Sunday, June 18, 2017

ගලගොඩඅත්තේ ඥානසාර ව අල්ලන්න එපා හැංගිලා ඉන්න ඉඩ දෙන්න.


වරෙන්තු පිට සැ`වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර  - වහාම ත්අඩංගුවට ගන්නා ලෙසට - පුරවැසි බලය මාධ්‍ය සාකච්ජා පවත්වමින් - පොලිසියට කියයි.

වරෙන්තුකරුවන් - විශේෂයෙන් ඥනසාරලා වගේ උදවිය, අල්ලලා උසාවියට ඉදිරිපත් කිරීම තරම් තකතීරු වැඩක් තවත් නැත. ඒ බව පොලිසිය හොදාකාරිවම දනී.

ඇල්ලූවොත් පොලිසියට වැඩ වැඩි වෙයි. මාධ්‍ය කාරයින්ගෙන් බේරුමක් නැතිවෙයි. බන්ධනාගාරයට ද එසේමය. හැමදාම, බන්ධණාගාරයේ සිටියත් මාධ්‍යයේ් සිටී. දවස් 14කට වරක්, අපිට අතවනමින් උසාවි එයි. ආපසු යයි. රාජපක්ෂලා - බොදු බලයෝ ඔහු බලන්න යනවා අපිට පෙන්වයි. ඥනසාරගේ සැප දුකද අපට කියයි. 

දැන් එ් කිසිත් නැත. ගලබොඩඅත්තේ ඥනසාර හැංගිලා ය. එ් නිසා ඔහුව දකින්නට නැත. කෙතරම් පින්කර ඇද්දැයි සිතේ. හැංගී ඉන්නා එකා, රිමාන්ඞ් එකේ ඉන්නවාට වඩා වැඩිය අමාරු බව දන්නේ හැංගී හිටිය අයයි. හංගාගෙන ඉන්නා උදවියට දැනෙන අමාරුව කිව හැකිද ? ඥනාසාරව හංගාගෙන ඉන්න උදවිය විසින්, කළ යුතු සැපයුම් පුරවැසිබලයේ, මහත්වරුන්ට හිතා ගන්නවත් බැරි බව නම් කිව යුතුයි. හීල් දානය, ගිලන්පස, දවල් දානය නමින් බ්‍රෙක්ෆස්ට්, මිඞ් ඬේ ටී, අෆ්ටර්නුන් ටී, ඩිනර් විතරක් ද, උපාසක අම්මලා හා ජිම් ද අඩු නැතිව සපයන් වෙලා ඇති. 

මහත්වරුනි - වරෙන්තු කරුවන් අද වැහි වැහැලාය. බොහෝ දෙනා ගැන පොලිසිය දනී. එ්ත් අල්ලන්නේ නැත. හේතු විවිධයි, විෂමයි. මිනීමැරම් නඩුවල සැකකරුවන්ගේ සිට නඩත්තු නොගෙවන එවුන්  දක්වා, විවිධ අපරාධවලට හා වැරදිවලට උසාවි මගහරින ඇත්තෝ එමටය. එ් විතරක් ද සමහර වරෙන්තුකරුවන් නිසා පොලිසියේ මහත්වරුන්ට හැමදාමත් පඩි ද හම්බුවෙති.

1 comment:

  1. Aththama thamayi!Ohoma digatama hitiya nam kochchara shoakda?

    ReplyDelete