Friday, September 30, 2016

පරපීඩක කාමුකයන් රකින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොක්කන් ............

2012 වසරේ කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියක් වූ මනෝහාරි පැලකෙටිය මහත්මියව, ලිංගික අපයෝජනයට ලක් කළ එම විදුහලේ එවක විදුහල්පති පේ‍්‍රමලාල් කුමාරසිරිට හා මලගොඩ නැමති ගුරුවරයාට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, විදුහල්පති කුමාරසිරිව හා මලගොඩ ගුරුවරයාට, රුපියල් ලක්ෂය බැගින් ගුරු මහත්මියට ගෙවන ලෙසටත්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චෝදනා පත‍්‍රය ශුන්‍ය කර බල රහිත නියම කරණු ලැබීය.

කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති කුමාරසිරි හා මලගොඩ ගුරුවරයා තමන්ව දැඩි ලෙස ලිංගික අපයෝජනයට ලක්කරන බවට, අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කළද, ලේකම් ඇතුලූ අධ්‍යාපන ලොක්කන්, මෙම පරපීඩක කාමාතුරයන් දෙදෙනාව ආරක්ෂා කරමින් මෙම ගුරුවරියව පීඩාවට පත්කිරීමට ඉඩහැර බලා සිටියේය.

එ් මොවුන් දෙන්නා රාජපක්ෂ රෙජිමයේ බත්බැලයන් වීම නිසාය. මලගොඩ ගුරුවරයා, ප‍්‍රාදේශීය දේශපාලූවෙකුගේ සොහොයුරෙකි.

මෙම ගුරු මහත්මිය මෙම නරුමයන්ට එරෙහිව නිතිමය හා විනය පියවර ගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය.

ඇය ලංකා ගුරු සංගමය, සිරස මාධ්‍ය හා එක්ව මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වූයේ බැරිම තැනය.

පරපීඩක කාමාතුරයන්ට එරෙහිව නීතිමය හා විනය පියවර ගැනීමට තරම් ශක්තියක් නැති බෙලහීන අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂක, රාජ්‍ය සේවා කොමිෂම, පුවත්පත් සාකච්ඡුාවක් පැවැත්වීම මගින් ආයතන නීති රීති උල්ලංඝණය කළා යැයි ප‍්‍රකාශ කරමින් ඇයව වැඩ තහනමට ලක් කළේය.

ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ එ් මතය. ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ වැඩ තහනම අත්හිටුවා පෙත්සම විභාගයට තබන ලදි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගුරුවරියට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා ඇයට දඩයක් නියම කළේය.

පසුව විදුහල්පතිවරයාට එරෙහිව හා මලගොඩ ගුරුවරයාට එරෙහිව ද විනය පරීක්ෂණ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවිය.

විදුහල්පති කුමාරසිරි විශ‍්‍රාම ගන්වන ලදි. විනය පරීක්ෂණ අවසන්ව නොමැති නිසා ඔහුට මේ දක්වාම විශ‍්‍රාම වැටුප නොලැබේ.

මලගොඩ ගුරුවරයාට ලූම්බිනි මහා විද්‍යාලයේ සේවය කිරීමට ඉඩ දී තිබේ.

2016.09.28 වන දින ප‍්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවෙන්, පෙර ස`දහන් කරන ලද පරිදි ඇයට විරුද්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චෝදනා පත‍්‍රය ශුන්‍ය කර බල රහිත කර ඇත. එ් අනුව ඇයට එරෙහිව පවත්වන ලද පරීක්ෂණය ශුන්‍ය වේ. දඬුවමද ද ඉවත් වේ. දඩය ආපසු ගෙවිය යුතුව තිබේ.

මැයට ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් පොලීසිය පවරන ලද නඩුව අසා ඇත්තේ අලි හොරා ලෙසට ප‍්‍රකට වූ තිළිණ ගමගේ නැමති හිටපු විනි සොරායාය. එම නඩු තීන්දුවට එරෙහිව ගුරු මහත්මිය මහාධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනු කර ඇත. එම නඩුව ඉවර නැත.

මෙම නඩු තීන්දුවෙන්, ආයතන සංග‍්‍රහයේ රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය සාකච්ඡුා පැවැත්වීම තහනම් කර තිබෙන වගන්නි අභියෝගයට ලක් කර තිබේ. 

ඇය නඩුවෙන් දිනුවේය. එහෙත් පරපීඩක කාමාතුරයන් වූ විදුහල්පති කුමාරසිරි හා මලගොඩ ගුරුවරයාට දඬුවමක් නැත. මෙම දෙදෙනාව ආරක්ෂා කරන ලද එවක අධ්‍යාපන ලේකම්වරුන් දෙන්නාට දඬුවමක් නැත. ජාතික පාසල් අධ්‍යක්ෂකට දඬුවමක් නැත. 

අධ්‍යාපන අමාත්‍යාංශය පරපීඩක විදුහල්පතිවරු හා ගුරුවරු ආරක්ෂා කිරීම එදත් අදත් සිදු කරයි. මෙම තත්ත්වය වෙනස් කිරීමට සිවිල් සමාජය හා ග-රු වෘත්තිය සමිති පෙරමුණ ගත යුතුයි.

සම්පුර්ණ නඩු තීන්දුව සඳහා පිවිසෙන්න.
http://www.janasansadaya.org/page.php?id=620&lang=en


මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් කරුණක් ඇත. මෙම නඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් හා නිතිපති වෙනුවෙන් සිටි රජයේ නීතිඥවරයා පෙනිසිට ඇත්තේ යුක්තිය වෙනුවෙන් නොව, දුෂිත රාජ්‍ය නිලධාරීන් රැුකීමටය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම වැළැක්වීම රාජය වගකීමකි. එවන් තත්ත්වයක් තුළ මූලික අයිතීන් උල්ලංඝණය කරන්නවුන් රැුකීමට රජය නියෝජනය කරමින් නීතිපති හා ඔහුගේ නියෝගයෙන් රජයේ නීතිඥවරයා ගේ ඉදිරිපත්වීම අභියෝගයට ලක්කළ යුතුය. හෙළා දැකිය යුුතුය. 





Thursday, September 29, 2016

නීතිඥවරයා පොලීසිය හා එක්ව කරන ලද පාහර වැඩක්


මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩකරන කපිල වෛද්‍යරත්න නැමති නීතිඥවරයා, රු: 2000/- ක් අරගෙන පොලීසිය හා එක්ව කරන ලද පාහර ක‍්‍රියාවක් පිළිබඳ කථාවක්.

පේ‍්‍රමරත්න බුලත්සිංහල පදිංචිකරුවෙක්. දැනට වයස අවුරුදු 69 යි. සිද්ධිය ආරම්භ වන්නේ 2011 දෙසැම්බර් 12 වනදා.

තමාගේම කිතුල් ගසක මලක් කපාගෙන රා බෝතලයක් රැගෙන යන අතර බුලත්සිංහල ොපලීසියේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන, 2011 දෙසැම්බර් 14 වන දින, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදරිපත් කළා. එ් "සීනි කරිඤ්ඤං ඩ‍්‍රෑම්ස් 48 ක් ” ළඟ තබා ගැනීම යන අමුලික බොරු චෝදනාව යටතේ.

මේ නඩුව පැවරුවේ එවක ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එ්. ගුණරත්නය. නඩුවේ සාක්ෂියට දමා තිබුනේ උ.පො.ප. ගුණරත්න හා පො.සැ. 37705 සිරිකුමාර යන අයයි. නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගත් බවට කියන සීනි කරිඤ්ඤං ඩ‍්‍රෑම්ස් 48 න්, ඩ‍්‍රෑම්ස් 08 ක්, සාම්පල ලෙසට ඉදිරිපත් කරණු ලැබුවා.

පහත දැක්වෙන්නේ  2011 දෙසැම්බර් 14 වන දින, පේ‍්‍රමරත්නට එරෙහිව මතුගම මහේස්ත‍්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරනු ලඅබු චෝදනාවයි. 

"ඉහත නම් සඳහන් චූදිත වන නුබ විසින් මෙම අධිකරණ බල ප‍්‍රදේශය ඇතුළත වූ කම්කානම් බොක්කාව දී 2011.12.12 දින හෝ ඊට ආසන්න දිනයකදී නීති විරෝධී ලෙස සකස් කරන ලද මත්පැන් හෙවත් සීනි කරිඤ්ඤං ඩ‍්‍රෑම්ස් 48 ක් තම ස්වාමිත්වයේ තබා ගිනිමින් 1957 අංක 36 1964 අංක 49 1985 අංක 08 1990 අංක 37 1994 අංක 07 දරන පනත් වලින් සංශෝධනය වූ 2005 අංක 12 දඩ මුදල් වැඩි කිරීමේ පනතේ අංක 02 වගන්තිය සමග කියවෙන සුරාබදු ආඥ පනතේ 47 464 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට මෙයින් චෝදනා කරණු ලැබේ"

පේ‍්‍රමරත්න මෙම චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් ‘‘නිවැරදිකරු’’ බව ප‍්‍රකාශ කරණ ලදි.

නඩුව විභාගයට නියම කළ මහේස්ත‍්‍රාත්වරයා පෙර වැරදි නැත යන සටහන යොදා පේ‍්‍රමරත්නට රු: 20,000/- ක මුදල් ඇපයක් හා රු: 100,000/- ක ශරීර ඇපයක් නියම කර, මූලික සාක්ෂි විමසීම සඳහා නඩුව 2012 මැයි 02 වන දිනට කල් තබනු ලැබීය.

ඉන් අනතුරුව නඩු වාර කිහිපයකට පසුව 2013.06.05 දින නඩු වාරයේදී, රස පරීක්ෂක වාර්තාව ලද පසු කැඳවීමට නියම කර, නඩුව බහා තබන ලදි.

වසර දෙකක් ඉකුත් වුවද රස පරීක්ෂක වාර්තාව නොමැතිවීම යන පදනම මත, 2016.03.28 දින, මෙම ව්‍යාජ චෝදනා නගා ඇති නඩුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට පේ‍්‍රමරත්න නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරණු ලැබීය.

2016.08.31 වන දින, උක්ත නඩුවට අධිකරණයේ පෙනී සිටින ලෙසට වන සිතාසියක් පේ‍්‍රමරත්නට, බුලත්සිංහල පොලීසිය බාරදෙනු ලැබීය.

එ් අනුව ඔහු නීතිඥ කපිල වෛද්‍යතිලක මගින් අධිකරණයට ඉදිරිපත් විය. ඔහු, තමාගේ නිර්දෝශීභාවය ප‍්‍රකාශ කරන ලෙසට නීතිඥවරයාට උපදෙස් දෙන ලදි.

එසේ තිබියදී, මෙම නීතිඥවරයා පොලීසිය හා එක්ව වැරදිකරු බව පිළිගන්නා බව අධිකරණයට පවසා තිබේ. මේ පිළිබඳව ඔහු නීතිඥවරයාගෙන් විමසූ විට, ඔහු කියා ඇත්තේ, අවු: 67 ක් වන නිසා වැරදිකරු බව කියා අවවාදයක් කරවා, නිදහස් කරවා ගත් බවය. මේ පිළිබඳව නඩු වාර්තාවේ ස`දහන් වන්නේ මෙසේය.

"පෙර උත්තර ඉවත් කර වරද පිළිගනී. ඉහත චෝදනා පත‍්‍රය අනුව චෝදනාව කියවා දෙමි. චෝදනා පත‍්‍රය බලන්න. මම වැරදිකරු වෙමි. ප‍්‍රකාශ කර සිටී. එ් අනුව චූදිත ඔහුට එරෙහිව ඇති චෝදනා සඳහා වරදකරු කරමි.

පසුව චූදිතට ................ දඩයක් නියම කරමි. දඩ නොගෙව්වොත්/සති ......... ලිහිල් සිර දඬුවම් නියම කරමි. දඩයෙන් 1/2 ක් පොලිස් තෑගි අරමුදලට/වන සංරක්ෂණ අරමුදලට බැර කරන්න.

පැ ......... විනාශ කරන්න.

පැ ........ ට භාර දෙන්න.

වයස අවුරුදු 67 කි.

පෙර වැරදි නැත.

............... අ.ක.වි.306 යටතේ අවවාද කර මුදාහරිමි.

අත්/කළේ 
මහේස්ත‍්‍රාත්"

සටහන:- නඩු වාර්ථාවේ ................. වලින් ප‍්‍රකාශවන්නේ කුමක්ද යන්න අපහැදිලිය.

මෙසේ පොලීසිය හා එක්ව, වරදකරු බවට පත්කිරීම තරයේ හෙළා දකින පේ‍්‍රමරත්න බොරු නඩු දැමීම හා අධිකරණ කි‍්‍රයා පිළිවෙත පිළිබඳ ප‍්‍රශ්න රැුසක් මතු කරයි.  

01. කිතුල් රා බෝතලයක් සමග අල්ලා ‘‘සීනි කරිඤ්ඥං’’ කියා උසාවියට දැමූ බොරු නඩුවට ”නිවැරදිකරු” කී විට රුපියල් 20,000/- ක මුදල් ඇපයක් හා රුපියල් 100,000/- ක ශරීර ඇපයක් නියම කළේ ”වරද” පිළිනොගැනීමේ ”වරදට” දඬුවමක් වශයෙන්ද?

02. මා විසින් දෙන ලද නීතිඥ උපදෙස්වලට පටහැනිව, වයස නිසා ”වරද” පිළිගත්තා 
යැයි නඩුකාර තැනට කී විට, අවවාද කර මුදහැරීමට තරම්, සත්ත්ව කරුණාවක් 
අධිකරණයට පහළ වූයේ කෙසේද?

03. තවද, ‘‘නඩු වාර්තාවේ සඳහන්ව තිබෙන, ‘‘ විසින් පෙර උත්තර ඉවත් කර වරද 
     පිළිගැනීම ........ යන්න මාගේ නීතඥවරයා කියන්නට ඇතත් එය මගේ ප‍්‍රකාශයක් 
     නොවන බව හා තමාට නම් චෝදනාව කියා දුන්නේ නැතිව, ‘‘චෝදනාව කියා දුන්න
    බවට වන සටහන් කළේ කෙසේ ද ? 

පේ‍්‍රමරත්න, යුක්තිය අහිමි කිරිම ගැන, අගවිනිසුරු වරයාට, නීතිපතිට හා පොලිස්පතිට ලිඛිතව දැනුම් දි ඇත. එමගින් ඔහු යුක්තිය අපේක්ෂා කරයි. 

ඉහළ අධිකරණ වලට ගොස් යුක්තිය ඉටු කර ගන්න දුප්පතුන්ට නොහැකිය. 

බලය ඇති හා පොහෝසතුන්ට යුක්තිය අවශ්‍යය නැත. දුප්පතුන්ට යුක්තිය යෝග්‍යය දෙයක් නොවේ





A significant victory for public servants


The Supreme Court, on 28th Sep 2016,  ruled that the suspension of Ms. Manohari Pelaketiya: a teacher of Mahanama College, Colombo for having spoken to the media was against the law- acting contrary to the Establishment Code. ,
The SC delivered its verdict of the petition, in which she said she had been suspended in an act of revenge after she had revealed to the media many acts of corruption/sexual abuses committed by the principal and a teacher of the school.
Ruling the suspension breached the petitioner’s right to freedom of opinion, the SC ordered the respondents, principal Premalal Kumarasiri and a teacher Thusitha Malagoda, to pay Rs. 100,000 each as compensation.

Full Judgment
LINK:- 
http://www.janasansadaya.org/page.php?id=620&lang=en




















Sunday, September 25, 2016

අත්හිටවූ සිර දඬුවම්, රජයේ ගාස්තු හා රාජ්‍යය අපරාධකරුවෝ..........

රජයේ නිලධාරීන් අපරාධවලට වරදකරුවන් වූ විට ඔවුන්ව අති විශේෂ ඝණයක් ලෙසට සලකා ක‍්‍රියා කිරීම මගින් සියල්ලෝම නීතිය ඉදිරියේ සාමාන්‍යය යන්න විහි`ඵවක් නැතිනම් විගඩමක් බවට පත්කර තිබේ.

රජයේ නිලධාරීන්ට එරෙහි අපරාධ චෝදනා එල්ලවී, අධිකරණය හමුවේ වරදකරුවන් බවට සහතික වූ විට වරද පිළිගැනීමට ඉඩ ලබාදී දඬුවම්වලින් මිදීමට ඉඩ ලබාදීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

ගතවූ කාල පරිච්ෙඡ්දයේ අපරාධවලට චෝදනා ලැබූ බොහෝ දෙනෙකෙු අධි චෝදනා ලැබූවන් ද ඇතු`ඵව, අධිකරණය ඉදිරියේදී චෝදනාවලට වරදකරු බවට ප‍්‍රකාශ කරති. එසේ ප‍්‍රකාශ කරන්නේ අපරාධ සැකකරු/චුදිත, පොලීසිය, නීතිපති හා අධිකරණය අතර ඇති කරගන්නා පූර්ව එකඟතාවයන්ට අනුවය.

මෙහිදී චූදිත චෝදනාවලට වරදකරු බව පිළිගනු ලබයි.

ඔහුව වැරදිකරු කරණු ලබන අධිකරණය, සිරදඬුවම් වෙනුවට අත්හිටවූ සිරදඬුවමක් නියම කරණු ලබයි. නියම කරන දඩ මුදල, රජයේ ගාස්තුවක් ලෙසට ගෙවීමට නියම කරණු ලබයි.

මේ මගින් අපරාධකරුවා, නිදහස් වෙති. හිරේ යන්නේ නැත. දඩ මුදල රජයේ ගාස්තුවක් වීම නිසා දඩ ගෙවන්නේ ද නැත.

වරදකරු කිරීම නඩු වාර්තාවට පමණක් සීමාවන වදන් පෙළකි.

මෙම ක‍්‍රියාවට පෙර ස`දහන් කරන ලද පරිදි අපරාධ යුක්ති පසි`දලීම සම්බන්ධ වගකියන තුන් කට්ටුවම සම්බන්ධය.

මෙම ක‍්‍රියාව ආයතන නීති රීතිවලින් බේරීමට යොදාගන්නා ‘‘තාක්ෂණික’’ උපක‍්‍රමයකි.

අපරාධවලට වරදකරුවන් වන අයට රජයේ නිලතල දැරිය නොහැක. මෙම ‘‘තාක්ෂණික’’ උපක‍්‍රමය මගින් වරදකරුවා, වරදකරුවන් වන්නේ හිරේ ගියොත් ‘‘දඩය’’ දඩයක් වශයෙන් ගෙව්වොත් පමණක් වේ.

එයට අමතරව සමහර රජයේ නිලධාරීන් ‘‘සුපිරි’’ ගණයට පත් කර ඇත. එ් අපරාධයට සැකකරන රජයේ නිලධාරීන්ව අත්අඩංගුවට ගන්නට පොලීසියට තිබෙන සෘජු බලය අහෝසි කිරීම ය. එවන් ඊනියා සුපිරි රජයේ සේවකයෝ අත්අඩංගුවට ගන්නට පෙර නීතිපති අවසරය ලබාගත යුතුයි.

මෙම පසුබිම යටතේ අදටත් අපරාධකරුවන් බවට අධිකරණය තීරණය කළද දඬුවම් නොලබා සිටිනවා පමණක් නොව සියලූ වරප‍්‍රසාද විදින රජයේ නිලධාරීන් සැළකිය යුතු ප‍්‍රමාණයක් රටපුරා විසිරී සිටිති. මෙම තත්ත්වය වහාම වෙනස්විය යුතුය.




Saturday, September 17, 2016

පොලීසියට මුක්කු ගැසූ වෛද්‍යවරියව, චෝදනා 04 ක් යටතේ වෛද්‍ය මණ්ඩලය ඉදිරියට කැඳවයි.

Wickremesinghe 

ගුරුවරයෙකු වූ වික‍්‍රමසිංහ මහතාට ඇහැළියගොඩ පොලීසිය 2008 අපේ‍්‍රල් මස 20 වන දින පහරදෙන ලදි. 

පහරදීමෙන් පසුව සුපුරුදු පරිදි පොලීසිය ඔහුව ඇහැළියගොඩ රෝහල මගහැර අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණියක් ලෙසට වැඩකළ, වෛද්‍යවරියක් වූ මේනකා කුමාරිගේ නිවසට, රාත‍්‍රියේ ගෙන යන ලදි.

මේනකා කුමාරි වෛද්‍යවරිය, මොහුට පහර දුන් පොලිස් නිලධාරියා හා කථා බහ කොට වික‍්‍රමසිංහ මහතාව, නිවස තුළට ගෙන්වා, පොලිස් නිලධාරීන් ඉදිරියේ පරීක්ෂා කිරීමට උත්සාහ ගන්නා ලදි.

තමාට පොලීසිය පහරදුන්න බවත්, තමාට අමාරු බවත්, තමාව රෝහල්ගත කරන ලෙසත්, ඔහු වෛද්‍යවරියගෙන් ඉල්ලා සිටියා.

නමුත් ඇය පොලීසියේ පදයට නටමින් ඔහුව රෝහල්ගත නොකර, පරීක්ෂා කිරීමට ගත් උත්සාහය ට මොහු තරයේ විරුද්ධ වූ නිසා ඇයට එම කාර්යය කිරීමට නොහැකි විය. අධිකරණ වෛද්‍ය පෝරමයේ එය සටහන් කර පොලීසියට බාර දෙන ලදි.

නැවත ඇහැළියගොඩ පොලීසියට ගෙන ගිය වික‍්‍රමසිංහ මහතාව දැඩිව රෝගාතුර වීම නිසා මධ්‍යම රාත‍්‍රියේ ඔහුව පොලිස් ඇපයක් මත මුදාහැරීමට පොලීසියට සිදුවිය.

ඔහු පොලීසියෙන් නික්ම රත්නපුර මහ රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ගන්නා ලදි.

වෛද්‍ය මේනකා කුමාරිගේ ක‍්‍රියාකළාපය පිළිබඳව වික‍්‍රමසිංහ මහතා වෛද්‍ය මණ්ඩලයට පැමිණිලි කරන ලදි.

එම පැමිණිල්ල මත වෛද්‍යවරියට එරෙහි චෝදනා 04 ක් යටතේ නඩු විභාගයක් ආරම්භ කිරීමට වෛද්‍ය මණ්ඩලය පියවර ගෙන ඇත. වෛද්‍ය මණ්ඩලය ඇයට එරෙහිව නිකුත් කළ චෝදනා පත‍්‍රය හා සිද්ධිය අදාල විඩියෝවට සවන් දෙන්න.  






Saturday, September 3, 2016

පොලීසියේ අත්සන්කර යන අතර පැහැරගත් ගැමුණව, කොළඹ පොලිස් මත්ද්‍රව්‍යය කාර්ය්‍යංශයට ගෙන ගොස් වධදිලා.

Nandalal Brother of Gemunu

දැනට කොළඹ ජාතික රෝහලේ 27 වාටිටුවේ ප‍්‍රතිකාර ලබන මොහු ගේ සෙහොයුරා සිද්ධිය පිළිබඳව මෙසේ ප‍්‍රකාශ කරයි.
උසාවි නියෝගයට අනුව පසුගිය 28 දින ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියට අත්සන්කර, නිවස බලා එන අතර පැහැර ගැනීම සිදුකර ඇත.
මෙම පැහැර ගැනීම සිදු කර ඇත්තේ කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින්ය. දරුණු ලෙසට වමට කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ,ඇවිදමටවත් නොහැකිව සිටි සොහොයුරාව, බන්ධනාගාරය මගින් රොහල් ගතකරන ලෙසට නියම කර ඇත.
බන්ධනාගාරය සොහෙයුරාව බන්ධනාගාර රෝහලට ඇතුල් කොට, ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට පත්කර, කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
ගැමුණු ගේ මෙම සිද්ධිය මානව හිමිකම් කොමිසමට දැනුම් දි තිබේ. එමෙන්ම විමර්ශණ නිලධාරින් මගින් වමිර්ශණ ආර්ම්භ කරන ලෙසටද ඉල්ලා ඇත.
ගැමුණට හා බිරිඳට සොරකම් හා මත් ද්‍රව්‍ය චොදනා තිබෙන බව සොහොයුරා පිළිගනි.
කෙසේවෙතත්, කුමන අපරාධයකට සැකකරුවෙකු වුවත්, පොලිසියට පුද්ලයින් පැහැර ගන්නට, වධදීමට අයිතියක් නැත. 
යහපාලනය යනු නීතියට සියල්ලම යටත් බවයි. නීතියට යටත් පොලිසියක් ඇති කිරිමට පියවර නොගන්නේ නම් යහපාලනය, සංහිඳියාව හුදෙක් අර්ථවිරහිත සටන් පාඨ බවට පත්වනු ඇත.  

සංහි`දියා පාගමන ට රැවෙටෙන්න එපා. මානව හිමිකම් කොමිසමේ නිවේදනය



ඊනියා මානව හිමිකම් සංවිධානයක් රාජ්‍ය ලාංඡනයයොදා ගමින්,  මානව හිමිකම් කොමිසම් සභව ලෙසට පෙනිසිටිමින්, සංහිඳියා පාගමක් පවත්වන බවට ගෙනයන ප‍්‍රචාරය හා මුදල් එකතු කිරිම පිළිබඳව මානව හමිකම් කොමිසම් සභාව විසින් නිකුත් කර තිබෙන නිවේදනය කෙරෙහි අවධානය යොමු කරමු.


මෙම ඊනියා සංවිධානය මොටර් රථ වල මානව හිමිකම් සංවිධානය ක් ලෙසට ස්ටික්ර් ගසාගෙන, පොලිසි වලට යන බව දැන ගන්නට ඇත.
මෙම ප‍්‍රකාශය නිකුත් කිරිම පිළිබඳව මානව හමිකම් කොමිසමට ස්තුතිය පිරිනමමු. ජනසංසදය