Thursday, June 15, 2017

සංහිඳියාවට පොලීසිය විරුද්ධයි.



යුද්ධයෙන් ජීවිත අහිමි වූවන් සැමරීමට ගන්නා උත්සාහය වළක්වාලීමට නීති විරෝධීව ක‍්‍රියාකරන පොලීසිය ඇත්ත වශයෙන් ක‍්‍රියා කරන්නේ සංහිඳියාවට විරුද්ධවය.

නීතිය මත පාලනයක් ඇති වීම ¥ෂණයට බාධාවකි. අල්ලසට බාධාවකි. නීති විරෝධී ක‍්‍රියාවන්ට බාධාවකි. දණ්ඩ මුක්තිය පවත්වාගෙන යෑමට බාධාවකි.

මෙය හොඳාකාරව වටහාගෙන සිටින අතර පොලීසියද ඉදිරියෙන් සිටී. නීතිය මත පාලනය තහවුරු කිරීම මගින් පමණි, සෑම කෙනෙකුගේම අයිතීන් තහවුරු වන්නේ. එය කිරීමට පොලීසිය බාධා පමුණුවයි. එ් මගින් සංහිඳියාව ඇති වීම වළක්වාලයි.

මුලතිව් වල යුද්ධයේ අවසාන භාගයේ ජීවිත අහිමි වූවන්ව සැමරීමට ස්මාරකයක් ඉදි කිරීම සඳහා අහිමිවූවන්ගේ නාම ලේඛන සකස් කිරීමට බාධා පමුණුවන බව ජලීල් රාජේන්ද්‍රන් පියතුමා විසින් මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම ජනාධිපති වෙත යවන ලද ලිපියෙන් පොලීසියේ නීති විරෝධී ක‍්‍රියාවන් වැළැක්වීමට පියවර ගන්නා මෙන් ඉල්ලා ඇති ලිපිය පහත දැක්වේ.



No comments:

Post a Comment