෙන ගත් මැයගේ, පාසල් දිවිය අවසන් කර ඇත්තේ රටේ සියලූ නීති රීති උල්ලංඝණය කරමින්ය. එ් අපයෝජකයා බේරා ගැනීමට ය.

දුප්පත්කම උරුම කරගත් බහුතරයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත. එය ඊනියා සිවිල් සමාජයට, හැමදාම ඡන්ද දායකයන් අලෙවි කරන දේශපාලකයන්ට, ඉවක් බවක් නැතිව හොරකම් කරන නීතිඥයන්ට, අන් අයගෙන් යැපෙන පූජක පරම්පරාවට අයිති වදනක් පමණි.

විදේශ රටවල ළමුන්ගේ කථා, අසන්නන් ගේ, දෙනෙතට කඳු`ඵ උනන්නට කියන්නට සමත්, මහා ඇදුරන්ට මේ කථා, ගෝචර නොවන්ටෙනේ නැත. 

මේ දැරිය සුජාත ද? මරියා ද? අය්ෂා ද? යන්න කියන්නට නම් නොදනී. 

ඇයව " X "  ලෙස ද මව "Y" ලෙස ද හඳුන්වමු.

කියවන්න,  මානව හිමිකම් කොමිෂන් සභාව, නීතිපති, පොලිස්පති,ළමා ආරක්ෂක අධිකාරිය,     සහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය වෙත යොමු කල '' Y " මවගේ.පැමිණිල්ලට:-  


   පාසල් දිවිය අහෝසි කිරීම, ලිංගික අතවර, චරිත ඝාතණය හා ව්‍යාජ නඩු දැමීම මගින් ජීවිත විනාශ කිරීම.

මව Y -----, අවු: 50යි, විවාහක, දරුවන් 05 යි, රැුකියාව : තේ ද`ඵ කැඞීම.

2018.11.05 දිනදීය. 

දුව X -------- , අවු: 15 යි,--------------.

මාගේ දුවට එරෙහිව, නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් වරයා විසින් යම් පුද්ගලයින්ගේ අවශ්‍යතාවයට යටවී, එ්ක පාර්ශවික, ඊණීයා පරීක්ෂණ මගින්, පොලිසිය උපයෝගී කරගෙන, නඩු දැමීමත්, ජීවිතය විනාශ කර දැමීමටත් පියවර ගෙන තිබේ.

මේ නීති විරෝධී, අපරාධ ක‍්‍රියාවන් වහාම නවත්වා, අවු: 15 ක් වන දැරිවියකගේ ජීවිතය බේරා දෙන ලෙසට ඉල්ලා සිටිම.

මේ සිද්ධිය අදාලව, දැනට රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණ නඩුවක් පවතී. එය පවරා ඇත්තේ, නිවිතිගල පොලිසිය මගින්ය.

එම නඩුව මගින්, මාගේ 15 හැවිරිදි දියණියව, රත්නපුර මහා රෝහලට යොමු කර, වෛද්‍ය පරීක්ෂණ පවත්වා, දඩි මානසික හා ශාරීරික පීඩාවන්ට පත්කර ඇත.

මෙම තත්වයට වගකිවයුත්තේ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම්වරයා හා එහි සේවය කරන ඉෂානි නැමැති නිලධාරිණිය හා තවත් තැනැත්තියකි.  

ඔවුන්ගේ නම් හා තනතුරු දන්වා නැත. ලිඛිතව කිසිදු දෙයක් දන්වා නැත. දුටුවොත් අඳුරන්න පුලූවන්.

මෙම අපරාධයට පසුබිම සැකෙවින් මෙසේය.
01. මාගේ දියණීය 06 වසර සිට 2018 ජූනි මස දී, බලහත්කාරයෙන් අස්කර දමන තෙක්, ර/කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබීය.

02. 2017 අවුරුද්දේ, මාගේ දියණිය ඉගෙන ගත්තේ, 9 වසර පංතියේය. 

03. එහි පංති භාර ගුරුවරයා වූයේ ඉංග‍්‍රීසි විෂය උගන්වන සමීර චතුරංග නැමැති ගුරුවරයාය.

04. එම ගුරුවරයා, පංතියේ ඉගැන්වීමට වඩා කලේ, තෝරාගත් ගෑණු ළමයකු ළඟට ගෙන්වා ගෙන කතා කරමින් සිටීමය.

05. මේසය මත වාඩි වී, ළමුන්ට උඹ තෝ කියා ආමන්ත‍්‍රණය කරන මොහු, ගැහැණූ ළමුන්ට චෝක් කෑලි වලින් ගැසීම, චෝක් වලින් අත්වල ඇඳීම ආදී, සිදු කරන අනවශ්‍ය බලපෑම් වලට, මාගේ දියණියගේ ප‍්‍රතිචාරයන් මොහුට හිතකර නොවීය.

තවද මෙම ගුරුවරයා පිරිමි ළමුන් ගණනාවකගෙන් ගුටි කා ඇති බවද මෙහිදී සඳහන් කරමි.

06.මෙම වාතාවරණය යටතේ,

2017 මැයි මස 04 වන දින, මාගේ දියණිය ඇතුලූ සිසුන් පස්දෙනෙකුව වෙසක් කාඞ් විකිණීම සඳහා, පාසල් කාලයේ, කලවාන හා පෑබොටුව ප‍්‍රදේශයේ පාසල්වලට, මග දෙපසට හා බස්වලට යවා ඇත.

07. සෙසු ළමුන්ව, පංතියේ වෙසක් සැරසිලි වලින් අලංකාර කිරීමට යොමුකර තිබිණ.

08. මාගේ දියණිය ඇතුලූ පිරිස යළි පාසලට පැමිණ ඇත්තේ, පස්වරු 1.05 ට පමණි.

09. මා එදින, මාගේ බාල පුතා ගේ පංති රැුස්වීමට යන අතර, දුව බැලීමට ගියේ, මාගේ මුදල් පිළිබඳ ගැටලූවක් ගැන විමසීමටය.

10. මා, පාසල් ගේට්ටුව අසල සිටිනු දකින ලද මාගේ දියණිය, මා ළඟට පැමිණ කාරණය විමසා, ඇය ළඟ තිබූ ජංගම දුරකථනය මා අතට පත් කළේය.

11. මේ සිද්ධිය  දුටු සිසුවෙක්, එය සමීර චතුරංග නම් පංති බාර ගුරුවරයාට එ් අවස්ථාවේදීම පවසා තිබිණ.

12. ඔහු, සමීර චතුරංග නම් ගුරුවරයා, මාගේ දියණියව කැඳවා, ඇග් කම්මුලට ඇගිලි පහ සිටින්නට පහර දී, ෆෝන් එක ගෙනත් දීපන් යයි කියා, ළමයෙක්ව මාව සෙවීමට යවා ඇත.

13. ඉන්පසු මෙම ගුරුවරයා, මාගේ දියණියව, විදුහල්පති මහින්ද බාලසූරිය ගේ කාර්යාලයට ගෙන ගොස්, විදුහල්පතිට කාරණය කියා, නැවත ඇයව පංතියට ගෙනවිත්, ලියුමක් ලියවාගෙන ඇත.
ඉන්පසු, පසුදින මා සමග පාසලට එන ලෙසට දැනුම් දී තිබේ.

14. නමුත් පසු දින, (2017.05.05)  මට, අනිවාර්යයෙන් තේ ද`ඵ කැඞීමට යන්න සිදුවීම නිසා, පාසලට යාමට නොහැකි විය. 

මා නොමැතිව, දියණියද පාසලට යෑමට බැහැ කියන ලද්දේ මේ ගුරුවරයාගේ පහරකෑම් වලට ලක්වීමට සිදුවන නිසාය.

15. එයට පසුදිනක, මා විද්‍යාලයට ගොස් විදුහල්පති මහින්ද බාලසූරිය හුමුවූ විට, ඔහු කියා සිටියේ දියණියව පංතියට ගන්නවාට සමීර චතුරංග ගුරුවරයා විරුද්ධ බවයි.

16. සමීර චතුරංග ගුරුවරයා විරුද්ධ නිසා, සෙසු පංතිවල ගුරුවරුද, දියණියව ඔවුන්ගේ පංති වලට ගන්න කැමැති නැති බව කියා සිටියා.

17. එම තත්වය තුල වෙනත් පාසලක් හොයාගෙන එන්න යයි මට කිව්වා. 

18. මම ර/යද්දෙහිවත්ත විදුහලට ගොස් කාරණය කියා, දියණියව එම පාසලට ගන්න එකඟ කරවා ගත්තා.

19. දින දෙකකට පසුව, ර/කරවිට මධ්‍ය මහා විදුහලේ විදුහල්පති මහින්ද බාලසූරිය, දියණියව ගන්න එපා යයි කිව්ව බවත්, දියණියට ප්‍රේම සම්බන්ධයක් තියෙන බවත්, තමාට කිව්ව බව 
ර/ යද්දේහිවත්ත විදුහලේ විදුහල්පති කිව්වා. 

ඔහු උපදෙස් දුන්නා ප‍්‍රමාද නොවී, කලාප කාර්යාලයට ගොස් කාරණය කියන්න කියා.

20. එ් අනුව මම කලාප කාර්යාලයට ගොස් කාරණය කිව්වා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය, විදුහල්පතිට එසේ කළ නොහැකි බව පවසා, නියම කලා මාගේ දියණියව යළි පාසලට ගන්න කියා.

21. එ් අනුව දියණියට වධ දී, පාසලට ඇතුලත් කර ගත්තා. කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමියගේ නියමය පරිදි, පාසලට ගිය පළමු දිනයේ, මු`ඵ දවසේම විදුහල්පති මහින්ද බාලසූරිය දියණියව පංතියට යවන්නේ නැතුව, කාර්යාලයේ හිටගෙන සිටින්නට නියම කර තිබුනා. 

22. දියණියව පංතියට ගත්තද, ඇයට දිගටම කෙනෙහිලිකම් කර තිබුනා. ඇය සමග කතා කරන්නට අනෙක් ළමුන්ට තහනම් කරලා තිබුනා. ඇයව, වෙනම වාඩි කරවලා තිබුනා. ඇගේ අභ්‍යාස පොත් බලන එක නවත්වලා තිබුනා.

23. කෙසේ වෙතත් ඇය, එම වසර අසීරුවෙන් ගත කරලා, 2018 දී 10 වසරට සමත් වුනා.

24. 2018 දී ඇයට, 10 වසරට ඇතුලත්ව, ජනවාරි මාසයේ හොඳින් ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට ඉඩ ලැබී තිබුනා.

25. 2018 පෙබරවාරි මස, සිසුන්ව නිවාසාන්තර මළල ක‍්‍රීඩා උත්සවයට පුහුණුව සඳහා යොමු කලා. එ් අවස්ථාවේ, ඇයව අයත් වූයේ ඇයට අඩත්තේට්ටම් කල සමීර චතුරංග කියන ගුරුවරයා ද අයත් නිවාසයට.

26. මෙම සමීර චතුරංග කියන ගුරුවරයා, සෙසු ගුරුවරු ගුරුවරියන් හා එක්ව, මාගේ දියණියව තෝරා ගෙන තිබියදීත්, තෝරාගත් ඉසව් වලින් නම කපා, ඇයට තරඟ වලට සහභාගී වන්නට ඉඩ දුන්නේ නැහැ. ඇය මීට පෙර නිවාසාන්තර ක‍්‍රීඩා වලට ඉදිරිපත්ව සහතික ගත් අයෙකි.

27. මෙම පසුබිම යටතේ, වෙනත් ළමයකු අඩු වීම හේතුවෙන්, ඇයව නිවාසයේ මැරතන් තරඟයට සහභාගී කරවීමට එම ගුරුවර ගුරුවරියන් පියවර ගෙන, ඇයව වෛද්‍ය පරීක්ෂණ වලට සහභාගී කරවා, නිවාසයේ මැරතන් තරඟයට ඇතුලත් කරනු ලැබුවා.

28. එම නිසා ඇය, 2018 පෙබරවාරි 06 දින තිබූ මැරතන් තරඟයට සහභාගී වුනේ නැහැ. එදින සිට ඇය පාසල් ගමනද අත්හැර දැමුවා. 

29. පසුව දියණිය ගමෙන් පිටව, මාගේ වැඩිමහල් දියණිය (විවාහ වී සිටින* ගේ නිවසට ගොස් නැවතුනා.

30. ඇය එසේ මාස 3ක් , ඇග් සොයුරියගේ (මාගේ වැඩිමහල් දියණීයගේ* නිවසේ සිටින විට, නිවතිගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යලයේ, ඉහත නම් කල නිලධාරීන් ගමෙන්, දියණිය ගැන විමසා, ඇය රැුගෙන එන ලෙසට දැනුම් දුන්නා. 

31. එ් අනුව ඇයව මා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කලා. එහිදී ලබා දුන් උපදෙස් අනුව, නැවත ර/අල්පිටිය විද්‍යාලයට ඇතුලත් වුනා. 

32. ඉහත සඳහන් කරුණු සඳහන් කරමින්, එම විදුහලෙන්ද දියණියව ඉවත් කලා. 

33. එයින් අනතුරුව, නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ බලපෑම් මත, නිවිතිගල පොලිසිය  මාගේ දියණියව ”ගණිකාවක්” ලෙසට හඳුන්වා අධීකරණයට ඉදිරිපත් කලා.

34. එපමණකින් නොනැවතී, පාසල් දිවියට ආයුබෝවන් කියූ මාගේ දියණියව විවාහ කර ගැනීමට කැමැත්ත පළකල තරුණයාවද ගොඩකවෙල පොලිසියට ගෙන්වා ප‍්‍රශ්ණ කරනු ලැබුවා.

35. අධිකරණ නියෝග මත ඇය වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරවන ලදි.

36. මෙම දුෂ්ඨ, ක‍්‍රියා මාර්ග මගින්, අවු: 15ක් වූ මාගේ දියණියගේ අධ්‍යාපනය, මානසිකත්වය විනාශ කර, ඇයට ජීවිතය එපා කරවන තත්වයට ඇද දමා ඇත.

තමන්ගේ විකෘති ආශාවන්ට ගොදුරු වන්නට අකමැති දරුවන්්ගෙන් පළිගැනීමට, ගුරුකම භාවිතා කිරීම හොඳම උදාහරණයකි මේ. 

ළමුන් ආරක්ෂා කිරීමට පත්කර සිටින ආයතන නිලධාරීන් රකින්නේ, ¥ෂිත, දරුවන් ලිංගික අපයෝජනයට භාවිතා කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්වය. මෙම අපයෝජකයින් රකින්නට අනෙකුත් ගුරුවරුන්වද හවුල්කරගෙන ඇත.

මේ අනුව මා ඉල්ලා සිටින්නේ, මාගේ දියණියව අපයෝජනයට ලක්කිරීම පිලිබඳව විධිමත් විමර්ශණයක් පවත්වා, අදාළ සියලූම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,
Y
(මව).


Sunday, November 11, 2018

කුඞ්ඩෙක් බේරන්න - බේරුවල පොලීසිය කරන අපරාධ



රිම්සාෆ් (අවු: 19) රිස්මින් (අවු: 22) හා රාෆ්ඞීන් (අවු: 34) යන තිදෙනාව බේරුවල පොලීසිය අත්අඩංගුවට ගන්නේ, පෙර වැරදි තිබෙන, කුඩුවලට ඇබ්බැහි වූ, තම බිරිඳට අමානුෂික ලෙස පහර දෙන, ෂියාම් නැමැත්තාගේ අවශ්‍යතාවයට ය.

තම බිරිඳට පහර දෙමින්, ඇගේ ගෙල සිඳ දමන බවට බෙල්ලට පිහියක් තබා මහ පාරේ තර්ජනය කරමින් සිටින විට, අසල්වැසියන් ඔහුව මෙල්ල කර බිරිඳව බේරාගනු ලැබීය.

ෂියාම් පොලීසියට පැමිණිලි කළේ, තමාට පහර දුන්නේ ඉහත නම් සඳහන් තිදෙනා බවයි.

ඉහත නම් සඳහන් තිදෙනා, ඔහුගේ බිරිඳගේ ළඟම ඥතීන්ය. ෂියාම් ට අවශ්‍ය වූයේ, බිරිඳ විසින් තමාට විරුද්ධව පොලීසියට කර තිබෙන පැමිණිල්ල යටපත් කරවීමට, බිරිඳගේ ඥතීන්ව, පොලීසිය යොදවාගෙන රිමාන්ඞ් කරවීමට ය.

කුඩු හා ගංජා ජාවාරමට සම්බන්ධ බව කියන ෂියාම් ගේ පවුලේ උදවියගේ අවශ්‍යතාවයට ඉහත සඳහන් තිදෙනාව බොරු චෝදනා නගා, අධිකරණයට ඉදිරිපත් කර දින 20 ක් රිමාන්ඞ් කරවනු ලැබිය.

මෙම තිදෙනා, සිද්ධිය වූ ස්ථානයේවත් සිට නැත. එයට සාක්ෂි තිබේ. 

නමුත් පොලීසිය කිසිදු විමර්ශනයක් නොකර, මේ තිදෙනාව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරන ලදි.

බිරිඳව අමානුෂික ලෙස පහර දී, මරා දැමීමට තැත් කිරීම පිළිබඳව මේ දක්වාම, ඔහුට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් පොලීසිය ගෙන නැත.


රෙදි ඉරා, පහර දෙමින් පාරේ ඇදගෙන ගොස් ගෑනිව මරණ්න හදපු කුඞ්ඩාව රකින්නේ පොලීසිය. Link:- 

https://peoplesforumsl.blogspot.com/2018/10/blog-post_20.html


කව්ද හොරා ...........! හරක් හොරා ............!!



පානදුර බෞද්ධ පුනර්ජීවන නගරයේ හරක් හොරකම් වලට පොලීසිය ද හවුල් බවට චෝදනා කරන මල්ලිකාන්ති මහත්මිය, මේ වන විට පැමිණිලිකරුවන් විත්තිකරුවන් කරන තැනට පත්ව ඇති බවද කියා සිටී.

නොනවතින හරක් සොරකම් මේ වන විට, ප‍්‍රදේශයේ කිරි ගොවීන් දැඩි අසරණ භාවයට පත් කර තිබෙන බවද ඇය වැඩිදුරටත් කියා සිටී.

තම හරක් පැටවුන් දෙදෙනෙකු සොරකම් කිරීම් අදාලව තොරතුරු හා සාක්ෂි ලබා දීමට, පානදුර දකුණ පොලීසියට ගිය විට, විඳීමට සිදුවූ අඩම්තේට්ටම් පිළිබඳව ‘‘ හරක් හොරුන් රැුක ගන්න ක‍්‍රියා කරන පානදුර දකුණ පොලිසියේ මූ.පො.පරීක්ෂක හා අපරාධ අංශයේ ස්ථානාධිපති ට එරෙහිව නීතිමයපියවර ගන්නා ලෙසට කරණු ලබන ඉල්ලීමයි.’’ යන හිසින් යුතුව,
 ඇය විසින් පොලිස්පතිට හා  ජාතික පොලිස් කොමිෂන් සභාවට,කර තිබෙන පැමිණිල්ලෙන් සියලූම තොරතුරු අනාවරණය වේ.

’‘ 2018.10.22 දින, මා සතු හරක් පැටවුන් දෙදෙනෙකු නැති වුනා. එමනිසා මට වූ පාඩුව මසකට රුපියල් තිස්දාහක් පමණ වේ. 

මෙම හරක් නැතිවීම පිළිබඳව මා පැමිණිලි කිරීමට පානදුර දකුණ පොලිසියට පැමිණීයා. එවිට වේලාව පෙ:ව:10.30 පමණ වේ.

අපරාධ අංශයේ ස්ථානාධිපති - උ.පො.ප.රෝහණ ප‍්‍රකාශ කලා, සාක්ෂි නැති නිසා පැමිණිලි දැමීමට අවශ්‍ය නැහැ, සාක්ෂි තිබුනොත් එන්න කිව්වා. 

2018.10.30 දින, මට මාගේ හරක් පැටවුන් දෙන්නා ත‍්‍රී රෝද රථයක දාගෙයන යනවා දුටු ගල්තුඬේ පදිංචිකරුවකු වන කරුණේ මාමා නැමැත්තා හමුවුනා.

එ් අවස්ථවේදීම, මා, ඔහුවද කැටුව පානදුර දකුණ පොලිසියට පැමිණියා. එ් අවස්ථාවේ අපරාධ අංශයේ සිටි සැරයන් මැණිකේ මට කිව්වා, අපරාධ අංශයේ ස්ථානාධිපති - උ.පො.ප.රෝහණ අද නැති නිසා, හෙට, එනම් 2018.11.01 දින පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.

එ් අනුව මා, 2018.11.01 දින, කරුණෙ මාමා ද කැටුව උදේ 9.30 ට පමණ, පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයට පැමිණියා. 

එ් අවස්ථාවේ මාගේ හරක් පැටවුන් සොරකමට සැකකරන පුද්ගලයන් ,දෙමාපියන්, තවත් පැමිණිලිකරුවකු සමග පැමිණ සිටියා.

එ් අවස්ථාවේ, මට ද, අනෙක් පැමිණිලිකරුවූ ගල්තුඬේ සමන්ත නැමැත්තා අමතා, අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප.රෝහණ කියා සිටියා, පැමිණිලි බාර නොගෙන සමථ වන ලෙසට බලකලා. මා කරකිය ගන්නට දෙයක් නැතිව ආපසු ගෙදර ආවා.

දින දෙකකට පසුව, 2018.11.02 දින, රාත‍්‍රී 8.00 ට පමණ, පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප.රෝහණ, කොස්තාපල්වරු වන තුෂාර, අනෝරත්න, රණසිංහ යන අය පැමිණියා. 

ඔවුන් මාව කැඳවාගෙන, ගල්තුඬේ පන්සල අසල, හරක් පැටියෙක්ව හොරකම් කල බවට කියන ස්ථානය පරීක්ෂා කලා. 

ඉන්පසු නැවත මාව ගෙදරට ගෙනවිත් බස්සවා, හෙට, 2018.11.04 ඉරිදා, සාක්ෂිකරු වන කරුණේ මාමා සමග පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.

2018.11.04 වන දින අප ගියද, උ.පො.ප.රෝහණ පොලිසියේ හිටියේ නැත. අප ආපසු හැරීගොස්, 2018.11.05 සඳුදා මා උදේ 10 ට නැවත පානදුර දකුණ පොලිසියට පැමිණීයා. එ් පැමිණි අවස්ථාවේ, මට ෙදාස් පැවරූ අපරාධ අංශයේ ස්ථානාධීපති, උ.පො.ප.රෝහණ, මාව හා කරුණේ මාමා  යන අයව අඬගසා, මූ.පො.ප. ඉන්දික තුෂාර වෙත ඉදිරිපත් කලා. 

ඉන්පසු අපරාධ අංශයේ ස්ථානාධිපති - උ.පො.ප.රෝහණ මට එළියට වී ඉන්න කියා, කරුණේ මාමා ව, මූ.පො.ප.ඉන්දික තුෂාර නවත්වා ගත්තා. 

කරුණේ මාමා ව, දහවල් 1.30 දක්වාම, පැය 3ක්, මූ.පො.ප.ඉන්දික තුෂාර ගේ කාමරයේ තියාගෙන ඔහුට තර්ජණය කරමින්, භිය වද්දමින්, මා විසින් කරුණේ මාමාට, හරක් හොරු සම්බන්ධයෙන් උගන්වා, මාගේ කීමට සාක්ෂි දෙන්නට ආ බවට ප‍්‍රකාශයක් ගෙන ඇත.  

මේ වන විට, දඩි මානසික කම්පනයට පත්ව සිටින කරුණේ මාමා, ගෙදර කිසිවකු සමග කතා නොකර, බලාගත් අත බලාගෙන සිටී.

ඔහුගේ දරුවන් මෙම තත්වය ගැන බියට පත්ව, මාහට ෙදාස් පැවරීමට ද ඉදිරිපත්ව සිටී.

පානදුර දකුණ හා උතුර පොලිස් වසම් දෙකේම, සංවිධානාත්මකව හරක් සොරකම් සිදු වේ.

මෙම තත්වය 2016 සිට උදාවිය. මේ වසර තුල හරක් සොරකම් 8ක් පිිළිබඳව පැමිණිලි කර ඇත.

මෙම සොරකම් වලක්වන්න පියවර නොගන්නේ, පොලිසිය සොරුන් හා පවතින සම්බන්ධය නිසා බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා, හරක් හොරුන් ආරක්ෂා කරන, පානදුර දකුණ පොලිසියේ මූ.පො.ප.ඉන්දික තුෂාර හා අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප.රෝහණ ඇතුලූ වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසටයි.

මෙයට, මල්කාන්ති. ’’


Friday, November 9, 2018

බොරු නඩු දමා ජීවිත බිලි ගන්නා ශ‍්‍රී ලංකා පොලීසිය


හොරා තමන්ගේ එකෙක් නම් අසරණයෙකු අල්ලා වධ දී උසාවිය යොදාගෙන ජීවිත විනාශ කිරීම ශ‍්‍රී ලංකා පොලීසියට උරුම වූවකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සිවිල් සමාජයට සාමාන්‍ය ජනයා විඳින දුක් පීඩාවන් පයට පෑගෙන දුවිලි තරම්වත් වටින්නේ නැත.

පටලවන ලද බොරු නඩුවකින් නිදහස්වීමට වසර දෙකක් පුරා ගෙන ගිය අරගලයෙන් නඩුවෙන් නිදහස් වීම, රැුකියාව නැති වීම හා පවුල නැතිවීම යන ප‍්‍රතිඵල හිමි කර ගැනීමය.

මීගලෑවේ, තිස් හැවිරිදි, තරංග, සිය බිරිඳ සමග ඇඟ`ඵම් කම්හලක සේවය කරමින් සිටිය දී, අත්අඩංගුවට ගන්නේ රු: 35,000/- වටිනා අත් ඔරලෝසුවක් සොරකම් කළ බවට චෝදනා කරමින්ය.

පොලීසියේ ඉල්ලීමට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය පසුව ඇප මත මුදාහරියි.

වසර දෙකක් පුරා ෙදාලොස් වාරයක් උසාවියට ගිය පසුව, අධිකරණය ඔහුව මුදාහරින්නේ ”සාක්ෂි නැත” යන පදනම මතය.

මෙම වසර දෙක තුළ ඔහුට අහිමි වන්නේ රැුකියාව පමක් නොවේ. පවුලද අහිමි වන්නේය. 

නීතිඥ ගාස්තු වශයෙන් පමණක් ඔහු මේ දෙවසර තුළ රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය කර ඇත.

අද ඔහු, කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ඉදිකිරීම් වැඩ බිම්වල කුලීකරුවෙකුය.

ගමට යා නොහැක. මන්ද, ඔහුව ඩැහැගන්න පොලිසිය බලා සිටින නිසාය.

සාමාන්‍ය වැසියෙකුට උසාවියට බොරු කීමට නොහැක. උසාවියට බොරු දිව්රුම් ප‍්‍රකාශ ඉදිරිපත් කළහොත් එය උසාවියට අපහාස කිරීමක්, නැතහොත් අපරාධයකි.

නමුත් මිනිස් ජීවිත විනාශ කරන්න උසාවිය රබර් මුද්‍රාවක් කරගන්නට පොලීසියට ඉඩ දී තිබීම අපරාධයක් නොවන්නේය, අපහාසයක් නොවන්නේය,