Monday, June 26, 2017

ජුනි 26, අද වධහිංසාවට පාත‍්‍රවුවන්ට සහයෝගය දැක්විමේ ජාත්‍යන්තර දිනයයි. . මේ ගැන කතා කරන්න. පුද්ගලිකව හා සාමූහිකව විරෝධය දක්වන්න.


වන්දිය මිලියනයයි! 

බණ්ඩාරගම පොලිසියේ, උප පොලිස් පරීක්ෂක සල්වතුර, කොස්තාපල් අශෝක, සැරයන් කිත්සිරි හා ග‍්‍රාමආරක්ෂක දිසානායක රු: 125,000/= බැගින්ද, ස්ථානාධිපති චාල්ස් වික‍්‍රමසිංහ වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ පහක්දවශයෙන් රුපියල් මිලියනක වන්දියක් - බණ්ඩාරගම, වල්ගම, චමින්ද සම්පත්ට ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබීය. වග උත්තරකරුවෙකු වු සැරයන් මනෝජ් නඩුව විභාග වන අතරවාරයේ මිය යන ලදි. 

2009.05.20 දින, බණ්ඩාරගම පොලිසියේ ඉහත නිලධාරීන් විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, දින 7ක් පොලිසියේ බැරැුක්ක තුල තබාගෙන, වධදී බොරු නඩු දෙකක්, ඔහුට විරුද්ධව දමනු ලැබීය.

අන් බොහෝ දෙනා මෙන් චමින්ද සම්පත් බියගුලූ නොවීය. සිද්ධිය කර්මයට හෝ දෙවියන්ට හෝ බාරදී නිහඬ වන්නටද සූදානම් නොවීය. ඔහු - යුක්තිය උදෙසා සටන් වදින ලදි. වසර 8ක් පුරා, මේ පොලිස් කාරයින්ගේ තර්ජණ ගර්ජණ වලට මුහුණ දෙමින්, ඔහුට විරුද්ධව පවරන ලද බොරු නඩු දෙකට මුහුණ දෙන ලදි. එ් නඩු දෙකෙන් ඔහුව නිෙදාස් කොට නිදහස් කරන ලදි. 

තමාව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන, වධදී බොරු නඩු දමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කල, බණ්ඩාරගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක සල්වතුර, සැරයන් මනෝජ් (මිය ගොස්*, කොස්තාපල් අශෝක, සැරයන් කිත්සිරි, ග‍්‍රාමආරක්ෂක දිසානායක හා ස්ථානාධිපති චාල්ස් වික‍්‍රමසිංහ යන පොලිස් කාරයින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පැවරීය.

එහි නඞ්වේ තීන්දුව 2017 මාර්තු 30 දින ප‍්‍රකාශයට පත්කරන ලදි.

චමින්ද සම්පත්ව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන වධ දුන්න,  ජිවතුන් අතර සිටින සල්වතුර, අශෝක, කිත්සිරි, දිසානායක යන හතර දෙනා, එක් අයෙකු විසින් රු: 125,000/= බැගින් රුපියල් ලක්ෂ පහක් පුද්ගලිකව ගෙවිය යුතු බවත්, නීති විරෝධීව දින 07ක් පොලිසියේ රඳවා ගැනීමේ වරදට, ස්ථානාධිපති චාල්ස් වික‍්‍රමසිංහ වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ පහක් ගෙවිය යුතු බවට නියෝග කරනු ලැබීය. මෙම රුපියල් ලක්ෂ පහ ගෙවන්නේ පොලිසපතිය. ජනතාවගේ බදු මුදලින්ය.

මේ අනුව චමින්ද සම්පත්ට හිමිවු වන්දිය රුපියල් මිලියනයකි.

පොලිස් අපරාධ, වන්දි මගින් යටපත් කිරීමට මහජනතාව වශයෙන් අප ඉඩ දිය යුතු නැත. නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, රඳවා තබාගෙන සිදුකරන්නා වූ වධ දීම්, බොරු නඩු දැමීම්, යන නීති විරෝධී ක‍්‍රිය පොලිසිය නවතා නැත.

උප පොලිස් පරීක්ෂක සල්වතුර, කොස්තාපල් අශෝක, සැරයන් කිත්සිරි හා ග‍්‍රාමආරක්ෂක දිසානායක හා ස්ථානාධිපති චාල්ස් වික‍්‍රමසිංහ යන පොලිසකාරියන්ට එරෙහි ව නඩු පවරන ලෙසට හා විනය පියවර ගන්නා ලෙසට රජයට බල කරන්න.

මේ ගැන කතා කරන්න. පුද්ගලිකව හා සාමූහිකව විරෝධය දක්වන්න.

නීතියට උඩින් කිසිවකු නැත.

ජනසංසදය
81/2, ආතර් වි දියෙස් මාවත, පානදුර. 038 22 31419

2 comments:

  1. State should not pay the punishment of the OIC.Is it mentioned in the judgement?

    Dr.Raja.

    ReplyDelete
  2. State should not pay the punishment of the OIC.Is it mentioned in the judgement?

    Dr.Raja.

    ReplyDelete