Thursday, June 15, 2017

පොලිස්පතියා වන්දි ගෙවීම මග හරියි.


මොරටුව පොලීසීය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රජයට ගෙවීමට නියම කළ වන්දිය පොලිස්පති
 මේ දක්වාම ගෙවා නැත. 

ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂයක් ගෙවන ලෙසට නියම කළේ 2017.01.19 දිනය. මෙම වන්දිය සති හතරකින් ගෙවන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදි.

මාස 06 ක් ගතව ඇතත් මේ දක්වාම, ශ්‍රේෂ්ඨාධිකරණයට මුදල් ගෙවීම මග හරින්නේ අපි නීතිය, උසාවි නියෝග ගනන් ගන්නේ නෑ යන ස්ථාවරයෙනි. 

මේ හා අදාලව නයිඩෝස් නීතිපති හා පොලිස්පති ට ලියන ලද ලිපිය පහත දැක්වේ.

2017.06.14 දින

01. නීතිපති
    නීතිපති දෙපාර්තමේන්තුව
    කොළඹ 12

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01

ීක්‍ත්‍ඍ 608රැු2008 මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව හා බැඳේ.

ඉහත අංක දරන මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම්කරු මම වෙමි.

මෙම නඩුවට පාදක වූයේ 2008.07.05 වන දින මොරටුව පොලීසිය විසින් මා අත්අඩංගුවට ගෙන 2008.07.13 වන දින දක්වා රඳවා තබාගෙන වධහිංසා කර ව්‍යාජ නඩු පවරා මා බන්ධනාගාරගත කිරීමට එරෙහිවය. 

මෙම නඩුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගෙන එ් අනුව 2017.01.19 දින තීන්දුව ප‍්‍රකාශයට පත්කරන ලදි.

එම තීන්දුවට අනුව ලක්ෂ 3 ක් වගඋත්තරකාර පාර්ශවයට පෙත්සම්කරු වන මා හට ගෙවන ලෙසට නියෝග කර ඇත.

එම නඩුවේ මොරටුව පොලීසියේ වගඋත්තරකරුවන්ට ලක්ෂ 02 ක් ද, රජය විසින් ලක්ෂයක් ද ගෙවීමට නියෝග කර ඇත.

තවද තීන්දුව ප‍්‍රකාශයට පත්කොට සති 04 ක් ඇතුළත ගෙවීමට ද නියෝග කර ඇත.

මේ වන විට මොරටුව පොලීසියේ වගඋත්තරකරුවන් එම මුදල ගෙවා ඇති බවත් රජය විසින් ගෙවිය යුතු රුපියල් ලක්ෂයක මුදල මේ වන විට ගෙවා නොමැත.

එබැවින් රජය ගෙවිය යුතු රුපියල් ලක්ෂයක මුදල ගෙවා තීන්දුව කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන මෙන් මෙයින් ඉල්ලා සිටිමි.

සරත් කුමාර නයිඩෝස් 
පෙත්සම්කරු

    Link:- http://www.janasansadaya.org/page.php?id=622&lang=en


No comments:

Post a Comment