Showing posts with label Teachers. Show all posts
Showing posts with label Teachers. Show all posts

Friday, January 6, 2012

උසස් පෙළ ප්‍රතිඵල අවුල...අත්‍යාවශ්‍ය සේවයක්



උසස් පෙළ ප්‍රතිඵල අවුල ගැන උසස් අධ්‍යාපන ඇමති ප්‍රසිද්ධියේ කියාපු reණක් ගැන සිතන්නට තේreï ගන්නට දෙයක් ඇත.

විශ්ව විද්‍යාල වල අභ්‍යන්තර විභාග ගැන විශ්වාසය අඩුවී බොහෝ කල්ය.

ප්‍රතිඵල වල හිතවත්කම්, ඇගෑ¨ම් කම් පමණක් නොව ජාතිය හා =ලයද බලපෑ ඇති බවට එල්ලවූ චොaදනා අපමණය.

යුක්තිය පසි`දලීමේ ක්‍රියාදාමයේ එක් ප්‍රධාන =ලුනකි, නීති වෘත්තිකයෝ. නීති වෘත්තිකයෝ බිහි වන්නේ නීති විද්‍යාලයෙනි. රටටම ඇත්තේ එකකි.

නීති විද්‍යාලයට ඇත=ලත් වීමේ, පිටවීමේ විභාග ගැන විශ්වාසයක් ඇත්තේ කාටද@  ඒ පිළිබ`දව නැගෙන විfsචන, චෝදනා, අදෝනා අපමණය - ප්‍රමාණය.

රාජ්‍ය සේවයේ විවිධ තරාතිරම් වලට `දවා ගැනීමේ, උසස්වීම් දීමේ තරග විභාගද අපමණය. බෙහෝ විභාග වල ප්‍රතිඵල නැත. එහෙත් සියලු තනත=re පුරවා අවසන්ය.

පසුගිය දශකය = එකදු විභාගයක් වත්, අඩුම ගානේ පාසල්වල වාර අවසාන විභාගයවත් ප්‍රශ්ණයකින් තොරව පවත්වා ගන්නට බැරිවිය.

යම් විශ්වාසයක් ඉතිරිව තිබුනේ අ.පො.. (සාපෙළ) හා අ.පො.. (.පෙළ) විභාග දෙක සම්බන්ධයෙනි.

ඒ කෙරෙහි විශ්වාසය නැති කර දැමිය යුත=. පසුගිය අ.පො..(සාපෙළ) විභාග එකක්වත් ප්‍රශ්ණයක් ඇති නොකරගෙන පවත්වා ගැනීමට නොහැකි විය.

ප්‍රශ්ණ පත්‍ර බෙදා හැරීම, ධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, උත්තර පත්‍ර බෙදා හැරීම - ප්‍රතිඵල නික=ත් කිරීම - මේ සියලු අවස්ථාවල අක්‍රමිකතාවන් සිද්ධවිය.

.පො..(.පෙළ) ගැන තිබූ විශ්වාසය මෙවර නැත්තටම නැති කර දැම්මේය. එය අවශ්‍යතාවයකි. එය සිදු කළේය.

ක්‍රමානුක+ලව - පියවරෙන් පියවර රටේ නිතිය විනාශ කළේය. ඉතා සැළසුම් සහගතව, නීතිය වෙනුවට අවනීතිය නොහොත් පුද්ගල නීතිය කි%යාවට නැංවූයේය.

බුද්ධිමත් re පරපුරක් අනනාගතයට ඉතිරි කිරීම මේ %මය පවත්වාගෙන යෑමට බාධාවකි. එය නැති කළ යුත=h' ප්‍රසිද්ධ විභාග විනාශ කිරීම එහි අරමුණය. දැන් අනාගත පරපුරට විභාග ගැන විශ්වාසයක් නැත. ඔවුන්g විශ්වාස කිරීමට ඉතිරිකර ඇත්තේ අවනීතිය පමණය.

මෙම තත්වය ඇති කිරීමට - චින්තනය ක්‍රියාත්මක වූයේ කෙසේද@

පස්සාදොරෙන්, නීත්‍යානුක+ලව විභාග කොමසාරිස් ධූරයට කෙනෙක= පත් කර ගැනීමෙනි.
`දහා තිබිය යුත= වන්නේ එකම සුදුසුකමයි. ඔහු අන්ත නිවටයෙක= විය යුත=යි.

ප්‍රසිද්ධියට පත්ව තිබෙන කreK" විභාග කොමසාරිස් වරයාගේ සුදුසුකම්" මුලින් `දහන් කල කාරණාවට - විභාග කෙරෙහි විශ්වාසය =රන් කිරිමට ඕනෑවටත් වැඩිය.

ඔහු පත්වීම ගත්තේ - ඇමතිට වැදවැටීය. ඒ සුදුසුකම තමයි ඉතාම වටින්නේ. රටට අවශ්‍ය වන්නේ පිට කොන්දක් නැති - පරිපාලකයින්ය‍.

දෙපා ලෙවකන්නට හැකිවීuh" අතේ පිරිත් නූල තිබිය යුත= ලක්ෂණයකි.
මේ තත්වයට  වත්මන් පාලකයා පමණක් වගකිව යුත= නැත. එවැන්නෙක= එම තැන ගන්නට මග හෙලි පෙහෙලි කල සියල්ලෝම එයට වගකිව යුත=.

පවින් ගැලවීමට හැක්කේ පාපොච්ඡාරණයක් මගින්ය. සමාජවාදීන් ස්වයං විවේචනය කරමින්ය. එය ප්‍රසිද්ධියේ කල යුත=යි.    

Tuesday, January 3, 2012

මුද්දක් නිසා බැට් පිත්තකින් පහරකැ සිසුවා දින දෙකක් රෝහලේ.


ඉක්කගොඩ ආරච්චිලාගේ පුෂ්ප නදීෂාන් 15 හැවිරිදි හෝමාගම ජනාදිපති විදුහලේ 10 වසරේ ඉගෙන ගන්නා සිසුවෙකි. 

ඊ ඒ ගුණතිලක මහතා ඔහුගේ පියාය. ඔහු තම පුතාට වදහිංසා පැමිණවීම පිලිබදව 2011.12.30 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, ළමා ආරක්ෂක අදිකාරියට, ළමා හා අපයෝජන නිවාරණ කාර්යන්සයට ලිකිතව පැමිණිලි කළේය.

මුද්ද සොරා ගත්තයි කියා නදිශාන්ව එහි අයිතිකරුවන් වන ශ්‍රියානි අජිත් සහ නලින් ඔහුව තම නිවසේ සගවා තබා ගෙන පහර දෙන ලදී. 

ඔහුව පාදුක්ක පොලිසියට ගෙන යාමෙන් අනතුරුව එහි නිලදාරියකු මුද්ද ගැන අසමින් අත් දෙක උස්සන්නට කියා පැය බාගයක පමණ කාලයක් ඔහුගේ පිටට බැට් පිත්තකින් පහරදී ඇත. ඔහුව පොලිස් කුඩුවටද දමා තිබේ.

2011.12.27 උසාවි දමා ඇප මත නිදහස් කර ඇත. එම වියාජ නඩුවේ අංකය 484/11 C වේ.

නිදහස්වීමෙන් පසුව නදීෂ දින දෙකක් හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. රෝහල් පොලිසිය ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදාරිද ඔහුව පරීක්ෂා කර තිබේ.

Saturday, October 29, 2011

විදුහල්පතියෙකුගේ තිරිසන් වැඩක් >> විඩියෝව නිකුත් උනා





14 හැවිරිදි  , මොහොමඩ් ජිල්ලාන් සිනර් පළමු ශ්‍රේණියේ සිට ගියේ, පානදුර උපාධ්‍යා විද්‍යාලයට.

2011.10.17 දින විදුහල්පති බර්ටි, සුපුරුදු පරිදි වේවැල අතින් රැගෙන පංතිය ඉදිරියට පැමිණ වේවැල දික්කර මෙහෙ වරෙන් කියා ළමයින්ට කතා කරලා. ළමයි පංතියෙන් එළියට ආවත් බර්ටි විදුහල්පති  පෙනෙන්න ඉදලා නැහැ. ළමයි එළියට වෙලා බලන් ඉදලා.

එක පාරටම මතුවුනු බර්ටි විදුහල්පති, ඉස්සරහින්ම හිටිය මොහොමඩ් ජිල්ලාන් සිනර් ව අතින් අල්ලලා කරකවලා දිගට හරහට පහර දීලා. මේ තිරිසන් විදුහල්පති, ඊට පස්සේ  මොහොමඩ් ජිල්ලාන් සිනර් ලවා ඩෙස්, පුටු අද්දවලා, තනකොළ ගලවලා.

මීහරක් දක්කන්න වාගේ කෙවිට්ට අතේ තියාගෙන සැරිසැරූ බර්ටි විදුහල්පති - මේ අසරණයට පහරදීලා, සෙන්පති වෙස්ගෙන ගිහිල්ලා.

Wednesday, October 19, 2011

විදුහල්පතියෙකුගේ තිරිසන් වැඩක්




14 හැවිරිදි  , මොහොමඩ් ජිල්ලාන් සිනර් පළමු ශ්‍රේණියේ සිට ගියේ, පානදුර උපාධ්‍යා විද්‍යාලයට.

2011.10.17 දින විදුහල්පති බර්ටි, සුපුරුදු පරිදි වේවැල අතින් රැගෙන පංතිය ඉදිරියට පැමිණ වේවැල දික්කර මෙහෙ වරෙන් කියා ළමයින්ට කතා කරලා. ළමයි පංතියෙන් එළියට ආවත් බර්ටි විදුහල්පති  පෙනෙන්න ඉදලා නැහැ. ළමයි එළියට වෙලා බලන් ඉදලා.

එක පාරටම මතුවුනු බර්ටි විදුහල්පති, ඉස්සරහින්ම හිටිය මොහොමඩ් ජිල්ලාන් සිනර් ව අතින් අල්ලලා කරකවලා දිගට හරහට පහර දීලා. මේ තිරිසන් විදුහල්පති, ඊට පස්සේ  මොහොමඩ් ජිල්ලාන් සිනර් ලවා ඩෙස්, පුටු අද්දවලා, තනකොළ ගලවලා.

මීහරක් දක්කන්න වාගේ කෙවිට්ට අතේ තියාගෙන සැරිසැරූ බර්ටි විදුහල්පති - මේ අසරණයට පහරදීලා, සෙන්පති වෙස්ගෙන ගිහිල්ලා.

පියා දරුවාව රෝහල්ගතකර, අදාල අයට පැමිණීලි කර තිබෙනවා.


විදුහල්පතිගේ අමානුෂික ප්‍රහාරයේ තුවාල කැළලි


මේ වන විට අපරාධකරුවාව බේරාගන්න බොහෝ දෙනා ඉදිරිපත් වී තිබේ. මේ අතර, ගුරුවරියන් හා අම්මලාත් ඉන්නවා.

Thursday, July 21, 2011

අපරාධකරු රකින්න පෙරමුණ ගෙන ඇත්තේ චීවරධාරියෙක්.

මොහොමඩ් නසීම්

 12 හැවිරිදි මොහොමඩ් නසීම්ට නාස් පොල්ල කැඩෙන්න පොලු පහර දුන්නේ, මාතලේ, ඇල්වල මහා විදුහලේ විදුහල්පති ගොඩගෙදර ය.

ඒ 2011 ජූලි 11 දිනය. එදින විවේක කාලයේදී පොල්ලක් අත ඇතිව පැමිණි විදුහල්පති ගොඩගෙදර, 07 වසර පංතියේ සියලුම ළමුන්ට එයින් පහර දුන්නේය.

මාතලේ පොලිසිය විදුහල්පති ගොඩගෙදර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

එම විදුහලේ උගන්වනු ලබන චීවරධාරියෙක් ප්‍රමුඛ ගුරුවරු පිරිසක්ද, ඇටිපොල නැමැති ප්‍රදේශීය සභා මංත්‍රීවරයෙක්ද, අපරාධය යටගැසීමට නසීම් ට හා ඔහුගේ පවුලේ උදවියට කරනු ලබන බලපෑම්වලට මුහුණ දීමට සිදුවී ඇති නිසා, ප්‍රශ්ණය වඩාත් බරපතල වී ඇත.මෙම බලපෑම් නිසා - නසීම් පාසල් යෑම ප්‍රතික්ෂේප කරනු ලබන බව පියා පවසයි.

ඔහුගේ නාසය ශෛල්‍ය කර්මයකටද භාජනය කලයුතුව ඇති අතර, මානසික වශයෙන් ගැටලු මතුව ඇති බවද කියනු ලැබේ.මෙම සියලු තත්වයන් තුල , ඉහත කී චීවරධාරියා සමග, එම විදුහලේ උගන්වනු ලබන ඥානවතී නැමැති ගුරුවරියන්ද බලපෑම් කිරීමට එක්ව තිබේ.
මේ අතර,  ඥානවතී ගුරුවරියගේ පොලිස් සැමියාද බලපෑම් කිරීමට එක්ව තිබේ.

ළමයාගේ පියා විසින් කර ඇති ලිඛීත පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.

ළමයාගේ පියා
එදිනම සවස නැවතත්, ඥානවතී නැමැති ගුරුවරියත්, නුවර පොලිසියේ සේය කරන ඇයගේ ස්වාමිපුරුෂයාත් නිවසට පැමිණියා. ඇවිත් මට කිව්වා නසීම් හොදට ඉගෙන ගන්න ළමයෙක්, මේක වැඩිදුර ගෙනියන්න එපා, මෙතනන් සාමදාන වෙන්න, පොලිසියට ගිහින් පොඩි අත්සනක් තමයි තියන්න ඕනා, ප්‍රින්සිපල්ට මොනවා හරි වුනොත් ටීචර්ලා සේරම අස්වෙනවා කිව්වා. ඔයාට කීයක් ඕනාද කියා ඇහුවා. මම කිව්වා කීයක්වත් එපා, මට මගේ ළමයවයි වටින්නේ කියා. එවිට එම ගුරුවරිය පැවසුවා සවස 7.00ට විතර ඔවුන්ගේ නිවසට එන්න පුලුවන්ද කියා. මම බේරෙන්න බැරි තැන හා කව්වා. නමුත් මම ගියේ නැහැ.

අප රටේ සදාචාරය, ආචාර ධර්ම, ආගම් සියල්ල පොලදි බැදගෙන ඉදිරිපත් වන්නේ අපරාධනකරුවන් බේරාගන්නටය.මේ පිරිස - තරාතිරම කවරෙක් වුවත් අපරාධකරුවන්ට වඩා භයානක බව කිව යුතුය.

Thursday, December 30, 2010

මෙන්න අපේ ගුරුවරු ( නරුම ගුරුවරු 3 )



මේ කිරි දරුවට නොකල වරදකට තම පසලේ විදුහල් පති කනට ගසා, විදුහලේ කබඩ් එකක්ක් අස්සට දාලා හිරකරා. මේ විදුහල්පති තවමත් පාසලේ වැඩ, මොහුට බලධාරීන්ගේ සහය නොවඩුව ලැබෙයි, මෙන්න වීඩියෝ පටය නිකුත් උනා. මෙවන් විදුහල්පති වරුන් සිටිනා තෙක්, අධ්‍යාපනයට දෙවි පිහිටයි...

Wednesday, December 29, 2010

මෙන්න අපේ ගුරුවරු ( නරුම ගුරුවරු 2 )

මේ රංජිත්, රන්ජිත් පාසලේ පන්තිකමරය තුලදි යාලුවන් එක්ක පෑන් බට සෙල්ලම කරල තියනව. එතනට පැමිනි මේ නරුම ගුරුවරයා ඔලුවට ගැසූ පාරට මෙසයේ වැදුනු නහය බරපතල ලෙස තුවා‍ල උනා . මෙන්න ඒ වීඩියෝ පටය


Sunday, December 26, 2010

මෙන්න අපේ ගුරුවරු ( නරුම ගුරුවරු 1 )



මීහරක්ට ගහන්න වගේ ළමයිට තලන නරුම ගුරුවරයකුගේ කතාවක්. රත්නපුර ශාන්ත ලූප් විද්‍යාලයේ ටෙහාන් නිපුනනම් දරුවාට එම පාසලේ විද්‍යා විෂය උගන්වන සරත් නැමති ගුරුවරයා ඉතා අමානුෂික ලෙස පහරදීලා. මෙන්න ඒ කතාව........